එහෙනම් ඔන්න තවත් අපූරු සිනමාපටයක් අරගෙනයි අදත් මුණගැහෙන්න එන්නෙ. පෝස්ටර් එක බලලා මේක බලනවද නැද්ද කියලා තීරණය කරන අයට මේක ගැලපෙන එකක් නැහැ. මොකද බැලු බැල්මට මට උනත් පෝස්ටරේ සෑහෙන අමුතුයි. ඇත්තම කිව්වොත් මේක තනිකර ඩ්‍රාමා සිනමාපටයක්. ඒ නිසා වගකීමෙන් කියන්නම් දමලා ගහලා යන්න කලින් පහල තියෙන පූර්ව ප්‍රච…

එහෙනම් ඔන්න තවත් අපූරු සිනමාපටයක් අරගෙනයි අදත් මුණගැහෙන්න එන්නෙ. පෝස්ටර් එක බලලා මේක බලනවද නැද්ද කියලා තීරණය කරන අයට මේක ගැලපෙන එකක් නැහැ. මොකද බැලු බැල්මට මට උනත් පෝස්ටරේ සෑහෙන අමුතුයි. ඇත්තම කිව්වොත් මේක තනිකර ඩ්‍රාමා සිනමාපටයක්. ඒ නිසා වගකීමෙන් කියන්නම් දමලා ගහලා යන්න කලින් පහල තියෙන පූර්ව ප්‍රචාරක පටයවත් බලන්න. එහෙම නැත්තම් මෙතන ඉදන් පහලට යනකන් ලිපිය කියවලාවත් බලන්න. එතකොට පොඩි අදහසක් එයි.
The Goldfinch | නවකතාව
නවකතා කියවන බොහෝ අය දන්නවා ඇතිනෙ තමන් මොන තරම් හොද පොතක් කියෙව්වත්, අහලා තිබුනත් ඊටත් වඩා හොද තවත් නවකතා තියෙනවා කියලා. “The Goldfinch” කියන්නෙත් ඒ විදිහෙ අපූරු නවකතාවක්. සිනමාපටය නිකුත් වෙන්න කලින් හොයාගෙන කියවන්න හිටියත් කියවන්න පුලුවන් කමක් ලැබුනෙ නම් නැහැ. ප්‍රේක්ෂක විචාර වලට අනුව නම් හුගක් හොද කතාවක් කියලයි ආරංචිය.

The Goldfinch (නවකතාව)
Donna Tartt කියන ලේඛිකාව විසින් රචනා වෙන මේ නවකතාව එක්සත් ජනපදයේදී නිකුත් වෙන්නෙ 2013 සැප්තැම්බර් 23’වැනිදා. පිටත තියෙන හරිම අපූරු කවරය නිර්මාණය සදහා යොදාගෙන තියෙන්නෙ 1654 වසරේදී ලන්දේසි චිත්‍ර ශිල්පියෙකු වන Carel Fabritius විසින් සිතුවමට නැගු “The Goldfinch” කියන ඇත්තම සිතුවමයි. මේ විදිහට නිකුත් මේ අපූරු නවකතාව,
- නිව් යෝ(ර්)ක්හි කොලොම්බියා විශ්ව විද්‍යාලයෙ වසරක් පාසා පවත්වන සම්මාන උළෙලේදී “Pulitzer Prize” සම්මානය දිනාගන්නට සමත් වෙනවා.
- 2013 වසරේදී Amazon සමාගම විසින් එම වසර තුලදී නිකුත් වූ හොදම පොත් අතරට “The Goldfinch” නවකතාව එකතු කර තිබෙනවා.
- National Book Critics Circle විසින් වසරක් පාසා පවත්වනු ලබන “National Book Critics Circle Awards” නම් සාහිත්‍යය සාම්මන උළෙලෙට වගේම “Women’s Prize for Fiction” තුළටත් එක්කොට තිබෙනවා.
- 2014 වසරේදී පැවැත්වූ Andrew Carnegie Medals for Excellence in Fiction and Nonfiction සම්මාන උළෙලේදී සම්මානය ලබාගන්නටත් හැකියාව ලැබිලා තියෙනවා.
- The New York Times සගරාව අතිරේකයක් වශයෙන් පවත්වන් යන The New York Times Book Review (NYTBR) තුලට හොදම සංස්කාරකවරුන්ගේ පොත් දහය අතරට “The Goldfinch” නවකතාව 2013 වසරේදී එක් කොට තිබෙනවා.
විකුණුම් අතින් ගත්තොත්,
- එක්සත් ජනපදයේ සති තිහක් පුරාවටම The New York Times තුල වැඩිම අලෙවියක් ලබාගත් ලයිස්තුවේ රැදි ඉන්නටත්,
- එක්සත් රාජධානියේ Sunday Times තුල වැඩිම අලෙවියක් ලබාගත් ලයිස්තුවේ රැදි ඉන්නටත්, ප්‍රංශය, ඉතාලිය, ෆින්ලන්තය හා ජර්මනිය වැනි රටවල් පුරාවටම වැඩිම අලෙවියක් ලබාගත් ලයිස්තුවේ රැදි ඉන්නටත් 2014 කාලය දක්වාම හැකියාව ලැබී තිබෙනවා.
මේ විදිහේ අතිසාර්ථක වූ නවකතාවක් තමයි පසු කාලීනව Warner Bros. හා Amazon Studios එක්කාසු වෙලා සිනමාපටයක් නිර්මාණය කරලා නිකුත් කලේ. සිනමාපටය ගැන කතා කරන්න කලින් මම අර සිතුවම ගැනත් පොඩි හැදින්වීමක් කරන්නම්. මොකද මේක ගැන සිනමාපටය පුරාවටම තියෙනවා.
The Goldfinch | සිතුවම


Carel Fabritius
පෙර සදහන් කල විදිහටම ලන්දේසි චිත්‍ර ශිල්පියෙකු වන Carel Fabritius විසින් 1654 වසරේදී සිතුවමට නැගු නිර්මාණයක් තමයි The Goldfinch කියන්නෙ. කම්බි දෙකකින් බිත්තියට සවී වූ බදුනකට වහලා ඉන්න යුරෝපියානු ගෝල්ඩ්ෆින්ච් කියන කුරුළු විශේෂයෙ කෙනෙක්ව තමයි මේකෙන් දැකගන්න ලැබෙන්නෙ. 17’වැනි ශතවර්ෂයේදී ගෝල්ඩ්ෆින්ච් කුරුළු විශේෂය හුගක් ජනප්‍රියට පත් වෙච්ච සුරතල් සතුන් විශේෂයක් බවට පත්වෙලා තියෙනවා මොකද එයාලා ලවා භාජන වලින් පුංචි බකට් වලට වතුර පුරවගන්න පුලුවන් මට්ටමටම පුහුණු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ සිතුවමේදී වුනත් ඔය කියන විදිහේ පුංචිම පුංචි බකට් එකක් වම් පැත්තෙන් දකින්න ලැබෙනවා. Carel Fabritius තමන්ගේ සිතුවම අදින්න යොදාගෙන තියෙන ගෝල්ඩ්ෆින්ච් කුරුල්ලගෙ නම වෙලා තියෙන්නෙ “puttertje” කියලයි. මේ සිතුවමේ පරිමාණය විදිහට දිග සෙ.මි. 33.5 × පළල සෙ.මි. 22.8 විදිහටත් සටහන් වෙනවා.
The Goldfinch | සිනමාපටය
සිතුවමෙන් නවකතාවටත්, නවකතාවෙන් සිනමාපටයටත් නිර්මාණය වුන The Goldfinch සිනමාපටය නිකුත් වෙන්නෙ 2019 සැප්තැම්බර් 13 වැනිදා. Brooklyn (2015) සිනමාපටයෙ අධ්‍යක්ෂක John Crowley විසින් තමයි The Goldfinch සිනමාපටය අධ්‍යක්ෂණය වෙලා තියෙන්නෙ. Tinker Tailor Soldier Spy (2011) සිනමාපටයෙ තිර රචකයෙකු ලෙස කටයුතු කල Peter Straughan වගේම The Goldfinch නවකතාවේ අයිතිකාරිය වන Donna Tartt දෙදෙනාගෙ එකතුවෙන් තමයි මේ සිනමාපටයෙ තිර රචනය සිදු වෙලා තියෙන්නෙ. IMDb දර්ශකයේ 6.3 ක අගයක් හිමි කරගත් මෙහි ප්‍රධාන රන්ගනයෙන් Sarah Paulson (Bird Box), Nicole Kidman (Aquaman), Finn Wolfhard (Stranger Things), Jeffrey Wright (Westworld) වගෙ ප්‍රසිද්ධ නළු/නිලියන් බොහොමයක් දෙනෙක් රංගනයෙන් එක් වී තියෙනවා. ඒවගේම පැය 02, විනාඩි 29 ක් පුරාවටම ධාවනය වන මෙම සිනමාපටය Drama වර්ගීකරණය නියෝජනය කරනවා.
තියොඩෝර් ඩෙකර් (තියො) කියන්නෙ වයස අවුරුදු 13 දී තමන්ගේ අම්මව ඇස් පනා පිටම බෝම්බ ප්‍රහාරයට ලක් වෙලා මැරෙනවා දකින්න සිද්දවුන පොඩි පිරිමි ළමයෙක්. මේ දෙන්නා නිව් යෝ(ර්)ක්වල පිහිටලා තියෙන මෙට්‍රෝපොලිශියන් නම් කලා කෞතුකාගාරයෙ ඉද්දි තමයි ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට හසු වෙන්නෙ. බෝම්බ ප්‍රහාරයෙන් තියොගෙ අම්මා මැරෙනවා. බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ තියො එතනින් පිටවෙලා යන්න කලින් එතන තිබුණු The Goldfinch සිතුවම අරන් ගිහින් එයාලගෙ නැවතුම්පලෙ හංගනවා. පොඩි කාලෙදිම තියොගෙ තාත්තා එයාලගෙ පවුල අතහැරලා යනවා. අම්මත් නැති වුනාට පස්සෙ තියො තනිවෙන නිසා එයාව එයාගෙ පංතියේ හිටිය ඇන්ඩිගෙ පවුලේ අයට තාවකාලිකව රැකබලාගන්න බාර කරනවා. ඉතින් තියොට අවස්ථාව ලැබෙනවා මිතුදම් අලුත් කරගන්න වගේම ඇන්ඩි පවුල යටතේ හොද ආදරයක් ලබන්නත්. විශේෂයෙන්ම ඇන්ඩිගෙ අම්මා සමන්තා. එයා තමයි කාත් කවුරුත් නැති තියො ගැන හොදට හොයලා බැලුවේ වගේම ආදරය කලේ. විශේෂයෙන්ම තියොට ඒ ගෙදර තියෙන ඇන්ටික් භාණ්ඩ ගැන වගේම සිතුවම් ගැන තියෙන ලොකු කැමැත්ත දැක්කෙත්, තියොව ධෛර්යමත් කලේ සමන්තා.
එදා බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා කලා කෞතුකාගාරයෙන් පිටවෙලා යද්දී එයාට වෙල්ටි බ්ලැක්වෙල් කියලා මනුස්සයෙක් කතා කරලා මුද්දක් දීලා කියනවා හරි කෙනාට බාර දෙන්න කියලා. වෙල්ටි බ්ලැක්වෙල් කියන්නෙ ජේම්ස් හෝබි කියලා කෙනෙක් එක්ක හුගාක් ලොකු වටිනාකමක් තියෙන භාණ්ඩ විකුණන තැනක් පවත්වන් ගියපු දෙන්නෙක්. එදා ප්‍රහාරය සිද්දවෙන වෙලාවෙදි තියො වගේම එයාගෙ අම්මට එහා පැත්තෙ ඉදන් වෙල්ටි වගේම ඔහුගේ මිනිබිරිය “පිපා” කියන දෙන්නත් එතන ඉදන් The Goldfinch සිතුවම දිහා බලන් හිටියා. වෙල්ටි මැරුනත් පිපාට සෑහෙන බරපතල තුවාල වෙලා ජිවිතේ බේරනවා. මුද්ද බාර දෙන්න යන තියොට පිපාවත් මුණගැහෙනවා. අම්මා නැතත් සෑහෙන දෙනෙකුගේ ආදරයක් ලබන්න කට්ටිය හිටියත් හදිසියේම වගේ සෑහෙන කාලෙකට කලින් පවුල දාලා ගිය තියොගෙ තාත්තා එනවා තවත් ගෑණු කෙනෙක් එක්ක තියොව එක්කන් යන්න. බැලු බැල්මට පේන්නෙ එන්නෙ තියොට තියෙන ආදරේට කියලා. හැබැයි එක මොහොතකදී දැනගන්න ලැබෙයි එයාගෙ තාත්තා ඇත්තටම ඇවිත් තියෙන්නෙ මොකටද කියලා. කොටින්ම නිව් යෝ(ර්)ක් අතහැරලා එයාගෙ තාත්තා ජිවත් වෙන කාන්තාර ප්‍රදේශයට යන තියො ඇල්කොහොල්, සිගරට් වගේම කුඩු වලටත් ඇබ්බැහි වෙනවා.
හැබැයි ඉතින් සමහර වෙලාවට ජීවිතේ වෙනස් වෙන්නෙ අපි නොහිතන විදිහට. ඒ විදිහෙ දෙයක් තමයි තියොටත් වෙන්නෙ. තවත් කියන්න යන්නෙ නැහැ. කතාව බලලම තීරණය කරන්න, තාමත් ගන්නවදෝ නැද්ද කියලා දෙගිඩියාවෙන් නම් ඉන්නෙ පහල තියෙන සිංහල උපසිරැසි ගැන්වූ පූර්ව ප්‍රචාරක පටයත් බලලම ඉන්න.
එහෙනම් ඉතින් තවත් මෙවැනිම අපූරු සිනමාපටයක උපසිරැසියක් අරන් ලබන වසරේදී මුණගැහෙන්නම්. සුභ දවසක් හැමෝටම. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින්එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,959 downloadsDownload The-Goldfinch-2019.zip253 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2019
- #Aimee Laurence
- #Aneurin Barnard
- #Ansel Elgort
- #Ashleigh Cummings
- #Finn Wolfhard
- #Jeffrey Wright
- #Luke Wilson
- #Must Watch
- #Nicole Kidman
- #Oakes Fegley
- #Offbeat
- #Sarah Paulson
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Willa Fitzgerald
- #You Decide
- #චාමර සම්පත්
- #සබ්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
24 comments
Chamod Kaushal
Gopala
The society, daybreak TV series walata sub denavada
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
AsithaDilruwan
ela saho thanks
Nilush Angana
Sub ekata thanx
nalin83dhanus
සුපිරියක් තමා ලිපිය
Dhanushkadill
Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
gihan perera
ස්තුතියි සහෝ...පට්ට කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
lakmal karunathilaka
tnks macho patta ktawak wage
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
chandika1975
thank you for the subtitle.
Rukshan37
Ela
Hashan M. Priyadarshana
Thanks bro sub ekata :)
Machan The Exorcist season 02 sub denawadaD.Chamara
bohoma sthuthi sahooo jaya ...
kdasanka
thnks saho
suchroxx
Thanks Bro
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ..................good luck ...................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
suranuwan
thanks bro...
jagath55
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Goldfinch (2019) Sinhala Subtitles | මව් සෙනෙහස අහිමිවී ගිය පුතෙකුට අත්වූ ඉරණම. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/the-goldfinch-2019.jpg)
Thanks for the sub...