2019 වසරෙ ආපු සෑහෙන කතා බහකට ලක්වුණු චිත්‍රපටියක් තමයි Bong Joon-ho අධ්‍යක්ෂකවරයගෙ මේ ‘parasite’ කියන චිත්‍රපටිය. Bong Joon-ho කියන්නෙ කවුද කියනවනම් okja, the host, Memories of Murder, Snowpiercer, sea fog ඇතුළු මේ වගේ අති සාර්ථක වුණු චිත්‍රපටි ගණනාවක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා. Comedy, Drama,…

2019 වසරෙ ආපු සෑහෙන කතා බහකට ලක්වුණු චිත්‍රපටියක් තමයි Bong Joon-ho අධ්‍යක්ෂකවරයගෙ මේ ‘parasite’ කියන චිත්‍රපටිය. Bong Joon-ho කියන්නෙ කවුද කියනවනම් okja, the host, Memories of Murder, Snowpiercer, sea fog ඇතුළු මේ වගේ අති සාර්ථක වුණු චිත්‍රපටි ගණනාවක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා. Comedy, Drama, Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය පැය 2 කට අධික කාලයක් දිවයනවා. පැය දෙකක් එක හුස්මට කුතුහලෙන්, ඊළඟට වෙන දෙයක් හිතාගන්න බැරුව සුපිරියටම බලන්න පුළුවන් කතාවක් තමයි මේක. මුල් ටික බලාගෙන යද්දි කතාවෙ මේක තමයි වෙන්න යන්නෙ කියල ඔයාලට හිතුනත් ක්ෂණිකව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි හැමෝගෙම කැමැත්තෙන් Rotten Tomatoes වල 100% ක අගයකුත් imdb 8.5 ක ඉහල අගයකුත් ලැබිල තියෙන්නෙ.
ඒ වගේම තමයි මේ චිත්රපටියෙ cast එකත් හොඳට තෝරල අරගෙන තියෙනවා.. ඒ නිසාම තමයි මේ චිත්‍රපටිය සෑහෙන සම්මාන තොගේකට නොමිනේට් වෙලා ජයග්‍රහණය පවා කරල තියෙන්නෙ. Song Kang-ho ගැන නම් හැමෝම දන්නව ඇති කොරියානු නළුවන් අතරින් ඉහලම ඉන්න කෙනෙක් තමයි එයා.
‘Cannes Film Festival’ එකේ ලැබෙන ඉහලම සම්මානය වන ‘Palme d’Or’ සම්මානය පවා මේ චිත්‍රපටියට ලැබුණා. මේ සම්මානයට නොමිනේට් වුණු සහ ජයග්‍රහණය කරපු පලවෙනි කොරියානු චිත්‍රපටිය හැටියට මේ ‘parasite’ චිත්‍රපටිය ඉතිහාසයට එකතු වෙනවා. ඒ වගේම තමයි usd මිලියන 11 ක බජට් එකකින් නිෂ්පාදනය වුණු මේ නිර්මාණය usd මිලියන 90 ඉක්මවා ආදයමක් උපයාගන්නත් සමත් වෙලා තියෙනවා.
තවත් විශේෂයක් තමයි මේ චිත්‍රපටිය තිරගත වෙන්න කලින් අධ්‍යක්ෂකවරය විසින් මේ කතාවෙ කිසිම ස්පොයිලර් ඇලට් එකක් රසිකයන්ට දෙන්න එපා කියල තියෙනවා. ඒ මොකද කතාවෙ රසය තවත් වැඩිවෙන්නෙ කතාව නොදැන බැලුවොත් නිසයි. ඉතින් මමත් වැඩි සාරාංශයක් අද කියන්න යන්නෙ නම් නෑ. චිත්‍රපටය බලලම දැනගන්න මොකක්ද මේ මාස්ටර් පීස් එක කියලා. හැබැයි පොඩි දෙයක් කියන්නම් චිත්‍රපටිය ගැන.
අම්මයි තාත්තයි දුවයි පුතයි ඉන්න පට්ට දුප්පත් පවුලක් තියෙනවා. රස්සා නෑ ඉගෙනගන්න යන්නෙ නෑ. ඒ සල්ලි නැතිකම නිසා. ඒත් දවසක මේ පුතාගෙ යාලුවෙක් යෝජනාවක් අරන් එනවා මේ පුතාට. ඒ යෝජනාවට කැමති වෙලා මෙයා යනව සුපිරි පෝසත් ගෙදරකට. අන්න එතන ඉඳන් තමයි එයාගෙ ජීවිත කතාව වෙනස් වෙන්නෙ.
එහෙනම් හැමෝටම මේ චිත්‍රපටිය බලන්න ආරාධනා කරන ගමන් මම සමුගන්නම්. තවත් චිත්‍රපටියකින් ලඟදිම හමුවෙමු.
”ඔයා දන්නවද කවදාවත් අසාර්ථක නොවෙන සැලැස්ම මොකක්ද කියලා?සැලැස්මක් නැතිකම.ඒ ඇයි දන්නවද?
මොකද ජීවිතේ කවදාවත් සැලැස්මකට අනුව වැඩ සිද්ද වෙන්නෙ නෑ.”
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB / KOREAN Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
43,443 downloadsDownload Parasite-2019-Blu-Ray.zip233 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
95 comments
Hashan M. Priyadarshana
Prabodha Madhusankha Hettiarachchi
ස්තුති ඔබට සහො මේ වගේ චිත්‍රපට සබ් දෙනවාට..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Inlakiya
thank you bro..eeth film eka download kara ganna bari unane danna kenek link ekk dennako
හසිත මධුෂාන්
බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙන් දේවි. හදිස්සි නම් mkvcage එකේ තියෙනවා....
blisuru
ekey nahne ban..link ekak diyanko
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
සබ් එක දෙනකල් සෑහෙන දවසක් බලන් හිටියා.
මම කරන්න ඇහුවත් එතකොට සහෝ කරන්න බාර අරගෙන. පට්ටම ෆිල්ම් එකක්.
සබ් එකත් එක්කම ආයෙම බලන්න ඕනෙ.chamal kalum
ෆිලුම බාපු ගමන්ම මං වෙන කවුරුහරි ගනියි කියල ඉල්ලගත්ත.... හහා..
gaxn93
Ela
navodanurada
thanks brother digatama films denna korean
gihan perera
පට්ට බං සහෝ....පට්ට කතාවක්...කාලෙකින් බැලුවේ නැ මේ වගේ ෆිලුමක්....ස්තුතියි ස්තුතියි ස්තුතියි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Rukshan37
Ela ela
Hashan M. Priyadarshana
පුළුවන් නම් Homeless to Harvard ෆිල්ම් එකට සබ් එක දෙනවද.. මට ඒ කතාව fb එකේ ලිපියකින් තමා දැනගන්න ලැබුනෙ පදික වේදිකාවේ ඉඳල හාවර්ඩ් විශ්ව විද්‍යාලෙට ගිය කෙල්ලෙක්ගෙ සත්‍ය කතාවක් IMDb එකත් 7.2ක් වගේ තියනව
Pradeep Pasqual
Thanks for the sub..>!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
bLack_sNow
Thanks saho sub ekata
ruchiralakmal
Thanks for the sub
nihalpujitha
Thanks Super thanks
Stranger
thanks for sub
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා !
era619
Thanks bro
ƊinṲka
සබට තෑන්ක්ස්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranga11112
thanks saho........
theruwansaranaiලෝෂණ
පට්ට ෆිලුමක් මචන්. සබ් එකට තැන්ක්ස්...
ලෝෂණ
මචන් මේකට සබ් දුන්නා වගෙම No Mercy (2010) කොරියන් එකටත් සබ් දෙන්න. එකත් පිස්සු හැදෙන ෆිලුමක්.
කවිනු වීරක්කොඩි
බොහොම ස්තූතියි චාමල් අයියේ
asankabalage
thanks saho.digatama sub deepan machan.uba sub dena film supiri.aniwaryenma balanawa.
Pradeepkumara
ස්තූතියි සහෝ
blisuru
sub ekata thanks brother..ane ma movie eka download karaganna link ekak denawada? mata hoyaganna bari una
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
nuwan1234
සබ් එකනං හොදට කරලා තිබ්බා හොදයි! කතාවනං පට්ටම ගොං ඔච්චර imbd අගයක් තියනවා කියද්දි මම හිතුවේ සිරා කතාවක් කියලා අන්තිමයි කොරියන් කාරයෝ හොද ෆිල්ම් කියන්නේ මොනවද කියලා දන් නෑ කියන එකනං තෙරුම් ගත්තා..අර සෙක්ස් කෑල්ලක් දාලා තිබ්බේ මොකටද? ඒ ගැන නං ඉන්ට්‍රො එකෙදි ටිකක් කියන්ඩ තිබ්බා..ඔක්කොමලා ඉද්දි බැලුවනං ඉවරයි.. පට්ට චාටර් සබ් එක නෙවෙයි ෆිල්ම් එක..
Bandaramudiyansi
ඔය හැම ෆිල්ම් එකක්ම ඔක්කමල එක්ක බලන්න යන්න එපා. එවට ඔන තරම් මුවි තියෙන්නේ . ඔය මෙකට ගොං කියනව නම් ඔයගෙ චිත්‍රපට බැලිල්ල හිතාගන්න පුළුවන් .
මෙක මෙ වසරෙ කොරියාවෙන් එලියට ආපු විශිෂ්ඨ නිර්මාණයක් . අවාසනාවකට ඔයාගෙ ටිකිරි මොලගෙඩියට කතාව ඇල්ලුව නැති එක ගැන කියන්න ගිය එක නොකිය ඉන්නම්!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!
ricadodamien
Thank U Chamal Brother & Baiscope team for the sub, loved this Korean movie.
AsithaDilruwan
ela saho thanks
RuwanLakshan93
ස්තූතියි සහෝ ජය වේවා...!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
madushani pramodya
rooftop prince eke sub tiyanawada
mrlucky
meka download karanna pennanne ne film eka.
Ashan_Kavishka
Sub ekata thanks.. BR update ekath ikmanata denna .
Ranidu
thanks for sub bro
holman wena paharak
jaya wewachandika1975
thank you for the subtitle.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ......!
sanjeewakbg
thanks bro....
Milind@
Thanks saho
Sandunprabath1230
Thnks mchn
chathura_madusanka
Ela saho..
Semper Fi eke sub ek dennkorukshan132
Thnks mchn... Bluray update ekth dahn elama
rukshan132
Blu ray ekath dyan kollo thanks
Dewadithya
Thanks for sub!
Gayan Chathuranga
ස්තුතියි!
Charuka00
අයියෝ බන් මේක Blueray එකට update කරපන්කො.
OmarAshen
updated
OmarAshen
updated krna fren
OmarAshen
update krna ko Fren sub eka Blu-ray welt
ශලිනි මල්ෂා
ස්තූතියි උපසිරසි වලට. !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට... :)
ජය වේවා.!