මිනිසෙක් විනාශ කරන්න පුළුවන්. ඒත් එයාගේ අදහස් විනාශ කරන්න බැහැ. නව නිපයුම් කරන්න දාහක් දෙනා ඉන්නවා. ඒත් එයාලව හොයාගන්න කෙනෙක් තමයි නැත්තේ. පොඩි එකෙක් ගෙන් පොඩි කාලෙදි “ඔයා මොන වගේ වෙන්නද කැමති” කියලා” ඇහුවම. “මම දොස්තර කෙනෙක් වෙලා ජීවිත බේරගන්නවා.”, ”පොලිසියට ගිහින් ජීවිත ආරක්ෂා කරනවා, හමුදා කාරයෙක…

මිනිසෙක් විනාශ කරන්න පුළුවන්.
ඒත් එයාගේ අදහස් විනාශ කරන්න බැහැ.

නව නිපයුම් කරන්න දාහක් දෙනා ඉන්නවා.
ඒත් එයාලව හොයාගන්න කෙනෙක් තමයි නැත්තේ.

පොඩි එකෙක් ගෙන් පොඩි කාලෙදි
“ඔයා මොන වගේ වෙන්නද කැමති” කියලා” ඇහුවම.

“මම දොස්තර කෙනෙක් වෙලා ජීවිත බේරගන්නවා.”, ”පොලිසියට ගිහින් ජීවිත ආරක්ෂා කරනවා, හමුදා කාරයෙක් වෙලා රට බේරගන්නවා.”

සුපිරි වීරයෙක් විදිහට කතා කතා කරනවා. හැබැයි ඒ කොල්ලගෙන්, ඉගෙන ගෙන ඉවර වුණු
ගමන් කවුරු වෙනවද කියලා ඇහුවම…

“මාසෙකට රුපියල් පනස්දහසක් පඩියක්. බැංකු පොතේ ලක්ෂ දහයක්. අධිවේගී මාර්ගය ලඟ ගෙයක්.” කියලා ආත්මාර්ථකාමීව කතා කරනවා.

සුපිරි වීරයෝ වගේ හිතපු අයව
ආත්මාර්ථකාමියෝ කලේ කවුද?

අපේ අධ්‍යාපන ක්‍රමවේදය.

ශක්ති, ව්‍යාජ්‍ය සහතික තනන්නෙක්. එයා ඒ වෙනුවෙන්ම මුද්‍රණාලයක් කරගෙන යනවා. ඇත්තම සහතිකය, බොරු සහතිකය මොකක්ද කියලා හඳුන ගන්න බැරි විදිහටම මෙයා මේ වැඩේ කරනවා. නගරයේ විශ්වවිද්‍යාලවල අයදුම් පත් පවා ශක්ති හොරාට විකුණනවා. ශක්තිව නොදන්න විශ්වවිද්‍යාල නැති තරම්.

මදී, ශක්තිගේ නෑදෑ වෙන නංගි කෙනෙක්. මදීට විභාගයෙන් ලකුණු අඩු නිසා එයා ආස කරපු ගගන විද්‍යාව හදාරන්න එයාට අවස්ථව අහිමි තත්වයක හිටියේ. ශක්ති මේක දැන ගන්නවා. ඒත් මදීට සල්ලි ගෙවලා අයදුම්පත් අරන් දෙන්න ශක්ති කැමති වුණේ නැහැ. දන්න අඳුනන හැම විශ්වවිද්‍යාලයකටම ගියා. ඒත් සල්ලි නැතිව අයදුම්පත් දෙන්න කැමති වුණේ නැහැ. ‘සල්ලි වලට අයදුම්පත් ඉල්ලන කෙනා මොකද පිනට අයදුම්පත් ඉල්ලන්නේ’ කියලා ඇහුවා. ශක්තිට කොහෙන්වත්ම අයදුපතක් ලැබුණේ නැහැ.

මේ අතරේ තමයි මදී නව නිපයුමක් කරලා තියෙනවා ශක්තිට දකින්න ලැබුණේ. ශක්තිට විශ්වාස කරන්නත් බැහැ, ඒත් ඒක ඇත්ත. මදී ඉගනීම දුර්වල කෙල්ලෙක්. ශක්ති මේ නව නිපයුමෙන් අවස්ථාවක් ගන්න, නව නිර්මාණය විශ්වවිද්‍යාලවල ප්‍රධානීන්ට පෙන්වන්න හිතුවා. කොහොම හරි විද්‍යා ප්‍රදර්ශන උළෙලකදි ශක්ති මේ නිර්මාණය කාටත් එළි දැක් වුවා. ආශ්චර්යක් වගේ , විශ්වවිද්‍යාලයකින් මේ ඉදිරිපත් කිරීම දැකලා මදීගේ දක්ෂතාවයට අයදුම්පත දෙන්න කැමති වුණා.

ඒත්… පැය කිහිපයකට පස්සෙ, පොලිසිය මදීව අත් අඩංගුවට ගත්තා. නව නිපයුම පොලිසිය භාරයට ගත්තා. ශක්තිගේ මුද්‍රණාලය මුද්‍රා තැබුවා. ශක්ති අතුරුදන් වුණා.

හීරෝ 2019 වසරේ අග දෙසැම්බර් 20 දින ප්‍රදර්ශනය ඇරඹුණු, ආදායම් වාර්ථා තබමින් තිරගත වුණ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ පී. එස්. මිත්‍රන් විසින්. සුපිරි වීර වර්ගීකරණයට අයත් නිර්මාණාත්මක චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂක වරයාගේ දෙවැනි චිත්‍රපටය, මීට කලින් Irambu Thirai (2018) චිත්‍රපටය ගෙන ආවා. දත්ත ජාවාරම් කරුවෙක් විසින් මහා පරිමාණයෙන් මුදල් මං කොල්ල කෑම් හා ඊට එරෙහිව නැගී සිටින හමුදා නිලධාරියෙකු වටා කතාව පාදක වෙලා තිබුණා.

හීරෝ හි ශිව කාර්තිකෙයන් අති විශිෂ්ට රංගනයක නියැලෙනවා. ශිව කාර්තිකෙයන් ඉතා සුළු චිත්‍රපට ගණනාවකින් වඩාත් වේගයෙන් ජනප්‍රියත්වයට පත් වූ රංගන ශිල්පියෙක්. අද වන විට ඔහු ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පීන් අතර ඔහුගේ නමත් කියැවෙනවා. ඒ වගේම ‘ඇක්ෂන් කින් අර්ජුන්’ , නමේ ම තියෙනවා තේරුම. ඉරුම්බු තිරයි හි වයිට් ඩෙවිල් කියන අපරාධ කරුවගේ චරිතය සිතාගත නොහැකි තරම් විශිෂ්ඨ ආකාරයෙන් කළ රංගනය නැරඹුව අය දකින්න ඇති. මෙහිත් එවැනිම වූ චරිතයකින් අප හමුවෙනවා.

ඒ වගේම රොබෝ ශංකර්, අභයි ඩියෝල්, කල්‍යාණි ප්‍රියදර්ශන් ආදි නළු නිළියන් සෙසු චරිත ඉදිරිපත් කරනවා. ක්‍රියාදාම, හාසය මුසු වූ චිත්‍රපටයක් පුරා පැය 2 හමාරක් ධාවනය වන මෙය ප්‍රේක්ෂක හා විචාරක නොමද පැසසුම් ලද චිත්‍රපටයක්.

අසමත් සිසුන් සමාජයට බරක්ද? බොහෝ අය උපදිද්දිම දක්ෂතාවය එක්කම උපදිනවා. එහෙම නොවන අය අසරණ වෙනවා. ඒකම හේතුවක් වෙලා පසු කාලෙක අසමතුන් වෙනවා. ඔවුන් කොහේ හෝ මුල්ලක සැඟවිලා ඉන්නවා. හැමෝම සිහින දකිනවා. අපේ අධ්‍යාපනය අපිට කියලා දෙන්නෙ මොනවද? සැඟවිලා තියෙන අදහසක් එලියට ගෙනෙන්නේ කොහොමද?

වීරයා කවුරුන්ද, වීරයා බිහි වන ආකාරය, වීරයෙක් තුල ඇති ගුණාංග. වීරයා නිතරම ශක්ති වන්තයා විය යුතු වීම හා නොවීම. වීරයෙකුගේ බිහි වීමට හේතුව, යනාදි කරුණු ගැන වඩාත් පුළුල් ලෙස අවබෝධයක් ලබා ගැනීමට මෙය උපකාරී වෙයි.

මේ සබ් එක කරන්න දුන්න සිසිල අයියට ගොඩක් ස්තූතියි! කමෙන්ට් කරන ඔයාලා හැමෝටමත් ස්තූතියි!

බුදු සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

24,172 downloadsDownload HERO-2019.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

24,172 downloadsDownload Subtitles84 KB

36 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. dsdkavishka

    Thenks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Asitha.pramoth

    ස්තූතියි

  5. gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි....සහෝ....නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  6. Shaggie

    Thnks mchn❤️

  7. arawindasunimal

    thanks sub ekata jayawewa..........

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...එනකම් බලන් හිටපු ෆිලුමක්..බුදුසරණයි...ජයවේවා!!!

  9. duminda0991

    THNKS BROTHER

  10. kolitha

    Thanx sub ekata ..

  11. Nilush Angana

    Sub ekata thanx

  12. nimesh_herath

    Thanks sahoo theruwan saranai

  13. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි රවිඳු සහෝදරයා සිංහල උපසිරැසියට....ජයවේවා !!"

  14. wajira

    Thanks for sub

  15. ඔෂද ධනංජය

    thanks sahoo

  16. DInuHiru

    Tnx for the sub

  17. kodagoda

    tnx saho sub ekta

  18. AravindaJayaweera

    Thanks bro

  19. madushankadinuka

    thanks bro...

  20. Ayesh Prashan

    Thank You

  21. gayanmagee

    thanks

  22. indika75

    thanks..

  23. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  24. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො
    -තෙරැවන් සරණයි-

    1. Era

      Film eke link ekak nadda download karanna..

  25. haishu

    Thanks a lot. Subtitle eka hondatama thiyeyi. Best of luck.

  26. D.Chamara

    bohoma sthuthi ...

  27. Kapila4499

    thanks

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Gandhaka Indrajith

    Thanks for the subtitle

  30. Shehan putha

    Thanks RN

  31. Era

    Like ekak nadda baganna

    1. Era

      Link ekak nadda baganna

  32. Amalka

    Thanks sub ekata

  33. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  34. Nimantha

    Elm

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.