Watch Trailer

Flora & Ulysses (2021) Sinhala Subtitles | සැබෑ ලොවට පැමිණි සුපිරි වීර ලේනා [සිංහල උපසිරසි]

Flora & Ulysses අපි අතරට මුලින්ම එන්නේ Kate DiCamillo විසින් රචිත ළමා නව කතාවක් විදිහටයි. එහි චිත්‍ර K.G. Campbell විසින් නිර්මාණය කර තිබුණ අතර 2013 වස‍රේ Candlewick Press ආයතනයේ ප්‍රකාශනයක් විදිහට Flora & Ulysses: The Illuminated Adventures නමින් නිකුත් වෙනවා. 2014 වසරදි මේ පොතට හැකියාව ලැබෙනවා නි…

Flora & Ulysses අපි අතරට මුලින්ම එන්නේ Kate DiCamillo විසින් රචිත ළමා නව කතාවක් විදිහටයි. එහි චිත්‍ර K.G. Campbell විසින් නිර්මාණය කර තිබුණ අතර 2013 වස‍රේ Candlewick Press ආයතනයේ ප්‍රකාශනයක් විදිහට Flora & Ulysses: The Illuminated Adventures නමින් නිකුත් වෙනවා. 2014 වසරදි මේ පොතට හැකියාව ලැබෙනවා නිව්බෙරි සම්මානය දිනාගන්න. 

Flora & Ulysses: The Illuminated Adventures ළමා නවකතාවේ කවරය

පොතේ නමේ හැටියටම එහි කතන්දරය වුණේ ‍ෆ්ලෝරා කියන කෙල්ල සහ යුලිසිස් කියන ලේනා ගැනයි. අපි මේ පොතේ කතාව ගැන පොඩ්ඩක් බැලුවොත්, ෆ්ලෝරා කියන්නේ තමන්ගේ දෙමාපියන්ගේ දික්කසාදයේ අමිහිර එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණය ගැන ‍තේරුම්ගන්න උත්සහ කරමින් ඉන්න, කොමික් පොත් කියවන්න ලොකු ලැදිකමක් දක්වන ගෑණු ළමයෙක්. ෆ්ලෝරා කම්පාවට පත් වෙනවා එයාගේ අසල්වැසි කෙනෙක් වැකියුම් ක්ලීනරයකින් ලේනෙක්ව හප්පලා දාන නිසා. ඒ ලේනාගේ ජීවිතේනම් අනූනමයෙන් බේරෙනවා, හැබැයි ඒ අනතුර නිසා ඌට සුපිරි බලයන් ලැබෙනවා. ඌට බුද්ධිමත්කම සහ මිනිසුන්ව තේරුම්ගැනීමේ හැකියාව හිමි වෙනවා. ඉතින් මේ ෆ්ලෝරා ඒ ලේනාට යුලිසිස් කියන නම දානවා. ෆ්ලෝරා විසින් යුලිසිස්ට උගන්නනවා ඒ හැකියාවලින් වැරදි දේවල් නිවැරදි කරන්න, අසාධාරණයට එරෙහිව සටන් වදින්න, නැත්නම් මොනාහරිම හොඳ දෙයක් කරන්න කියලා. ඉතින් යුලිසිස් තීරණය කරනවා ෆ්ලෝරාගේ අම්මා වෙනුවෙන් යතුරුලියනය, ඒ කිව්වේ ටයිප්රයිටරෙන් ටයිප් කරන්න, ඒකෙන් තමයි යුලිසිස්ගේ කවි හැදීමේ කුසලතාව එළියට එන්නේ. 😀 ඉතින් ඕක තමයි පොතේ කතාවේ ඇරඹුමේ සාරාංශය.

ඉතින් ඔය පොත පදනම් කරගෙන චිත්‍රපටයක් හදනවා කියලා 2018 අවුරුද්දෙ මැයි 31වෙනිදා ආයත‍නයේ ස්ට්‍රීමින් සේවාව වන Disney+ හරහා නිකුත් කරන්න. 2019 අගෝස්තු 23 වෙද්දි චිත්‍රපටයෙ රූගත කිරීම් වැඩ කටයුතු අවසන් වෙලා තිබුණා. ඒ විදිහට වැඩ කටයුතු ටික කෙරුණ මේ චිත්‍රපටයේත් පසු නිෂ්දපාන කටයුතු සිද්ධ වුණේ පහු ගිය ටිකේ ගොඩක් චිත්‍රපට වගේම දුරස්ථභාවය තියාගෙන තාක්ෂණය පාවිච්චි කරල තමයි. මෙහි අධ්‍යයක්ෂණය Lena Khan විසින් සිදු කර තිබෙන්නේ. ඔස්කාර් සම්මාන දෙකකට නිර්දේශ වුණු Gil Netter තමයි මෙහි නිෂ්දපානය  කර තිබෙන්නේ. සුප්‍රසිද්ධ Life of Pi (2012) චිත්‍රපටය නොබලපු කෙනෙක් නැතිව ඇති. අන්න ඒ චිත්‍රපටය නිෂ්පාදනය කරපු කෙනා තමයි Gil Netter. The Blind Side සහ Life of Pi චිත්‍රපට වෙනුවෙන් තමයි ඔහු ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ ලැබුවෙ. තිර රචනය Brad Copeland විසින් කර තිබෙන අතර Matilda Lawler, Alyson Hannigan, Ben Schwartz, යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වී තිබෙනවා.

ඉතින් චිත්‍රපටයෙ කතාව ගැනත් කියන්න යන්නෙ නෑ. ඊයෙ තමයි කතාව බලන්න හම්බුණේ හරියට. ඔන්න අද දවසම සබ් එකේ එල්ලිලා ඉඳලා තමයි කොහොමහරි ඉවරයක් කරගත්තේ. 

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

5,410 downloadsDownload Flora-Ulysses-2021.zip89 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Subtitles

5,410 downloadsDownload Subtitles89 KB

21 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. tharidu16

    thanks machi

  3. kavindu

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.sub එක දෙනකල් බලන් හිටියේ. ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  4. Mawan Geethanjana

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ♥️

  5. ඩොක් අයියා

    මමත් එහෙනම් කොපියක් බාගත්තා හොඳේ

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Silk Road (2021)

  7. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    පැරණි ෆිල්ම් දෙන්නකෝ.

  8. Anonymous

    Pogaru(kanada-2021)
    Chakra(tamil-2021)…….film dekatath sub denna saho
    Jaya wewa

  9. HIRANYA

    thank you සහෝ ❤

  10. Udaya Fdo

    Thank you

  11. සංජන චමෝද්

    නියමයි අයියේ,
    උපසිරැසියට ස්තූතියි ❤️

  12. Nilush Angana

    Sub ekata thanx

  13. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  14. kavin

    sub galapenne nane yts copy ekata ?

    1. එල්.සී. දමැල්

      ආපහු ඩවුන්ලෝඩ් කරන්න සහෝ. දැන් Y T S කොපි එකටත් ගැළපෙන විදිහට හදලයි තියෙන්නේ.

  15. kevin D...

    Thanks...

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Aruna Menaka

    Disney's Cruella දෙන්නේ කවද්ද ?

  20. Kavishka

    Luca 2021 Disney animated movie එකේ sub ඕනේ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.