අපේ කතාවේ සචී කියන්නෙ IT firm එක්ක වැඩ කරන තරුණයෙක්. වසූදා කියන්නෙ ඔහුගේ පෙම්වතියයි. සචී මේ කතාව පටන් ගන්නකොට සචී ඇවිත් හිටියෙ එයාගෙ අක්කගෙ විවාහ ගිවිස ගැනීමටයි. සචීගෙයි වසූගෙයි ආදර අන්දරය ගලාගෙන යන අතරතුර වසූදගෙ උපන් දිනය ලන් උනා. හැම කොල්ලටම වගේ මේ කොල්ලටත් ඉතින් කෙල්ලව උපන් දිනේ දවසෙ සතුටු කරන්න…

අපේ කතාවේ සචී කියන්නෙ IT firm එක්ක වැඩ කරන තරුණයෙක්. වසූදා කියන්නෙ ඔහුගේ පෙම්වතියයි. සචී මේ කතාව පටන් ගන්නකොට සචී ඇවිත් හිටියෙ එයාගෙ අක්කගෙ විවාහ ගිවිස ගැනීමටයි. සචීගෙයි වසූගෙයි ආදර අන්දරය ගලාගෙන යන අතරතුර වසූදගෙ උපන් දිනය ලන් උනා. හැම කොල්ලටම වගේ මේ කොල්ලටත් ඉතින් කෙල්ලව උපන් දිනේ දවසෙ සතුටු කරන්න තමයි target එක උනේ. යාලුවගෙ කාර් එකත් ඉල්ලගෙන කෙල්ලත් එක්ක බීච් එක පැත්තෙ ගිහින් නිදහසේ කාලය ගතකරන්නයි මේ කුරුළු ජෝඩුවට උවමනාව.
උපන් දිනේ දවසෙ හිතන් හිටපු විදිහට දෙන්නම නිදහසේ ඇවිදිමින් හිටියේ. මේ අහිංසක ආදරේ ගලාගෙන යන අතරතුර සචීගේ ඉල්ලීම උනේ වසූගෙන් පුංචි සිපගැනීමක්. කොයි පෙම් යුවලත් වගේ…. කාර් එක පාර්ක් එකක නතර කරන සචී නැවතත් ඒ ඉල්ලීමට පසුභට උනේ නම් නෑ. දෙන්න පාර්ක් එක ඇතුලෙ කාර් එක නවත්තල සමීපව ඉන්න අතරෙ තමා මේ යුවල මැද්දට නොසිතූ වෙලාවක නොසිතූ අයුරින් දෙදෙනෙක් කඩා පාත් වෙන්නෙ. මේ දෙන්න සචීට කියන්නෙ ඒ දෙන්න පොලීසියෙන් කියල. පොලීසියෙන් කියල කිව්වට මේ දෙන්න පොලීසියේ අයනම් නෙමේ. එක්කෙනෙක් ඒ කිව්වෙ “ඇල්වින්” පාර්ක් එක අයිති රෝහලේ රියදුරෙක්, “මුකුන්දන්” රෙදි මහන පුද්ගලයෙක්. සචී සහ වසූදා ඒ වෙලාවෙ පාර්ක් එකේ මොනවද කරමින් හිටියෙ කියල අහමින් මොවුන් දිගින් දිගටම ඔවුන්ට නලපෑම් කරන්න පටන් ගන්නවා. උඹල කිස් කරාද ? උඹල වැළදගත්තද ? තව මොනවද උනේ ? ඔය වගේ උත්තර දෙන්න අපහසු වෙන මට්ටමින් මේ දෙන්නගෙන් ප්‍රශ්ණ අහමින් මේ දෙන්නව හොඳටම හෙම්බත් කරනවා. ඒ දෙන්න කියන දේට අවනත උනේ නැත්තම් මේ දෙන්නව ඇරෙස්ට් කරනව කියල මේ දෙන්නව හොඳටම බය කරනවා. සචීත් ඒ දේට අවනත වෙනවා. මොකද කිව්වොත් , වසූදගෙ ගෙදරින් මේ ගමන ගැන දැනන් හිටියෙ නෑ. මේ වගේ දෙයක් දෙමව්පියන්ට ආරංචි වෙනවට බයේ, සචීට ඔවුන් දෙදනා ගහන පදේට නටන්න සිද්ද වෙනවා. සචී පුළුවන් උපරිමයෙන් මේ අයත් එක්ක කතා කරල ගැලවෙන්න බලනවා. ඒත් මුකුන්දන්ව නමා ගත්තත් ඔහුට ඇල්වින්ව නම් නමාගන්න වෙන්නෙ නෑ. ඔහු උපර්මයෙන්ම පොලිස් චරිතය ඔවුන් ඉදිරිපිට රඟපාන්න පටන් ගන්නවා.
දෙන්නව හොඳටම හෙම්බත් කරපු ඇල්වින් සහ මුකුන්දන් මේ යුවලට ගණුදෙණුවක් ඉදිරිපත් කරනවා. අතේ තියෙන ගාන දීල බේරෙන්න. ඒත් සචීගෙ අතේ ඔවුන්ව සතුටුවෙන මට්ටමේ මුදලක් තිබ්බෙ නෑ. ATM මැශින් එක්කින් ඉතුරු ටික අරන් දෙන්නම් කියල පොරොන්දු වෙනවා.කාර් එකේම ATM එකක් තියෙන තැනකට යන්න පිටත් වෙන්න සූදානම් වෙනවා. ඔන්න එතකොට තමා සචීටයි වසූදටයි මේ දෙන්නගෙ ඇත්ත චරිත තේරෙන්න පටන් ගන්නෙ. ඇල්වින් කෙළින්ම වසූද හිටපු පිටිපස්සෙ සීට් එකට නගින්න හදනවා. සචී ඒකට පොඩ්ඩක්වත් කැමති වෙන්නෙ නෑ. මොකද සචී මුල ඉඳන්ම දැක්ක ඇල්වින් , වසූදට අයුතු විදිහට බලපෑම් කරන්න හදන බවක්. සචීගේ විරෝධය නොතකපු ඇල්වින් පිටිපස්සෙ සීට් එකේ ඇයත් එක්කම වාඩිවෙලා යන්න පිටත් වෙන්වා. ඒත් සචී ඇල්වින් ගැන දැඩි අවදානයෙන්. යන අතරමත් ඇල්වින්ගෙන් වසූදට දැඩිව බලපෑම් එන්න පටන් ගත්තා. ඉවසගෙන ATM එකක් හොයාගෙන ගියත් ඒ මැශින් එකෙත් සල්ලි නෑ.සචී අසරණ වෙනවා.
අයෙමත් ATM එකක් හොයාගෙන යන්න කට්ටියම යන්න පිටත් වෙනවා. ඒ යන අතරමග ඇල්වින් සැරින් සැරේ වාහනේ නවත්වමින් මොවුන් දෙදෙනාට හොඳටම බලපෑම් කරන්න පටන් ගන්නවා. සචී ඇයවත් අරගෙන වාහනෙන් පැනගන්න හැදුවත් ඒ අවස්ථාවත් ඔවුන්ට නැති වෙනවා. නැවත වරක් වාහනය නවත්වාගත් ඇල්වින් පෙර පරිදිම ඔවුන්ට වද දෙන්න පටන් ගන්නවා. මේ වැඩේ මුකුන්දන්ටනම් එපා වෙලා තියෙන්නෙ මේ වෙනකොට. ඇල්වින් ඔහුගේ යටි හිතේ ආශාවන් වසූදාගෙන් සතපවා ගන්න මාන බලමින් හිටියෙ. වසූදගෙන් තනිවම ප්‍රශ්ණ කරන්න ඕනෙ කියල සචීව ඇගෙන් බලෙන්ම ඉවත් කරනවා. වාහනේ දොර ඇරගෙන ප්‍රශ්ණ කරන්න පමණක් දෙන පොරොන්දුව පිට සචීට ඇයගෙන් අකමැත්තෙන් උනත් ඈත් වෙන්න සිද්ද වෙනවා. ඔය අතරතුර වාහනේ දොර වැහෙන සද්දෙ සචීට ඇහෙනවා. දුවගෙන ඇවිත් කෑ ගහල දොර ඇරගන්න සචී දකින්නෙ අඬමින් ඉන්න වසූදව?. සචීට මෙතනදින් සිද්ද වුන දේ ගැන මොනවත් දැනගන්න විදිහක් නෑ. තාමත් ඇල්වින්ගේ බලපෑම නිසා. ඊට පස්සෙ යාන්තමින් ඇල්වින්ගේ සාක්කුවට සල්ලි ටිකක් දාල මේ දෙන්නට ආපහු එන්න පුළුවන් උනත් සචීගේ හිතේ ලොකු සැකයක් මතුවෙලයි තිබුනේ වසූදට ඇල්වින්ගෙන් කරදරයක් උනාද කියලා. වසූදගෙන් කෙළින්ම ඒ ගැන අහපු සචීට, වසූදගෙන්නම් ලැබුණේ හොඳ ප්‍රතිචාරයක් නෙමේ.
මේ සිද්දියට ඇල්වින්ගෙන් සහ මුකුන්දන්ගෙන් පළි ගන්න සචී පටන් ගන්නවා. ඒ පළි ගැනීම ඇතුලෙ ඔහු නොදන්න සිද්ධිය ඔවුන්ගෙන්ම දැනගන්න ඔහු උත්සාහ කරනවා. ඇල්වින්ගෙන් සචී සහ වසූදට සිදුවුන බලපෑම ඒ විදිහටම ඇල්වින්ට අත්විදින්න සළස්වන්න සචී උත්සාහ කරනවා.
සචීට පුළුවන් වෙයිද ඇල්වින්ගෙන් පළි ගන්න.ඔහුට දැනගන්න උවමනා දේ දැනගන්න ලැබේවිද? . ඔවුන්ගේ ආදර අන්දරයට මොකක් වෙයිද?
කතාව ඇතුලේ ගොඩක් දුරට පෙන්නන උත්සාහ කරල තියෙන්නෙ පෙම්වතුන්ට ඔවුන්ගේ ආදරේ නිදහසේ විඳීමට ඇති කරදර සහ භාදකයි. පාර්ක් එක්කට ගියත් , පාරෙ එකට ගියත් ඔවුන් දෙස බලන ආකාරය, ඔවුන්ට ඇති ඒ නිදහස සමාජයෙන් අහිමි කරන අකාරය ඉස්මතු කිරීමටයි මේ නිර්මාණයෙන් උත්සාහ කරලා තියෙන්නෙ.
අපි චිත්‍රපටය බලලම ඉමු එහෙනම්.
මෙම චිත්‍රපටය නිර්මාණය අතින් ගත්තොත් රතීශ් රවී තමා රචනා කරල තියෙන්නෙ., අනුරජ් මනොහර් තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේ කතාව romantic thriller ඝණයට අයිති වෙන පැය 2 යි මිනිත්තු 12 ක් දිවෙන චිත්‍රපටයක්.ඒ උනාට වෙලාව ගතවෙනවනම් දැනෙන්නෙ නෑ.2019 මැයි 17 ප්‍රදර්ශණය ආරම්භ කරපු මේ මලයාලම් චිත්‍රපටයට IMDb rating 7.8/ 10 වගේ ඉහළ මට්ටමක් අරන් තියෙනවා. ආදායම අතින් ගත්තොත් මේක අති සාර්ථකයි කියල තමයි දැනගන්න ලැබුණේ. කතාවේ “සචී”ගේ චරිතයට Shane Nigam හා ” වසූදා”ගේ චරිතයට Ann Sheetal පණ පොවනවා.
මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය.ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්.ඒකට සමාවෙන්නෙ. ඔයාලගෙ අදහසුත් අපට දෙන්න. එහෙනම් මේ ආරාධනය සළරුව නරඹන්නයි.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
12,341 downloadsDownload Ishq-2019.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමල් H. මධුරාවල” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නාමල් H. මධුරාවල
Subtitles
28 comments
Kantha_DLA
shashee shashee
සබ් එකට ස්තූතියි.
1වෙනි සබ් එකට සුභ පැතුම්!Measha
මලයාලම් ෆිලුම් වලට තව තව සබ් දාන්න මල්ලි..
ස්තූතියිNaween Lakshan
Thanks for subtitle !!
Hemantha De Silva
ස්තුතියි නාමල්... සුභපැතුම්...
විස්තරේ නම් කිව්ව වැඩිද මන්දා...Udaya Saman
සාදරයෙන් පිලිගන්නවා,පළවෙනි උපසිරසියට බොහොම තුති සෝ..දිගටම සබ් දෙමු..ජය වේවා......ඔන්න බැවා
dsdkavishka
Thenks for sub
rangika Kariyawasam
ජය මචෝ.දිගටම මලයාලම් සබ් ඕනේ.බෝම තුති සහෝ
chathuminda
සබට තෑන්ස්.හොරා වගේ ෆිලුමේ අන්තිම ටික විතරක් බලන්න ඉතුරු කරා නේහ්
Lasantharathnasirirox
ස්තුතියි නාමල් සහෝ...ෆිලුම බලලම comment එකක් දාන්නම්..ජයවේවා !!
smasher
thaaaaaannkxx saho
chathuranga441
Sub ස්තුතිය obata jaya
issa58
NAmal Ela :)
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති වේවා...
සාදරයෙන් පිළිගන්නවා වෙබ් අඩවියට..
ඔය ගැම්මෙන්ම තව සබ් දෙමු ආ...
ජය!nish47
Thanks machn.
Pereralakshitha
Film eka downlod karana link eka dannko loku udasuvak.
Sub ekat thank you
Hasantha_Sajeewan
Thanks.
PrabuddhaDaskon
Great work...
deliya
niyama wadak sahodaraya.digatama sub karamu aaaa.budusaranai jayawewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....
maheshpubudu
hoda nirmanayak sub eka laba dunnata sthuthi.
jaya wewa...!!!N_R
Thank You.
EM Nishshanka
Thanks
pujitha133
Tanks namal aiya..❤️
asela ekanayake
Thanks a lot
Anu
Thanks bro.
Vishwa sasanka
Thank you
Advertisement

… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!