Watch Trailer

Maalai Nerathu Mayakkam (2016) with Sinhala Subtitles | විවාහය දෙව්ලොවේදී තහවුරු වෙයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ තෝලා උපසිරැසියට නම් හුඟක් හොඳ බයිස්කෝප් ප්‍රතිචාර තියනවා. හුඟක් සතුටුයි. උපසිරැසිය දාලා දවස් තුනක් යන්න කලින් උපසිරැසිය බාගත්තු පන්දහසකට අධික රසික පිරිසට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා. ඉතින් ඔන්න අළුතින්ම රිලීස් වුණු තවත් හොඳ චිත්‍රපටයක් ඇරගෙන ආවා. පසුගිය කාලයේ පිට පිටම බොහොමයක් ද…

ඔන්න යාළුවනේ තෝලා උපසිරැසියට නම් හුඟක් හොඳ බයිස්කෝප් ප්‍රතිචාර තියනවා. හුඟක් සතුටුයි. උපසිරැසිය දාලා දවස් තුනක් යන්න කලින් උපසිරැසිය බාගත්තු පන්දහසකට අධික රසික පිරිසට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා. ඉතින් ඔන්න අළුතින්ම රිලීස් වුණු තවත් හොඳ චිත්‍රපටයක් ඇරගෙන ආවා. පසුගිය කාලයේ පිට පිටම බොහොමයක් දමිළ චිත්‍රපටි එළිදැක්වුණා. නමුත් බහුතරයක්ම අසාර්ථක චිත්‍රපටි, එහෙම නැත්තම් බලලා වැඩක් නැති ගණයේ ඒවා තමයි. දෙමළෙන් කීවොත් මොක්කා පඩම්. නමුත් අද මම ඇරන් එන චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබුණා වගේම බැලිය යුතු චිත්‍රපටියක් ලෙස විචාරකයන් නම් කළා.

මාලෙයි නේරත්තු මයක්කම්. සිංහල තේරුම තමයි සැන්දෑ කාලයේ වසඟය කියන එක. මේ චිත්‍රපටයේ කතාව කොයි වගේද කීවොත්, කසාදයක් එපාම කියලා හිටපු කෙල්ලෙකුට, එයා කැමතිම නැති කොල්ලෙක්ව බන්දලා දෙනවා. ඉතින් මේ දෙන්නාගේ යුග දිවිය කොයි ආකාරයෙන්ද ගෙවෙන්නේ කියන සංකල්පය තමයි, ගීතාංජලී සෙල්වරාඝවන් නැමැති අධ්‍යක්ෂකවරිය සිනමාවට නගලා තියෙන්නේ.

ඇත්තම කීවොත් මේ කොල්ලා මේ කෙල්ලට පණ වගේ ආදරය කරනවා. නමුත් මේ කොල්ලා හරි නෝන්ජලයා. ඔහුට කෙල්ලන් ඇසුරු කරලා පුරුද්දක් නෑ. බොහොම අහිංසක පොරක්. කෙල්ල එහෙම නෙවෙයි. එයාට මේ කොල්ලව අල්ලන්නෑ ඒත් වෙන එවුන්ව නම් ගිහින් බදාගන්නවා. බැඳපු මිනිහාගේ අතින්වත් අල්ලන්නැතුව ගිහින් වෙන කොල්ලොන්ව බදාගන්නවා. මහ මෝඩ කෙල්ලක්. මොනවා හරි හේතුවක් නිසා බැන්දා නම් මිනිහත් එක්ක ඉඳපංකෝ. යාළුවනේ මේ කොල්ලා මානසිකව පුදුම වේදනාවක් විඳින්නේ. කසාද බැඳලත් අවුරුදු දෙකක් යනකල් එක ඇඳේ නිදාගන්න මේ කෙල්ල ඉඩදුන්නෑ. කොල්ලට කොහොම ඇද්ද? ඒත් ඔහු ඉවසනවා. වෙන එකෙක් නම් අනේ පලයනින් කියලා ගහලා පන්නයි. ඒත් මේ කොල්ලට ඒ කෙල්ලවමයි ඕන. මාර පවු කියලා හිතෙනවා. කෙල්ලට නම් කිසිම අනුකම්පාවක් නෑ තමන්ගේ සැමියා කියලා. මෙහෙම ඉන්නැද්දි එක දවසක් මේ කොල්ලා හොඳටම බීලා ඔළුව අවුල් කරගෙන ඇවිත් ලොකු වරදක් කරනවා. එතැනින් එහාම මම කීවොත් වැඩක් නෑ. මොකද මේ කතාවේ හැරවුම් ලක්ෂය එතැන තමයි. ඊට පස්සේ මේ දෙන්නගේ ඉරණම කොහොමද විසඳුනේ කියලා දැනගන්න මේ චිත්‍රපටිය ඔයාලට බලන්නම වෙනවා. තරුණ අපි නැරඹිය යුතු චිත්‍රපටියක්. හොඳ සිනමා නිර්මාණයක් වගේම අළුත් අදහසක් ! මේ කතාවේ කෙල්ල සාධාරණද අසාධාරණද කියලා තීරණය කිරීම ඔබට බාරයි.

පොඩි රහසක් කියන්නම්. මෙහි අධ්‍යක්ෂිකා ගීතාංජලී සෙල්වරාඝවන් කියන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂක සෙල්වරාඝවන්ගේ බිරිඳ. ධනුෂ්ගේ මයක්කම් එන්න (2011), ධනුෂ්ගේපුදුපෙට්ටෙයි (2006), කාර්තිගේ ආයිරත්තිල් ඔරුවන් (2010) වගේ ජනප්‍රිය ෆිලුම් අධ්‍යක්ෂණය කලේ මෙතුමා තමයි. නමුත් එතුමා 2013 දී අධ්‍යක්ෂණය කළ ඉරන්ඩාම් උලගම් චිත්‍රපටය තරමක් අසාර්ථක වුණ නිසා ඔහුට කිසියම් තහනමක් පැනවුණා. ඒ නිසා තමයි මෙම චිත්‍රපටය එයාගේ බිරිඳගේ නමින් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මෙවර, එතුමාගේ මෙම මාලෙයි නේරත්තු මයක්කම් චිත්‍රපටය තුළින් නැවත ඔහුගේ දක්ෂතාවය පෙන්නුම් කරලා තිබෙනවා. නමුත් මෙහි ඇතැම් දර්ශන වැඩිහිටියන්ට පමණක් සුදුසුයි කියලා මතක් කරන්න කැමතියි.

ඉතින් චිත්‍රපටයේ කතාව ගැන මම ඔයාලට මීට වැඩිය කියන්නේ නැහැ මොකද මේ සිනමාවට ගෙනාව මේ අළුත් සංකල්පය ඔයාලාම බලලා ෆ්‍රෙෂ් පිට රසවිඳින්න ඕන නිසා. පුද්ගලිකව මමත් හුඟක් ආසාවෙන් බැලුව චිත්‍රපටයක්. විශේෂයෙන්ම මෙහි ප්‍රධාන නළු නිළි දෙපළම අළුත් මූණු දෙකක්. හොඳට රඟපානවා. හැමදාම දකින මූණු නැතුව අළුත් මූණු දෙකක් ඇරන් ආව එක හොඳයි. ඉතින් මෙම චිත්‍රපටය රසවිඳන්න කියලා ඔයාලටත් ආරාධනා කරනවා. අසා ලිවීමක් නිසා ඉතාම සුළු අඩුපාඩු කිහිපයක් ඇති. ඒවාට සමාව ඉල්ලනවා. එහෙනම්..නැවත හමුවෙන තුරු ජයවේවා !

Maalai Nerathu Mayakkam (2016) on IMDb

 

 

700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

77568994BB1F05A85CC0290DE6E49BA85C13B3FA ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,576 downloadsDownload Maalai.Nerathu.Mayakkam.2016.baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

6,576 downloadsDownload Subtitles45 KB

28 comments

  1. gihan

    thnx 4 sub bro

  2. nilantha

    quality na bro screen copiyak ne eth sub ekata thanks

  3. කසුන් ගයන්ත

    මේකේ එක මේ 720P HD rip ලින්ක් එකේ තියෙනවා.අප්ඩේට් කරලා දන්නා මචන්ලා පොස්ටුව.සබට ස්තුතී විස්කොයි :D :D :v B| B-)

    1. Kavinda

      Movie ek kohomd Dowland krnne

  4. maheshbabu

    thanks for sub bro....... puluwani nam Nannaku Prematho ( 2016 ) denna.....

  5. Sanj7

    Me copy ake colity good natooo Kick assume ake tiyenneee HD rip 720p akak akata sub aka update karannakooo sub akata thanx brooo

  6. Sanj7

    Me copy ake colity good natooo Kick ass ake ake tiyenneee HD rip 720p akak akata sub aka update karannakooo sub akata thanx brooo

  7. asd

    thankz sub eakata

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  9. Kulanjana Maduranga

    niayamai…aniwa banawa...thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. D Chamara

    bohoma sthuthi sahoooo niyamai

  11. Nerun Kalpajith Fernando

    අනේ බං මායක්කම් එන්න ෆිලුමටත් සබ් දියන්කෝ

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි අයිය‍ේ
    සුපිරි ෆිලුම
    සබ් එකට ස්තූතියි
    දිගටම දෙමූ
    ජයෙන් ජයම වේවා !

  14. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. isuru

    balapu elama katavak niyamai sahooo

  16. wappula

    සබට බොහොම ස්තුතියි යාලුවා.. දිගටම කරගෙන යන්න. ජයවේවා..|

  17. Gayan Hewa

    Tnx

  18. sanath indika

    thx sahoo

  19. naveen

    BRUCE LEE telugu film eke sub ekath dennko bro

    1. Dulaj

      Mcn uba gawa link eke tynwada a film eke dipanko bn

  20. Rajitha

    හොද ආදර්ශවත් ච්ත්‍රපටියක්.පුලුවන්නම් හැමෝම බලන්න

  21. Chami

    Thanks

  22. r.s.samantha

    ela ela digatama sub demu.
    thank you macho onna banawa
    jaya wewa...!!!

  23. gihan

    බොහොම ස්තුතියි

  24. malith

    Ela ela

  25. මයිකි

    අනේ මේ වගේ එවා තව දෙන්න. මං ආසයි බලන්න.

  26. Kavinda

    Movie ek kohomd Dowland krnne