ආයුබෝවන් සියලු දෙනාටම, වෙනද වගේම අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවෙ පොඩි විශේෂත්වයකුත් එක්ක. මොකද මේක මගේ පනස්වෙනි උපසිරැසිය වෙන නිසා. අනිත් උපසිරැසි දෙන සයිට් එක්ක බලද්දි බයිස්කෝප් එකේ මම දැකපු එක වෙනසක් තමයි උපසිරැසිකරුවාගෙ කඩයිම් වලට විශේෂත්වයක් ලබා දීම. ඉතින් ඒ වෙනුවෙන් බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් ම…

ආයුබෝවන් සියලු දෙනාටම, වෙනද වගේම අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවෙ පොඩි විශේෂත්වයකුත් එක්ක. මොකද මේක මගේ පනස්වෙනි උපසිරැසිය වෙන නිසා. අනිත් උපසිරැසි දෙන සයිට් එක්ක බලද්දි බයිස්කෝප් එකේ මම දැකපු එක වෙනසක් තමයි උපසිරැසිකරුවාගෙ කඩයිම් වලට විශේෂත්වයක් ලබා දීම. ඉතින් ඒ වෙනුවෙන් බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයට ස්තූති කරන්න කැමතියි. උපසිරැසි පනහක් කිව්වම ලොකු කාලයක් ගෙවිල ගියා වගේ. ඇත්තටම පනස් වෙනි උපසිරැසිය ගැන මට කිසි අදහසක් තිබුනෙ නැහැ. ඇඩ්මින් මණ්ඩලයේ සිසිල සහෝදරය තමයි මට මේක පනස්වෙනි උපසිරැසිය වෙනුවෙන් බාර ගන්න කිව්වෙ. මම ඉස්සෙල්ලම උපසිරැසියක් කරන්න මේල් එකක් එව්වම සිසිල ප්‍රසාද් සහෝදරයම තමයි ඒකට ප්‍රතිචාර දැක්වුවෙ. මගේ උපසිරැසි ගමනෙ මෙච්චර දුරක් එන්න ඔහු අධිෂ්ඨානයක් වුනා කිව්වොත් නිවැරදියි. ස්තූතියි සිසිල සහෝ.
ඒ වගේම මම එවන උපසිරැසි වල හරි වැරදි බලල ඉක්මනින්ම ඔයාල අතට පත් කරන්න මහන්සි වෙන තිසර නියෝ, හසන්ත වික්‍රමරත්න, අශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත වගේම ඇඩ්මින් මණ්ඩලයේ(තිරය පිටුපස ඉන්න) අනිත් සහෝදර සහෝදරියන්වත් මතක් කරන්න කැමතියි. අපි දෙන හැම උපසිරැසියකටම වගේ කමෙන්ටුවක් දාන්න අමතක නොකරන රොයිලි අයියටත් විශේෂ ස්තූතිය. ඒ වගේම උපසිරැසිකරනයේ නියැලෙද්දි මතක් නොකරම බැරි උපසිරැසිකරුවන් පිරිසක් ඉන්නව. ශසිත් සඳරුවන්(සඳේ අයියා), කවිෂල් රසින්ත, කවිනු වීරක්කොඩි, තරිඳු අයියා(MTR), තාරක නුවන්, දහරා මුතූ අමා(දහරා අක්ක), බේනුක නිම්හාන් සහෝදර සහෝදරියන්වත් මතක් කරන්න ඕන. තව ඉන්නව ඔක්කොම දාන්න නම් ඉඩ මදිවෙයි. උපසිරැසියකට වචනෙකින් හරි දිරි දුන්නු බයිස්කෝප් උපසිරැසිකරුවන් වගේම ප්‍රේක්ෂක ඔබලාවත් ආදරෙන් මතක්කරනව. ඇත්තටම ඔයාලගෙ කමෙන්ට් නිසා තමයි මෙච්චර දුරක් ආවෙ. වසරකට ආසන්න කාලයක් මගේ උපසිරැසි වල හරි වැරදි, හොද නරක ගැන කියමින් දිරි දීපු ප්‍රේක්ෂකයො හැමෝටම ස්තූතියි.
මුලින් මමත් ඔයාල වගේ බයිස්කෝප් රසිකයෙක්. ඒ ලෙවෙල් කරන කාලෙ (2012/2013) ෆිල්ම් එකක් බලන්න ඕන වුනාම ඉතින් බයිස්කෝප් තමයි. ඒ ලෙවෙල් වලින් පස්සෙ බයිස්කෝප් එකේ තිබුනු ලිපි කියෙව්වම මමත් සබ් එකක් කරල බැලුවොත් හොදයි කියල හිතුන. උපසිරැසි කිහිපයක් කරත් බයිස්කෝප් එකට දාගන්න වෙලාවක් ලැබුනෙ නැහැ. ඉතින් බයිස්කෝප් එකේ මගේ ගමන ආරම්භ වෙන්නෙ Jaya Janaki Nayaka (2017) චිත්‍රපටයෙ උපසිරැසි ලබා දීමත් එක්ක. මතක විදිහට 2018 අගෝස්තු මාසෙ. අවුරුද්දක් යන්නත් කලින් මෙච්චර දුරක් එන්න ලැබෙයි කියල හිතුවෙම නැහැ. වැඩිපුරම සබ් කරල තියෙන්නෙ ෆිල්ම් වලට(එතනිනුත් තෙලිඟු තමා අංක එකට තියෙන්නෙ😛). ඔය අතරෙ කතා මාලා දෙක තුනකටත් සබ් කරන්න අවස්ථාව ලැබුන. චිත්‍රපට තිස් අටකටත්, කතා මලා පහක කතාංග දහතුනකටත් දායකත්වය දක්වල තියනව. කණගාටුවෙන් වුනත් කියන්න වෙනව අධ්‍යාපන කටයුත්තක් පටන් ගත්තු නිසා කලින් වගේ උපසිරැසිකරනයෙ නියැලෙන්න වෙලාවක් නැති වෙයි. පුලුවන් වෙලාවක් ආවොත් සබ් එකක් අරගෙන මේ පැත්තෙ එන්න අමතක කරන්නෙ නැහැ. මොකද මේ වැඩේ ඉතින් නතර කරන්න පුලුවන් වැඩක් යැයි. හරි ඒ කතාව පැත්තකින් තියල ෆිලුම පැත්තට හැරෙන්නම්.

2018 අගෝස්තු 9 වෙනිද, තෙලිඟු රසික අපි කවුරුත් දන්න, Mahesh Babu ගෙ උපන්දිනය දවසට කලින් දවසෙ, Mahesh Babuගෙ ඊලඟ ප්‍රයත්නය මොකක්ද කියල ඒත්තු ගන්වන ආකාරයේ ටීසර් පටයක් අන්තර්ජාලයට නිකුත් වෙනව. 2019 මැයි 1වෙනිද ඒ කුතුහලය අලුත් කරමින් පූර්ව ප්‍රචාරක පටයක් අන්තර්ජාලටයට නිකුත් වෙනව. තෙලිඟු රසිකයො වෙන අපි හැමෝම මේ පූර්ව ප්‍රචාරක පටය නිසා හොල්මන් වෙලා හිටියෙ. කවුරුත් ඇහුව ප්‍රශ්නෙ Mahesh Babu මේ කරන්න යන අලුත් වැඩේ මොකක්ද? කියන ප්‍රශ්නෙ.
ඉතින් 2019 මැයි 1වෙනිද මේ වැඩේට පූර්ව නිදහස් කිරීමේ උත්සවයකුත් සංවිධානය කරල තිබුන. මේ උත්සවය බොහොම උත්කර්ශවත් අන්දමින් සිදුවුනා කියල තමයි විචාරකයො අදහස් දක්වල තිබුනෙ. උත්සවේට පහල පින්තූරෙ ඉන්න දෙන්නත් ඇවිල්ල හිටිය. බලන්න දන්නවද කියල.
vijay deverakonda and venkatesh in pre-release event of Mahesh Babu’s Maharshi
අවසානෙ අපි කවුරුත් බලාගෙන හිටිය වගේ 2019 මැයි 9වෙනිද Maharshi (මහේශ් බාබුගේ 25වෙනි සිනමා පටය) නිකුත් වීම සිදු වෙනව. පලවෙනි දවසෙම වර්ථා කිහිපයක් බිඳහෙලන්න සමත් වෙනව.
– 2019 වසරේ තෙලිඟු සිනමාවක් ලද වැඩිම පලමු දින ආදායම.
– සති එක හමාරක් පමණ තුලදී Bharat Ane Nenu අදායම් වාර්ථා බිඳහෙලීමට සමත් වීම.
ඉතින් මහේශ් බාබු තමන්ගෙම වාර්ථාවක් අලුත් කරගෙන තියනව. මෙහෙම වාර්ථා අලුත් කරපු පලමු දින අදායම සටහන් වුනේ ඉන්දියානු රුපියල් කෝටි 34ක් ලෙසයි. ඒ වගේම තමයි නිකුත් වෙලා දින හතරක් තුල ඉන්දියානු රුපියල් කෝටි 100 සීමාව පසු කරන්නත් මෙම සිනමාපටයට හැකියාව ලැබෙනව. ඒ වගේම තමයි මේ සලුරුව IMDb දර්ශකයේ 7.9ක (2,800+ votes) අගයක් ලබා ගන්න සමත්වෙලා තියනව. මේක මහේශ්ගෙ 25 වෙනි චිත්‍රපටය වීමත් තවත් එක් විශේෂත්වයක්. තව දෙයක් Bharat Ane Nenu සහ Rangasthalam අදායම් වාර්ථා පසු කරමින් හොදම අදායම් ලැබූ තෙලිඟු චිත්‍රපට අතර තුන්වන ස්ථානය ගැනීමටත් සමත් වෙනව, එබැවින් Maharshi චිත්‍රපටය දෙවැනි වන්නේ බාහුබලි චිත්‍රපට යුගලයට පමණි. චිත්‍රපටය Action/Drama ගනයට තමයි අයත් වෙන්නෙ. නිෂ්පාදනය Sri Venkateswara Creations, Vyjayanthi Movies, PVP Cinema යන නිෂ්පාදන ආයතන තුනෙන්. නිෂ්පාදන පිරිවැය ඉන්දියානු රුපියල් මිලියන 100ක්(ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක්) කියල තමයි සදහන් වෙන්නෙ.

Vamsi Paidipally අධ්‍යක්ෂනය කරන සිනමා පටයට Mahesh Babu සමගින් Pooja Hegde, Allari Naresh ප්‍රධාන චරිත වලට දායකත්වය ලබා දෙනව. මිනිත්තු 176ක් පුරාවට දිවෙන සිනමා පටය, Prakash Raj, Mukesh Rishi, Vidyullekha Raman, Jagapati Babu වැනි ක්ෂේත්‍රයේ දක්ෂ නලු නිලියන්ගේ රන්ගනයෙන් හැඩවෙලා තියනව.
ලිපිය දිග වැඩි වුනාද මන්දා, මම චිත්‍රපටයෙ කතාව ගැනත් පොඩි විස්තරයක් දෙන්නම්, රිශී කියන්නෙ හොදට ඉගෙන ගෙන ජීවිතේ සාර්ථක කරගන්න හිතන දක්ෂ කොල්ලෙක්. ඒත් රිශී තමන්ගෙ තාත්තත් එක්ක පොඩි වයසෙ ඉදන්ම එච්චර සුහදව නෙවෙයි ඉන්නෙ. වැඩිදුර අධ්‍යාපනයට රිශී කොලේජ් එකකට එකතු වෙනව. එතනදි තමයි රිශීට පූජා සහ රවී කියන අපූරු යාලුවො දෙන්නව මුන ගැහෙන්නෙ. හැඟීම්බරව ගලාගෙන යන සිනමා සිත්තම ඔයාලගෙ හදවත ස්පර්ශ කරනවා නොඅනුමානයි. මම වැඩිය කතාව විස්තර නොකර ඉන්නම්. රිශීගෙ සංචාරයට එකතුවෙන්න ආරධානා කරන ගමන්(Join the journey of RISHI) මම සමු ගන්නවා. පුරා වසරක් පමණ කාලයක් මගෙත් එක්ක රැඳිල හිටිය ප්‍රේක්ෂක ඔබ සැමට නැවතත් මගේ ප්‍රණාමය.
ජය ශ්‍රී!
සාර්ථකත්වයට නැවතීමේ තිත් නොමැත, ඇත්තේ කොමාවල් පමණි!
සාර්ථකත්වය කියන්නෙ එක් ගමනාන්තයක් නොවෙයි!
සාර්ථකත්වය කියන්නෙ සංචාරයක්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Proper TRUE HDRip පිටපත් සඳහා අදාළ වේ.
43,615 downloadsDownload Maharshi-2019.zip85 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
149 comments
sashindramax
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!DIlshanmapalagama
Chanaka sahooo sub ekata thnx ela ela kollooo.
ishan udayanga
thnkzzzzzz alot.movie eka thama dala nane download site eke
චානක ඉඳුනිල්
දැන් දීල තියෙන්නෙ. ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ගන්න.
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
ඉදිරියටත් sub දෙමු
ජයවේවා ....Sumal Niduka Chandrasiri
Thanks
Congratulations .vas0303
Thanks and congrats
chamarar
thanks macho thawa wedi wediyen සබ් karanna labewa congrats bro
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
50 කඩඉමට සුභ පැතුම් ..! බොහොම ස්තුතියි මාවත් මතක් කරාට
janaka124pra
එල සහො එල
ravindu_1987
thank you very much ..
Udaya Saman
50 වෙනි පළමු කඩඉමට සුභ පතනවා හදවතින්ම සහෝ...හැමදාම ඉතින් ඔයාගේ උපසිරසියක් අතාරින්නේ නෑ, බලනවා..ඉක්මනටමස දෙවනි කඩඉමත් පහුකරන්න ශක්තිය ධෛර්්‍යය ලැබේවා....
Krishan NiShalya
බොහොම ස්තුති
ෆිල්ම් එකේ හොද කොපියක් ආවගමන් සබ එක දෙනවටGood Luck ! Bro
☺♥yomalravindu
Thanks.......
එල්.සී. දමැල්
50වන උපසිරසට සුභ පතනවා.
අධ්‍යාපන කටයුතුත් සාර්ථක කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
...ජය...කවිශල් රසින්ත (කවී)
50' වැනි උපසිරැසිය එහෙම නැත්තම් පලමු උපසිරැසි කඩයිමට හදවතින්ම සුභ පතනවා අයියේ... අයියගේ සබ් ගැන නම් කියන්න දෙයක් නෑ. ඒක අයියගේ සබ් එකක් බලපු කෙනෙක්ට හොදටම තේරෙනවා. ඉතින් කඩයිමට තෝරගෙන තියෙන්නෙත් සුපිරිම ෆිල්ම් එකක්. එනකල් බලාගෙන හිටපු එකක්. අනිවා බලනවා. එහෙනම් ඉතින් මාවත් මතක් කලාට බෝම ස්තූතියි හොදෙ. ඉදිරි අධ්‍යාපන කටයුතු සර්වප්‍රාකාරෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනගමන් ඉදිරියටත් උපසිරැසිකරණයේ නියලෙන්න කාලය ලැබේවා කියලත් පතනවා. සුපුරුදු පරිදි සබ් එකට බොහොම ස්තූතියි. ජය වේවා...!!!!
Kavishna
ස්තූතියි සහෝ උපසිරසියට
50 වන කඩයිමට සුභ පතනවgayan215
suba pethum saho 50ta...
Eranda Malith 2.0
Thanks mcn
ශසිත් සඳරුවන්
50 වන උපසිරැසිය වෙනුවෙන් සුබපැතුම් මලේ...
අවුරුද්දක් යන්නත් කලින් 50 ගහලා නොවැ. :P
තෙලුගු වලට වැඩි තැනක් දෙන නිසා ඔහේගේ සබ් වලින් නම් සෑහෙන ෆිලුම් බලලා තියෙනවා..
සබ් වල ගුණාත්මක බවත් ඉතාම හොඳ මටට්ටමක තියෙනවා.
තෙලුගු අසා ලියන්න පුලුවන් කීප දෙනාගෙන් කෙනෙක් නිසා සයිටට ගොඩක් වටින කෙනෙක්.
තවත් මේ වගේ උපසිරැසි අරන් එන්න හැකියාව ලැබෙන්න කියලත්
අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..
මාවත් මතක් කළාට බොහොම තුති.
ජය!Achi
Thank bro
basura indrachapa
50 වැන්නට සුබ පැතුම්!!!
ඉක්මනින්ම 100 වැන්නත් කරමු සහෝ...
තෙලිගු වලට ඉදිරියටත් වැඩි තැනක් දෙන්න...
බුදු සරණයි!!! ජයෙන් ජය!!!ඔෂද ධනංජය
50 වැනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ.මේ තරම් කෙටි කාලෙකින් උපසිරස 50ක් කරනව කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි.බයිස්කෝප් එකේ වටිනා සම්පතක්.තව තවත් උපසිරැසි ලබාදෙන්න ශක්තිය ලැබේවා...සුභ ගමන්...!!
isuru srinath sjs
මුලින්ම කියන්න ඕන බොහොම ස්තුතියි සහෝදරයා මේ ෆිල්ම් එකට සබ් එක ඉක්මන්ටම දුන්න එකට.. එහෙනම් 50ත් ගැහුවා නේ..? ඔහොමම ඉක්මන්ට 100ත් ගහමු එහෙනම්.. එලම සහෝදරයා .. Good Luck..! ❤️
darshana100
thanks saho 50 ta jaya wewa a wagama oyata budu saranai
Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Asitha B Upathissa
Thank you
salinda M Jayathissa
ela jayawewa
දහරා මුතු අමා
50 ට හදවතින්ම සුබ පතනවා මල්ලි...
ඒ වගේම තව තවත් උප සිරැසි කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.geeganagamage
බොහොම ස්තුතියි සුපිරි වැඩක් .
rangika Kariyawasam
තද සහෝ .50 වන නිර්මාණය දක්වා ඒමට ඔබට ධෛර්යය ශක්තිය දුන් සෑම සියළු දෙනාටම බෝම තුති. ඉදිරියටත් සබ දෙන්න ශක්තිය ලැබේවා.ජය
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxxx
Nilush Angana
Sub ekata thanx
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.....උණුසුම් සුභ පැතුම් සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා.....
කවිනු වීරක්කොඩි
බලාගෙන හිටපු චිත්‍රපටියකට පුලුවන් තරම් ඉක්මනට උපසිරැසිය ගෙනාපු එක ගැන මුලින්ම චානක අයියට ස්තූතිවන්ත වෙනවා! ඒ වගේම පළවෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා!!
තෙළෙඟු පැත්තට අරක්ගත්තු භූත ඩෑල් එකක් තමයි ඉතින්..!
ඉන්දියන් ෆිල්ම් නිසාම හම්බුණු තවත් එක නිහතමානී සහෝදරයෙක්.. උදව්වක් ඉල්ලුවත් බෑ නොකියා කරලා දෙන චරිතයක්!! ජය වේවා අයියේ..
උපසිරැසි කටයුතු වගේම අධ්‍යාපන කටයුතුත් එක වගේම සාර්ථක කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..Rumesh dhanushka
Thankyou chanaka idunil & all admins
Ravindu Rukshan
50 වෙනි උපසිරැසය වෙනුවෙන් සුභ පැතුම් සහෝ මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.
kasuntharaka95
thanks bro
Prabodha Madhusankha Hettiarachchi
50 weni nirmanayata unusum suba pathum....
Yohan709
THnks broooo
Jayen jayaaa...supershiwa
super bro
malithmadhushan45
50 වෙනි උපසිරස නිර්මාණයට මගෙන් සුබ පැතුම් චානක සහෝ 100 ඉක්මනින්ම ගහන්න ලැබේවා කියල හදවතින්ම සුබ පතනවා අනාගතයට ජය වේවා ඔන්න බාගත්තා එහෙනම් උපසිරසටත් ස්තුතියි සහෝ
තිසර නියෝ
50 කඩයිමට හදපිරි සුබ පැතුම් මලේ. මෙතැනින් නොනැවතී ඉදිරියටම යන්න සුබ පතනවා.
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra.pradeep hashan
sub ekata thanks bro
Akashpc
thanks bro
RAJITHMANOHARA
Supiri machan
subodha
Thanks
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata...
Ayesh Prashan
Thank You.. subha Pathum
Ayesh Prashan
Thank You
Thusitha Sampath
gambit 2012 sub karannakoooooooo
Udaya Tharanga
thank you
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Thama biscopelk download site eke dala nedda bro