ඔන්න යාලුවනේ මම ඔයාලට මලයාලම් සලරුවක් අරගන ආවා. මේ මගේ පලවෙනි උපසිරැසිය. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් සබක් බාගන යනවා. ඉතින් මටත් හිතුනා උපසිරසියක් කරන්න ඕන කියලා. ඒකට මම තෝරාගත්තේ Ennu Ninthe Moideen(2015) කියන මලයාලම් ෆිල්ම් එක. බයිස්කෝප් අඩවිය තුල දකින්න ලැබෙන්නේ මලයාලම් ෆිල්ම් පොඩි ප්‍රමාණයක් තමයි…

ඔන්න යාලුවනේ මම ඔයාලට මලයාලම් සලරුවක් අරගන ආවා. මේ මගේ පලවෙනි උපසිරැසිය. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් සබක් බාගන යනවා. ඉතින් මටත් හිතුනා උපසිරසියක් කරන්න ඕන කියලා. ඒකට මම තෝරාගත්තේ Ennu Ninthe Moideen(2015) කියන මලයාලම් ෆිල්ම් එක. බයිස්කෝප් අඩවිය තුල දකින්න ලැබෙන්නේ මලයාලම් ෆිල්ම් පොඩි ප්‍රමාණයක් තමයි. ඒත් මට නම් හිතෙන්නේ දකුණු ඉන්දියානු ෆිල්ම් ගත්තම හොඳම ඒවා නම් ඉතින් මලයාලම් තමයි. මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Prithviraj Sukumaran විසින්. නමින් නම් බොහෝ දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්. ඒත් ඔබ මලයාලම් ෆිල්ම්වලට ප්‍රිය කරන කෙනෙක්නම් මේ නම නොදැන ඉන්න විදියක් නෑ. බයිස්කෝප් අඩවිය තුල කලින් පල වූ Memories(2013), Mumbai Police(2013), Oozham(2016) යන මලයාලම් ෆිල්ම් වලින් ඔයාලට මෙයාව දැක ගන්න පුළුවන්. ප්‍රධාන නිළිය විදියට Parvathy රංගනයෙන් දායක වෙලා තියනවා. දනුෂ්ගේ Maryan(2013) ෆිල්ම් එකෙන් සහ මලයාලම් නළු දුල්කියුර් සල්මාන්ගේ Charlie(2015) ෆිල්ම් එකෙන් ඔයාලට මේ නිළියව දැක ගන්න පුළුවන්. වෙන කතා ඇති පොඩ්ඩක් ෆිල්ම් එක ගැනත් කියන්නම්කෝ.
IMDB අගය 8.2/10 ක් හිමිකර ගැනීමට මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා. ෆිල්ම් එක අයත් වෙන්නේ Biographical Romantic Drama කාණ්ඩයට. වර්ෂ 1960 කාලවකවානුවේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පිහිටි මුක්කම් කියන ප්‍රදේශයේ සිදු වූ සත්‍ය සිදුවීමක් පදනම් කරගන තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. කතාවේ පදනම වෙන්නේ මොයිදීන් නම් මුස්ලිම් තරුණයා සහ කාංචනමාලා නම් මලයාලම් තරුණිය අතර ඇති වූ ආදරය. මේ ෆිල්ම් එක බැලුවාම ඔයාලට හිතෙන්න පුළුවන් මෙහෙමත් ආදරයක් තියෙන්න පුලුවන්ද කියලා. ඒත් තිබිලා තියනවා. මොකද මේ කාංචනමාලා අදටත් ජීවත් වෙනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂකවරයා ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට Prithviraj Sukumaran තෝරගන තියෙන්නේ සැබෑ ජීවිතයේ කාංචනමාලාගේ කැමැත්තට අනුව තමයි. මේ කාංචනමාලා කියන විදියට සැබෑ ජීවිතයේ එන මොයිදීන්, Prithviraj Sukumaraට බොහෝසෙයින් සමානයි කියලා තමයි සඳහන් වෙන්නේ.
ෆිල්ම් එකේ කතාව නම් මම කියන්න යන්නේ නෑ. ඒක ඔයාලම අරගන බලාගන්න. මේක ඔයාලා බලන්න ගත්තොත් මුල සිට අවසානය දක්වාම බලන්න කියලා ඉල්ලා සිටිනවා. අවසානයේ ඔයාලා බලපු හොඳම ෆිල්ම් ගොඩට මේකත් වැටෙනවා කියලා මට සහතික කරන්න පුළුවන්. ෆිල්ම් එකේ සංගීතය ගැනත් ටිකක් කියන්න ඕන. හොඳටම කරලා තියනවා. ගීත සහ පසුබිම් සංගීතය හොඳම මට්ටමේ තියනවා. ඒ නිසාම සින්දු ටිකටත් සබ් කරලා දැම්මා. ආදායම අතින් ගත්තාම මේ තාක් කල් බිහි වූ මලයාලම් ෆිල්ම් වලින් හයවන තැන තමයි ලැබිලා තියෙන්නේ. ඉන්දියාව ගත්තාම ඉතින් සිනමා සම්මාන උළෙලවල් බර ගානක් තියනවනේ. ඒ විවිද සම්මාන උළෙලවල් වල දී හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම ගීත රචනය ඇතුළු සම්මාන 55ක් දිනා ගැනීමටත් තවත් සම්මාන 63ක් සඳහා යෝජනා වීමටත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා.ඉතින් යාලුවනේ මේක මගේ පලවෙනි උපසිරසියනේ. ඒ නිසා අඩුපාඩු නම් ගොඩක් ඇති. ෆිල්ම් එක බැලුවට පස්සේ බයිස්කෝප් එක පැත්තේ ආව වෙලාවක ඔයාලට දැනුන දේ කමෙන්ට් එකක් දාගන යන්න. ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Ennu.Ninte.Moideen.2015.Malayalam.BRrip.x265.10bit.PoOlLa
Ennu.Ninte.Moideen.2015.BRRip.480p.x264.Malayalam.ESubs-ViZNU
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
7,471 downloadsDownload Ennu.Ninte_.Moideen.2015.Baiscopelk.com_.zip100 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SPD
Subtitles
41 comments
Demon Prince
kasun Harshana
මෙන්න මේවට තමයි සහෝ නියම ෆිල්ම් කියන්නෙ. ඔයා ලිපියත් ලස්සනටම ලියල තියෙනව. මේ ලිපියෙන්ම කියන්න පුලුවන් මට ඔයාට මේ සයිට් එකේ හොඳ අනාගතයක් තියෙනව කියල.එකෙන්ම ඉන්දියාවෙ ලස්සනම ෆිල්ම් තියෙන්නෙ මලයාලම් බසින්.ඒ වගේම හොඳම හොල්මන් ෆිල්ම් හැදෙන්නෙත් මලයාලම් බසින්. තාක්ෂණය අපූරුවට ඒවට යොදාගන්නව. ඒත් අවාසනාවකට ඒ ෆිල්ම් වලට මෙතෙක් ඉංග්‍රීසි උපසිරැසි නිකුත් වෙලා නෑ. ඒ නිසා උපසිරැසිකරුවන් සහ අප ඒවට කොපමණ කැමති වුනත් මලයාලම් බස නොදන්නා නිසා ඒවට සිංහල උපසිරැසි යොදා නිර්මාණය ඉතාමත්ම අපහසුයි.මලයාලම් හොල්මන් ෆිල්ම් වල පට්ටම බය හිතෙන ෆිල්ම් තියෙන්නෙ. Akasha Ganga, Summer Palace, Veendum Lisa ඔය වගේ සෑහෙන්න තියෙනව. මමත් මේ ටිකේ උපසිරැසියක් කරගෙන යනව Deyyam (1996) කියල හොල්මන් ෆිල්ම් එකක්.
Dulanga
Thanks
නිරෝෂ්
ස්තුතියි SPD සහෝ.ජයවේවා !
udi
tnqqqqqqqqqqqq
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks SPD saho....Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
thisal
ස්තුතියි
D.Chamara
bohoma sthuthi
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Yohan Phillips
One of the best romantic Tamil movie i have ever watched
Chamara
ලස්සන කතාවක් මචෝ
මම baiscope එකට comment කරල නැ මේකට කරන්න හිතුනා හොද වැඩක් සහෝmaheshbabu
suppa storyak wage.....digatama malayalam,telugu,tamil movies demu bro.....action ewath demu...jaya wewa
Chalana Rukshan
thnx bro.. but seeds thiyena torrent ekak nane?
aluth.lk
niyamai mekatath sub denna!
shenbaga kottai (2016)
Murugavel (2016)
illami (2016)
hello naan pei pesuren (2016)
Balle Vellaiyathevaa (2016)
Hyper (2016)
meh tamil film wala story,comedy,rating hama ekama hodata tiyanawa puluwannam denna?රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මයුර
හ්ම්ම්ම් හිතාගන්න බෑ මොනාද කියන්නේ කියලා. මාරම ලස්සන චිත්‍රපටියක්. හිතට දැනුනේ මාර විදිහට. දරාගන්න අමාරු ඇත්ත කතාවක් වෙච්ච හින්දා. සංගීතය ගැන නම් කියලා වැඩක් නෑ. ඩවුන්ලෝඩ් කරලා තියෙන ප්‍රමාණය දැක්කම පොඩි කණගාටුවක් දැනෙනවා, මෙච්චර හොඳ චිත්‍රපටියක් නොබලන එක ගැන. ඒ වගේම මේ චිත්‍රපටිය ගැන මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ බන්, එහෙව් එකේ මේක අපිට ගෙනත් දුන්නට ගොඩක්ම ස්තුතියි.
සබ ගැන කියනවා නම් මචන්, උඹේ පලවෙනි එක කියලා කියන්න බැහැ, රහට කරලා තියෙනවා. දිගටම මේ වගේ හැංගිච්ච මැණික් පාදලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.
lahiru
tf sub bro..
Chami.S
Thanks..
Good Luck..rasanga
ලස්සන කතාවක්
ගොඩක්ම ස්තුතියි.Udara Damith B/K
...............බොහොම ස්තූතියි........
mahesh
pahu giya tikema malayalam film kihipayakma baluwa occoma wage lassanai
dan onna atha arunu ewath hoyala hari balanna patan ganna hadanne.
tamil teligu hindi film walata wada lassana katha malayalam film wala tiyenawa.
digatama me wage hanguna lassana film apita hoyala sub denna saho.
bohoma sthuthi.
good luck...!!!!කුසල්
සබට thanx
priyan99
lassana film ekak machan.denui balala iwara une.welawa giya denuneth ne pandara 3.30 den.sindu tikatat lassanata sub karla tibuna machan.thanks machan bokkenma..........................
වජිර දීගල්ල
මහන්සියට සුබ පැතුම් දිගටම සබ් කරන්න
SG
One of the best Malayalam Movies I have ever watched other than Premam & Charlie.
Can you please give us the subtitle for 'Annayum Rasoolum'Menu
Thank you
malith
Ela ela
Anuja wickramasingha
thanks for sub
පට්ටම ෆිල්ම් එකක්ශසිත් සඳරුවන්
සබට බොහොම තුති සහෝ...
ඔන්න මාත් ගත්තා..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!MadhuBandara
thank you yaluwa...
Nayanthanisal
ela bro..digatama meh wage film wala sub oneh ;)
dinuka1919
Pretham film එකේ සබ කරන්න පුළුවන්ද.pretham2 නෙමෙයි.
YasasWeerasinghe
As always we appreciate your effort. Nice work. Keep it up. :)
dihsee
නියම වැඩක් ඔබට සුභ පැතුම්...
සාරංග ජේ. ලියනගම
Thanks...
Anonymous
Kisima torrent site akakin meka downlord karana ba wena site akk dana kenk inwada
Janu
mlwbd කියන සයිට් එකට ගිහින්, ඒකේ malayalam category එකට යන්න.එතනින් මේ film එක ලේසියෙන්ම download කර ගන්න පුළුවන්.
Vishwa sasanka
Thank you
Ravi
Thank you
Anonymous
sub eka wada naha wikarayak
Ravindu Heshan - Admin
Dan Wada
Advertisement

Niyamai saho.keep t Up. Thanq Sub 1ta