Watch Trailer

Missing Link (2019) Sinhala Subtitle | අරුම පුදුම සැසක්වාච් [සිංහල උපසිරැසි සමඟ]

දිනිඳු සම්පත් සොයුරා එවූ ලිපිය ඉතිං යාළුවනේ, කාලෙකට පස්සෙ තවත් ලස්සන ඇනිමේෂන් සළරුවකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb අගය 6.8/10 ක් ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටිය කුණු තක්කාලි වල 89%ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. මෙහි හඬ කැවීමේ ශිල්පීන් විදිහට කටයුතු කරලා තියෙන්නේ Hugh Jackman, Zoe Sald…

  • දිනිඳු සම්පත් සොයුරා එවූ ලිපිය

ඉතිං යාළුවනේ, කාලෙකට පස්සෙ තවත් ලස්සන ඇනිමේෂන් සළරුවකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb අගය 6.8/10 ක් ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටිය කුණු තක්කාලි වල 89%ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. මෙහි හඬ කැවීමේ ශිල්පීන් විදිහට කටයුතු කරලා තියෙන්නේ Hugh Jackman, Zoe Saldana , Zach Galifianakis, Emma Thompson වගේ සුපිරි නළු නිළියන් පිරිසක්. මේ චිත්‍රපටිය මුලින්ම තිරගත වෙලා තියෙන්නෙ 2019 අප්‍රේල් 12 ඇමරිකාවේදී. තිරගත වූ මුල් සතියේදි විතරක් $5,944,950.00 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. විනාඩි 94ක් පුරා දිවෙන මේ චිත්‍රපටියේ කතාව ලියලා තියෙන්නෙත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් Paranorman (2012), Corpse Bride (2005), Coraline (2009) වැනි සුපිරි ඇනිමේෂන් චිත්‍රපටි අධ්‍යක්ෂණය කල Chris Butler විසින්.

චිත්‍රපටියෙන් කියැවෙන්නේ චාල්ස් ඩාවින් ගෙ පරිණාමවාදයේ කියවෙන විදිහට මිනිසා වඳුරාගෙන් පරිණාමය වෙද්දී අතරමැදදී අතහැරුණු ජීවියෙක් ගැන. 1886 දී, මිථ්‍යා ජීවීන් පිළිබඳ අධ්‍යයනය කරන ගවේෂකයෙකු වන ශ්‍රීමත් ලයනල් ෆ්රොස්ට් ලොව පුරා එවැනි ජීවීන්ගේ පැවැත්ම ගැන අධ්‍යයනය කරලා ඔවුන් සිටින බවට සාධක ඉදිරිපත් කිරීමට විවිධ ජීවීන් ගැන දිගින් දිගටම සොයා බලන පුද්ගලයෙක්. එමගින් ඔහු විසින් උත්සාහ කරන්නේ “ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ සංගමය” නැමති සංගමයේ සාමාජිකත්වය ලබා ගෙන තමන්ගේ නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියලා තියන්නයි. නමුත් එම සංගමයේ සභාපති වරයා වන පිගොට් ඩන්ස්බි සාමිවරයා ෆ්රොස්ට් ව එම සංගමයට බඳවාගන්න කොහෙත්ම කැමති වෙන්නෙ නෑ. ෆ්රොස්ට් කියන විදිහට මිත්‍යා ජීවීන් ඉන්නවනම් එම ජීවීන් ගැන සාක්ෂි රැගෙන එන්න කියලා ඔහු ෆ්රොස් ට කියනවා. එහෙම සාක්ෂි නැතිව එවැනි ජීවීන් සිටින බවට පිළිගන්න ඒ සංගමේ කවුරුවත් කැමති වෙන්නෙ නෑ. ඒ අතර ෆ්‍රොස්ට් හට ලිපියක් ලැබෙනවා සැස්ක්වාච් නම් සත්වයෙක් සිටින බව දන්නා කෙනෙකුගෙන්. ඉතින් ෆ්රොස්ට් කරන්නේ පිග්ගොට්-ඩන්ස්බි හමුවට ගිහින් එවැනි සත්වයෙක් සිටින බව ඔප්පු කළහොත් ඔහුට සමාජයට බැඳීමට ඉඩ ලබා දෙන ලෙසට එකඟතාවයකට එනවා. එහෙම එකඟතාවයකට ආවත් මේ ඩන්ස්බි කරන්නේ කොහොමහරි එහෙම සත්වයෙක් සිටින බව ෆ්රොස්ට් විසින් සොයා ගැනීමට ඇති සියලුම මාර්ග වසා දමන්න උත්සාහ කරන එකයි.

ඉතිං යාළුවනේ.. කවුද මේ පරිණාමවාදයේ දි අතරමැදින් අත හැරුණු ජීවියා? කවුද මේ සැසක්වාච් කියන සත්වයා? ලයනල් ෆ්රොස්ට් ට ලිපියක් එවන්නෙ කවුද? ෆ්රොස්ට් ට මේ සත්වයා හොයාගන්න පුළුවන් වේවිද? එහෙම නැත්නම් ඇත්තටම එහෙම සත්වයෙක් නැද්ද? කියලා කතාව බලලම දැනගන්න.

ජයවේවා!

  • මලිත් මධුෂාන් සොයුරා එවූ ලිපිය

මුලින්ම බයිස්කෝප් රසිකයන්ගෙන් සමාවෙන්න කියල ඉල්ලනවා මොකද මේ ෆිල්ම් එක ඇවිත් දැන් මාස 5ක් විතර වෙනවා. දෙවන කාර්තුවේ ෆිල්ම් ලිස්ට් එකෙන් මේ ෆිල්ම් එක මට වෙන් කරලා දුන්න හසන්ත අයියට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම HD Copy ආපු ගමන්ම දැනුවත් කරමු අපේ විමා අයියටත් ස්තුති වන්ත වෙන්න ඕනේ. වැඩේ පොඩ්ඩක් පරක්කු උනේ හොඳ කොපි එක එනකොට සරසවියේ තිබ්බ විභාග කාල සිමවත් එක්ක පොඩ්ඩක් කාර්යබහුල වෙලා හිටියේ.

2019 අප්‍රේල් මාසේ 4 වන දින ඇමරිකාවේ ප්‍රදර්ශනය අරබන මේ ෆිල්ම් එක Imdb දර්ශකයේ 6.8 සඳහන් වෙනවා. Animation, Comedy, Adventure ගණයට ඇතුලත් වන මේ මෙම ෆිල්ම් එක විනාඩි 94 ධාවන කාලයකින් සමන් විත වෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ සාමාන්‍ය Animation ෆිල්ම් එකක් වගේ නෙවෙයි මේකේ තියෙන සමහර පසුතල සහ චරිත සියල්ලම වගේ වෙනම අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය වී තිබීම. අනිත් කොටස් සඳහා VFX තාක්ෂනය යොදා නිමවා තිබෙනවා. මේ ෆිල්ම් එක සඳහා සිනමා අධ්‍යක්ෂණයෙන් Chris Butler දායකත්වය ලබාදී ඇති අතර. චරිත සඳහා හඬ කැවීම් ශිල්පය මගින් Hugh Jackman, Matt Lucas , Zach Galifianakis සහ Zoe Saldana යන රංගන ශිල්පින් ප්‍රධාන චරිත සඳහා තම දායකත්වය ලබා දී තිබෙනවා. මේ ෆිල්ම් එකේ වියදම අතින් බැලුවම යම් කිසි පාඩුවක් පෙන්නුම් කරත් පට්ටට හිනා වෙන්න පුළුවන් ෆිල්ම් එක්ක කිවොත් නිවැරදි. පට්ට ලස්සන ෆිල්ම් එකක්.

  • Budget: $100,000,000 (estimated)
  • Opening Weekend USA: $5,944,950, 14 April 2019
  • Gross USA: $16,649,539
  • Cumulative Worldwide Gross: $25,922,018

ෆිල්ම් එකේ නිෂ්පාදන කටයුතු සඳහා Annapurna Pictures, Laika Entertainment යන සමාගම් දෙක දායකත්වය ලබා දී තිබෙන අතර චිත්‍ර පටය අවසානයේ ඔබට ඔවුන්ගේ ලෝගෝ ඇනිමේෂන් එක මාර්ගයෙන් ඔවුන්ගේ අනෙකුත් මේ ආකාරයේම ෆිල්ම් ටික බලාගන්න පුළුවන්. නම් වශයෙන් කිවොත් ඔයාලා ගොඩක්ම දන්නා කියන ෆිල්ම් තමා ඒවත්. Missing Link 2019, Kubo and the Two Strings 2016, Corpse Bride 2005, The Boxtrolls 2014, ParaNorman 2012.

ඒ අතරින් Kubo and the Two Strings 2016 ෆිල්ම් එක 2017 Oscar සම්මාන උළෙලටද නිර්දේශ වෙලා තියෙනවා එනම් Best Animated Feature Film of the Year සහ Best Achievement in Visual Effects සම්මාන ද්විත්වයට.

දැන් එහෙනම් කතාව පැත්තට හැරෙන්නම්. සර් ලයනල් ෆ්රෝස්ට් කියන්නේ දේශ ගවේෂකයෙන් වගේ මිත්‍යා සත්තුන් සහ ලොවපුර මිත්‍යා වන් පිලිබඳ සොයන්න කැමැත්තක් ඇති පුද්ගලයෙක්. නමුත් ඔහුව එවැනි දෑ ගවේෂණය කරන සංගමය විසින් විශ්වාස කරන්න සුදානම් නැ. ඔය අතරේ පරණ ලියුම් ගොඩක තිබිලා මෙයාට අලුත් ගවේශනයක් හම්බවෙනවා. ඉතින් මෙයා ඒ කාරණයත් එක්ක සංගමයේ අය හමුවෙන්න යනවා නමුත් මෙයට හොඳ ප්‍රතිචාරයක් නම් ලොක්කාගෙන් ලැබෙන්නේ නැ. නමුත් මෙයා ඔවුන්ට අභියෝග කරනවා සාක්කි ඇතුව ඔප්පු කලොත් එයාට සංගමයේ සාමාජිකත්වය දෙන්න ඕනේ කියලා. ඔන්න ඔතනින් තමා වැඩේ පටන් ගන්නේ. ඉතින් ඔයාලම බලන්නකෝ මෙයා මොකක්ද කරන්නේ කියලා. අඩුවක් නැතුව හිනා වෙන්න නම් පුළුවන් ඒ වගේම කම්මැලි කමක් නැතුව බලන්නත් පුළුවන් කියල මං විශ්වාස කරනවා ඔයාලාටත් බලන්න කියල ආරාධනා කරනවා.

එහෙනම් තවත් සලරුවකින් හමුවෙමු. අපේ නවෝදනී සහෝදරිය දැනුවත් කළා Gakuen Alince කාටුන් චිත්‍රපට මාලාවට බොහෝ පිරිසම් උපසිරස ඉල්ලා තිබෙනවා කියල. දැනට එකේ වැඩ කරගෙන යන සුබ ආරංචියත් ඔයාලට දැනුවත් කරමින් සමුගන්නවා

ජය.

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත

4,787 downloadsDownload Missing.Link_.2019.zip131 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට සහ මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

4,787 downloadsDownload Subtitles131 KB

25 comments

  1. kavintha

    thanks!!!
    jessica johns s3 , 13 reasons why s3 sub denna puluwanda

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි දෙන්නටම උපසිරසිය වෙනුවෙන් :) :)
    ජය වේවා.!

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. harris

    Thanks bro

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    download කරලා තිබ්බා...දැන් සබ් එක්කම බලන්න පුළුවන්...

  7. wajira

    Thanks for sub

    1. Krishan Hasitha

      Thanx

  8. gayanmagee

    thanks

  9. arawindasunimal

    thanks sub ekata

  10. sumaga

    ela

  11. Indunil kavindu

    Thanx bn....scooby doo aluth film ekt sub dhanko

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,,
    ජයෙන් ජයම වේවා...!!

  13. Udaya Saman

    ඔන්න ගත්තා..උපසිරසිය ලබාදුන් දෙදනාටම බොහොම ස්තූතියි..ජය

  14. ricadodamien

    Thank U Dinidu, Malith Brothers & Baiscope team for the Sub. It was Beautiful

  15. ƊinṲka

    සබට තෑන්ක්ස්

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Udara Damith Dissanayaka

    ela

  18. mindika

    Thanks !!!

  19. Nilush Angana

    Sub ekata thanx

  20. Shehan putha

    Thanks bros

  21. IreshSampath

    thanks

  22. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...!
    ඔබත්,ඔබගේ.පවුලේ සැවොමත් නිදුක් නිරෝගී වේවා...!
    තෙරුවන් සරණයි..!

  23. rockz2020

    බොහොම ස්තූතියි! ජය වේවා!✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌

    1. rockz2020

      කව්රු හරි පුළුවන්නම් Wallace & Gromit: The Curse of the Were-Rabbit (2005) එකටත් සබ් දෙන්නකෝ✌
      Chicken Run ඇනිමේෂන් එකට පස්සේ ආව හොඳ stop-motion එකක්.
      තව ඒකෙ short movie කිහිපයකුත් තියෙනවා
      »»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
      A Grand Day Out (1989)
      The Wrong Trousers (1993)
      A Close Shave (1995)
      Wallace & Gromit's Cracking Contraptions (2002)
      A Matter of Loaf and Death (2008