Watch Trailer

Uri: The Surgical Strike (2019) Sinhala Subtitles | රුධිරයෙන් සනිටුහන් කල පළිගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම් 2017 වර්ෂය කිසිම විදියකින් අමතක වෙන්න විදියක් නම් නෑ. එදා මෙදා තුර බොලිවුඩ් සිනමා ඉතිහාසය තුල දැවැන්තම සෝදා පාලුවකට ලක්වෙච්ච අවුරුද්ද තමයි 2017 කියන්නෙ කියලා දන්නෝ හොඳාකාරවම දන්නවා. ඒ කඩා වැටීමත් එක්ක හැමෝම හිතුවේ දැන් ඉතිං හින්දි සිනමාව ඉවරෙටම ඉවරයි කියලා තමයි. හැබැයි,…

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම් 2017 වර්ෂය කිසිම විදියකින් අමතක වෙන්න විදියක් නම් නෑ. එදා මෙදා තුර බොලිවුඩ් සිනමා ඉතිහාසය තුල දැවැන්තම සෝදා පාලුවකට ලක්වෙච්ච අවුරුද්ද තමයි 2017 කියන්නෙ කියලා දන්නෝ හොඳාකාරවම දන්නවා. ඒ කඩා වැටීමත් එක්ක හැමෝම හිතුවේ දැන් ඉතිං හින්දි සිනමාව ඉවරෙටම ඉවරයි කියලා තමයි. හැබැයි, කිසිම කෙනෙක් නොහිතපු ආකාරයෙන් 2018 වර්ශයේදි ඒ හින්දි සිනමාව ආපහු පණ ගහලා නැගී හිටියේ, ගින්නෙන් පිලිස්සී නැවත නැගී සිටින ෆිනීක්ස් පක්ෂියෙක් වගෙයි. Sanju, Raazi, Badhaai Ho, Andhadhun, Stree, Padman, Hichki, Parmanu: The Story of Pokhran, Tumbbad වගේ අති විශිෂ්ඨ නිර්මාණයන්ගෙ කරමතින් අළු ගසා දමා නැවත නැගී හිටපු බොලිවුඩ් සිනමාව, එතෙක් කාලයක් තමන් දෙස අවඥාවෙන් බැලූ සියලු දෙනා හටම හොඳ උත්තරයක් දුන්නේ, බොලිවුඩ් සිනමාව කිසිසේත්ම සදාකාලිකව බිඳ දැමිය නොහැකි බව ඔප්පු කරමින්.

අති විශිෂ්ඨ මට්ටමෙ කතා සහිත බ්ලොක්බස්ටර් චිත්‍රපට කීපයක්ම 2018 වර්ශය තුලදි දායාද කරමින්, බොලිවුඩ් සිනමාව 2019 වර්ෂය පටන් ගත්තේ අති මහත් බලාපොරොත්තු කරපින්නාගෙන. 2019 වර්ශයේ බොලිවුඩ් පුරවරය කප්පරක් බරට බලාපොරොත්තු තියාගෙන හිටපු පලවෙනි චිත්‍රපටය තමයි Uri: The Surgical Strike. ජනවාරි 11 වෙනිදා තිරගතවීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයිති වෙන්නෙ Action/War කියන කාණ්ඩ වලට. අජිත් කුමාර් සහ “ලේඩි සුපර් ස්ටාර්” නයන්තාරා රංගනයෙන් දායක වන Viswasam සහ දකුණු ඉන්දීය සුපිරි තරුව රජිණිඛාන්ත්, විජේ සේතුපති, නවසුද්දීන් සිද්දික්, ට්‍රීෂා ඇතුළු දැවැන්ත චරිත රාශියක් රංගනයෙන් දායක වන Petta යන චිත්‍රපට ද්විත්වයම තිරගත වීම ආරම්භ කෙරුණේ හරියටම ඊට දවසකට පෙර. ඒ වගේම තමයි, මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරන්නෙ විශේෂ නිවාඩු දවසක වත් නෙමෙයි. ලොකුවට ප්‍රසිධයි කියලා කියන්න පුළුවන් එකම නලුවෙක්වත් චිත්‍රපටයේ නැහැ. මේ තත්වය මත සිනමා විචාරකයින් අතුළු බහුතරයක් සිනමා ඔස්තාර්වරු කිව්වෙ Uri: The Surgical Strike චිත්‍රපටයට නිෂ්පාදන මුදල වත් හොයාගන්න වෙන එකක් නැහැ කියලයි. හැබැයි සිද්ධවුණේ හරියටම ඒකෙ අනිත් පැත්ත. Uri: The Surgical Strike චිත්‍රපට‍ය ලබාගත්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව අහලකටවත් ලඟා වෙන්න මේ වෙනකම් මේ අවුරුද්දෙ කිසිම ඉන්දියානු චිත්‍රපටයකට බැරිවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, Uri: The Surgical Strike චිත්‍රපටය අන්තිමේදි නැවතුනේ All Time Blockbuster බවට පත්වෙලා. 

Petta චිත්‍රපටිය ඉන්දීය රුපියල් කෝටි 225 ක මුදලක් හොයාගනිද්දි, Viswasam චිත්‍රපටිය ඉන්දීය රුපියල් කෝටි 181ක මුදලක් හොයාගනිද්දි, ඒත් එක්කම එකට තිරගතවීම ආරම්භ කරපු Uri: The Surgical Strike චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 336ක දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තමන් සන්තක කරගනිමින්, මේ සටහන ලියවෙන මොහොත වන විට 25000 ඉක්මවූ මනාප සංඛාවකින් Imdb දර්ශකය 8.9ක් වැනි දැවැන්ත අගයක් කරා කරකවන්න සමත් වුණේ 2019 වර්ෂයේ පලවෙනි කාල තුවක්කු වෙඩි මුරය බවට පත් වෙමිනි.  ඇත්තම කියනවා නම් මේක කාල තුවක්කු වෙඩි මුරයක් නෙමෙයි, න්‍යශ්ටික මිසයිල වෙඩි වරුසාවක්. 😛 2019 පලවෙනි කාර්තුව අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන වෙලාවක මේ ලිපිය ලියනකොට, බොක්ස් ඔෆිස් මට්ටමින් තාමත් මේ චිත්‍රපටයට අභියෝගයක් කරන්න මේ මාස තුනට කිසිම ඉන්දියානු චිත්‍රපටයකට බැරි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ වෙද්දි Top Rated Indian Movies ලැයිස්තුවේ 7 වෙනි ස්ථානය තමන් සන්තක කරගනිමින් විරාජමානව වැජඹෙන්නෙත් Uri: The Surgical Strike චිත්‍රපටයම තමයි. (තුන්වෙනි ස්ථානය දක්වා ගමන් කරලා, මේ වෙද්දි හත්වෙනි ස්ථානය දක්වා පල්ලම් බැහැලා තියෙන්නෙ) බොහෝදුරට Top Rated Movies ලැයිස්තුවට පැනගන්නත් මේ චිත්‍රපටයට බැරිවෙන එකක් නැහැ කියලා හිතෙනවා.  ඒ විතරක්ද? නැහැ… තව විස්තර තියෙනවා.

විචාරකයෝ අති මහත් බලාපොරොත්තු තියාගත්ත, අනූපම් කේර් රංගනයෙන් දායක වෙන The Accidental Prime Minister ප්‍රේක්ෂක ඇහැට අහු නොවී යටගියේ කවුරු නිසාද? Uri: The Surgical Strike නිසා.

කාලෙකට පස්සෙ ඉම්රාන් හෂ්මි බොහොම බලාපොරොත්තු සහගතව කරලියට ගෙනාපු Why Cheat India චිත්‍රපටය Box Office Disaster එකක් වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ කවුද? Uri: The Surgical Strike චිත්‍රපටය.

ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 125 ක මුදලකින් නිෂ්පාදනය කරපු කංගනා රනවුත්ගේ Manikarnika: The Queen of Jhansi චිත්‍රපටය පලවෙනි සතියෙ පවා සිනමා ශාලා පුරවගන්න ප්‍රේක්ශකයො හොයාගන්න බැරුව වැටි වැටි අමාරුවෙන් ගාටද්දි, තිරගත වීම ආරම්භ කරලා හතරවෙනි සතිය වෙද්දි අනිත් පැත්තෙන් ප්‍ර්‍රේක්ශකාගාර අතුරු සිදුරු නැතුව පුරවගන්න සමත් වෙච්ච බොලිවුඩ් චිත්‍රපටයක් ගැන මීට කලින් අහලා තියෙනවද? අහලා නැත්නම් දැනගන්න, Uri: The Surgical Strike චිත්‍රපටය ගැන.

අනිල් කපූර්, සෝනම් කපූර්ගේ Ek Ladki Ko Dekha Toh Aisa Laga, නවසුද්දීන් සිද්දික්ගෙ Thackeray වගේ චිත්‍රපට යන්තම් පොඩි මුදලක් හොයාගෙන ජාමෙ බේරගෙන යද්දි, තිරගතවීම ආරම්භ කරලා මාසයකට, මාස එක හමාරකට පස්සෙ තිරගතවීම ආරම්භ කරපු රන්වීර් සිංගෙ Gully Boy සහ අජේ දෙව්ගන්, අනිල් කපූර්, මධුරි රංගනයෙන් දායක වන Total Dhamaal වගේ දැවැන්ත චිත්‍රපට එක්ක හරි හරියට කරට කර හැප්පිච්ච චිත්‍රපටයක් ගැන ආරංචියිද? වෙන මුකුත් නෙමෙයි, Uri: The Surgical Strike තමයි.

තිරගතවීම ආරම්භ කරලා දවස් 3ක් යන්නත් කලින් Top Rated Indian Movies ලැයිස්තුවේ පලමු දහ දෙනා අතරට එන්න පුලුවන් වෙච්ච චිත්‍රපටයක් ගැන අහලා තියෙනවද? ඔව්, Uri: The Surgical Strike චිත්‍රපටය තමයි.

සාමාන්‍යයෙන් බොලිවුඩ් චිත්‍රපටයක් තමන්ගේ බොක්ස් ඔෆිස් ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් හොයන්නෙ පලවෙනි සතියෙදි. හැබැයි, පලමු සති අන්තයට වඩා වැඩි බොක්ස් ඔෆිස් ආදායමක් දෙවනි සති අන්තයෙදි හොයපු බොලිවුඩ් චිත්‍රපටයක් ගැන මීට කලින් අහලා තියෙනවද? ඔව්, Uri: The Surgical Strike චිත්‍රපටයම තමයි. ඒ විතරක්ද? නැහැ.

තිරගතවීම ආරම්භ කරලා මාසයක් ගත වුණාට පස්සෙත් අලුතින් නිකුත් වෙන චිත්‍රපට වලට පවා බොක්ස් ඔෆිස් මට්ටමින් අභියෝග කරන්න පුලුවන් වෙච්ච ඉන්දියානු චිත්‍රපටයක් ගැන මීට කලින් අහලා තියෙනවද? එහෙනම් මතක තියාගන්න Uri: The Surgical Strike කියන නම.

2018 වර්ෂය තුල වැඩිම ආදායමක් හොයපු බොලිවුඩ් චිත්‍රපට තුන වෙච්ච Sanju, Padmaavat, Simmba කියන චිත්‍රපට ත්‍රිත්වයම තුන්වෙනි සතියෙදි හොයපු මුදලට වඩා වැඩි මුදලක් උපයගන්න සමත් වෙච්ච බොලිවුඩ් චිත්‍රපටය මොකක්ද? Uri: The Surgical Strike චිත්‍රපටය මිසක් වෙන එකක් නෙමෙයි.

වාර්තා පිට වාර්තා තියපු Baahubali 2: The Conclusion චිත්‍රපටයේ සිව්වෙනි සහ පස්වෙනි සති අන්ත බොක්ස් ඔෆිස් වාර්තා සුන්නධූලි කරලා දාපු ඉන්දියානු චිත්‍රපටයක් ගැන අහලා තියෙනවද? ඔව්, සුපුරුදු පරිදිම Uri: The Surgical Strike චිත්‍රපටය තමයි.

මීඩියම් බජට් එකකින් නිෂ්පාදිත චිත්‍රපට අතුරින්, ඉන්දියාව තුල පමණක් ආදායම කෝටි 100 සීමාව වේගයෙන්ම ඉක්මවා ගියපු බොලිවුඩ් චිත්‍රපටය තමයි Uri: The Surgical Strike කියන්නෙ. මීඩියම් බජට් එකකින් ඉහලම බොක්ස් ඔෆිස් ආදායමක් හොයපු චිත්‍රපටය විදියට මේ වෙනකම් බොලිවුඩ් සිනමා ඉතිහාස පොතේ අංක එකට ලියවිලා තිබුණෙ, කෝටි 39 ක මුදලකින් නිෂ්පාදනය වෙලා, කෝටි 258ක මුදලක් හොයපු Tanu Weds Manu: Returns චිත්‍රපටය. ඒ චිත්‍රපටය පවා ඉන්දියාව තුල කෝටි 100 සීමාව ඉක්මවා යන්න දවස් 11ක කාලයක් ගන්නවා. හැබැයි, Uri: The Surgical Strike ඉන්දියාව තුල පමණක් ආදායම කෝටි 100 ඉක්මවා යන්නේ දවස් 10කින්. ලොව වටා ආදායමත් එක්ක ගත්තම කෝටි 100 ඉක්මවා යන්නෙ දවස් 8ක් අතුලත. මීඩියම් බජට් එකකින් ඉහලම බොක්ස් ඔෆිස් ආදායමක් හොයපු චිත්‍රපටය විදියට Tanu Weds Manu: Returns චිත්‍රපටය උපයපු කෝටි 258ක මුදල ඉක්මවා යමින් පලවෙනි තැන තමන්ගෙ නමට ලියාගන්න Uri: The Surgical Strike සමත් වෙන්නෙ තිරගත වීම ආරම්භ කරලා හතරවෙනි සතිය ආරම්භයේදීමයි.

චිත්‍රපටයක් පිලිබඳව ප්‍ර්‍රේක්ශකයන්ට සාමාන්‍යයෙන් උනන්දුවක් පවතින්නෙ පලවෙනි සතියෙ. දෙවනි, තුන්වෙනි, සිව්වෙනි සති වෙද්දි ඒ උනන්න්දුව ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා යන එක තමයි සාමාන්‍ය ක්‍රමය. හැබැයි, පලවෙනි සතිය පටන්ගන්නකොට තිබිච්ච උනන්දුව, දෙවනි, තුන්වෙනි, සිව්වෙනි සති දක්වාම අඩුවකින් නැතුව තිබිලා, ඒ උනන්දුව දෙවනි මාසය දක්වාම පැතිරිලා ගියොත් මොකද හිතන්නෙ? සැකයක් නැහැ ඒ වගේ චිත්‍රපටි බොහොම කලාතුරකින් තමයි ප්‍රේක්ශකයාට දැකගන්න වරම් ලැබෙන්නෙ. ඉහතින් විස්තර කරපු බොක්ස් ඔෆිස් වාර්තා සිහි නුවණින් කියවලා බැලුවා නම් දැනටම තේරුම් ගිහිල්ලා ඇති, Uri: The Surgical Strike කියන්නෙ අන්න ඒ වගේ කලාතුරකින් දැකගන්න වරම් ලැබෙන ආකාරයේ සිනමා නිර්මාණයක් කියලා. ඒ වගෙම මතක තියාගන්න, මේ චිත්‍රපටය මේ අන්දමින් බොක්ස් ඔෆිස් ප්‍රාතිහාර්‍ය පාන්නෙ සිනමා ශාලා 2000ක් වගේ අතිශය සාමාන්‍ය ගණනක විතරක් තිරගත වෙලා කියලා. අඩුගාණෙ සිනමා ශාලා 3500-4000ක් වගේ ප්‍රමාණයක තිරගත වුණා නම් මොන විදියක පෙරලියක් කරාවිද කියලා හිතාගන්න එක ප්‍රේක්ශක ඔබටම බාරයි.

එහෙනම්, බොක්ස් ඔෆිස් ගැන විස්තර දැනගත්තා ඇතිනෙ. දැන් එහෙනම් චිත්‍රපටය ගැන විශේෂ තොරතුරු කිහිපයක් දැනගෙන ඉමු…

  • චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් විකී කෞශල් අතුළු සියලුම රංගන ශිල්පීන්, ශිල්පිණියන් හට මුම්බායි නාවික හමුවා කඳවුරේදී ආයුධ හැසිරවීම අතුලුව සියලුම හමුදා කටයුතු සඳහා පුහුණුවක් ලබා දී තිබෙනවා.
  • චිත්‍රපටය වෙනුවෙන් විකී කෞශල් දෛනිකව පැය 5 බගින් පුහුණුව ලබා තිබෙන අතර, මින් පැය 3 බැගින් යොදාගෙන තිබෙන්නෙ ඔහුගේ ශක්තිය වැඩිකර ගැනීම සඳහා හමුදා පුහුණුව වෙනුවෙනුයි.
  • චිත්‍රපටය තුල යමී ගෞතම්ගේ චරිතය වෙනුවෙන් ඇයට විශේෂයෙන්ම MMA (Mix Martial Arts) සටන් පුහුණුවක් ලබා දී තිබෙනවා.
  • චිත්‍රපටයෙන් ලැබෙන ආදායමෙන් ඉන්දියානු රුපියල් කෝටියක මුදලක් වෙන්කර තිබෙනවා ඉන්දියානු හමුදාවේ වැන්දඹු බිරින්දෑවරු වෙනුවෙන්.
  • යූරි මෙහෙයුමට අවුරුදු දෙකක් පිරෙන්න දවසකට කලින් තමයි මේ චිත්‍රපටයේ නිළ ටීසර් පටල අන්තර්ජාලයට මුදාහැරියෙ.
  • චිත්‍රපටයේ සටන් ජවනිකා සියල්ලම වගේ රූගත කරලා තියෙන්නෙ සර්බියාවෙදි.
  • ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි මහතා විසින් පෞද්ගලිකව මෙම චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සිය සහයෝගය ලබාදීලා තියෙනවා.
  • මීට දින කිහිපයකට ඉහතදි පෙබරවාරි 14 වෙනිදා එල්ලවූ පුල්වාමා ප්‍රහාරය වෙනුවෙන්ද මෙම චිත්‍රපටයේ ආදායමෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ පනහක මුදලක් වෙන්කරනු ලබනවා.

මේ විස්තර වලින් පස්සෙ එහෙනම් චිත්‍රපටයට පදනම් වෙච්ච කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බලමු. මොකක්ද ඇත්තටම යූරි ප්‍රහාරය කියන්නෙ?

දිනය – 2016 සැප්තම්බර් 18
වේලාව – අළුයම 5.30
ස්ථානය – ජම්මු කාශ්මීර දේශ සීමාවෙ, බරාමුල්ලා දිස්ත්‍රික්කයේ, යූරි නගරයේ පිහිටි හමුදා මූලස්තානය

සුපුරුදු විදියට එදත් බොහොම සාමකාමී දවසක් තමයි උදාවෙමින් තිබුණෙ. හැබැයි, ඒ සාමකාමී බව යටින් තිබුණෙ බොහොම දරුණු, මූසල ස්භාවයක්. කිසිවෙකුගෙත් ඇස නොගැටී, පුද්ගලයන් හතර දෙනෙකු යූරි අධි ආරක්ෂිත හමුදා මූලස්තානය වෙතට ඇතුලු වුණා. මේ ඇතුලු වුනේ සාමාන්‍ය මිනිස්සු හතර දෙනෙක් නම් නෙමෙයි. පාකිස්තානයට අයත් ජායිශ්-ඊ-මොහොමඩ් නම් වූ අතිශය දරුණු ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් හතර දෙනෙක්. ආවෙ හිස් අතින් නෙමෙයි. AK-47 රයිෆල් හතරක්, ග්‍රෙනේඩ් විදින තුවක්කු හතරක්, අත් බෝම්බ 5ක් සහ UBGL ග්‍රෙනේඩ් 9ක් සමගින් තමයි මෙම ත්‍රස්තයින් විසින් කඳවුර වෙත ඇතුල් වෙලා තිබුණෙ. මේ ආකාරයෙන් කඳවුරට ඇතුල් වෙච්ච ත්‍රස්තවාදීන් සිව්දෙනා විසින් විනාඩි 3ක කාලයක් ඇතුලත ග්‍රෙනේඩ් බෝම්බ 17ක් පුපුරුවා හරිනු ලබනවා.

ඇතිවෙච්ච හදිසි තත්වය මත ඉන්දියානු පැරා විශේෂ කාර්‍ය බලකාය වෙත මෙහෙයුම බාරදෙනවා. පැය හයකට අධික කාලයක් දෙපාර්ශවය අතරේ වෙඩි හුවමාරුව සිද්ධවෙනවා. මේ පැය හයක වෙඩි හුවමාරුව තුලදි ඉන්දියානු හමුදාවට සිය වීරෝධාර සෙබලුන් 19 දෙනෙකු අහිමි වෙනවා. 30කට ආසන්න පිරිසක් මාරාන්තික නොවන තුවාල ලබනවා. ඒ වගෙම තමයි, කඳවුර වෙත ඇතුල් වූ ත්‍රස්වාදීන් හතර දෙනාම ඝාතනය කිරීමට ඉන්දියානු පැරා විශේෂ කාර්‍ය බලකාය සමත් වෙනවා. 

පාකිස්තාන ත්‍රස්තයො හතර දෙනෙක්, කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි විදියට ඉන්දියානු හමුදා කඳවුරකට ඇතුල් වෙලා කරපු විනාසය සුලු පටු නැහැ. ඒ විතරක්ද ලැජ්ජාව? වෙච්ච අවනම්බුව මෙච්චරයි කියලා කියන්න බැහැ. දවස් 11යි ගතවෙන්නෙ. හරියටම සැප්තැම්බර් 29 වෙනිදා ඉන්දියානු හමුදාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා. කාටද මේ ප්‍රහාරය එල්ල කරන්නෙ? කොහොමද මේ ප්‍රහාරය එල්ල කරන්නෙ? කොහොමද මේ සියල්ලම අති සූක්ශම විදියට සැලසුම් කරන්නෙ? ඉහලින් එන රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් මැඩ පවත්වාගෙන, කිසිම කෙනෙක්ට නොදැනෙන්න තමන්ගෙ පලිය ඉන්දියානු හමුදාව විසින් ගන්නෙ කොහොමද? මේ ඔක්කොටම වඩා හිටි හැටියෙම පාකිස්තානු ත්‍රස්තයො හතර දෙනෙක් ඉන්දියානු හමුදා කඳවුරකට ඇතුල් වෙලා අච්චර අර විනාශයක් කරන්න හේතුව මොකක්ද? 

මේක බලන්නම ඕනෙ චිත්‍රපටයක්. මේක ඇවිල්ලා එදා මෙදා තුර ඉන්දියාව විසින් නිශ්පාදනය කරපු හොඳම චිත්‍රපට අතලොස්සෙන් එකක්. බොරු පම්පෝරි ගහලා කාටවත් රවට්ටලා බලෙන් ඇඟේ ගහන්න හදන්නෙ නැහැ. ගිහිල්ලා බලන්න මේ චිත්‍රපටය වෙනුවෙන් Imdb පිටුවෙ ලියවිලා තියෙන විචාර ටික දිහා. ඒත් මදියි වගේ කියලා හිතෙනවා නම්, අහලා බලන්න චිත්‍රපටය බලපු කෙනෙක්ගෙන් කොහොමද තත්වෙ කියලා. මං ආපහු වතාවක් කියන්නම්, මේක ඇවිල්ලා බලන්නම ඕනෙ චිත්‍රපටයක්!

වසර 2500ක ප්‍රෞඪ ඉතිහාසයක් හිමි ජාතියක්ලු…
අනාදිමත් කාලයක ඉඳන් යුධ වීරයො බිහිකරපු රටක්ලු…
පරද්දන්න බැහැ කියපු කොටියව ඉවරයක් කරලම දාපු මිනිස්සු ඉන්න රටක්ලු…
විහාර මහා දේවිය, මද්දුම බණ්ඩාර, වීරපුරන් අප්පු වගේ ජාතික වීරයන්ගෙන් පටන් අරගෙන,
හසලක ගාමිණී, ඩෙන්සිල් කොබ්බෑකඩුව ආදී යුධ වීරයො බිහි කරපු රටක්ලු මේක…
හදාපල්ලකො ඒ වගේ වීරයෙක් ගැන චිත්‍රපටයක්…
මොන මගුලක්ද යකෝ මේ ලංකාවෙ සිනමාව කිය කියා රට්ටු හිනස්සන විහිලුව?
දෙකයි පනහෙ චිත්‍රපට නැතුව ගහපල්ලකො ලංකාවෙ මිනිස්සුන්ටත් ආසාවෙන් ගිහිං බලන්න පුලුවන්,
තමන්ගෙ රට ජාතිය ගැන කැක්කුමක් ඇතිවෙන මේ වගෙ හොඳ නිර්මාණයක්.

[අපිට හිමි නැති, අසැල්වැසි ඉන්දියාවට හිමි, උත්කෘෂ්ඨ සිනමා ක්ෂේත්‍රය පිලිබඳව උපන් සංවේගයෙන් යුතුව තබන ලද සටහනකි]

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / Proper HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

42,484 downloadsDownload Uri-The-Surgical-Strike-2019-WEB.zip93 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

42,484 downloadsDownload Subtitles93 KB

156 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Gidak sthuthi sisila sahooooo. Super hit movie ekak.. jaya wewa...! Abhay eketh ithuru ewath damu...

  2. චානක ඉඳුනිල්

    ස්තූතියි සහෝ සබ් එකට,
    අවසානෙට කියල තියන එකනම් සහතික ඇත්ත.

    1. Deshkulathunga

      Niyamayi thx...

  3. Kanishka prabath

    Ammo sisil eka...denma balanawa.thanqq for the details. ..

  4. ninini-3

    Sub akata thanks...

  5. sanjaya kumara

    meka man balala iwarai. wena site ekaka sub eka dila tibba.issara hoda film walata issellama sub eka dunne baiscope eken.
    dan parakkui sub eka denawa..
    wenada wage hamadama mulinma baiscope eken sub eka denna balanna.

    Mehema hari sub eka dunnata tahanks.

  6. Stranger

    patta film ekak .thanks for sub

  7. සනිඳු ලක්ඛිත

    අම්මෝ බන් ලිපිය...මේක කියවලත් මේක නොබලනවා කියන්නේ ඌ පිස්සෙක්...ෆිලුම ගැනනම් කතා කරන්න දෙයක් නෑ..සේරටම වඩා අර අන්තිමට කියලා තියෙන ටික තමා වටින්නේ.. ඕකට මාත් පොඩි දෙයක් එකතු කරන්නම් උපසිරසට බොහොම ස්තූති කියන ගමන්..!
    *** සියලු දේ අභායට පත්වූ රටක සිනාමාව පමණක් දලුලා වැඩී සිංහ තේජසින් වැජඹීම සිහිනයකටත් එහා ගියා මායවක් පමණයි ***

  8. nisalasewana

    supiri sahoo

  9. Nilush Angana

    Sub ekata thanx

  10. indika75

    thanks..

  11. Harshia

    Where is the download link for movie?

  12. dilan2541

    thanks

  13. rehani

    thank you

    1. Tili

      Ela

  14. කෞශල්‍ය දුෂ්‍යාන්

    balala awith comment ekak daanmko.

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Cavil

    Sub ekata Thanks.

  17. chanaka47

    Uba kiwwa kathawa nam sahathika atta ban. Apith asawen balan innawa ape army eke kollo gena kathawak ei kiyala kegahala uda penala satutu wela age hirigadu pipena film ekak ape ewun hadai kiyala.
    Eth awasanawata anunge kopiyak wath hariyata hadaganna bari ewun inna rate me wage hoda ekak balaporoththu wenna be.ape ewun balanne low budget wiyadam karala high budget ekak hoyanna. Kalakanni hettata terenne ne niramanayak hodata tibboth tamai asawen ghn balanne. Tawa ekekta balanna kiyanne.

    Ada kale film hall tiyenne kellonta kollonta athal ganna witarai. Hoda film ekai 2i enne.
    Indian ewunta Katha gothala boru atheethayaka dewal film walin atta wage pennanawa. Eth ape ewunta ape sanskruthiye ape atheete dewal dala ai film ekak hadanna bari.?
    Dasamaha yodayo, ravana gena, dutugemunu raju gena,Ape soildersla gena ai munta hoda fim ekak hadanna bari..

    Wedak ne ban. Ape ewunta mewa kiyala.
    Eth ube kathawata bokkenma sthuthi. Ubalage welawath naasthi karagena wistara hoyala sub karala danawata. Ubata wagema baiscopelk set ekatama suba pathanawa. Film ekak sub ekak ekka balanna asa karana ekata wada ubala sub ekak karanna koi taram kattak kanawada kiyala danne danna eka witarai. Gdk aya ubala dana lipiyawath kiyawanne ne. Sub eka aran yanawa. Thanks kiyala akuru 6k kotanna unta be. Aththama kiyanawa nam idala hitala math a wage tamai. Samaweyan baiscopelk set ekama ekata. Eth ubala karana de gdk watinawa.

    Suba pathanawa ban ubala set ekatama. ️️️

  18. Dilshan Kelum

    Thanks..

  19. Pera2020

    Sirawata bn lankawe film indiyawe pajatha tami film ekak gatt itath wada anthai.... Tma bari una hariyta fight shooting ekak danna asa hitena vidihat.. Tamil wla fight seen eka boru unat eke mara gammak tinawa ape film ekaka fight seen ekak nikn carton ekak blnwa wage. Dkai attama api iapduna kale idan aurudu 20 k gihillt tama lankwe sinmawa eka tan palwena ekagana.. Lnakwe sinmawat me thakshane diyunuwa gnn bari ai..?

  20. C lakmal

    thanks

  21. aks

    Thanks...

  22. Sandunprabath1230

    ලිපිය හින්දමයි බලන්නෙ බං.බොහොම ස්තූතියි සහෝ

  23. kelumchathuranga

    thanks

  24. Chamliy1

    katha karala wedak nee ban mehe weda gena.....nirmanayak kalat inna nalu eluwanta hariyata ragapaganna bee....unta plwn mal gas wate duwannai boruwata love karannai wtrai......tawa busha busha dishum fight nui wtrai meloo rahak nee ...ekko demala copyak.......wedak nee kalakirenawa....

  25. Udaya Tharanga

    wow thank you

  26. TRD

    ස්තුතියි උපසිරසියට සිසිල සහෝ...මේ වගේවිශිෂ්ට නිර්මාණ වලට උපසිරසි ඔබෙන් බලන්න තමයි අපිට ඕන...ලිපියත් මාරු.ජයවේවා....!

  27. ridmal

    Thanks bro...

  28. Tili

    Elama..

  29. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  30. චරිත් ඉහලවිතාන

    ඔය කිව්ව වගේ සීන්වලට වඩා බිහිසුණු ක්‍රියාන්විත අපේ හමුදාව කරලා තියෙනවා.ඒත් ඒවා ගැන ෆිල්ම් හදන්න තරම් අපේ සිනමා කර්මාන්තයවත් මිනිසුන්ගේ දේශාභිමානයවත් ශක්තිමත් නෑ. ඉන්දියාවෙ මෙහේ වගේ විල්පත්තු කේස් එකක් උනානම් මිනිස්සු ෆේස්බුක් පෝස්ට් ශෙයා කරලා විතරක් නිකන් ඉන්නේ නෑ. දූශනයක් උනාම ඒකේ විඩියෝ ශෙයා කර කර ඉන්නේ නෑ. පාරට බහිනවා. අපේ මිනිස්සු පක්ෂ පාට වලට බෙදිලා කොන්දක් නැතුව ජීවත් වෙනවා. මේ රට ගොඩගන්නපුළුවන් එකක් නෙමෙයි :(

  31. Kasunkanchana

    AWESOME REVIEW

    REVIEW Eka nan niyami.thwa films aran enna ikmnta,
    Kiyawanna asa hithen widiyata liyala thiynw ela
    Meke hoda copy ekk dankn bln hitiye, thanks bro....

    Lankawe oya wage ewa hadenne ne ban produce krne crore walin lakwe kauda kootii ganak wiyadan krnne eken bagayak wath ganna bari wei apahu,Film theater Gaanath adui anika eth haduwoth hoyanna puluwan
    Ape eun hari kammali bn rajakale magule ewa balala athi wela

    "Baiscopelk eke set eka" dawsak thanakata awama
    gahapalla සුපිරිම kathawak thiyn movie ekk,

  32. Bobby

    Great Work Bro, Good Luck

  33. Hasitharandika

    Thanks malli. Oya mekata godak mahansi wela.

  34. Senevi92

    Thankx bro

  35. nalindaslv

    Thanks bro...

  36. Thilankadissanayake

    lipiya kiywala iwara unaama noabala inne kohomda . Pissu thada wenwa lipiyaiwara weddi.thanks saho.

  37. supershiwa

    thanks ah

  38. Malithsank

    ෆිලුමක් පිළිබඳව අදහසක් ගන්න ලිපියක් ලියද්දි සිසිල ප්‍රසාද් සහෝට වඩා වැඩ්ඩෙක් මන් බයිස්කෝප් අඩවියේ දැකලා නෑ
    ඇත්තටම හොදම තත්ත්වයේ සිනමා නිර්මාණයක්
    ලිපිය කියෙව්ව කෙනෙක් මේක නොබලා ඉන්නේ නැහැ
    අනික මේ ලිපියේ අවසාන අදහසත් එක්ක මේ ක්මෙන්‍ට්ස් ශෙක්ෂන් එකේ ක්මෙන්‍ට්ස් කියෙව්ව අවංකවම මගේ රට ගැන මන් ඉපදුන රට ගැන හරිම කණගාටුවක් ඇතිවුනේ....
    ඇත්තටම අපි මෙච්චරටම දුප්ඃංඃංපත්කමට පත්වුනේ ඇයි
    බලන්න මේ ෆිලුම පුංචි බජට් එහෙකින් හින්දි සිනමාවම කණපිට ගැහුවා....
    මොකක්ද රහස නිර්මාශීලිත්වයකින් සැබෑ කැපවීමකින් තමන්ට අවශ්‍යය දේ හරියටම හොදටම නිර්මාණය කරලා එළියට දැම්මා
    උපරිම ඉස්තරම් කොලිටියෙන්
    ඉතුරු ටික ඉන්දීය ප්‍රේක්ෂකයා බලාගත්තා

    සිසිල මෙච්චර මහන්සියෙන් අපි වෙත සබ් අරන් ආවට විස්තරාත්මක ආකර්ශණීය ලිපියටත් මගේ හෘදයාංගම ස්තූතියි මචාන්ස්

  39. Gibbs

    Thanks bro !!!

  40. Anjana ariyasingha

    බොහොම ස්තූති උපසිරුසියට.....

  41. basura indrachapa

    උපසිරැසියට සහ ලිපියට ගොඩක් ස්තූතියි සහෝ...

    සිංහල සිනමාවේ කඩා වැටීම ගැන මාත් දුක් වෙනවා...
    ඒ නිසාම තමයි ලංකාවෙ ප්‍රේක්ෂකයන්ගෙ වින්දනය
    උදෙසා හද්ද ඩොටේ තියෙන ෆිල්ම් උස්සන් ඇවිත් උපසිරැසි දෙන්න වෙලා තියෙන්න....

    උපසිරැසියට ජයෙන් ජය!!!

  42. dilsupun

    thnx saho...sub ekata. Web copyatath sub eka ikmaninma hadla dana saho....

  43. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  44. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  45. Shehan Madhusanka

    thanks for sub bro

  46. Sandaru

    Thanks for sub.good luck bro

  47. NuwanK

    Thank u bro...

  48. Ravindu Rukshan

    Thx

  49. Charinda

    lipiyath suppa. film ekath suppa. thankx bro

  50. ruwan karunarathna

    thxxxx broo.thawath suppa ekak demu.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.