Watch Trailer

From Hell (2001) with Sinhala Subtitles | “අපායෙන් ආ මිනීමරුවා” [18+] [සිංහල උපසිරැසි සමඟ]

මගේ දහතුන්වන උපසිරැසිය සමඟ නැවතත් ඔබ වෙත ගෙන එන්නෙ තවත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධ ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 1888 දී පමණ ලන්ඩනයේ සිටි කාන්තාවන් ඉතා සහාසික ලෙස කපා කොටා ඝාතනය කල Jack The Ripper (ජැක්, ඉරා දමන්නා) නම් වියරු ඝාතකයා සහ ඔහුට එරෙහිව කෙරුණු පොලිස් පරීක්ෂණ සම්බන්ධව නිර්…

From Hell (2001)

මගේ දහතුන්වන උපසිරැසිය සමඟ නැවතත් ඔබ වෙත ගෙන එන්නෙ තවත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධ ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 1888 දී පමණ ලන්ඩනයේ සිටි කාන්තාවන් ඉතා සහාසික ලෙස කපා කොටා ඝාතනය කල Jack The Ripper (ජැක්, ඉරා දමන්නා) නම් වියරු ඝාතකයා සහ ඔහුට එරෙහිව කෙරුණු පොලිස් පරීක්ෂණ සම්බන්ධව නිර්මාණය වුණු චිත්‍රපටයක්. මේ ඝාතකයා සම්බන්ධව බටහිර සිනමා ලෝකයේ නිර්මාණය වුණු චිත්‍රපට ප්‍රමාණය අතිවිශාලයි. මෙම චිත්‍රපටයෙත් සත්‍ය පුද්ගල නාම සහ ස්ථාන නාම එලෙසින්ම චිත්‍රපටය සඳහා භාවිතා කර තිබෙනවා.

“…යම් දිනෙක මිනිසුන් ඉතිහාසය දෙස ආපසු හැරී බලා
විසිවැනි සියවසට උපත දුන්නේ මා යැයි පවසනු ඇත…”
– ජැක්, ඉරා දමන්නා – 1888.

මේ විධියට තමන් ගෙ මිනීමැරුම් ගැන උදම් අනපු මේ වියරු ඝාතකයා 1888 වසරේ ලන්ඩනයේ වයිට්චැපල් දිස්ත්‍රික්කයේ වාසය කල ලිංගික සේවිකාවන් ඉතා බිහිසූණූ අන්දමින් ඝාතනය කර ඔවුන්ගේ ඇතැම් අවයව කපා ඉවත් කර තිබුණේ තම ශල්‍යවෛද්‍යමය හැකියාවද ප්‍රදර්ශනය කරමින්. Jack The Ripper මිනීමැරුම් සම්බන්ධව පොලිසියටත්, පුවත්පත් ආයතන වලටත් තවත් අයටත් සියගණනක් ලිපි ලැබී තිබෙනවා. එයින් මේ ඝාතකයා විසින්ම රචනා කල බව සැක කෙරෙන ප්‍රධාන ලිපි තුනක් තිබෙනවා: “Dear Boss” ලිපිය, “From Hell” ලිපිය, “Saucy Jacky” තැපැල්පත යනු ඒ තුනයි. කෙසේවෙතත් ඔහු අතින් ඝාතනය වුණු පුද්ගලයන් සංඛ්‍යාව අඥාතයි. මේ ඝාතන සම්බන්ධව විමර්ෂණ දියත් කල ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය අභියෝගයට ලක් කරමින්, මේ මිනීමැරුම් වලින් බොහොමයක් නොවිසඳුණු ගැටළු ලෙස ඉතිහාසයට එක්වුණා.

මේ චිත්‍රපටය සඳහා පාදක කරගෙන තිබෙන්නේ Alan Moor සහ Eddie Campbell විසින් රචනා කළ From Hell නම් කෘතියයි. මේ චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb) ලබාගත් අගය 6.8/10 ක්. ඇමෙරිකානු ඩොලර් මිලියන 35 ක වියදමක් දරා නිෂ්පාදනය කල From Hell චිත්‍රපටය ඉපයූ සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 74 ඉක්මවා යනවා. From Hell අධ්‍යක්ෂණය කළේ Albert Hughes සහ Alan Hughes විසින්. මුල්වරට තිරගත වුණේ 2001 ඔක්තෝබර් 19 වැනිදා.

මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා:
Jonny Depp – පොලිස් පරීක්ෂක ෆෙඩ්රික් ඇබර්ලයින් ලෙස,
Heather Graham – මේරි ජේන් කෙලී ලෙස,
Ian Holm – සර් විලියම් ගල් ලෙස,
Robbie Coltrane – පීටර් ගොඩ්ලි ලෙස,
Ian Richardson – සර් චාල්ස් වොරන් ලෙස,
Katrin Cartlidge – අඳුරු ඇනී චැප්මන් ලෙස,
Joanna Page – ඈන් කෘක් ලෙස,
Samantha Spiro – මාර්තා ටේබ්‍රම් ලෙස.

මේ චිත්‍රපටය හදිසි කම්පන සහ සංවේදී දර්ශන දරාගන්න බැරි අයට නැරඹීමට නුසුදුසු බව කියන්න ඕනෙ. ඒ වගේම මෙහි අන්තර්ගත ඇතැම් දර්ශන සලකා බැලුවම මේක අතිශයින්ම 18+ ලෙසයි වර්ග කිරිම නිවැරදියි. සුපිරිම අපරාධ චිත්‍රපටයක්. බාගෙන බලන්නකො! අමතක නොකර Comment එකක් දාලම යන්න හොඳේ!!

ඔබට ජය!!

From Hell (2001) on IMDb

 

 

700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

63DD5E931088811642B3998D7F6D1D93770DD8D4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,094 downloadsDownload From-Hell-2001.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,094 downloadsDownload Subtitles53 KB

34 comments

  1. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  2. Kalum Gunasekara

    ස්තුතියි සහෝ උපසිරැසියට. එතකොට මේකේ රිපට රගපාන්නේ කවුද කියලා දාලා නෑ නේ?

    1. ප්‍රබුද්ධ

      දාලා තියෙනවා. චිත්‍රපටය බැලුවම ඒ කවුද කියන එක බලාගන්න පුළුවන්. :)

  3. mithun

    මචන් ඔයාට ස්තුතියි ගොඩක්.. නියම ෆිල්ම් එකක් දිල තියෙනව .. ඔය මෙ ටිකෙ නියම ෆිල්ම් ටිකක් උපසිරැසි ගැන්නුව. එකට බොහොම ෆිං . ඊයෙ ඔයා ගෙනාපු මුවී එක රෑම බෑව එක බලන්න හැදුව විතරයි බ්‍රෝ.. පොඩ්ඩක් ඔලුව දැන්ම සයිඩ් එකට.. නියමයි එලම ෆිල්ම් එකක් අයෙ ගෙනත් . තවත් මෙ වගෙ ත්‍රසජනක ෆිල්ම් තියෙනව නම් හොයල දෙන්නකො සහො.. ඔන්න මහත්තයො ෆිල්ම් එක බාන්න දැන්ම.. දිගටම දෙන්න හොද එව.

    1. Anonymous

      Yalu mata mekesinhala sub eka denne nane..

  4. nilesh

    BOHOMA HODAI NIYAMAI

  5. Arshad Anas

    machn sub aketa tncx machan mata genration iron movie aketa sub aka denna puluwnda bn plssssss

  6. sisira kumara herath

    elakiri machan,oya me tike dunnema niyamama film tikak.puluvannam,serial killer films thava godakatama sub denna balanna.anika me films elakiri vage niyamyi.obata jaya

  7. Asitha

    Jonny Depp mage aasama naluwek.
    mechara kal baluwe na sabak nathi nisa.
    bohoma pin.
    jaya wewa!!!!

  8. Akalanka

    Thnx Bro.....

  9. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…
    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  10. Rajitha

    Thank you........!

  11. Kaushal Manu

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි.

  12. Kulanjana Maduranga

    niayamai…thanks PRABUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Sanjaya

    ස්තූතියි සහෝ.

    ජයවේවා……
    බුදු සරණයි.. !!

  14. Dulanga

    Thanks

  15. Kalana Wasala

    Thanks mcn

  16. Amila Mudalige

    Thanks Saho sub ekta.

  17. Praveen Geeshan

    Thanks.

  18. රොයිලි

    බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. sisira kumara herath

    moko weda macho,oya aluth ekak denakam api balan inne

    1. ප්‍රබුද්ධ කේසර විතානගේ

      හැකි ඉක්මණින් එකක් දාන්නම්. ස්තුතියි!! ජයවේවා!!! :) :)

  20. madusha

    Tnkz machan sub ekata

  21. nidi

    Prabuddha,
    හොද ච්ත්රපටයකට හොදට සබ් කරලා අපට දුන්නාට පින්!

  22. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  23. joh

    great job bro..thanks a lot......

  24. Sandunprabath1230

    Thanka machn

  25. Nekisha

    Superb friends.Good luck

  26. Dewadithya

    Thanks for sub!

  27. Sasindu chamod

    සුපිරියක් වගේ.ඔන්න එහෙනම් මාත් බාගත්තා

  28. reshan-hasanga

    Thanx

  29. Anonymous

    thank you

  30. දුමින්ද ලක්ෂාන්

    බොහොම ස්තුතියි සබ් එකට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.