ආයෙත් උපසිරැසියක් අරගෙන මේ පැත්තට ආවා, සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමා අරගෙන ආවේ, 2020දී තිරගත වුණු My Client’s Wife කියන ත්‍රිලර්, මිස්ට්‍රි චිත්‍රපටය තමා මම මේ පාර අරගෙන ආවේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රභාකර් මීනා භාස්කර් පාන්ට් විසින්, රචනයත් ඔහුගේමයි. ප්‍රධාන නළුවා වෙන්නේ ෂරිබ් හෂ්මි…

ආයෙත් උපසිරැසියක් අරගෙන මේ පැත්තට ආවා, සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමා අරගෙන ආවේ, 2020දී තිරගත වුණු My Client’s Wife කියන ත්‍රිලර්, මිස්ට්‍රි චිත්‍රපටය තමා මම මේ පාර අරගෙන ආවේ.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රභාකර් මීනා භාස්කර් පාන්ට් විසින්, රචනයත් ඔහුගේමයි.

ප්‍රධාන නළුවා වෙන්නේ ෂරිබ් හෂ්මි, Jab Tak Hai Jaan (2013) චිත්‍රපටයේ ෂාරුක්ගේ යාළුවට හිටිය පොර මතකද අන්න එයා තමා ෂරිබ්. මනෝජ් බජ්පායිගේ The Family man ටීවී සීරීස් එකේ මනොජ්ගේ සහයකයා වන JK නොහොත් තල්පඩේට හිටියෙත් පොරම තමා, ප්‍රධාන නිළිය අංජලී පාටිල්. ප්‍රසන්න විතානගේ මහත්මයාගේ ඔබ නැතුව ඔබ එක්ක කියන sinhala චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වුණේ අංජලී. ඊට අමතරව Sameer (2017), Newton (2017), Meri Nimmo (2018), Meri Pyare Prime Minister (2019) කියන ෆිල්ම්වලත් හිටියා. අභිමන්යු සිං සහය චරිතයක් රඟ දක්වනවා.

මේක ත්‍රිලර්, මිස්ට්‍රි වර්ගයට අයත් චිත්‍රපටයක්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් සිංදුරා සිං සහ රඝුරාම් සිං කියන්නේ කසාද බැඳපු ජෝඩුවක්, මැරීමට තැත් කිරීම කියන චෝදනාව යටතේ සිංදුරා විසින් රඝුරාම්ට නඩු පවරනවා. රඝුරාම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වෙන්නේ මානස් වර්මා. මේ නඩුව ගැන විමර්ශනය කරන්න මානස්ට සිංදුරාව මුණ ගැහෙන්න සිද්ද වෙනවා. සිංදුරා කියන්නේ අමුතු ගුප්ත චරිතයක් කියල මානස්ට තේරුම් යනවා, ඇයගේ නිවෙසත් හරි අමුතුයි. මානස් මුහුණ දෙන අත්දැකීම තමා මේ කතාව.

මේ කතාව අවසානයේදී අපි හිතන් හිටපු විදිහෙන් සම්පූර්ණ වෙනස් වෙනවා… සිංහලෙන් කිව්වොත් නියම ට්විස්ට් එකක් කතාවේ තියෙනවා.

එහෙනම් අද්භූත, වෙනස්, ත්‍රිලර් කතා බලන්න කැමති අය අනිවාර්යයෙන් නරඹන්න.

එහෙනම් ආයෙත් කවදාහරි දවසක උපසිරැසියකින් මුණ ගැසෙමු… අදහසක් පළ කරගෙන යන්න.
ගිහින් එන්නම්.

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.

4,449 downloadsDownload My-Clients-Wife-2020.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

4,449 downloadsDownload Subtitles38 KB

21 comments

  1. ජම්බූ

    තෑන්ක්ස් සුදූ... දෙන්නම් ජම්බූ

  2. Rajitha

    කාලෙකින් හොද ෆිල්ම් එකක් වගේ
    තෑන්ක්ස් සහෝ

  3. Kushan

    Sub akta thanks

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Anonymous

    Thanks for sub

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Laka

    තෑන්ක්ස්

  8. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  9. Dineth de silva

    Thanks brother

  10. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  11. Naveen

    උපසිරසියට තුති

  12. Anonymous

    The great indian murder tv series ekata sub dennako

  13. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  14. Samith

    Thanks brother

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. Anonymous

    එල
    බුක්ති

  17. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  18. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Anonymous

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  21. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!