සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 වසරේ නිකුත් වූ මලයාලම් සිනමා නිර්මාණ අතරින් තවත් සාර්ථක සිනමා නිර්මාණයක් වන Nayattu වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟ එකතු වෙන්නේ. මේ උපසිරැසිය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොහොය…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 වසරේ නිකුත් වූ මලයාලම් සිනමා නිර්මාණ අතරින් තවත් සාර්ථක සිනමා නිර්මාණයක් වන Nayattu වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟ එකතු වෙන්නේ. මේ උපසිරැසිය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොහොයුරාව මං ස්තූති පූර්වකව මේ වෙලාවේ මතක් කරනවා.
2021 අප්‍රේල් 08 වෙනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදි තිරගත කිරීම ආරම්භ කරන Nauyattu සිනමා නිර්මාණය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් 2021 මැයි මස 09 වෙනි දින Netflix හරහා අන්තර්ජාලයට නිකුත් කරනවා.
මේ වෙද්දි IMDb හි 8.2/10 ඉහල අගයක් වගේම 91% ගූගල් පරිශීලක අගයක් වගේම ඉතාමත් ඉහල ප්‍රේක්ෂක මෙන්ම විචාර ප්‍රතිචාරයක් Nayattu දිනාගන්න සමත්න වෙලා තිබෙනවා.
ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාරයන් කිහිපයක්

මෙම ත්‍රාසජනක සිනමා නිර්මාණය තුළ ඒකාධිපති බලයක් හිමි ආණ්ඩුවක් හමුවේ පොලිස් නිලධාරින් දේශපාලකයින්ගේ ඉත්තන් බවට පත්වීමත්, දෝෂ සහිත නීති රාමුවක් ඇතුලේ ඔවුන්‌ගේ රාජකාරිය නිසි ලෙස සිදුකිරීමට යාමෙන් ඔවුන්ට මුහුණ දීමට සිදුවන ගැටළු වගේම දූෂිත පාලකයින්ගේ අවශ්‍යතාවය පරිදි යථාර්තය හැඩගස්වන ආකාරය දැක ගන්න ප්‍රේක්ෂක අපිට පුළුවන් වෙනවා.
ABCD: American-Born Confused Desi (2013), Charlie (2015) වැනි සිනමා නිර්මාණයන් අධ්‍යක්ෂණය කරන ලද Martin Prakkat වසර කිහිපයක නිහැඩියාවෙන් අනතුරුව Nayattu නිර්මාණය කරමින් නැවතත් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙනවා. ඒ වගේම Kunchako Boban, Joju George, සමඟ මේ වසරේ අති දක්ෂ රංගනයන් සමඟින් ප්‍රේක්ෂකයා හමුවට ආපු Nimisha Sajayan ඇතුළු විශාල පිරිසක් මේ සිනමා නිර්මාණය වෙනුවෙන් රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.
කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, ප්‍රවීන් මයිකල් (Kunchako Boban) පොලිස් නිලධාරියෙක්, ඔහු පිරොවුම් පොලිස් ස්ථානයට සේවා මාරුවක් ලැබ ඒඑස්අයි මනියන්ගේ (Joju George) සහයකයා විදියට සේවයට එකතු වෙනවා. එම පොලිස් ස්ථානයේම සේවය කරන සීපීඕ සුනීතාට (Nimisha Sajayan) ඇයගේ ඥාති වෙන මැරයන් පිරිසකගෙන් නිරන්තරයෙන්ම සිද්ධ වෙන කරදර හින්දා ඇය ඒ ගැන තමන් සේවය කරන පොලිස් ස්ථානයට පැමිණිලි කරනවා. මේ පැමිණිල්ල වෙනුවෙන් පොලිස් ස්ථානයට ආපු මැරයො පිරිස එක්ක ප්‍රවීන් සහ මනියන් දෙන්නාම රණ්ඩුවක් ඇති කරගෙන එක මැරයෙක්ව කූඩු කරත් දාලිත් කුලයේ එම පිරිස සම්බන්ධ දේශපාලන පක්ෂෙකින් ආපු බලපෑම උඩ එම මැරයා නිදහස් කරන්න පොලිසියට සිද්ධ වෙනවා.
මේ අතරෙදි රාත්‍රියේ විවාහ මංගල්‍යය සාදයකට ගිහින් එන මනියන්, ප්‍රවීන් සහ සුනීතා පැමිණි වාහනයේ හැප්පිලා පෙර සිද්ධියට අදාල දාලිත් කුලයට අයිති මැර කල්ලියේ ජයන් කියලා කෙනෙක් මිය යනවා. මේ සිද්ධියෙන් පස්සේ හැමදේම කනපිට හැරෙනවා. මනියන්, ප්‍රවීන් එක්ක සුනීතා පොලිස් ජංගම රථයකින් පැනලා යනවා. ඊට පස්සේ මොනවා වෙයිද? සමහරවිට මරණයවත් තමන්ට කැමති විදියට සිද්ධ නොවෙන්න පුළුවන්. ඒ හින්දා ප්‍රවේශම් වෙන්න.
තවත් උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක් වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත් සඳහා අදාළ වේ.
16,009 downloadsDownload Nayattu-2021.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
55 comments
Deshan
Nethini123
බුදාම්මෝ ආපු සැණින් එසැණින්... නියමයිනේ.... ගොඩක් ස්තූතියි අක්කේ... කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව මේ මහන්සි වෙලා කරන වැඩේට...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!මයුර
දැන්මම බලන්න වෙයි කියලා හිතුවෙම නෑ.
අදම බලන්න පුළුවන් එහෙනම්.
බොහොම ස්තූතියි සුබාෂිනී අක්කේ...Neo
Thanks sister
Keep it upKushan
Sub akta thanks
Heshan
සිංහල උපසිරසියට ස්තුතියි
දිගටම මලයාලම් දෙමුsamith
Thanks sis
Anonymous
biriyaani-2021 dennako
Anonymous
තැන්කු වේවා
Lucky
නියමයි සහෝදරී
මේ ටිකේ ගෙදර ඉන්න එකේ පුලුවන් නම් සබ් නොදීපු පරන english,kannada,telugu,korean ටිකකටත් සබ් දෙමු
2015න් පස්සේ ආපු action/thriller ටයිප් එකේ ඒවා හොදෙයිtharidu16
THANKS MACHI
charitha
biriyaani-2020 film ekath one akke..
deshitha
ලඟදි රිලීස් උන Biriyaani මලයාලම් ෆිල්ම් එකත් දෙන්නකෝ
bhagya
ow ane.e kath ikmanta one.
Anonymous
e filumatath ikmanatama sab one
nilu
thanks akki
indika75
thanks..
Dinith de silva
Thanks sister
Keep it upAnonymous
තද කොර ඈහ්හ්
samith
Thanks sister
Anonymous
පහරක් වගේ
එල එලAnonymous
Thankz buddy
Naveen
Thanks sis
Therush
Thnkz sister
Keep goingSachintha
සිංහල උපසිරසියට ස්තුතියි❤️
ram
Nizhal(malayalam-2021) sub plzzz
also thanks for this subSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රංගික සිනෙත් කාරියවසම්
බෝම ස්තුතියි අක්කා .ජයෙන් ජයම වෙිවා. මම්මුකගේ ෆිලුමටත් සබ ඕනේ ඉක්මනටම..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
suneth
akke biriyani(2021) film ekatath sab dennako.
Anonymous
puluwan nm biriyaani 2021 film ekata sab one
Anonymous
Hardcoded සබි එකක් නේද තියෙන්නේ. කවුරුත් කාලරාමුු හදාගෙන ඒ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න කැමති වෙන එකක් නෑ.
Anonymous
Hardcoded සබි එකක් නේද තියෙන්නේ. කවුරුත් කාලරාමුු හදාගෙන ඒ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න කැමති වෙන එකක් නෑ.
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
ඉසුරු
Kunchako ඉන්න්වනම් ඉතින් අනිවා බලන්නම වෙනෝ
Orton
Thank you
Thiwanka
Nizhal sub dennkow
Eketh inne me naluwamai
Supiryak wageවිමුක්ති
ඔයා සබ් දීපූ Krishnankutty Pani Thudangi එකත් බැලුවා,කමෙන්ට් එකකුත් දැම්මා
මේකත් ඒ වගේම ඇති කියලා හිතනවා
දිගටම මේ වගේ ඒකාකාරී රටාවෙන් මිදුනු කතා වලට සබ් දෙන්න කියලා ඉල්ලනවාAnonymous
thanks
විමා
සබට තුති වේවා
තව තව දෙන්න මේවා :Disuru srinath sjs
ඔන්න දැනුයි බලන්න හදන්නෙ අක්කෙ..ඒකයි Comment එකක් දාලම යන්න ආවේ..බොහොම ස්තුතියි..ජය වේවා..
dananjaya
රේණු දුන්න එක නේ බලනවා
වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ලැබේවා
ස්තුතියිමම ඉතින් අරෝෂ
මලයාලම් නම් ඉතින් සුපිරිම තමා.පට්ට ෆිල්ම් එකක් ඈ.ඇත්තට හරිම දුකයි මේ වගේ නිර්මාණාත්මක චිත්‍රපට අපේ රටේ බිහි නොවීම සම්බන්ධයෙන්. උපසිරසිය ලබා දුන් රේණුකා සුභාෂිණි සොහොයුරියට ගොඩක් තෑන්ක්ස්.තවත් මේ වගේ මලයාලම් රහක් ඕං....
මම ඉතින් අරෝෂ
මලයාලම් නම් ඉතින් සුපිරිම තමා.පට්ට ෆිල්ම් එකක් ඈ.ඇත්තට හරිම දුකයි මේ වගේ නිර්මාණාත්මක චිත්‍රපට අපේ රටේ බිහි නොවීම සම්බන්ධයෙන්. උපසිරසිය ලබා දුන් රේණුකා සුභාෂිණි සොහොයුරියට ගොඩක් තෑන්ක්ස්.තවත් මේ වගේ මලයාලම් රහක් ඕනේ....
සාරංග ජේ. ලියනගම
Thanks...
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Hansika
Thank you ❤
A R
meeeka supiriyak. maruu.
thushara
බොහොම ස්තූතියි සබ් එකට. ලස්සනයි චිත්‍රපටය. අපේ සර් රුත් ඉන්නවනෙ මේකෙ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pulastha
Thanks for sub....
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අප්පටසිරි මේක දාල නේ වෙඩි වගේ
තවත් මලයාලම් සුපිරියක් තමයි ඉතින්
සිංහල උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝදරී
ජය වේවා!!!