අද ඔන්න කතා කරන්න යන්නේ දරු සෙනෙහස හා සම්බන්ධ මාතෘකාවක් ගැන. වෙනදා වගේම චිත්‍රපට උපසිරසක් එක්ක තමයි අදත් ඉතින් පොඩි තොරතුරු ටිකක් සමඟින් ඔයාල හමුවට එන්නේ. මාපිය දූදරු සම්බන්ධය සහ ඒවගෙන් අපේ ජිවිත වලට මොන වගේ බලපෑමක් කරන්න පුළුවන්ද කියන දේ හරිම පුදුමාකාරයි. ලෝකේ හැම රටකම වගේ සමාජ ඒකකය වෙලා තියෙන්නේ…

අද ඔන්න කතා කරන්න යන්නේ දරු සෙනෙහස හා සම්බන්ධ මාතෘකාවක් ගැන. වෙනදා වගේම චිත්‍රපට උපසිරසක් එක්ක තමයි අදත් ඉතින් පොඩි තොරතුරු ටිකක් සමඟින් ඔයාල හමුවට එන්නේ. මාපිය දූදරු සම්බන්ධය සහ ඒවගෙන් අපේ ජිවිත වලට මොන වගේ බලපෑමක් කරන්න පුළුවන්ද කියන දේ හරිම පුදුමාකාරයි. ලෝකේ හැම රටකම වගේ සමාජ ඒකකය වෙලා තියෙන්නේ පවුල කියන ඒකකයයි. ඉතින් සමාජයක් උනාම පවුල් රාශියක ඒකරාශියක් වගේම සමාජයක් වෙනස් වෙන්න මුල් වෙන පලවෙනි තැන තමයි මේ ඒකකය. මිනිසුන් විදිහට අපි සමාජය තුල හැසිරෙන විදිහ සමාජය දකින විදිහ අපේ චරිතයට පාදක වෙන කරුණු කාරණා වලට අත්පොත් තියන්නේ මේ ඒකකය තුලදී. පුද්ගලයන් වශයෙන් ගත්තම ඒ කෙනා සාමකාමීද, නිහඬ කෙනෙක්ද, ප්‍රචණ්ඩ කෙනෙක්ද, සමාජයට වැඩ දායි කෙනෙක්ද කියන දේ මුලින්ම නිර්මාණය වෙන්න බලපාන්නේ පවුල කියන මූලික ඒකකය තුල අපි දකින සහ අත්විඳින දේවල් කිව්වොත් ගොඩ දෙනෙක් පිලි ගනීවි.
ඉතාම අතලොස්සක් ඇරෙන්න බොහෝ දෙනෙක්ට මේ පවුල් ඒකකය තුල පවතින බැඳීම මහා මෙරක් වගේ. මාපිය දූදරු සම්බන්ධතාවය සහෝදර සහෝදරියන් අතර පවතින සම්බන්ධතාවය එකිනෙකට තියෙන සෙනෙහස තමයි මේ පවුල් ඒකකය එකක් විදිහට බන්ධනය කරන්න සමත් මූලික සාධකය වෙන්නේ. අන්න ඒ සාධකය ගැන තමයි අද මේ මම උපසිරැසි ගෙනෙන චිත්‍රපටය පුරාවට කියවෙන්නේ. ඊට අමතරව සමාජ ක්‍රමය තුල මිනිසුන් තමන් වගේම තවත් මිනිසෙකුට කරන අසාධාරණ කම් ගැනත් දැකගන්න ලැබේවි. ඒ වගේම සමාජයේ හොඳින් ජිවත් වෙන මිනිසුන් නොමිනිසුන් වෙන්නේ කවුරු නිසාද? ඒවාට හේතු වෙන්නේ මොනවද? මේ කරුණු කාරණා ගැනත් චිත්‍රපටය බලන ගමන් හිතන්න කියල ආරාධනා කරනවා.
පසුගිය සැප්තැම්බර් 6 වන දින පටන් ලොව වටා ප්‍රදර්ශනය කරන්න පටන් ගත් මේ චිත්‍රපටය අපි කවුරුත් දන්න Taken (2008) , District 13 (2004), From Paris with Love (2010) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය හරහා ඔබට සමීප උන Pierre Morelගේ තවත් අධ්‍යක්ෂණයක් කියල සමහරවිට ඔබ නොදන්නවා විය හැකියි. ඔහු මෙවැනි තේමා යටතේ චිත්‍රපට බොහොමයක් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ ඔස්කාර් සම්මාන දිනු නිලියක් වන Jennifer Garner විසින්. ඒ වගේම ඊට අමතරව John Ortiz, John Gallagher Jr., Juan Pablo Raba, Tyson Ritter මෙහි රංගනයේ යෙදෙනවා. ඒ වගේම ආදායම් අතින් ලොකු සාර්ථකත්වයක් නොලැබුනාට ඩොලර් මිලිය 25ක් වූ මූලික වියදම මිලියන 48ක ආදායමක් බවට පත් කරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම IMDb අගයත් දැනට 6.6ක් විදිහටයි වාර්තා වෙන්නේ.
එහෙනම් මම කතාව ටිකක් වගේ කියල සුපුරුදු පරිදි සමු ගන්නම්. රයිලි නොර්ත් කියන්නේ බැංකු සේවිකාවක්. ඒ වගේම ඇයගේ පවුලේ ඉන්නේ සැමියා සහ ඇයගේ පුංචි දුව විතරයි. රයිලිට මේ දෙන්න තමයි එයාගේ ලෝකය වෙලා තිබුනේ. නමුත් රයිලිගේ සැමියා කලින් අඳුරු ඉතිහාසයකට සම්බන්ධකම් තියෙන පුද්ගලයෙක්. ඒ අඳුරු ඉතිහාසය තමයි මේ පවුලේ හිනාව උදුරා ගන්න මූලික වෙන්නේ. ඉතින් අද තමයි රයිලිගේ පුංචි දුවගේ උපන්දිනය දවස. තරමක් මධ්‍යම පාන්තික පවුලක් වන මේ නොර්ත් පවුලට අගහිඟ කම් නම් නැතුවත්ම නෙමෙයි. උපන්දිනය සමරන්න ඉස්කෝලේ හැමෝටම ආරාධනා කරලා බලාගෙන හිටපු රයිලිගේ දුවගේ උපන්දින සාදයට කිසි කෙනෙක් ඇවිත් නැහැ. ඉතින් දුකෙන් ඉන්න දුවගේ හිතට සතුටක් ගෙන්න රයිලි සහ ඇයගේ සැමියා දුව එක්ක නත්තල් සැණකෙළියකට යනවා. ඉතින් උපන්දිනය සමරන්න හිතාගෙන සැණකෙළියට යන මේ නොර්ත් පවුලට මුහුණපාන්න සිද්ධ වෙන දේවල් නම් ඒ තරම් සුන්දර නැහැ. එදා මේ පවුලේම ජීවිතය වෙනස් වෙන යම් සිද්ධියක් සිද්ධ වෙනවා. එහෙනම් මෙතනින් එහාට ඒ මොකද්ද කියල දැනගන්න ඔයාලටම ඉතිරි කරන්නම්. නැවත මේ වගේ උපසිරසකින් මුණ ගැහෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/HD/BR පිටපත් සඳහා ගැලපේ.
10,946 downloadsDownload Peppermint-2018-BR.zip74 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
93 comments
Hemantha De Silva
Bandaramudiyansi
මේක මේ web-dl එක මම එක අඩවියක අවා දැක්ක විතරනෙ .සිංහල සබ්ටයි එකද් දීලද.මරු. තැන්ක්ස්
Bandaramudiyansi
මේ නිලිය මරු.... මෙයාගෙ මදර් එක නම් පිස්සු හැදෙන චිත්‍රපටය ... එ වගේම. ලාස්ට් ආව A quite place එකත් මරු. දැවැන්ත කෙනෙක්ගෙන් සබ් එක ලැබුන එක සතුටුයි ජය
Bandaramudiyansi
Eya nwa inna
gihan perera
හසන්ත සහෝ පට්ට යි....සුපිරි....මේ නිලියගේ ෆිල්ම් පට්ට....ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
ජයයුරාන් ධනුක
උපසිරැසියට බොහෝම තුති හසන්ත සහෝ...:D
ජය....!!!dsdkavishka
Thenks aiya
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Milind@
Thanks saho
nilupa12
Uba nam deviyek Machan
Ayesh Prashan
Thank You
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
dragon_hunt
Thnkz bro
M.W. Dilhani
thank you
priyan99
supiri filam ekak wage.wedi wage apu gsman sub eka deela,thanks saho sub ekata.jaya wewa
Rukmann@
නියම වැඩක් සහෝ හැමදාම මේ වගේ එන හැම film එකකම උපසිරස හැමදාම අපිට දෙන්න ඔබට ජය
lahiru sadaruvan
thank you so much brother
Asanke
Thanks for sub bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට..BR එකක් ආව ගමන් අනිවාර්යයෙන් බලනවා..බුදුසරණයි..ජය වේවා!
Sanju_kelum
thnanq bro..
Sanju_kelum
thnanq bro..good luck
Panther
Elma saho
chandika1975
thank you for the subtitle.
Kulanjana Maduranga
niyamai...subata thanks saho...keep it up...
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranga11112
thank you hasantha saho
Kanchaka
Thanks bro
wnrodrigo
Good work friend, Thanks!
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi brother sub ekata. Mirzapur tv series ekatath sub demuda?.. Jaya wewa..
LasanthaRanga
එල මචන්
Aravinda wickramasinghe
ela
Buddi
Thanks............
Bobby
Thank you very much
MAALnath
Thanks ...............good luck .................the exorcist season 02,colony season 03...................sinhala sub denna .................
albus98
තෑන්ක්ස් බ්‍රෝ..අනිව බානව ජය
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
suranuwan
thanks bro...
Tharaka
THANKS....................................
Nandana_kumara
Tu බොරෝ
subodha
Thanks
Udara Damith Dissanayaka
meka denakal hitiye ela
බොහොම ස්තූතියිViraj
sub ekata thanks aiye.. jaya wewa!!
G.Sampath
thanks bro
ishan1653
Tks a lot..
melinda
thank you
Haashan Dhanushka
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
sanjeewakbg
thanks sub ekata bro...
sadheera
Hasa aiyya subata thuti
Puluwanam black lightning ekatat sub demnakaoAmila Sadagalathanna
pahara
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි හසන්ත....
ස්තුතියි බයිස්...