රතුහැට්ටකාරි, ඔයාලා කතාව දන්නවත් ඇති. හැබැයි මේ ඒ කතාව නෙමෙයි. ඒකෙ අවසානය අරගෙන හදලා තියෙන පට්ට කොමඩි එකක්. මේක පටන් ගන්නෙ රතූ අත්තම්මව බලන්න ගෙදරට ආවට පස්සෙ. මෙහෙමයි කතාව, රතූ එනවා එයාගෙ අත්තම්මව බලන්න, එන්නෙ බාස්කට් එකකුත් අරගෙන. හැබැයි ගෙදරට එන රතූට දකින්න ලැබෙන්නෙ අත්තම්ම වගේ වෙස්වලාගත්ත වෘකයෙක…
රතුහැට්ටකාරි, ඔයාලා කතාව දන්නවත් ඇති. හැබැයි මේ ඒ කතාව නෙමෙයි. ඒකෙ අවසානය අරගෙන හදලා තියෙන පට්ට කොමඩි එකක්. මේක පටන් ගන්නෙ රතූ අත්තම්මව බලන්න ගෙදරට ආවට පස්සෙ. මෙහෙමයි කතාව, රතූ එනවා එයාගෙ අත්තම්මව බලන්න, එන්නෙ බාස්කට් එකකුත් අරගෙන. හැබැයි ගෙදරට එන රතූට දකින්න ලැබෙන්නෙ අත්තම්ම වගේ වෙස්වලාගත්ත වෘකයෙක්ව. ඔය වෙලාවෙම අත්තම්ම අල්මාරිය ඇතුලෙ ඉඳං එළියට එනවා. හැබැයි එයාව ගැටගහලා තියෙන්නෙ. මේ මොහොතෙම ජනේලෙ කඩාගෙන පොරොවක් ගත්ත මිනිහෙක් පාත් වෙනවා. මේ සිදුවුණු දේ හින්දා ඒ වෙලාවෙම පොලිසිය ඇවිත් පරීක්ෂණ පටන් ගන්නවා මොනවද උනේ කියල හොයන්න. මෙතෙන්ට එනවා විශේෂ රහස් පරීක්ෂක වරයෙක්. එයා තමයි ෆ්ලිපර්ස් කියන ගෙම්බා. ඔය දවස්වලම කැලේ හොරකම් මාලාවක් වෙමින් පවතිනවා. ඉතිං ඒ හොරකම් සහ මේ සිදුවීම අතර ලොකු සම්බන්ධයක් මෙයා දකිනව. ඉතිං එතනින් තමයි කතාව පටන් ගන්නෙ. මේ හොරකම් මොනවද? හොරා කවුද කියල දැනගන්න කතාව බලන්න වෙනවා. මේක කම්මැලි නැතුව එකදිගට බලන්න පුළුවන් කතාවක්. ඇනිමේෂන් කිව්වාම කවුද අකමැති නේද?
අපි කතාවෙ නිර්මාණය පැත්තට හැරෙමු. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Cory Edwards, Todd Edwards සහ Tony Leech කියන අය. කතාව ලියල තියෙන්නෙත් Cory Edwards, Todd Edwards දෙන්නා. නිෂ්පාදනය Katie Hooten ඇතුළු කණ්ඩායමක්. මෙහි ප්‍රධාන චරිත වලට Anne Hathaway, Glenn Close, Jim Belushi වගේ අය හඬකැවීමෙන් කවලා තියෙනවා. 2005 දෙසැම්බර් 16 කැලිෆෝනියා වලදී ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන මේකෙ ධාවන කාලය විනාඩි 80ක් වෙනවා. Animation, Comedy, Crime යන ඛාණ්ඩ වලට වෙන්කරලා තියෙන මේ කතාව IMDb දර්ශකයෙ 6.5ක අගයක් ලබාගෙන තියෙනවා.
ප්‍රධාන වශයෙන් මේක ගැන කියන්න තියෙන්නෙ ඒ දේවල් තමයි. මේ කතාව මම ඉල්ලද්දි ඒක ලබා දීපු හසන්ත සහෝදරයට ස්තූති කරනවා. එහෙනම් ඉතිං ගිහින් එන්නම් ආයෙමත් ලස්සන කතාවකුත් එක්ක. රසවිඳලා කියන්න ගුණදොස් එහෙම. නැවත හමුවෙමු…
!!!ජය වේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
1,432 downloadsDownload Hoodwinked-2005.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
14 comments
යුරාන් ධනුක
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට......!
jaya2364
elaa animation nam bamak thama
Kulanjana Maduranga
niyamai...subata thanks saho...keep it up.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LasanthaRanga
එල මචන්
Nimesh lanka
Thanks bro ...
Udara Damith Dissanayaka
11111111111බොහොම ස්තූතියි...................
kavinuweerakkody
ස්තූතියි!!
බොබී
කොමඩි නම් ආයේ අහන්න දෙයක් නෑ නොවැ. ඔන්න බෑවා. තෑන්ක්ස් සහෝ.
AsithaDilruwan
ela saho thanks
IreshSampath
thanks
prasakr
උපසිරැසියට බොහෝම ස්තූතියි
Advertisement

උපසිරැසියට ස්තූතියි සහෝ...
දිගටම කරගෙන යමු.. ජය..!!!