ආදරය ආත්මාර්ථකාමී… ඕක අපි බොහොම දෙනෙක් අහලා තියන දන්නා දෙයක් වුනත් ඒ තිත්ත ඇත්ත පිළිගන්න සුදානම් බොහොම ටික දෙනයි… මොකද අපි කිසිම කෙනෙක් සමාජය ඉදිරියේ ආත්මාර්ථකාමීක් වෙන්න කැමති නැහැ, අපිට අපේ ප්‍රතිරූපය බොහොම වැදගත් නිසාවෙන අපි හැමෝම කිසියම් විදිහක මවා පෑමක් ජිවිතයේ කරලා නැති වෙන්න බැහැ නෙව… ඔහු වෘ…

ආදරය ආත්මාර්ථකාමී… ඕක අපි බොහොම දෙනෙක් අහලා තියන දන්නා දෙයක් වුනත් ඒ තිත්ත ඇත්ත පිළිගන්න සුදානම් බොහොම ටික දෙනයි… මොකද අපි කිසිම කෙනෙක් සමාජය ඉදිරියේ ආත්මාර්ථකාමීක් වෙන්න කැමති නැහැ, අපිට අපේ ප්‍රතිරූපය බොහොම වැදගත් නිසාවෙන අපි හැමෝම කිසියම් විදිහක මවා පෑමක් ජිවිතයේ කරලා නැති වෙන්න බැහැ නෙව…
ඔහු වෘතියෙන් කාන්තා ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්, ඔහුගේ සේවාදායකයන් වෙන්නේ එසේ මෙසේ මිනිසුන් නෙමෙයි සිටුවරියන්, රාජ කුමාරිකාවන්… ඔහු තමුන්ගේ ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීනයෙක් වගේම සැබෑ දක්ෂයෙක් නමුත් ඔහු සැබවින්ම අමුතු මිනිසෙක්… ඔහුගේ කැමැත්ත බොහොම ටික දෙනෙකුට සීමා වුවක්… ඔහුගේ කෑම රුචිය බොහොම සීමාන්තික එකක්… වැඩි දැගලිලි නැති පුද්ගලයෙක්, වගේම ඔහු වටා සිටින්නවුන් ගේ දැගලිල්ල ඉවසීමෙන් විද දරා නොගන්නා පුද්ගලයෙක්…. සියල්ලටම එහායින් තමුන්ගේ නිර්මාණ හා පෙමින් වෙලී සිටින මොහු නමින් ජෙරමායා රෙනොල්ඩ්ස් වුඩ්කොක්. පදිංචිය ලන්ඩන් නගරය…
ඇල්මා නම් වූ ඇය ආපනශාලා සේවිකාවක්… තමුන්ගේ ශරීරය ගැන ජිවිත කාලය පුරා දෙගිඩියාවෙන් පසුවන්නියක්… ආපනශාලාවේ දී හමුවන අමුත්තෙක් හා රාත්‍රී ආහාරය ගැනීමට කැමති වෙන ඇය රාත්‍රිය අවසාන භාගය වෙන විට ඔහුගේ නිර්මාණ ඇගලා ගනිමින් ඔහුගේ ජිවිතකාලයක් පුරා සෙවූ සුරගන වී අවසානයි…
නමුත් මේක ලෙහෙසි පහසු ආදර කතාවක් නෙමෙයි, සාම්ප්‍රධායක ආදර කතාවකුත් නෙමෙයි… විටක ඔහු ඔබ ඉදිරියේ ආදරයක් උරුම විය යුතු නැති අමනුස්සයෙක් ලෙස පෙනී සිටීවි… ඇය අහිංසක මුව පොව්වෙක් ලෙස ඔබගේ සිතේ රැදේවි… නමුත් සලරුවේ අවසාන භාගය වන විට ඔබ ඒ ආදරයට ආදරයකරාවි නමුත් ඔවුනට වෛරකරාවි… ඉතින් එහෙව් පැටලිලි සහගත මනස කළඹන බැරෑරුම් හිත් දෙකක් එක හිතක් වෙන හැටි බලන්න ඔබට භාරයි….
IMDB 8.1 ක් වගේ අගයක් ලබාගෙන රෝටන් ටෝමාටෝ මීටරයේ 91% වගේ ඉගල අගයක් ලබාගනන්ත් මේ සලරුව සමත් වෙලා තියනවා. පිටපත හා අධ්‍යක්ෂණය Paul Thomas Anderson මහතාගෙන්. රංගනයෙන් දායක වෙන්නේ Vicky Krieps, Daniel Day-Lewis, Lesley Manville ඇතුළු පිරිසක්. සම්මාන 87 සඳහා නාම යෝජනා ලබා සම්මාන 37 ක් දිනාගන්නට සමත් වුන මේ සලරුව මෙවර ඔස්කා සම්මාන උළෙලේ සමාන 6 වෙනුවෙන් නාමයෝජනා ලබන්නත් සමත් වෙලා තියනවා. ඒ නාමයෝජනා අතර හොඳම නළුවා, හොඳම සහය නිළිය, හොඳම අධ්‍යක්ෂණය, සංගීත සංකලනය වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ හොඳම ඇඳුම් නිර්මාණයටත් නම් වෙලා තියනවා. ආ කියන්න බැරි වුනා හොඳම චිත්‍රපටය හැටියටත් නාමයෝජනා ලබලා තියනවා නෙව.
එහෙනම් පැය 2 කුත් විනාඩි 10 පුරා ගලා යන මේ අමුතු ආදර කතාව ඔබට භාරයි. නැවත උපසිරැසක් එකක් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා.
මේ සලරුව මම පුද්ගලිකව බොහොම ආසාවෙන් බලා උන් සලරුවක් ඒ වගේම බොහොම දුක් වෙන සලරුවක්. මොකද කියනවා නම් මේ තමයි එදා මෙදා තුර හොලිවුඩ් සිනමාවේ මහා යුග පුරුෂයෙකුගේ නික්මයාම… ඔහු නමින් ශ්‍රීමත් Daniel Michael Blake Day-Lewis එහෙමත් නැත්නම් අපි හැමෝම දන්නා හැටියට කියනවා නම් Daniel Day-Lewis. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන මොහු දශක හතරක් වගේ කාලයක් සිනමා නිර්මාණ 22 වැනි සුළු ප්‍රමාණයක් චෙනුවෙන් තමුන්ගේ දායකත්වය ලබා දී සම්මාන 140 ක් දිනාගන්නත් තවත් සම්මාන 90 සඳහා නාමයෝජනා ලබාගන්නත් සමත් වෙලා තියනවා. කෙටියෙන් කියනවා නම් ඔහුගේ නාමයෝජනා ගණනට වඩා ජයග්‍රහණය ගණන වැඩි කියන්න ඇහැකි. මින් 3ක් හොඳම නළුවා ලෙස දිනාගත ඔස්කා සම්මාන.. ඒ My Left Foot: The Story of Christy Brown (1989), There Will Be Blood (2007) , Lincoln (2012) සිනමා නිර්මාණ වෙනුවෙන්. එදා මෙදා තුර ඔස්කා ඉතිහාසයේ එවැන්නක් කල එකම නළුවා ඔහුයි. Gangs of New York, In the Name of the Father, A Room with a View, The Last of the Mohicans වැනි නිර්මාණ ඔහුගේ අල්ප සිනමා නිර්මාණ අතර කැපී පෙනෙනවා. අතිශය පුද්ගලික ජිවිතයක් ගත කරන මෙතුමා 2012 වසරෙන් පසුව තමුන්ගේ රංගන දායකත්වය ලබා දුන් මෙම චිත්‍රපටයෙන් පසු ඔහුගේ සිනමා ජිවිතයට තිත තබා හමාරයි….

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය DVDSCR / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
36 comments
Bandaramudiyansi
Wayantha Sandaruwan
ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට මේ වගේ ලස්සන නිර්මාණ ගොඩක් අඩුයි සයිට් එකේ. අනිවා බලනව
THE NEW FOLDER
ගොඩක් ස්තුතියි සමීර සහෝදරයා
GOD BLESS YOU !දමිත් රත්නායක
බොහොම ස්තුතියි සමීර සහෝ සිංහල උපසිරැසියට.
ජයෙන් ජය.SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
Ahhhh Sameera aiya....niayamai…thanks..sub ekata..digatama sub demu.jaya wewa……
prabasha
Blueray update oneee thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udara Damith Dissanayaka
උපසිරැසියට බොහෝම ස්තුතියි
ඔයාගේ ඒවා කොහොම බලන්නේ නැතුව ඉන්ඩදAsithaDilruwan
elama saho thnaks
sathira529
උපසිරැසියට ස්තූතියි බ්ලූ රේ එක එනකම් ඉන්නවා..
සාෂා
ගොඩාක් ස්තුතියි උපසිරසියට,
තව අඩු darkest hour විතරයි..Nuwan
sub ekata thanx macho.....
chinthaka sampath
Thabk U..........Murder on the Orient Express Film Ekata Sub Denna Dear
malith
Ela ela
daypal
ගොඩක් ස්තුතියි
Yushan Malith
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
Bandaramudiyansi
The Florida Project [2017] මෙකෙ සිංහල සබ් br වලට හදල දෙන්න සහෝදරය .කිප වතාවක් බැලුව සබ් එක ගැලපෙන් නැ
රොයිලි
මලයා දුන්න කියන්නෙ අනිවා බලන්න ඕනා එකක් තමා. මෙන්න ගන්නවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
bLack_sNow
Thank you bro
tharindu gunarathna
thanks
Sanath Indika
thx brooo
acerio
jaya wewa saho...
Kasun A.
sabata thuthi sameera saho.jaya!
Saranga J. Liyanagama
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
Suu
Thanks saho sub ekata Jayen jaya.....
s.s.m
tz sub ekata…
pubudu8486
niyamai...thanks...
Gayan Chathuranga
thanks bro !!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
sathyajith
thanks for the sub
Anonymous
best movie daniel day lewis acting superb thanks for subtitle
Anonymous
Sub eka download wen na
Anonymous
sub download wen na
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සහෝදරය ඔයා උපසිරැසි දාන නිර්මාණ වලට බොහෝම ස්තුතියි ලස්සනයි ගොඩක් . එ වගේම pleaseඑව හොද කොපි ආපුම යාවකාලින කරල දෙන්න අපිට.
බොහෝම ස්තුතියි