ඉතින් කොහොමද යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ මේ එකතු වෙන්න යන්නේ තවත් ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපට උපසිරසක් සමඟ. මම හිතන්නේ මම අවසන් වතාවට දුන්න උපසිරස Escape from Planet Earth (2013). මේ මගේ දායකත්වය යටතේ ඔබට ලැබෙන 6 වන ඇනිමේෂන් චිත්‍රපට උපසිරස. මැයි වලින් පස්සේ මේ එකතු වෙන්න යන්නේ මාස 5ට පසුවයි. මොකද දැන්…

ඉතින් කොහොමද යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ මේ එකතු වෙන්න යන්නේ තවත් ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපට උපසිරසක් සමඟ. මම හිතන්නේ මම අවසන් වතාවට දුන්න උපසිරස Escape from Planet Earth (2013). මේ මගේ දායකත්වය යටතේ ඔබට ලැබෙන 6 වන ඇනිමේෂන් චිත්‍රපට උපසිරස. මැයි වලින් පස්සේ මේ එකතු වෙන්න යන්නේ මාස 5ට පසුවයි. මොකද දැන් අපේ වෙබ්අඩවිය තුල ඇනිමේෂන් ලෝලීන් වැඩි වෙලා ඒ නිසා ඒ ගැන වග කියන්න සැහෙන්න පිරිසක් මඟ බලා ඉන්නවා.එහෙනම් මේ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ ඩිස්නි නිවසින්. මතකනේ කලින් එයාලගේ නිර්මාණ දෙකක් ආවා Car 1 සහ 2. දැන් මේ අතගහල තියෙන්නේ ගුවනට. මෙහි අධ්‍යක්‍ෂණය සිදු වෙලා තියෙන්නේ Klay Hall විසින් ඒ වගේම හඬ දායකත්වය Carlos Alazraqui, Dane Cook, Stacy Keach සහ ඉන්දියානු නිලි Priyanka Chopra පවා දායකත්වය ලබා දි තිබෙනවා. චිත්‍රපටය බලනකොට හින්දි සින්දුවක් එහෙමත් අහන්න ලැබේවි ඔයාලට. ඒ වගේම පසුගිය අගෝස්තු 09 දින තිරගතකල මේ සලරුවේ පිරිවැය ඩොලර් මිලියන 50ක් ඒ වගේම ඔක්තෝබර් 27 වනවිට සම්පූර්ණ ඇමෙරිකානු අදායම පමණක් ඩොලර් මිලියන 88 කට අධික ප්‍රමාණයක්. ඒ වගේම IMDb අගය වාර්තා වෙන්නේ 5.2ක් විදිහටයි.ඒ වගේම ඉදිරි දිගහැරුම තුලින් සම්පුර්ණ විස්තරයක් දීලා තියෙනවා ඔයාලටත් මෙතනින් ඒ විස්තරත් බලාගන්න ඇහැකි.
කතාව ගැන කියනවා නම්, කෘමිනාශක ඉසින කුඩා ගුවන් යානයක් ඉන්නවා ටිකක් පිටිසර ඉරිඟු හේනක වැඩ කරමින්. එත් මෙයාගේ හීනය වෙන එකක්. මට මේ ප්ලේන් හාදයාගේ නම කියන්න බැරි උනානේ. මෙයා තමා ඩස්ටි ක්‍රොප්හොපර්. ඉතින් මේ ඇඹිල්ල ඇටේ වගේ හිටියට මෙයා හීන දකින්නේ ජෙට් එක්ක රේස් යන්න. ඒ නිසා මෙයාගේ යාළුවා චග් එක්ක එකතු වෙලා කරන වැඩේ තමා රාජකාරි වේලාවෙන් පස්සේ රේස් පුරුදු වෙන එක. ඉතින් මෙයාල සූදානම් වෙන්නේ ලෝකයේ වේගවත්ම ගුවන් යානය තෝරන තරඟයට ඇතුල් වෙන්න. ඉතින් මේ තරඟයට එන්නේ එසේ මෙසේ අය නෙමෙයි. ලෝකේ වටේම විසිරිලා ඉන්න සුපිරිතම රේස් ධාවකයන්.
ඉතින් මෙතනින් එහාට භාර කරනවා ඩස්ටි එක්ක හීන එලිකරගන්න යන ගමනට ඔබේ දායකත්වය දෙන්න කියලා. ඒ වගේම බලන්න ඒ අතරේදී ඩස්ටි හීන් වලට යන විදිහ සහ හැමදාම වගේ ඇනිමේෂන් චිත්‍රපට වල ලැබෙන උපදේශයත් හිතට ගන්න බලන්න. ඒ වගේම මම කරපු ඇනිමේෂන් චිත්‍රපටි වලින් වැඩිම ලයින් ගානක් තියෙන උපසිරසත් planes. මෙහි ලයින් 1450 ට ආසන්න ප්‍රමාණයක් සිංහලට හරවන්න සිද්ධ උනා. ගුවන් යානා උනාට පුදුම කියවිල්ලක් තමා කියවන්නේ. 😉 එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
7,461 downloadsDownload Planes-2013-www.baiscopelk.com-.zip164 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
86 comments
dilan
quik
thanks
උදාර
මේක එනකම් උන්නේ නියමයි
අසංක
ෆිල්ම් එක නම් පට්ට ඇති ජය!! බයිස්කෝප් එකේ සබ් ගැන අහන්න දෙයක් නෑ නේ නියමෙට ඇති
rusuru | රුසිරු
එළනේ මේ තියෙන්නේ ජයම වේවා!!!!
ccnp
Thanks
bandula
ela meyka baiscope ake denakam hitiye :D
wow
wow,,maru :D
sumudu
loweth na machan niyamaiii
එරංග
එලස් බාන්න දැම්ම
tharanga
ඔන්න පට්ටම එකක් උදෙන්ම බස්සලා මේක බාගෙන උන්නේ දැන් සබ් එක ගත්තා අද බලනවා මචෝ
DDSameera
go ahead brother...!!!! cheers !!
eranga
thx
lasidu
ලොවෙත් නෑ මචෝ
was
එල කිරි මචෝ ඇනිමේෂන් නම් අනිවා බලනව
harsha
baiscope karana wada neet :)
sasika
supiri animation akak :D
Amila
නියමයි සහෝ ජය!
lakshan perera
ellaz...
ganidu
තැන්ක්ස් වේවා!!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...ප්‍රදීප් ඉරේෂ්
අද මම එකද මන්දා.....පට්ට පතුරු චිත්තරපටියක් නේ...තැන්කු හොඳේ..
ප්‍රදීප් ඉරේෂ්
මොන එකක්ද...මම 20 විතර...
shann
ජයම වේවා!!!
Ashan ravihansa
thankz machan denakam hitiye
naleen
supiri macho
mihin ලංකා
මැක්සා දැන් බාන්න දැම්ම
vee
maxxa maxxa
Ashain
shahs! meka nm patta wage........thnx hasa !
Tharindu
Patta movie ekak.Sinhala subtitle ekka dunnata thanks
සමීර චතුරංග
එල අයියා..බලන්න වෙලාව තමයි හොයා ගන්න අමාරු..කමක් නැහැ වෙලාවක් ලැබුණු ගමන් බලනවා...
Amil
Thanks Hasantha ayya....
Saman Prasad (Black Cobra)
ela ela Hasantha saho.....
ශාන් විමුක්ති [ විමා]
අපේ අප්පේ හසෝ එළමකිරි ආ
ටර්බෝ වගේමයි නේ
එකෙන්මයි අද දුන්නු එකනම් ලොකු දෙයක් :D
නැතිනම් බලනවා බොරු තමා ඉතින් :(
ආයේ හසාලට ඇනිමේෂන් හම්බු වෙන්නේ නැහැ ඉතින් අපි වගේ පොඩි ඈයෝ ඉන්නකම්
හෙහ් හෙහ් හේ...:p
ප්‍රියංකා අක්කාත් ඉන්නවා කියන්නේ බලන්නම ඕන එහෙනම්
සබට බොහොම තුති හසෝ ජය!“චූටී මල්ලි”
අනිවා සහෝ
ඇනිමේෂන් මාර ගතියක් තියෙ මටනම්
මේකත් ඉතින් අනිවම බලනවා
සබට තුති
ඔබට ජය...........................Sanjaya
surpirine balannama hitiya film ekak....
sub dunnata pin....Praසන්ன
බොහොම ස්තුතියි මේකට සබ් දුන්නට.
sp පියමල්
එල,thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
ලස්සන කතාවක්නේ ස්තුතියි හසන්ත සහෝ,ජයවේවා.
darshana
Thanks machan thawa cartoon wlata sub damu......
jayanandana
thx wewaaaaaa
Kasun
patta patta mama sub enakan film eka petta palathe beluwe ne tnkz හසන්ත
Achintha sameera
හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් සබ් එකට.කුංෆු පැන්ඩගේ අලුත් එකට සබ් දෙන්නකෝ
mihan
jaya weewaa !
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍charitha herath
suppa.....bro
charitha herath
ඔන්න එහෙනම් ප්ලේන් වැඩේත් හරි.........සබ් එකට රොම්බා Thanx............
Pushpa Kumara
බයිස්කෝප් නම් ෆිල්ම්.. ෆිල්ම් නම් බයිස්කෝප්.........
nalaka
එල එල එළම කිරි නියමටම ඇති ගොඩක් පින් සහෝ මේක දුන්නට ජය වේවා
Charith Ranathunga
Patta patta
හර්ෂ ලහිරු
එලකිරි හසන්ත සහො
ඇනිමේෂන් නම් අත අරින්නෙනෑ
හොයාගෙන ගිහිල්ලා බලන්නෙ
ජයවේවා :D
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

thanks meyka denakm unne