ඔන්න එහෙමනම් ආයෙමත් උපසිරසියක් අරගෙන ආවා. 2021 වසරේ නිකුත් වුන ක්‍රියාදාම/ අපරාධ ඝනයට අයත් චීන චිත්‍රපටයක් තමා මෙදා ගෙනාවේ. IMDB අගය 7කුත් කුණු තක්කාලි දර්ශකයේ 93%ක් වගේ ඉහළ අගයකුත් අරගන්න සමත් වෙලා තියෙන මේ සිනමා පටය Who Am I, The White Storm, New Police Story, Invisible Target වැනි ප්‍රසිද්ධ සිනම…

ඔන්න එහෙමනම් ආයෙමත් උපසිරසියක් අරගෙන ආවා. 2021 වසරේ නිකුත් වුන ක්‍රියාදාම/ අපරාධ ඝනයට අයත් චීන චිත්‍රපටයක් තමා මෙදා ගෙනාවේ. IMDB අගය 7කුත් කුණු තක්කාලි දර්ශකයේ 93%ක් වගේ ඉහළ අගයකුත් අරගන්න සමත් වෙලා තියෙන මේ සිනමා පටය Who Am I, The White Storm, New Police Story, Invisible Target වැනි ප්‍රසිද්ධ සිනමාපට අධ්‍යක්ෂණය කළ benny chan අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයක් වන අතර මෙහි ප්‍රධාන චරිතය සදහා IP man චිත්‍රපටමාලාවෙහි ප්‍රධාන චරිතය රග පෑ Donnie yen විසින් සිය රංගන දායකත්වය සපයනවා. එහෙමනම් අපි බලමු සිනමාපටයේ කතාව දිවෙන්නෙ කොහොමද කියලා.
චෙන්ග් කියන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයෙක්. ඉතින් මේ චෙන්ග් වසර ගානක් තිස්සේ සැලසුම් කරලා රටෙහි ඉන්න නමගිය අපරාධකරුවෙක් කොටු කරගැනීමේ මෙහෙයුමක් දියත් කරන්නයි සූදානමින් ඉන්නෙ. නමුත් යම් අවාසනාවන්ත සිද්ධියක් නිසාවෙන් එම මෙහෙයුම දියත් වෙන මොහොතේ ඒ සදහා සහභාගී වෙන්න ඔහුට අවස්ථාව ලැබෙන්නේ නෑ. කොහොම නමුත් ඔහුගේ සගයින් ඔහු නොමැතිව මෙහෙයුම සදහා පිටත් වෙනවා. නමුත් ඔවුන් අපේක්‍ෂා කළ ආකාරයට මෙහෙයුම සිද්ධ කරගන්න ලැබෙන්නෙ නැහැ.
වසර ගාණක සැලැස්මකින් පස්සේ කොටු කරගන්න ගිය අපරාධකරුට තෙවන පාර්ශවයක් විසින් පහර දෙනවා වගේම මේ තුන්වැනි පාර්ශවය පොලිසියේ පිරිසටත් පහර දෙනවා. නොසිතු ප්‍රහාරයකට ලක් වෙන පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙක් මේ ප්‍රහාරයෙන් ජිවිතවලින් සමුගන්නවා. ඒ අතරේ චෙන්ග්ගේ මිත්‍රයෙක්ද සිටිනවා. ඉතින් ඊට පස්සේ චෙන්ග්ට බාර වෙනවා මේ පිරිස කවුරුන්ද කියලා සෙවීමේ වගකීම. ඉතින් ඒක චෙන්ග් අපේක්ෂා කරන අකාරයටම ඉෂ්ට කරගන්නත් විවිධ බාධා එල්ල වෙනවා. විශේෂයෙන්ම ඔහුගේ ඉහළ නිලධාරීන්ගෙන් එහෙමත්.
පොලිසියට පහර දෙන්න නිර්භීත පිරිස කවුරුන්ද? ඔවුන් පොලිස් සැලසුම් දැන ගත්තේ කෙසේද? මේ ප්‍රහාරය අහම්බයකින් එල්ල වූවක්ද? එහෙමත් නැතිනම් පොලිසියෙන් පළිගැනීමේ අටියෙන් එල්ල වූවක්ද? සැබෑවටම අපරාධකරුවන් කවුරුන්ද යන්න චෙන්ග්ට හොයාගන්න හැකි වෙයිද කියලා කට්ටිය බලලම දැනගන්න.
මීට වඩා දෙයක් කියලා කතාවේ කුතුහලය නැති කරන්න අවශ්‍ය නැහැනෙ. අනික ඉතින් ඩොනී යෙන්ගෙ සිනමාපට ගැන කවර කතාද? එහෙමනම් යළිත් උපසිරසියකින් හමුවීමේ අපේක්‍ෂාවෙන් මා සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,720 downloadsDownload Raging.Fire_.2021.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
39 comments
oshanda
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Anonymous
Niyamai saho
Denkn bln hitapu ekak tamaiUdaya Fdo
Thank you
Kushan
Sub akta thanks
Charith
Thanks bn
Anonymous
Ela wadak
Chinese,korean thwa dennaRedrux
Thnkz bro
Anonymous
thanks for sub
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Gihan
බොහොම ස්තුතියි
Anonymous
Escape from Mogadishu (2021) sub plz
Mekatath thanksgihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
මිලින්ද ප්‍රියලාල්
Thanks
dilshan sandaruwan
Chinese,korean film dn site eken labennema na ehma krnna epa hoda chinese,korean film godak thynow sub nodeepu ewatath puluwn welawata sub denna blnna..
Adu tarame me wage hit wunu rate wadi ewawath denna blnna..bunny
Donnie yen innawanam ithin aniwa baamak tamai
Thanks machoAnonymous
තෑම්ක්ස් කොම්ලෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lakshan
Baiscope download eke meke film eka nane eror kiyalane wattene
Anonymous
තෑන්ක්ස් වේවා
Anonymous
Supiriiiii
Udara Damith
elAAAA
Anonymous
Baiscopedownload eken link gnna ynna ba error ekak watenow
Anonymous
Cliff Walkers-2021
Detention-2019
The Soul-2021
Gatao - The Last Stray-2021
The Bravest-2019 .................chinese movies walata sub denna puluwan namAnonymous
thanks mekata sub dunnata
Manoj
උපසිරසියට ස්තුතියි
Malith samarawickrama
Thanks sub ekata
Janith
Chinese,korean,thai film wadipura dennako
dn hollywood film 10k baluwoth 2k witara tamai hodaBuddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
sasanka sathyajith
Thanks for the sub
Sheron
Thanks brother
Kaviru madushanka
ස්තුතියි සහෝ සබ් එකට....
SAU
Thanks... Jade Dynasty [2019] chinese film 1 dennkoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks ..................
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks sahoo