හරිම සුන්දර ළමා කාලයක් අපි ගතකලේ. දැන් වගේ තාක්ෂණයෙන් පිරිච්ච ලෝකයක් නෙමෙයි ඒ කාලෙ තිබ්බෙ. දැන් කාලේ ළමයි ගෙවනවා වගේ ජංගම දුරකථනයට කොටු වෙච්ච, පරිගණකයට කොටු වෙච්ච ළමා කාලයක් නෙමෙයි අපි ගෙව්වෙ. ගම වටේම දුවලා පැනපු, නිවාඩු දවසට යාළුවොත් එකතු කරගෙන හැන්දෑවෙ කළුවර වැටෙනකම්ම ක්‍රිකට් සෙල්ල්ම් කරපු, ගමේ…

හරිම සුන්දර ළමා කාලයක් අපි ගතකලේ. දැන් වගේ තාක්ෂණයෙන් පිරිච්ච ලෝකයක් නෙමෙයි ඒ කාලෙ තිබ්බෙ. දැන් කාලේ ළමයි ගෙවනවා වගේ ජංගම දුරකථනයට කොටු වෙච්ච, පරිගණකයට කොටු වෙච්ච ළමා කාලයක් නෙමෙයි අපි ගෙව්වෙ. ගම වටේම දුවලා පැනපු, නිවාඩු දවසට යාළුවොත් එකතු කරගෙන හැන්දෑවෙ කළුවර වැටෙනකම්ම ක්‍රිකට් සෙල්ල්ම් කරපු, ගමේ වෙල් දෙණි වල දුවලා පැනලා කෙලි සෙල්ලම් කරපු, ඇල දොල අස්සෙ රිංගලා මාළු පැටව් අල්ලපු බොහොම සුන්දර ළමා කාලයක් තමයි මට නම් උරුම වෙලා තිබුණෙ. අදටත් ඒ කාලෙ ගැන මං මතක් කරන්නෙ හරිම සතුටකින්. ඒ අතරම, ආපහු ඒ කාලෙට යන්න තිබ්බා නම් කොච්චර දෙයක්ද කියලා හිතින් හඬා වැටෙන වාර අනන්තයි, අප්‍රමාණයි. ඔබත් 70, 80, 90 දශක වල කෙනෙක් නම්, අනිවාර්‍යයෙන්ම ඔබටත් මේ වගේ සොඳුරු මතකයන් ගොන්නක් ඇති. හැමදාම හවසට කාටූන් බලපු, ඒ වගේම උදේ පාන්දරට ජාතික රූපවාහිණියේ කාටූන් බලපු, අයිඩින්ටි කාඩ් එක තියලා CD වලට ගහපු චිත්‍රපටි ගෙනෙල්ලා බලපු, වරද්දන්නෙ නැතුව නයිට් රයිඩර්, වයිපර් වගේ කතා මාලාවන් බලපු සුන්දර අතීතයක් ඔබට සමහරවිට තියෙන්න ඇති. ඔබ 2000න් පස්සෙ ඉපදුණු කෙනෙක් නම් සමහරවිට හිතනවා ඇති, මොන විකාරයක්ද මූ මේ කියවන්නෙ කියලා. ඒත්, ඔබට උරුම නොවිච්ච බොහොම සුන්දර අතීතයක් අපි රසවින්දා. ඒ වගේ අතීතයක් අත්විඳපු පරම්පරාවක අවසානය අනූව දශකයේ අවසානයත් සමගම ආරම්භ වුණා.
එදා අපේ ඒ සුන්දර ලෝකය වර්ණවත් කරපු එක පිරිසක් තමයි සිනමා වීරයන් කියන්නෙ. අපි සැබවින්ම ඒ සිනමා වීරයන්ගෙ ලෝකයේ ජීවත් වුණා. ඔවුන්ගේ පෝස්ටර් වලින් අපේ නිවසේ බිත්ති වර්ණවත් වුණා. කොටින්ම කියනවා නම් අපි ඔවුන්ව අනුකරණය කරන්න පටන්ගත්තා. අපි වයසින් වැඩෙන්න වැඩෙන්න, අපේ සිනමා වීරයනුත් වයසට ගියා. අපිට නොදැනුවත්වම අපේ සිනමා විරයන්ගෙ අවසාන කාලය ලඟා වුණා. එහෙනම්, මේ සූදානම් වෙන්නෙත්, ඒ විදියට අපේ ළමා කාලය වර්ණවත් කරපු සිනමා විරයෙකුගේ අවසානය සනිටුහන් කිරීමට. මින් පසුව ඔබට ඔහුව සිනමා ලෝකය තුල දකින්න ලැබෙන්නෙ නැහැ. මේ තමයි ඔහුගේ අවසාන සම්ප්‍රාප්තිය. දශක කීපයක් පුරාවට සිනමාව තුලින් රසික සිත් සතන් සනහාලූ, ඒ අසහාය චරිතය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට අවසරයි එසේනම් සහෘද ඔබ සියළු දෙනාගෙන්ම.
Sylvester Stallone. මෙහෙම කිව්වම මේ නම නොදන්න සිනමා රසිකයෙක් ඉන්න නම් බැහැ. Rocky චිත්‍රපට මාලාව තුලින් අතිශය ජනාදරයට පත්වෙච්ච, ඒ ජනප්‍රියත්වයත් සමගින් ඒ හා සමානව, ඇතැම්විට ඊටත් එහා ගිය ජනප්‍රියත්වයට ඔහුට හිමිකරදුන් චිත්‍රපට මාළාවක් තමයි Rambo කියන්නෙ. රැම්බො! එහෙමත් නැත්නම් ජෝන් රැම්බෝ! කවුද මේ ජෝන් රැම්බො කියන්නෙ? කොහොමද මේ රැම්බො චරිතය පටන්ගන්නෙ? මොනවද මෙයාට කරන්න පුළුවන්? මුලින්ම අපි පොඩ්ඩක් ඒ ගැන හොයලා බලමු.

ජෝන් රැම්බෝ කියන චරිතය නිර්මාණය වෙන්නෙ කොහොමද කියන කාරණාව ගත්තොත්, අපිට සිද්ධවෙනවා වර්ෂ 1972 තරම් ඈතට යන්න. වර්ෂ 1972 දී, David Morrell නම් රචකයා විසින් රචිත First Blood නම් කෘතියෙන් තමයි ලෝකයා හමුවට පලමු වතාවට ජෝන් රැම්බෝ නම් චරිතය කළඑලි බහින්නෙ.

සම්පූර්ණ නම – ජෝන් ජේම්ස් රැම්බො
වෙනත් නම් – Raven, Lone Wolf (ක්ෂේත්‍ර නම්)
උපත – 1947 ජූලි 6
රැකියාව – එක්සත් ජනපද හමුදා විශේෂ කාර්‍ය බලකාය
සේවා ඒකක – විශේෂ කාර්‍ය බලකාය, MACV-SOG
සේවා කාලය – 1964–1974
පවුලේ අය – R. රැම්බො (පියා), මේරි ඩ්‍රැගො (මව), කර්නල් සෑම් ට්‍රවුට්මන් (ලඟම හිතවතා, පුහුණුකරු, මියයන තෙක් හොඳම මිතුරා, පියෙකු මෙන් ගෞරවයට පාත්‍ර වූවෙක්), ගැබ්‍රියෙල් (ලේලිය)
ජාතිකත්වය – ඇමරිකානු
උපන් ස්ථානය – බෝවි, ඇරිසෝනා
ආගම – ක්‍රිස්තියානි
එදා ඒ ආකාරයෙන් නිකුත් කල First Blood කෘතියේ අති සාර්ථකත්වයත් සමගින්, වර්ෂ 1982 දී රැම්බෝ චරිතය සිනමාවට නගනවා First Blood කියන නමින්ම. First Blood කියන පොත ජනප්‍රිය වුණේ යම් සේද, එමෙන් සිය දහස් ගුණයක් ආදරයෙන් First Blood චිත්‍රපටය ලොව පුරා රසිකයන් විසින් වැළඳගනු ලැබුවා. මේ ආකාරයෙන් නිර්මාණය වෙච්ච ජෝන් රැම්බෝ චරිතය මේ වනවිට නවකතා තුනක්, කොමික් කතා තුනක්, ඇනිමේශන් කතා මාළාවක්, වීඩියෝ ක්‍රීඩා හතක් සහ චිත්‍රපට පහක් සඳහා පදනම් වී අවසානයි.

එහෙමනම්, මේ අනභිබවනීය පුරාවෘත්තයේ අතීත සිනමා නිර්මාණ කිහිපය පිළිබඳව අපි කෙටියෙන් මතකයට නගා ගනිමු.

මෙම සිනමා නිර්මාණයත් සමගින් තමයි රැම්බෝ නම් අද්විතීය වීර චරිතය ප්‍රථම වතාවට සිනමා ලෝකයට ප්‍රවිශ්ඨ වෙන්නෙ. ඒ කාලවකවානුවත් එක්ක මේ පලවෙනි රැම්බෝ චිත්‍රපටය නිකුත් වීමත් සමඟින් සමාජයේ ලොකු උනන්දුවක් ඇති වුණා කිව්වොත් ඒ බොරුවක් නෙමෙයි. තාක්ෂණය එතරම් නොදියුණු කාල සමයක, සුපිරි විර චරිත රැගත් චිත්‍රපට කලාතුරකින් නිර්මාණය වෙන කාල සමයක, අයෝමය ශරීරයකින් හෙබි, තනි පුද්ගල හමුදාවක් හා සමාන මෙම වීර චරිතය ප්‍රේක්ෂකයා විසින් බොහොම ආදරයෙන් වැළඳගත්තා. මේ ආදරය කොච්චර දැවැන්ත එකක්ද කියලා කියනවා නම්, ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වගේ පොඩි මුදලකින් නිෂ්පාදනය කෙරිච්ච මේ සිනමා නිර්මාණය ඇමරිකානු ඩොලර් මිලියන 125ක දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තමන් සතු කරගනිද්දි, දෙලක්ෂය ඉක්මවූ මනාප සංඛාවකින් Imdb දර්ශකය 7.7ක් වැනි ඉහලම අගයක් කරා ඔසවා තබන්න සමත්වෙලා තිබුණා.
Rambo: First Blood Part II (1985)

ප්‍රථම චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමගින්, ප්‍රථම චිත්‍රපටයෙන් වසර තුනකට පසුව නිකුත් වෙච්ච මෙම දෙවන සිනමා නිර්මාණය, 140000+ මනාප සංඛාවකින් Imdb දර්ශකය 6.5ක් දක්වා කරකැවෙන අතරේ, ඇමරිකානු ඩොලර් මිලියන 25ක මුදලකින් නිශ්පාදනය වන අතරතුර, ඇමරිකානු ඩොලර් මිලියන 300 ඉක්මවා යමින් සිය බොක්ස් ඔෆිස් ආදායම් මල්ල තරකර ගැනීමට සමත් වුණා. රැම්බෝ චිත්‍රපට මාළාවෙ වැඩිතම බොක්ස් ඔෆිස් ආදායමක් හීමිකරගත් චිත්‍රපටය ලෙස තමයි මෙම චිත්‍රපටය වාර්තා පොත් අතරට එකතු වෙන්නෙ.

අති සාර්ථක දෙවන චිත්‍රපටයෙන් පසුව, ඊට වසර තුනකට පසුව තමයි තෙවන චිත්‍රපටය නිකුත් වෙන්නෙ. ඇමරිකානු ඩොලර් මිලියන 60කට ආසන්න මුදලකින් නිෂ්පාදනය වෙන මෙම තෙවන චිත්‍රපටය, ඇමරිකානු ඩොලර් මිලියන 189ක මුදලක් උපයගනිද්දි, 133000+ ඉක්මවූ මනාප සංඛාවකින් Imdb දර්ශකය 5.8ක් දක්වා හිමිකරගන්න සමත්වෙලා තිබුණා.

තෙවන චිත්‍රපටයෙන් අවුරුදු 20ක් වගේ දීර්ඝ කාලයකට පස්සෙ තමයි හතරවෙනි චිත්‍රපටය කරලියට පැමිණෙන්නෙ. ඒ ලොකු වෙනසකුත් එක්ක. මෙතුවක් කාලයක් රැම්බෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ එක එක අධ්‍යක්ෂකවරු විසින්. ඒත්, මේ වතාවෙ සිව්වෙනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Sylvester Stallone විසින්මයි. ඒ වගේම, කලින් වගේ තරුණ රැම්බෝ කෙනෙක් නෙමෙයි ප්‍රේක්ෂකයට දැකගන්න ලැබුණේ. ඒ වෙනුවට, වයසින් මෝරපු, මැදිවයසෙ රැම්බෝ කෙනෙක් තමයි දැකගන්න ලැබුණෙ. අවුරුදු 20කට පස්සෙ ලොකු වෙනසක් එක්ක ආපු මේ හතරවෙනි රැම්බෝ චිත්‍රපටය ප්‍රේක්ෂකයා විසින් ආදරයෙන් වැළඳගත්තා. 200, 000+ ඉක්මවූ මනාප සංඛාවකින් ඔවුන් විසින් ලෝභ නැතුවම Imdb මීටරය 7.0 වෙනකම් කරකවලා තිබ්බා. හැබැයි, ඩොලර් මිලියන 50කින් නිශ්පාදනය වෙච්ච චිත්‍රපටයට හොයාගන්න පුළුවන් වුනේ ඩොලර් මිලියන 113ක් විතරයි.
Rambo: Last Blood (2019)

සිව්වැනි චිත්‍රපටයෙන් වසර 11ක් ගෙවුණු තැන තමයි පස්වෙනි සහ අවසාන රැම්බො චිත්‍රපටය නිකුත් වෙන්නෙ. වර්ෂ 2018 දෙසැම්බර් මස 6 වෙනි දින Sylvester Stallone විසින් නිළ වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා, 2019 වර්ශයේදී රැම්බෝ චිත්‍රපටයක් නිකුත් කරන බවත්, ඒ ඔහු රැම්බෝ නම් චරිතය තුලින් ප්‍රේක්ශකයා හමුවට පැමිණෙන අවසාන අවස්ථාව බවත්. මෙම ආරංචිය සුවහසක් රැම්බෝ ලෝලීන්ට නම් කණට මී පැණි වත්කරනවා වගේ සුභ ආරංචියක් වුණාට කිසිම සැකයක් නැහැ. විශේශයෙන්ම, 70, 80, 90 දශකයන්හි උපත ලබා, තමන්ගේ තරුව, තමන්ගේ වීරයා බවට රැම්බෝ නම් චරිතය පත්කරගත් සිනමා ලෝලීන්. තමන්ගේ ළමා කාලය, තරුණ කාලය වර්ණවත් කල ඒ අනභිබවනීය වීරයාගෙ නික්මයෑම නැරඹීමට ඔවුන් සීරුවෙන් සූදානම් වුණා. එම වීරෝදාර යුධ විරුවාට සිය අවසන් උත්තමාචාරය පුද කිරීමට ඔවුන් වහ වහා සූදානම් වුණා. අවසාන චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙ ඇමරිකානු ඩොලර් මිලියන 50ක විදයමකින්. මේ සටහන ලියවෙන මොහොත වනවිටත් මේ අවසාන සිනමා සිත්තමට ලොව වටා ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 86ක් පමණයි සොයාගැනීමට හැකියාව ලැබී තිබුණෙ. ඒ වගේම, 24000+ මනාප සංඛ්‍යාවකින් Imdb දර්ශකය තුල 6.6ක අගයක් තමන් සන්තක කරගැනීමට සමත්කම් දක්වා තිබෙනවා. ඒ වගේම, මෙම අවසාන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නෙ, Get the Gringo (2012) අධ්‍යක්ෂණය කරනු ලැබූ Adrian Grunberg විසින්.

Sylvester Stallone විසින් සිය පෞද්ගලික ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා වතාවක් මෙන්න මේ වගේ දැනුම් දීමක් සිය ප්‍රේක්ෂකයන්ට ලබාදුන්නා සිය අවසාන රැම්බො චිත්‍රපටය පිලිබඳව. ඒ කිව්වා වගේම, චිත්‍රපටය Hard R කාණ්ඩයේ චිත්‍රපටයක් වෙනවා. විශේෂයෙන්ම, ඔබ බිහිසුණු දර්ශන වලින් කම්පාවට පත්වෙන කෙනෙක් නම්, මෙම චිත්‍රපටය නැරඹීමට පෙර යලිත් වතාවක් කල්පනාකර බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම තමයි, රැම්බෝ චිත්‍රපට මාළාව ගත්තාම, මේ චිත්‍රපටය තමයි අඩුම ධාවන කාලයක් සහිත රැම්බෝ චිත්‍රපටය ලෙසට වාර්තා පොත් අතරට එකතු වෙන්නෙ. ඒ මෙම චිත්‍රපටයේ සම්පූර්ණ ධාවන කාලය විනාඩි 89කට සීමා වෙනවා.
චිත්‍රපටයේ මුල් පිටපත සකස් වී තිබී ඇත්තේ ක්‍රියාදාම දර්ෂණ බොහෝ සෙයින් අන්තර්ගත වන අයුරින්. විශේෂයෙන්ම, අවසාන ක්‍රියාදාම දර්ෂණය දැවැන්ත යුද්ධයක් ආකාරයෙන් පිටපත සකස් කර තිබුනත්, Sylvester Stallone ගේ මැදිහත්වීම මත, චිත්‍රපටයේ තිර පිටපත වෙනස් කර, ක්‍රියාදාම දර්ෂණ පෙරට වඩා බොහෝසෙයින් අඩුකර, වඩාත් තාත්වික ආකාරයෙන් නිශ්පාදනය කර තිබෙන බව අන්තර්ජාලය වාර්තා කරනු ලබනවා.
මෙම රැම්බෝ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භයේදීම Sylvester Stallone විසින් ප්‍රකාශ කර තිබුණා මෙම පස්වෙනි රැම්බෝ චිත්‍රපටයත් සමගින් රැම්බෝ චිත්‍රපට මාළාව අවසාන වන බවට. නමුත්, 2019 Cannes චිත්‍රපට උළෙලේදී Sylvester Stallone විසින් නැවතත් ප්‍රකාශ කර තිබුණා, මෙම පස්වෙනි රැම්බෝ චිත්‍රපටය සාර්ථක වුවහොත්, හයවෙනි රැම්බෝ චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට තමන් කැමැත්තෙන් පසුවන බවට. නමුත්, අවාසනාවකට මෙම පස්වෙනි රැම්බෝ චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වෙන්නෙ නම් නැහැ. ඒ නිසා, සීයට අනූනවයක සම්භාවිතාවයක් තියෙනවා, මේ තමයි ජෝන් රැම්බෝ නම් වීරවරයාව සිනමා සිත්තමක් තුලින් ඔබ සැමට දැකබලා ගැනීමට ලැබෙන අවසාන අවස්ථාව.
ඉපදෙන හැම කෙනෙක්ම මැරෙනවා! මේ ලෝ තලයේ කිසිම දෙයක් ස්ථීර නැහැ! හැමදෙයක්ම කවදාහරි දවසක විනාශ වෙලා, නැතිවෙලා යනවාම තමයි. මේ තමයි ලෝක නියමය! මේ තමයි ලොක ස්භාවය! මේ ලෝක නියමයට පිටින්, මේ ලෝක ස්භාවයට පිටින් යන්න කිසිම ජගතෙකුට බැහැ. මීට අවුරුදු කීපයකට කලින් ඉඳපු අපි නෙමෙයි මේ වෙද්දි ඉන්නෙ. අපි හැමෝම අපිටත් නොදැනීම අපේ අවසානයට පියවරින් පියවර ලඟා වෙනවා. අපිත් එක්කම අපේ වටපිටාවෙ ඉන්න අය, අපේ වටපිටාවෙ තියෙන දේවල්, මේ හැමදෙයක්ම අපිටත් නොදැනීම සිය අවසානය කරා ලඟා වෙනවා. සිනමා ලෝලියෙක්ට නම්, තමන්ගේ ළමා කාලයේ / තරුණ කාලයේ සිනමා තරුවක් / සිනමා වීරවරයෙක් සිය චරිතයෙන් නික්ම යනවා දැකීම තරම් තවත් දුකක් තියෙන්න බැහැ. ඔබට මා අමුතුවෙන් මතකයට නගා දෙන්න අවශ්‍ය වෙන එකක් නැහැ, වසර ගණනාවක් රසික සිත් සතන් අමන්දානන්දයට පත් කල වුල්වරින් චරිතය මීට වසර කීපයකට පෙර අප අතරින් සමුගෙන ගියා. ඒ වගේම, මේ වසරේ ඇවෙන්ජර්ස් චිත්‍රපටය තුලින් අයන් මෑන් චරිතය සිය ප්‍රේක්ශකයා හට සමුදුන්නා. අයන් මෑන් චරිතයේ සමුගැනීමෙන් මාස කීපයක් ගත්වෙත්ම මේ සුදානම් වෙන්නෙ රැම්බෝ චරිතයත් ඔබගෙන් සමුගෙන යෑමටයි!
සල්ලි පොදි ගණන් වීසි කරලා, සුපිරි වීරයො ඉන්න චිත්‍රපට ඕනෙතරම් අනාගතයෙදි හැදේවි. එක එක විදියෙ සුපිරි බල තියෙන සුපිරි වීරයො දවසින් දවස අලුතින් කරලියට ඒවි. නමුත්, අයෝමය ශරීරයකින් හෙබි, තනි පුද්ගල හමුදාවක් හා සමාන වන්නාවූ ඒ පුරාවෘත්තයේ අහිමිවයෑම ඒ කිසි ආකරයකින් මැකී නොයාවි. ඒ නිර්භිත මිනිසා, ඒ අසමසම යුධ විරුවා නැවත කිසි දිනෙක ඔබ හමුවට නොපැමිණේවි. එනමුත්, ඔහු ඉතිරිකර ගිය මතකයන් එදත්, අදත්, හෙටත්, සදාකාලිකවම ප්‍රේක්ශක අපගේ මතකයේ රැව් පිළිරැව් නගාවි. එසේනම්, මළ හිරු බැස යන යාමයේ, අවසරයි ඔබගෙන් සමුගෙන යන්න. නිහඬ විරුවාණෙනි, ස්තුතියි අපගේ ළමා කාලය, තරුණ කාලය වර්ණවත් කිරීම වෙනුවෙන්…! ස්තුතියි අප වෙනුවෙන් ඔබ ඉතිරි කර යන්නා වූ ඒ සොඳුරු මතකයන් වෙනුවෙන්…! නැවත අප හමුනොවන බැව් සක්සුදක් සේ දන්නා බැවින්, වේදනාවෙන් මුසපත්වූ හදවතින්, අවසානයේ පතන්නම් මෙලෙසින්…. ඔබට සුභ ගමන්!!!
මරණය රජයන ලෝකයක මං ජීවත් වුණේ.
මං ගෙදර යන්න උත්සාහ කළා.
ඒත්, මට ඇත්තටම යාගන්න බැරි වුණා.
මගේ හිතේ සහ ආත්මයේ කොටසක්…
අතරමං වුණා.
ඒත්, මගේ හදවත තාමත් තියෙන්නෙ…
මං ඉපදුණු තැන…
මෙච්චර කාලෙකට මම දැනගෙන හිටපු එකම පවුල…
අන්තිම වෙනකම්ම මං ආරක්ෂා කරපු තැන…
මෙච්චරක් කාලෙකට මම දැනගෙන හිටපු එකම නිවහනේ.
මං ආදරය කරපු හැම කෙනෙක්ම…
මේ වෙද්දි මට නැතිවෙලා ඉවරයි.
ඒත්, මං දිගටම සටන් කරනවා…
එයාලගෙ මතකයන් ජීවමානව තියාගන්න…
සදහටම!
– ජෝන් රැම්බො –
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය EXTENDED BR / HC-HD පිටපත් සඳහා අදාළ වේ.
36,623 downloadsDownload Rambo-Last-Blood-2019-BR-Updated.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
158 comments
Hashan M. Priyadarshana
Nchamara
thanks
දමිත් රත්නායක
බොහොම ස්තුතියි සහෝ.
බලන් හිටපු එකක්.prabth
Thank you yaluwa
දමිත් රත්නායක
ලිපියේ අවසානයෙදි රැම්බෝ ආයෙමත් එන්නෙ නෑ කියලා කියද්දි නම් පුදුම දුකක් දැනුනේ.
වෙනදා වගේම සුපිරිමි ලිපියක් සිසිල සහෝ.Praneeth priyadarshana
Tks bokka
gihan perera
ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ....නියමයි....හැඳින්වීම පට්ට.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Achi
සබ් එකට ජය බන්..හොද කොපියක් ආවහම බලනවා.ආදරේයි...
Achi
වොල්වරින් නවත්තලා කියලා ඔය කියනකම් දන්නේ නැ බන්...මම ෆිල්ම් එකක් එනකම් බලන් ඉන්නවා...අපරාදේ ශික්..ආසම නලුවෙක්
ninini-3
සබ් එකට ස්තූතියි....
Ruwan@chamara
සුපිරි මචං...
ලස්සනට ලියල තියේ...
ඉස්සරහටත් සබ් කරන්න ශක්තිය...
❤️❤️❤️මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .සිසිල සහෝ
kolitha
Thanx bro..
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Big fish (2003) movie ekata sub dennako
dinethprasanna
සුපිරි ලිපිය පට්ටම දුකයි
sanuranjana
super bro... supirima lipiyak... thank you sooomuch
vas0303
Thanks bro
banu1991
thank u sahoo
]diluksha
jaya wewaaaa digatama karagena yann
marksilva
thanks bro
Hemal
Thanks bro
ishanmaxmaxmax
Thanq
Shehan putha
Thanks bro..
Shamal manojan
Late Night එකේ ෆිල්ම් Download කරන ගමන් ඉන්නේ. බොහොම ස්තූතියි සබට.
හැකිනම් Silvester Stallone රඟපාන Rocky Balboa 2006 චිත්‍රපටයට සිංහල උපසිරැසි කරන ලෙස ඉල්ලා සිටිමි.arawindasunimal
ස්තුතියි උපසිරසියට (සිසිල ප්‍රසාද් ) නියම වැඩ්ඩෙක්ගේ අවසාන ෆිල්ම් එක .....බයිස්කෝප් ටීම් එකට ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
cccccbuddika
Tnx broooooooo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thushara_2262
ELa
dimithri
නියමයි සහෝ...ආසම චරිතයක්....
Sanjeewa2010
Pattaaaaaaaaa
prageeth
thanks bro
Bobby
Thank you very much Sisila
playgayan
Thank you
Sarith rithmika
Thank u
geeganagamage
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ .
Saman s.k
Thanks macho sub akata.......
RuwanLakshan93
බොහෝම ස්තූතියි සහෝ ජය වේවා...... !
harris
Thnks sub ekata
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
cccccbuddika
Tnx broooooooo
Nadeesha rox alahakoon
Tnx bro subt. Mekanum aniw blnda one.podi kale ahamben baluna film ekk.eda balapu dawase idn rambo film set ekama hoyagena baluwa. Kiyala wadak na. Supirima katha set ekk thama.
Ayeshmadawaththa
Api koi taram aswen balapu film ekkda me lipiya kiyawaddi ahata kadulak awe nodanimai. Thnk you for sub and thnk you so much rambo we miss u
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරිම කතා ටිකක්...
Bluray ආවහමම ගන්නවා....Udara Damith Dissanayaka
ela
jagath55
Thanks
praneeth01
Sub ekata Thanks
ranga11112
supiri.....
sthuthiy saho...bsThusitha Sampath
Thanks...
channasahandharmasiri
Tnx bro...
Nandana_kumara
Tu bri
Pasindu16022
Thanks for the sub bro..
Dragonwhite
paharakmai enakan balan hitiye thanks
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ජයෙන් ජය...
Samitha Prince
Sinhala SUB ekata godak tnx bn. Jayawewa....!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) ..
මේව දිලිසි දිලිසි බලන්න ඕන film ;)
BR ආවම අනිව update එකක් දෙන්න සබ් එකට..
ජය වේවා.!