අද මගේ දෙවෙනි උපසිරැසියෙන් මම ඔයාලව එක්ක යන්නෙ ත්‍රාසජනක නිධන් දූපතකට! මම කියන්නම ඕන මුලින්ම, මේ “ටැග්ලයින්” එක මගෙ ඔළුවෙ පැළපදියම් වුනේ, පියදාස වැලිකන්නගේ ශූරීන් විසින් දෙවෙනි ලෝක යුද්ධ කාලය වටා ගෙතෙන විදිහට ලියපු මේ නමම තියෙන, මේ වගේම කතාවස්තුවක් පාදක වුණු යොවුන් නවකතාවක් නිසයි කියලා… කතාව පටන් ග…

අද මගේ දෙවෙනි උපසිරැසියෙන් මම ඔයාලව එක්ක යන්නෙ ත්‍රාසජනක නිධන් දූපතකට!
මම කියන්නම ඕන මුලින්ම, මේ “ටැග්ලයින්” එක මගෙ ඔළුවෙ පැළපදියම් වුනේ, පියදාස වැලිකන්නගේ ශූරීන් විසින් දෙවෙනි ලෝක යුද්ධ කාලය වටා ගෙතෙන විදිහට ලියපු මේ නමම තියෙන, මේ වගේම කතාවස්තුවක් පාදක වුණු යොවුන් නවකතාවක් නිසයි කියලා…
කතාව පටන් ගන්නෙ නිව්යෝක් නුවරින්…
“පීලි” (Kea Peahu) කියන ගෑනු ළමයා, නිධන් හෙවීම වගේ ගවේෂණාත්මක වැඩවලම රුසියෙක්. මෙයා නිතරම සහභාගී වෙනවා “ජියෝකෑෂිං” (Geocaching) නමින් හඳුන්වන තරඟාවලියකට. තරඟය නම් යන්නෙ මෙහෙම. පෙට්ටියක් හොයාගන්න දීලා තියෙනවා. සීමිත කාලයක් ඇතුළත නිධානයක් හොයන්න වගේ තරඟකරුවන්ට යායුතු මග ගැන හෝඩුවාවල් දෙනවා; ඒ ඒ අයගෙ GPS වලට. ඉතිං, කැමති පාරකින් ගිහින්, දන්න දහංගැටයක් දාලා තෝරන්න තේරවිලි තියෙනවා, රහස් කේත අරහෙ මෙහෙ තියෙනවා… දන්නවනෙ ඉතිං. (කොරෝනා නැත්තන් මටත් යන්නමයි දැන් හිත ඒකකට.) නව සහශ්‍රය පටන්ගත්ත අලුත වගේ 2000 අවුරුද්දෙ මැයි 3 වෙනිදා, Matt Stum කියලා කෙනෙක් තමයි “GPS Stash hunt” කියලා අන්තර්ජාල සාකච්ඡාවක් ඇතුලේ මේ ජියෝකෑෂිං ක්‍රීඩාව සම්බන්ධ මුල්ම අදහස දීල තියෙන්නෙ. හරි, දැන් ඒ කතා ඇති.
තමන්ගෙ යාළු ‘යෝලි’ත් එක්ක, කවුරුවත් නොහිතන සැලැස්මකට, හිතාගන්නවත් බැරි පාරක් දිගේ වෙරදාලා සයිකලේ පාගලා වේලාසනින්ම නිධානෙත් හොයාගන්න පීලි, ජයග්‍රාහිකාවක් විදිහට දිනාගන්නෙ “Catskill” කඳු පන්තියේ පැවැත්වෙන්න යෙදෙන ඊළඟ ජියෝකෑෂිං කඳවුරට සවාරියක්! පීලිටත් ඉවසිල්ලක් නෑ ඒකට සහභාගී වෙන්න. ඒත්, හවායිවල ඔආහු ගමේ ජීවත්වෙන එයාලගේ “කිමෝ” කියන සීයා (Branscombe Richmond) ගේ අසනීප තත්වය උඩ යෙදුණු පවුලේ කටයුත්තක් (හදිසි ගමනක්) උඩ පීලිට කඳවුර මග ඇරෙනවා. පීලිගේ අම්මා “ලෙයිලානි” (Kelly Hu) යෝලිව ඊ මේල් හරහා සම්බන්ධ කරගන්න බලාපොරොත්තුවක් දුන්නත්, එහෙ ගමේ ඔය Wi-Fi/HSPA/GPRS තියා හරිහමන් ATSC ටෙලිවිෂන් සිග්නල් එකක්වත් නැතුව පීලි අසරණ වෙනවා (ඔව්වා නම් මොනවද, ලංකාවේ වැඩි හරියකට PAL ම අහුවෙන්නෙත් හොරට නේ. ඒ මදිවට දැන් Zoom meetings වලට කියල ගස් නගින ළමයිම කොච්චර ඉන්නවද!). ඒකටම හපන් එයාගේ අයියා “ඉයෝවානේ” (Alex Aiono); නංගිත් එක්ක හරි වලි. කොයි හැටි වේවා ඇත්තම කිව්වොත් සීයා ගේ ගෙදර වරිපනම් බදු, බිල් ප්‍රශ්න නිසා මෙයාලගේ මුළු පවුලම අසරණ වෙන්නයි යන්නේ. අපිට වැඩිය එළිපිටම නොපෙනුනත් ඇත්ත කතාව ඒකයි. තාත්තා නැති පවුලේ බර තනියම කරට ගත්තු අම්මා දිගින් දිගටම කබලෙන් ලිපට වැටෙනවා.
බලාපොරොත්තු කඩවෙලා නුහුරු නුපුරුදු හවායිවල තමන්ගේ මහගෙදර සක්මන් කරන වෙලාවක මිදුලේ පැත්තක නතර කරලා තියෙන ගරාවැටුණු බස් එකක් පීලිට මුණ ගැහෙනවා. ජියෝකෑෂිං කළ පුරුද්දට ඒ ඇතුළට රිංගපු පීීලිට නම් ඒක හොඳ කටුගෙයක් වගේ. ඉතිං අහුමුළුවල තිබුණු නානා විධ මතක සටහන් අතරින් එක දිනපොතක් මෙයාගේ ඇස ගැටෙනවා. පොත කියවන පීලි අමුතුම ඉතිහාස කතාවක නිමග්න වෙනවා. රොබින්සන් (Marc Evan Jackson), බ්‍රවුන් (Chris Parnell), මොන්ක්ස් (Ricky Garcia), කියලා නාවිකයෝ තුන්දෙනෙක් මුල් වුනු ඒ කතන්දරේ කෙළවර වෙන්නේ සුප්‍රකට Kualoa ගොවිබිම් රක්ෂිතයේ කඳු මුදුනක හැංඟුණු සුවිශාල නිධානයකින්! කුතුහලය, සීයාගේ නැතිබැරි කම වගේම ජිියෝකෑෂිං කළ පුරුද්ද කියන බල තුනේ පද්ධතියේ සම්ප්‍රයුක්තය, පීලිව සූදානම් කරවනවා, කාලයේ අළු දූවිලි පිහදාලා ඒ නිධානය ගොඩ ගන්න! ඉතින්, පීීලි නිධානය ගොඩ ගනියිද? අර මළගිය නැවියන්ගේ අවතාර ඒ පුංචි කෙල්ලව අත අරියිද?
ඇත්තටම මේක මගේ හිතට වැදුනෙ වෙනස්ම විදිහකට. හැම ප්‍රසාංගික කතා වස්තුවකම ගැටුමක් තියෙනවා. ඉතින් දුෂ්ටයෙක් ඉන්නවම නේ. ඒත් මේ කතාවේ එහෙම කෙනෙක් මට නම් පෙනෙන්න හිටියේ නෑ. මේ කතාවේ ඉන්න එකම දුෂ්ටයා තමයි ප්‍රශ්න, ගැටලු, ජීවිතේ හැලහැප්පීම්, නැතිබැරිකම, දුප්පත්කකම, තරහ මරහ, වැරදි වැටහීම් වගේ දෙනෝදාහක් ප්‍රතිරූප වලින් අපි කාට කාටත් බලපාන සංසාරික දුක! චිත්‍රපටියක් නිසා නෙවෙන්නං රාත්‍රී සොල්දාදුවන්ගෙ අවතාරත් නෑ තමයි. හිහ්!
ඇමෙරිකාවේ ඝෝෂාකාරී New York නගරේ ඉඳන් හවායිවල නිස්කලංක Honolulu, Kaneohe, Kualoa වෙනකන් දිවෙන සුන්දර ගමන් මගක ත්‍රාසය, භීතිය, කුතුහලය, වීර ක්‍රියාදාම වගේම ඉයෝවානේ සහ “හනා” (Lindsay Watson) දෙපෙළගේ යොවුන් ආදරයෙන් පිරිලා ඉතිරිලා යන මේ සලරුව උණු උණුවෙම වගේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ නිකුත් වුණේ Netflix සේවාවෙන්. ඉතින් වෙනදට බාගෙන බලන ගොඩක් ෆිල්ම් වගේ 2.35:1 Anamorphic සයිස් එකට කොටුවෙන්නේ නැතුව 16:9 Widescreen (HDTV) වපසරියෙන්ම හිතේ හැටියට නරඹලා රසවිඳින්න පුළුවන්! IMDb මධ්‍යන්‍යය ලකුණු 6.1ක් වුනාට මොකද, මම නම් ලකුණු දහයෙන් දහයම දුන්නා. ඇයි Rotten tomatoes! තක්කාලි මීටරේ 85%යි Audience score 84%යි! අහ්.. පීලිගෙ අලුත් යාළුවා “කැස්පර්” (Owen Vaccaro) නං “බතට චීස්” කියන්න වගේ! වයස් මට්ටම PG නිසා හැමෝටම බය නැතුව බලත හැකි. ටිකක් “සැර වැඩි” වගේ වචනයකුත් තිබ්බා ඒක එච්චර ගනං ගන්නෙපා…
මේ චිත්‍රපටයේ “පෝස්ටරය” මට මුලින්ම මුණගැහුණු විදිහ වෙනම කතාවක්. කොටින්ම කිව්වොත් ඒ, Flight 7500, Tell me how I die, Agents of Secret Stuff වගේ චිත්‍රපට වල චරිත විදිහටත්, ඊටත් වඩා YouTube එකේ විහිළුකාරයෙක් විදිහටත්, පසුකාලීනව “BGA” (Boys Generally Asian) කියන “කොරියන්” ගායක මඩුල්ලේ නායකයා විදිහටත් දන්න අය අඳුනන Ryan Higa ගැන විස්තර හොයද්දියි. මං ඔය විස්තර හෙව්වෙ නං මගෙ චැනල් එකේ එක වීඩියෝ එකක Description එකට කරුණු හොයන්න. මගෙ වීඩියෝ එක මොකක්ද කිව්වොත්, ඒක Ryan higa ම, Darude ගෙ SANDSTORM ට්‍රැක් එකට කරපු කවර් එකකට මං MIDI වලින් කරපු රි-මේක් එකක්! පුදුමයි තාම කොපිරයිට් වැදුන්නෑ කිව්වම. මම ඒක හැදුවෙම මමම Assemble කරපු මගෙ Instrument patch set එකට demo එකක් විදිහට!
කොහොම හරි Ryan Higa ත් මේ චිත්‍රපටයෙ රඟපානවා. එයාගෙ උපන් ගමත් හවායි වල Hilo ප්‍රදේශයම තමයි! ඒත් Kualoa ගොවි බිම් රක්ෂිතයේ උද්‍යාන පාලකයෙකුගේ සුළු චරිතයකට එහා දෙයක් නම් එයාගෙන් බලාපොරොත්තුවෙන එකේ තේරුමක් නෑ. හුහ්! (දැන් ඇති, මට ලියලම හති…)
ශාන් විමුක්ති හෙවත් “විමා” අයියාටත් (නම හරි නේද?) මගෙ පළමුවෙනි උපසිරැසිය හරියාකාරව පළ කරන්න මට හයියක් වුණු ලශේන් ද මැල් අයියාටත්, සිසිල ප්‍රසාද් අයියාටත් ඉත සිතින් ස්තුතිවන්ත වෙමින් අදට මම සමු ගන්නම්, තවත් අලුත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුව ඇතිව.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
7,994 downloadsDownload Finding-Ohana-2021.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ දුවිඳු තරින්ද පෙරේරා” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-04-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ දුවිඳු තරින්ද පෙරේරා
Subtitles
26 comments
malith madhushan
Duwindu Tharinda
අහන්නත් සතුටුයි!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Sub plz Awake 2020 film netflix
Pramukmili
Thanxxxxxxxx bro............
anuruddha adhikari
good luck bro ..tnq for sub
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!R_deshan
මචං උඹේ ලිපි ලිවීමේ හැකියාව නම් අනර්ඝයි.පුදුම විස්තරයක් කරල තියෙන්නෙ.ෆිල්ම් එක කෙසේ වෙයිද දන්නෙ නෑ ලිපිය නම් ආයෙ ආයෙ කියෙව්වැකි.ෆිලුමත් සෙට් වෙයි කියල හිතනවා.සබට තෑන්ක්ස් සහෝ!!
Duwindu Tharinda
බොහොම ස්තුතියි!
thilina
machan thq bn .tava deyak Tactical Force (2011) meke sub na bn dipanko maru meka wwe eke porak inne
Anonymous
lassana lipiyak sahodaraya...
keep it up!indika75
thanks..
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Ranga
cant play sub in kmplayer .Nice work
Nandana
Meke thiyenne wena film akak nidan hoyana akak nehe link aka weradi
Nelson Rodrigo
Good work friend, thanks for the sub!
Lahiru Lakshan
thanks machn...
Ruchira
Thanks for the sub!!!
thilina
tanku weva
A Vithanage
Subtitles for Finding Ohana is not suporting.They say syntax error at line 3317.
And, unable to copy link.
Please check.හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Gayan Ddarshana
Trial by fire ෆිල්ම් එකේ සබ් හදලා දාන්න පුලුවන්ද
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dewadithya
Thanks for Sub!
Ashka Lakshan
බොහොම ස්තූතියි සින්හල උපසිරසියට! ජය වේවා!
Advertisement
බොහොම ස්තුතියි සහෝ දෙනකන් බලන් හිටිය ෆිලුමක්. දිගටම උපසිරස කරන්න හැකියාව ලබේවා. උපසිරසට බොහොම ස්තුතියි