දැන් එන්න එන්නම වීඩියෝ ගේම් පාදක කරගෙන නිර්මාණය කරන චිත්‍රපට එන්න අරගෙන තියෙන්නෙ. දැනටමත් ගොඩක් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතිං අද මේ අරගෙන එන්නෙත් අන්න එහෙම චිත්‍රපටයක්. Resident Evil කිව්වම ඕනෙම කෙනෙක්ට මතක් වෙන්න ඇති කියලා හිතනවා. Sony මඟින් අවුරුදු ගණනාවක් Resident Evil ෆ්‍රැන්චයිස් එකක් කරගෙන ආව…

දැන් එන්න එන්නම වීඩියෝ ගේම් පාදක කරගෙන නිර්මාණය කරන චිත්‍රපට එන්න අරගෙන තියෙන්නෙ. දැනටමත් ගොඩක් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතිං අද මේ අරගෙන එන්නෙත් අන්න එහෙම චිත්‍රපටයක්. Resident Evil කිව්වම ඕනෙම කෙනෙක්ට මතක් වෙන්න ඇති කියලා හිතනවා. Sony මඟින් අවුරුදු ගණනාවක් Resident Evil ෆ්‍රැන්චයිස් එකක් කරගෙන ආවා. මේ වෙද්දීත් නොබලපු අය ඉන්නවා නම් මං පහළින් චිත්‍රපට පෙළ දාන්නම්.
- Resident Evil (2002)
- Resident Evil 2 Apocalypse (2004)
- Resident Evil Extinction (2007)
- Resident Evil: Afterlife (2010)
- Resident Evil Retribution (2012)
- Resident Evil The Final Chapter (2016)
ඔන්න ඔය විදියට තමයි ඒ චිත්‍රපට ටික ආවේ. කොහොමහරි අද මේ අරගෙන එන එක ඒ චිත්‍රපට කිසිදු එහෙකට සම්බන්ධ නැහැ. ඒ නිසා ඔයාලට කැමති නම් ඒ ටික නොබලා ඉන්නත් පුළුවන්. හැබැයි මම නම් නිර්දේශ කරන්නෙ බලන්නම කියලා. මොකද මේ චිත්‍රපටය යන්නෙ Reboot එකක් හැටියට. Welcome To The Raccoon City චිත්‍රපටය පාදක කරගෙන තියෙන්නෙ Capcom මඟින් නිර්මාණය කරපු Resident Evil පරිගණක ක්‍රීඩාවෙ පළමු සහ දෙවැන්නෙ ඇති කතාව වස්තුවයි. පහළින් දකින්න ලැබෙන්නෙ එහි ජයරූප දෙක.
– පළමු වීඩියෝ ගේම් එක –
– දෙවැනි වීඩියෝ ගේම් එක –
ඒවගේම තමයි අපිට මේ ගේමින් චරිත Live-Action බලාගන්න පුළුවන් වෙනවා. ඇත්තටම ඒක ගේමි සින් එකේ ඉන්න අයගෙ සිහින සැබෑ වීමක්. මමවත් තාම මේ එකක්වත් ප්ලේ කරලා නැහැ. පරිගණක සිහිනා සැබෑ වුණාට පස්සෙ ඉතිං මේ ටික අනිවාර්යෙන්ම ප්ලේ කරනවා. පහළින් දකින්න තියෙන්නෙ ඒ ගේමින් චරිත වලට සැබෑ ජිවිතයෙදී පණ පොවන චරිත.
– චිත්‍රපටයෙ දකින්න ලැබෙන චරිත –
කොහොමහරි මේ වෙද්දී IMDb අගය 5.6 ක් සහ කුණු තක්කාලි අගය 29% අරගන්න සමත් වී තිබෙනවා. ඩොලර් මිලියන 25 ක පිරිවැයක් දරමින් නිර්මාණය කරපු මෙය ඩොලර් මිලියන 30 ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. කොහොම වුණත් Sony ආයතනය මඟින් මෙය දිගටම කරගෙන යන්නැති පාටක් තමයි පෙනී යන්නෙ. ඒක අපි ඉස්සරහට බලමුකෝ. ඒවගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Johannes Roberts විසින්. රංගනයෙන් Kaya Scodelario l Avan Jogia l Hannah John-Kamen l Robbie Amell l Stephannie Hawkins l Lily Gao l Tom Hopper l Neal McDonough l Holly de Barros l Donal Logue දායක වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
ක්ලෙයා කියන්නෙ කුඩා කාලයෙම තමන්ගෙ දෙමව්පියන් නැති වුණු පොඩි කෙල්ලෙක්. ඒවගේම තමයි මෙයාට අයියා කෙනෙකුත් ඉන්නවා. ඒ තමයි ක්‍රිස්. ඉතිං මේ ක්‍රිස් කුඩා කාලේ ඉඳලා තමන්ගෙ නංගිව ආදරෙන් බලාගන්නවා. කිසි දෙයක් වෙන්න නොදී. හැබැයි මේ ඔක්කොම වෙනස් වෙනවා ක්ලෙයා පැනලා ගියාට පස්සෙ. ක්‍රිස්ටත් හිතාගන්න බැරි වෙනවා ඇයි එයා එහෙම දෙයක් කරේ කියලා. ඔන්න අවුරුදු ගාණක් ගෙවිල. පුංචි ක්ලෙයාර් දැන් ලොකු වෙලා. ඉතිං මෙයා තමන්ගෙ අයියව හොයාගෙන එනවා. ඒ එයාලා හිටපු රැකූන් නගරයට. මේ ටවුමේ අමුතු දේවල් සිද්ධ වෙන්න ගන්නවා. මිනිස්සු ලෙඩ වෙනවා. ඒවගේම තමයි එයාලා සාහසික පුද්ගලයින් බවට පත් වෙනවා. තවත් කෙටියෙන් කියනවා නම් මේ මිනිස්සු අනික් මිනිස්සුන්ව කනවා. මුළු ශරීරයම විකෘති වෙන්න අරගන්නවා. ඔන්න ඔය වගේ අවධියකදී තමයි මෙයා මේ නගරෙට ඇතුළු වෙන්නෙ. ඒත් ඇයි මෙහෙම වෙන්නෙ? මොකක්ද මේක පිටිපස්සෙ තියෙන රහස? අවුරුදු ගාණකට පස්සෙ ක්ලෙයාර් ඇයි ක්‍රිස්ව හොයාගෙන එන්නෙ? මේ සිද්ධ වෙන දේ ගැන අනතුරු අඟවන්නද? ඒත් ක්ලෙයාර් කොහොමද ඒ විස්තර දැනගත්තෙ? යන සියලුම ප්‍රශ්ණ වලට උත්තර චිත්‍රපටයෙදී දැකගන්න හැකියාවක් ලැබෙනවා. එහෙනම් චිත්‍රපටය ඔයාලටම බාරයි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
19,381 downloadsDownload Resident-Evil-Welcome-to-Raccoon-City-2021-Blu-Ray.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2021
- #Avan Jogia
- #Donal Logue
- #Editor's Pick
- #Hannah John-Kamen
- #Holly de Barros
- #Johannes Roberts
- #Kaya Scodelario
- #Lily Gao
- #Must Watch
- #Neal McDonough
- #Offbeat
- #Robbie Amell
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Stephannie Hawkins
- #Subs
- #Tom Hopper
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
33 comments
Janidu
c p kumara
thank you so much.....
film eka superiyak thamai.....Sahan Gayantha
Thanks a lot saho sub ekata. kohomath 1st series ekath ekka nam compair karana baha. mokada e series eka supirima supiri hama pattenma. E nisa meka baluve nathi unath kalin series eka nobalabu kenek innava nam aniva balanna.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks jayawewa....!
Sanjeewa2010
Thanks
oshanda
thanks malli... onna gaththaa
thesaru praneeth
ammo thnx ,spiderman ecath icmntama one
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!kavinda gamage
ගොඩාක් ස්තුතියි නියම වැඩක් .
sangeeth samarasinghe
thanks bro sub akata. Movie ake trailer aka nm hodai. Movie aka balannama wenawa. Horror side akata wadi barak daala theena movie akk
indika 75
thanks..
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sameeraudias
Matrix ekatai 1883 series ekatai sub karanna berida
Anonymous
thank you for the subtitle
Roshan
Tnx for sub.stay safe...
ක්‍රිශාන්ත
ගොඩාක් ස්තුතියි සබ් එකට
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Ruvindu
PTTA RAVINDU RUKSHAN GODK SUB DENA AIIA KENEK TNX AIIE GODAK Mn Ruvindu
Madushan
thanks for the sub ....
Anonymous
Thanks bro
charith
සබ් එකට ස්තුතියි............
Udara Damith
ade podi labayak hamba una nis awenda athi ne digatama meka karanne neththe
sub ekata elaDeshan
සිංහල උපසිරසියට ස්තුතිය සහෝ
ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks malliyo
Chämàrá Sâmpáth
දැන් තමයි බලලා ඉවර කලේ.
සබට තුති ආ!!Anonymous
Thanks Brother
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Kung fu panda paws of distiny 2018 series eke sub one ☺️seoson 01 episode 13 thiyenne ikmanata denna