Watch Trailer

Munjya (2024) with Sinhala Subtitles | ප්‍රේත ආත්මයක පළහිලව්ව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 161 වැනි උපසිරැසි නිර්මාණය විදිහට, මෑතකදී ඉන්දියානු සිනමාව ඇළලූ Maddock Horror-Comedy Universe එකේ අලුත්ම සාමාජිකයෙක් අරගෙන ආවා. ඒ තමයි 2024 වසරේ අතිශය ජනප්‍රිය වුණු “Munjya” චිත්‍රපටය. මීට කලින් මම මගේ 160 වැනි නිර්මාණය විදිහට “Roohi” චිත්‍රපටය ඔබ වෙත ගෙන ආවා මතක ඇති. Maddock සිනමා…

ඔන්න එහෙනම් මගේ 161 වැනි උපසිරැසි නිර්මාණය විදිහට, මෑතකදී ඉන්දියානු සිනමාව ඇළලූ Maddock Horror-Comedy Universe එකේ අලුත්ම සාමාජිකයෙක් අරගෙන ආවා. ඒ තමයි 2024 වසරේ අතිශය ජනප්‍රිය වුණු “Munjya” චිත්‍රපටය.

මීට කලින් මම මගේ 160 වැනි නිර්මාණය විදිහට “Roohi” චිත්‍රපටය ඔබ වෙත ගෙන ආවා මතක ඇති. Maddock සිනමා විශ්වයේ නිර්මාණ එකතුව සම්පූර්ණ කිරීමේ අරමුණින් තමයි මම “Munjya” සඳහාත් උපසිරැසි ගැන්වීමට තීරණය කළේ.

මෙම කතාව නිර්මාණය වෙලා තියෙන්නේ ඉන්දියානු ජනප්‍රවාදවල එන “මුන්ජ්යා” කියන අද්භූත චරිතය වටායි. තමන්ගේ ඉටු නොවූ ආශාවක් නිසා ගසක සිරවී සිටින මේ පුංචි ප්‍රේත ආත්මය, වසර ගණනාවකට පස්සේ නැවතත් තමන්ගේ පරම්පරාවේ තරුණයෙක් හරහා කරළියට එනවා. හාස්‍යයත්, කුතුහලයත්, බයත් උපරිමයෙන් මුසු වුණු මේ කතාවේ, මුන්ජ්යාගේ මේ ආශාව ඉටු කරගන්න යන ගමන හරිම අපූරුවට දිග හැරෙනවා.

විශේෂයෙන්ම මෙහි එන තාත්වික CGI නිර්මාණ සහ කුතුහලය පිරුණු ගලායාම නිසා චිත්‍රපටය එක හුස්මට බලන්න පුළුවන්. Stree සහ Bhediya චිත්‍රපටවලට ඔබ කැමති නම්, අනිවාර්යයෙන්ම නැරඹිය යුතු තවත් අත්දැකීමක් තමයි මේක.

Maddock Horror-Comedy Universe එක පිළිවෙළට නරඹන්න කැමති අයට මේ ලැයිස්තුව ප්‍රයෝජනවත් වේවි:

අභියෝගාත්මක නිර්මාණයක් වුණු මේ උපසිරැසියත් රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මගේ මේ ගමනට ශක්තියක් වෙන ඔයාලා හැමෝටම ස්තූතියි!

බුදු සරණයි….!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/BR  පිටපත සඳහා අදාළ වේ.

457 downloadsDownload Munjya-2024.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

457 downloadsDownload Subtitles46 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.