මේ වසරේ සුපිරි තරුව MBගේ බ්ලොක්බස්ටර් හිට් එක තමයි මේ විදිහට අරගෙන ආවේ. ඉස්සෙල්ලාම මේ චිත්‍රපටය බයිස්කෝප් එකෙන් දෙනකල් බලා ඉඳලා බලාපොරොත්තු කඩ වුණ අය වෙනුවෙන් මගේ කණගාටුව. හැපි මූඩ් එකේ විස්තරයට බහිමුකෝ… මහේෂ් නැත්නම් මහී, ඇමරිආවේ වාසය කරන්නේ. මෙයා ඇමරිකාවේ පොලියට ණය දෙන ව්‍යාපාරයක් කරගෙන යනවා. කොහ…

මේ වසරේ සුපිරි තරුව MBගේ බ්ලොක්බස්ටර් හිට් එක තමයි මේ විදිහට අරගෙන ආවේ. ඉස්සෙල්ලාම මේ චිත්‍රපටය බයිස්කෝප් එකෙන් දෙනකල් බලා ඉඳලා බලාපොරොත්තු කඩ වුණ අය වෙනුවෙන් මගේ කණගාටුව. හැපි මූඩ් එකේ විස්තරයට බහිමුකෝ…
මහේෂ් නැත්නම් මහී, ඇමරිආවේ වාසය කරන්නේ. මෙයා ඇමරිකාවේ පොලියට ණය දෙන ව්‍යාපාරයක් කරගෙන යනවා. කොහොම හරි ඇමරිකාවේ පැත්තකට වෙලා පොලියට ණය දිදී හිටිය මෙයා එක කෙල්ලෙක්ට දුන්න ණයක් නිසා ලොකු අමාරුවක වැටෙනවා. ඇමරිකාවේ හිටිය මහී ආපහු ඉන්දියාවට යනවා. ඒ ණය කලින් කිව්ව ණය දුන්න කෙල්ල කලාවතීගේ තාත්තව හම්බවෙන්න. කලාවතීගේ තාත්තා රාජේන්ද්‍රනාත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා මහී එයාව හම්බවෙන්න ගියාම දැනගන්නවා. ඒත් මුරණ්ඩුකාරයෙක් උන මහීට ඕනේ වෙලා තියෙනවා කලාවතී එයාගෙන් ගත්ත ඩොලර් 10 000 රාජේන්ද්‍රනාත්ගෙන් අරගන්න. මහීට ඩොලර් 10 000 කලාවතීගේ තාත්තගෙන් අරගන්න පුළුවන් වෙයිද, නැත්නම් රාජේන්ද්‍රනාත් මහීට කරදරයක් කරයිද?

“සර්කාරු වාරි පාටා”(රජයේ ලංසුව) කියන මේ ක්‍රියාදාම, හාස්‍යජනක චිත්‍රපටය පරසුරාම්ගේ අධ්‍යක්ෂණයක්. පරසුරාම්ගේ අධ්‍යක්ෂණයක් වුණ 2018 වසරේදි නිකුත් වූ Geetha Govindam බහුතරයක් සිනමා රසිකයින් අය බලන්න ඇති. පරසුරාම් Okkadu චිත්‍රපටය නැරඹීමෙන් පස්සෙ මහේෂ් එක්ක චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා. ගීත ගෝවින්දම් චිත්‍රපටයේ සාර්ථකත්වය, ප්‍රසිද්ධියත් පරසුරාම්ට ලැබෙද්දි පරසුරාම් මහේෂ් එක්ක හමුවෙලා එයාගේ හීනය කොහොමින් හරි හැබෑවක් කරගන්නවා.
පලමුවෙන්ම චිත්‍රපටයේ නිෂ්පාදන අංශයෙන් පසුගිය වසරේ අගෝස්තු 9 දා මහේෂ් බාබුගේ ජන්ම දිනය් වෙනුවෙන් චිත්‍රපටයේ නමත් එක්කම සඳහන් කරලා වීඩියෝවක් යූටියුබ් එකට මුදා හරිනවා. චිත්‍රපටයේ නිෂ්පාදන වැඩ කටයුතු වසංගත තත්වයත් එක්ක මන්දගාමී වෙද්දි, මේ වසරේදී නිකුත් කිරීම තහවුරු කරගන්නවා. මේ චිත්‍රපටයට සංගීතය සපයන්නේ එස්. තාමන්. මෙහි සිඩ් ශ්‍රීරාම් ගායනා කරන කලාවතී ගීතය යූ ටියුබ් වෙත මුදා හැරි දිනයේදී දිනක් තුලදී වැඩිම නැරඹුම් වාර ප්‍රමාණයක් හිමිකරගත් දකුණු ඉන්දීය Lyrical වීඩියෝව ලෙස වාර්ථා තබනවා. ඒත් එහි වාර්තා බිඳ දැමීමට Beast චිත්‍රපටයේ ‘ඇරබික් කුත්තු’ ගීතය සමත් වෙනවා. කලාවතී ගීතය නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ පෙබරවාරි 14 දින වැලන්ටයින් වෙනුවෙනුයි. ඒත් 13 දින කලාවතී ගීතය නිකුත් කිරීමට තිබූ පිටපත මාධ්‍යයට “ලීක්” කර, පිට කරනු ලබනවා. මේ හේතුව නිසා තාමන් මහත් සංවේගයට පත් වෙනවා. පසු දින ගීත නිකුත් කරනු ලැබුවේ පෙර ගීතයට තවත් වෙනස්කම් එක්කම අමතර දර්ශන එකතු කරමිනුයි. “චෙල්ලම්මා, ඇරබික් කුත්තු” ගීත වලින් ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණ ජොනීටා ගාන්ධි “මා මා මහේෂා” ගීතය ගායනයෙන් සම්බන්ධ වෙනවා.
ගට්ටමනේනී මහේෂ් බාබු නැත්නම් ‘නානි’ Okkadu (2003), Pokiri (2006) චිත්‍රපටිවල රංගනයෙන් මහත් ප්‍රසිද්ධියට පත් වුණා. අද වෙද්දි තෙළිඟු සිනමාවේ සාර්ථකම තරුවක් විදිහට මහේෂ් රැඳී ඉන්නවා. කොහොමින් හරි මහේෂ් බාබුගේ කතා තෝරා ගැනීම නම් අවදානම් කලාපයෙන් බැහැර ආකාරයක් තමයි පෙනෙන්නේ. මීට කලින් නිකුත් වුණ Sarileru Neekevvaru (2020) චිත්‍රපටයද මෙවැනිම ආකාරයේ ක්‍රියාදාම, හාස්‍ය වර්ගයේ චිත්‍රපටයක්. ප්‍රේක්ෂකයින් මහේෂ්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. මහේෂ් වාණිජමය වශයෙන් සාර්ථක තිර කතා තෝරා ගැනීමේ ක්‍රමයක් තමයි පෙන්නුම් කරන්නේ. මීලඟට රාජමෞලිගේ හා මහේෂ්ගේ සංයෝගයෙන් නිර්මාණය වන චිත්‍රපටය යථාර්ථයක් වෙනවා නම් ඉන්දියාවේ විශාලතම චිත්‍රපටය ඒ චිත්‍රපටය වෙනවා කියලයි කියන්නේ.
මහේෂ්ගේ මීලඟ චිත්‍රපටය නම් ත්‍රිවික්‍රම් ස්‍රීනිවාස් එක්කයි. මීට පෙරදී දෙදෙනාගේ සහයෝගීත්වයෙන් නිර්මාණය වුණ Khaleja (2010) ආදායම් වශයෙන් අසාර්ථක වුණත්, එය එම වසරේ අවතක්සේරු කරන ලද චිත්‍රපටයක් වුණා. දශකයේ හොඳම චිත්‍රපට අතරට පවා කාලේජා චිත්‍රපටය තේරී පත් වුණා. ඉස්සරහට ආයෙමත් බලන්න පුළුවන් ත්‍රිවික්‍රම්ගේ අරුමයන් කොහොමද කියලා. කීර්ති සුරේෂ්, සමුත්‍රකනී, සුබ්බුරාජු, වෙනිලා ක්‍රිෂෝර්, තනිකෙල්ලා බරණි, නදියා, පෝසානි ක්‍රිෂ්ණා මුරලි යන අය මෙහි රංගනයෙන් දායක වනවා. ඒ වගේම නාගා බාබු මෙහි ආරාධිත රඟපෑමකට සහභාගි වෙනවා.
මේ චිත්‍රපටයට ප්‍රේක්ෂකයින්ගේ හා විචාරකයින්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ වගේම වැඩි වශයෙන් මහේෂ්ගේ රංගන කුසලතා ප්‍රසංසා කර තිබුණා. ඒ වගේම කාලයට උචිත මාතෘකාවක් තෝරාගෙන ඇති බවත් කියා සිටියා. චිත්‍රපටයේ වියදම ඉ.රු. කෝටි 60 විදිහට සඳහන් කරනවා. කොහොමින් හරි මේ චිත්‍රපටය නිකුත් වූ දින ගෝලීය බොක්ස් ඔෆිස් ආදායම වශයෙන් ඉ.රු. කෝටි 75ක් ලබා ගන්නවා. ඒ වගේම ඇමරිකාවේ පමණක් ආදායම ඇ. ඩො. මිලියන 1.3ක් හිමිකර ගන්නවා.

2022 වර්ෂයේදී තෙළිඟු චිත්‍රපට කර්මාණ්තයේ වැඩිම ආදායම් ලබන චිත්‍රපටයක් බවට මේ චිත්‍රපටය පත් වෙනවා. ඉ.රු. කෝටි 200 පසු කරන ලද මෙය මේ වන විට ලැයිස්තුවේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. ඒ වගේම මහේෂ් බාබු මෑතදී නිකුත් වුණ අදිවි ශේෂ්ගේ චරිතාපදාන චිත්‍රපටය Major (2022) හි නිෂ්පාදකවරයෙකුද වූවා.
විශේෂයෙන්ම චිත්‍රපටයට පාදක වෙන්නේ සමාජයේ සාකච්ඡාට ගැනෙන ප්‍රවර්තන කාලයේ මාතෘකාවක්. ඒ දිනවලදී ම ණය ආපසු අයකර ගැනීමට බැංකුවක් විසින් ගොවීන්ට විරුද්ධව පැනවූ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉස්සෙල්ලාම ලොකු මාළුවාගේ පස්සෙන් යන්න වැනි පිළිතුරක් ඔවුන් විසින් ලබා දී තිබුණා.
මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න මේ තරම් ප්‍රමාද වෙන්න හේතුව නම් විස්‍තර කරන්න නම් ක්‍රමයක් නැහැ. මහේෂ් බාබුගේ චිත්‍රපටියක් නිසා මම නිකුත් වෙන්නත් කලින්ම බලාපොරොත්තුවෙන් හිටියේ අරගන්න. කොහොම හරි නොයෙකුත් හේතු නිසා අතැරලා දාලා තිබුණ මේ චිත්‍රපටය අපේ බයිස්කෝප් සහෝදරවරු කීප දෙනෙක්ගේ ඉල්ලීම මත උපසිරැසිය නිම කරලා ඔයාලට ඉදිරිපත් කරනවා. ඔයා, මම හැමෝටම මේ ගෙවෙන්නේ අමාරු කාලයක්. බයිස්කෝප් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලගේ බලාපොරොත්තු කඩ නොවෙන විදිහට කටයුතු කරන්න නිතරම උත්සාහ කරනවා. දිගටම අපිත් එක්කම ඉන්න. ආයෙමත් හැකි ඉක්මනින්ම උපසිරැසියක් එක්ක හමුවෙන්නම්. අඩුපාඩු වැරදි තියෙනවා නම් ඒවත් සඳහන් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත සඳහා අදාළ වේ.
20,297 downloadsDownload සර්කාරු-වාරි-පාටා-2022.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
- #2022
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Keerthy Suresh
- #Mahesh Babu
- #Mahesh Manjrekar
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Omkar Chaubey
- #Parasuram
- #Sarkaru Vaari Paata (2022)
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #You Decide
- #රවිඳු නවින්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
23 comments
හසිත මධුෂාන්
Naveen
උපසිරසියට තුති
oshanda
thanks sahoo
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ඔබට සහ ඔබ පවුලේ සැමට
බුදු සරණයි – දෙවි පිහිටයි……..Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
පට්ටම පරක්කුයි සබ් එක ඒනිසා වෙන සබ් එකකින් ෆිලුම බැලුවා එනිවේ තැන්ක්ස් සබ් එකට
Kushan
Sub akta thanks
Idunil Weerasinghe
Thanks brother
indika 75
thanks..
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Jay
Thank you!
Anonymous
Thanks for sub
Naveen Mbr
හැමෝටම ස්තූතියි!
දහරා මුතු අමා
සබට තුති මල්ලි.
Naveen Mbr
ස්තූතියි අක්කේ!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira Ravisara
Film eka echra aluwe ne mata nm ane gon pary wadiy anik eka poiya wadiy hodatama.. A unta godk mahsni wela sub eka karla tybba thanks saho
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
film eka ganna puluwan site ekak kiyannako bro
WISHWA
ObAGE MAHANSIYATA THUTHI
Anonymous
good work.thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Sarkaru Vaari Paata (2022) Sinhala Subtitles | රාජ්‍යයම කැළඹුව රුපියලක්. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/08/සර්කාරු-වාරි-පාටා-2022.jpg)
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!