Watch Trailer

Never Say Never Again (1983) Sinhala Subtitles | 007 ගේ ස්පෙක්ටර් මෙහෙයුම.. [සිංහල උපසිරසි]

එහෙනම් යාලුවනේ අද මම ආවේ ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටිය James Bond Never Say Never Again (1983) ෆිලුමට සබ් අරන්. 007 හෙවත් ජේම්ස් බොන්ඩ් ගැන ඉතින් ආයෙ අලුතින් කතා කරන්න දෙයක් නෑනේ. මේක තමයි ජේම්ස් බොන්ඩ් 02 ෆිල්ම් එක. චිත්‍රපට ලයිස්තුවට පිළිනොගැනෙන හෙවත් නිල නොවන ෆිල්ම් එකක්. තව ලයිස්තුවක්ම තියෙනවා…

එහෙනම් යාලුවනේ අද මම ආවේ ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටිය James Bond Never Say Never Again (1983) ෆිලුමට සබ් අරන්. 007 හෙවත් ජේම්ස් බොන්ඩ් ගැන ඉතින් ආයෙ අලුතින් කතා කරන්න දෙයක් නෑනේ. මේක තමයි ජේම්ස් බොන්ඩ් 02 ෆිල්ම් එක. චිත්‍රපට ලයිස්තුවට පිළිනොගැනෙන හෙවත් නිල නොවන ෆිල්ම් එකක්. තව ලයිස්තුවක්ම තියෙනවා එහෙම විවිධ හේතුහින්දා නිල 007 යටතට පිළි නොගැනෙන.  007 චිත්‍රපට මාලාවේ නිල වශයෙන් පිළිගැනෙන හැම එකකටම උපසිරැසි මේ වෙනකොට මේ සයිට් එකේ දීලා තියෙනවා.

Robocop 2 / On deadly ground / Star wars වැනි ජනප්‍රිය වූ කතා මාලාවන් සහ චිත්‍රපට අධ්‍යයක්ෂනයෙන් දායක වූ Irvin Kershner මෙහිත් අධ්‍යයක්ෂනය දරන අතර James Bond Dr No 1962 චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ලද Sean Connery විසින් බොන්ඩ්ගේ චරිතයට පන පොවනවා.මීට අමතරව Kim Basinger , Klaus Maria Brandauer වැනි තරමක් ජනප්‍රිය නළු නිලියන්ද මෙහි රංගනයෙන් දායක වනවා.

Imdb අගය 6.1දක්වා ඔසවා තබන්නටත් සමත් වූ මෙයඇස්තමේන්තුගත මුදල $36,000,000 විය.එයින් එක්සත් ජනපදය සහ කැනඩාව තුල දළ ආදායම $55,432,841 වූ අතර පලමු සති අන්තය තුල එක්සත් ජනපදය සහ කැනඩාව තුල පමණක් $10,958,157 : Oct 10, 1983 ලැබුනු අතරම ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලද දළ ආදායම $55,432,841 විය.

මේ 007 කතා මාලාවන් පිලිබඳ වැඩිදුරටත් විස්තර අවශ්‍යය කෙනෙක් ඉන්නව නම් එයාට මංසලෙන් කියව ගන්න පුලුවන්.තවද 007 පලවෙනි ෆිලුමට සබ අරන් ආව සමීර කරැනාරත්න සහෝගේ ලිපිය තුලත් ගොඩක් හොඳට බොන්ඩ් ගැන සහ ඉතිහාසය ගැන කතා කරල තියෙන නිසා මම මෙතනින් චිත්‍රපට පසුබිම නවත්තන්නම්.

ෆිල්ම් එකේ වටපිටාව අතෑරලා දැන් කතාව පැත්තට හැරෙමු.

ඔයාලා ජේම්ස් බොන්ඩ් පලමු කතාව වන Dr No බැලුව නම් ඒකෙදි ඩොක්ටර් නෝ විසින් බොන්ඩ් හට ස්පෙක්ටර් ( Spectar – Special Executive for Counterintelligence ) නම් රහස් සංවිධානයක් පිලිබඳ පවසනවා. මේ කතාවේදි ඒ ස්පෙක්ටර් (S.P.E.C.T.R.E.) නම් රහස් සමාජය විසින් එහි ප්‍රධානි Ernst Blofeld ගේ අණ යටතේ එක්සත් රාජධානියේ පිහිටි එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරකට රිංගා කෲස් මිසයිල නම් මිසයිල වර්ග දෙකක් සොරකම් කරනවා.එලෙස සොරා ගන්නා මිසයිල වලට ව්‍යාජ මිසයිල හිස් සවි කර ඒවා එංගලන්තයේ ස්ථාන කීපයක සඟවා N.A.T.O. සංවිධානයෙන් කප්පම් ඉල්ලා සිටිනවා කප්පම් මුදල් නොගෙවුව හොත් එම මිසයිල පුපුරවා හරින බවට ඔවුන් තර්ජනය කර සිටිනවා.බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ “00” නියෝජිතයන් නැවත ක්‍රියාත්මක කර යුද හිස් නැවත අල්ලා ගැනීමට සහ ස්පෙක්ටර් ප්‍රධානි බ්ලොෆෙල්ඩ්ව මරා දැමීමට ජේම්ස් බොන්ඩ් යවනවා.මේකේදි අපේ බොන්ඩ්ගේ සහයට අපි දන්න කියනන කෙනෙක් එනවා ඒ කෙනා කව්ද කියල ඔයාලම බලාගන්න කියමින් කතාව මෙතනින් හමාර කරලා දානවා.

ඕන් මෙච්චර කාලෙකට 007 ෆිල්ම් වල නිල නොවන ඒවත් මේකත් එක්ක දෙන්න ගත්තා එහෙනම්.

ලෝභ නැතිව එහෙනම් අදහසකුත් දෙන්න කියල ඉල්ලන ගමන් අදට මං යනවා එහෙනම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BRRip පිටපත් සඳහා අදාළ වේ.

1,343 downloadsDownload Never-Say-Never-Again-1983.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,343 downloadsDownload Subtitles41 KB

10 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    Luck (2022)
    Thirteen Lives (2022)
    The Sandman (TV Series 2022)

  2. Kendell Jenner

    Thanks for the sub bro ♥️

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. Anonymous

    ඇත්තෙන්ම ගොඩක් ස්තුතියි, සුපිරි ෆිල්ම් එකක්. අනෙක් 007 ෆිල්ම් සියල්ල බලලා තිබෙනවා. තව මෙවැනි පැරණි හොද ඒවා ගැන සොයා බලා උපසිරසි කරන්න යෝජනා කරනවා. ඔබට ජය!

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Priyantha Dayakeerthi

    රවිසර සොයුර,
    ස්තුතියි ඔබට, මේ ෆිල්ම් එක නරඹලා නැහැ. ජේම්ස් බොන්ඩ් ෆිල්ම් ගොඩක් බයිස්කෝප් සබ වලින් නරඹලා තිබෙනවා. මෙයත් වටිනා සිනමාපටයක්. නරඹන්නට ඩවුන්ලෝඩ් කළා. නැවතත් ස්තුතියි. පරණ ෆිල්ම් තව සබ් කරන්න.

  7. Anonymous

    Thanks, Old is gold!

  8. indika 75

    thanks..

  9. රොයිලි

    සමිරයි මමයි මේ සියළුම 007 කතා මාලා සඳහා උපසිරැසි දෙන්න පටන් ගත්ත වෙලාවෙ මේක හිතාමතා මඟ ඇරපු හේතුවක් තිබ්බා. ඒ තමා මේක ඇත්තටම නිල 007 ෆිල්ම් එකක් කියල සැලකෙන්නෙ නෑ. මේක විතරක් නෙවෙයි තව ලිස්ට් එකක්ම තියෙනවා නිල ඒවා විදියට නොසැලකෙන. ඉතින් අපි නිල ලයිස්තුවට විතරක් දෙන්න තීරණය කළා. හැකිනම් ඒ නිල නොවන ලයිස්තුවටම උපසිරැසි දෙන්න කියලා ඉල්ලනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.