Watch Trailer

Siberia (2018) Sinhala Subtitles | ලේ තැවරුණු නිල් දියමන්ති..! [සිංහල උපසිරසි සමඟ](18+)

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතින් Chappaquiddick සිනමා කෘතියෙන් පස්සෙ මේ අරගෙන එන්නෙ 2018 ආපු උණු උණු ෆිල්ම් එකක්. මුලින්ම Chappaquiddick ෆිල්ම් එක ගැන මට වචන කීපයක් කියන්න ඕනෙ. සමීර සහෝ එක්ක එකතුවෙලා මමත් ඒකට සබ් කළා. ඇත්තටම මට ඒ වගේ විශිෂ්ට නිර්මාණයකට දායක වෙන්න ඉඩ දීපු එක ගැන මම සමීර සහෝට ගොඩක් ස්ත…

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතින් Chappaquiddick සිනමා කෘතියෙන් පස්සෙ මේ අරගෙන එන්නෙ 2018 ආපු උණු උණු ෆිල්ම් එකක්. මුලින්ම Chappaquiddick ෆිල්ම් එක ගැන මට වචන කීපයක් කියන්න ඕනෙ. සමීර සහෝ එක්ක එකතුවෙලා මමත් ඒකට සබ් කළා. ඇත්තටම මට ඒ වගේ විශිෂ්ට නිර්මාණයකට දායක වෙන්න ඉඩ දීපු එක ගැන මම සමීර සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනව. සමීර සහෝගෙ රසය හැම වෙලාවෙම වෙනස් සහ අර්ථවත්. මේ චිත්‍රපටිය කරන්න කියල මට බාර දුන්නෙත් සමීර සහෝම තමයි. ඒ වෙනුවෙනුත් මම ඔහුට ස්තූතිවන්ත වෙනව මේ වෙලාවෙ. හරි දැන් මේ කතාව පැත්තට හැරෙමු.

The Matrix (1999) මේ නම කිව්ව සැනින් මොකද්ද මතක් වෙන්නෙ. ඔව්. බයිස්කෝප් රසිකයෙක් නම් ඉතිං මේ නම අමතක වෙන්න කාරණාවක් නැහැ. මොකද එදා මෙදා තුර නිර්මාණය වුණු ඉහළම ගණයේ නිර්මාණයක් තමයි The Matrix කියල කියන්නෙ. ඉතිං කවුරුහරි මේකෙ රංගනයට දායක වුණු Keanu Reeves නොදැන ඉන්නෙ කොහොමද? Siberia 2018 මේක තමයි Keanu Reeves අලුතෙන්ම රංගන දායකත්වය සපයපු සිනමා කෘතිය. ඒ වගේම The Emerald City කතා මාලාවට දායකත්වය දක්වපු Ana Ularu මේකෙ “කාට්‍යා” ලෙස ප්‍රධාන චරිතයක් නිරූපණය කරනව. මේක Crime | Romance | Thriller ගණයට වර්ග කරපු ඉහළම ගණයේ ෆිලුමක් කිව්වොත් නිවැරදියි. හැබැයි ඉතිං මටනං හිතෙන්නෙ මේක “18+” වලටත් වර්ග කරන්න ඕන එකක් කියල. මොකද එහෙම සීනුත් නොඅඩුව මේක ඇතුළෙ අඩංගු වෙන නිසා.

කතාව පැත්තට පොඩ්ඩක් හැරිල බලමු නේ. මෙහෙමයි මේක දියමන්ති ජාවාරමක් හා සම්බන්ධ වුණු කතාවක්. කතා නායකය “ලූකස් හිල්” ඔහු දියමන්ති පිළිබඳ විශේෂඥයෙක් වගේම දියමන්ති වෙළඳාම් කරන්නෙක්. ඔහු ඇමරිකාවෙ ඉඳල රුසියාවට යනව දියමන්ති වෙළඳාමක් කරන්න. පියෙටෝර් කියල කෙනෙක් තමයි ඔහුට අදාල දියමන්ති ටික ලබා දෙන්න ඉන්නෙ. හැබැයි ලූකස් රුසියාවට ගියාම පියෙටෝර් එහෙන් පිටවෙලා. ඒ අනුව ලූකස්ගෙ අතට දියමන්ති දුසිමකින් එක දියමන්තියක් විතරයි ලැබෙන්නෙ. කොහොම නමුත් ඔහුට වෙළඳාමත් නිසි වෙලාවට කරන්න ඕනෙ. මේ අතර අවාසනාවන්ත විදියට කාලගුණික ප්‍රශ්නයක් නිසා ඔහු රුසියාවේ හිර වෙනව. එතනදි ඔහු යනව රාත්‍රි තැබෑරුමකට බීමක් ගන්න. එතනිදි වෙන සිදුවීමක් නිසා කට්ටියක් ඔහුට පහර දීල තැබෑරුම ඉස්සරහ සිහි නැතුව වැටිල ඉන්නව. ඔන්න එතනින් තමා කතා නායිකාව “කාට්‍යා” එන්නෙ කරලියට. ඇය ඔහුව ඇගේ ගෙදරට අරගෙන යනව. පස්සෙ ගොඩක් දේවල් වෙනව. ඒව ඔයාලට බලාගන්න මම ඉඩ තියනව. කොහොම නමුත් ලූකස් මේ කෙල්ල එක්ක හාදකමක් පටන් අරන් ඇගේ ජීවිතේ බේරගන්න, ජාවාරම්කාරයන් ටිකකගෙ ඕන එපාකම් ඉෂ්ට කරන්න පොරොන්දු වෙනව. ඒක මරණය අතේ තියාගෙන කරන සෙල්ලමක් බවට පත් වෙන්නෙ, ජාවාරම්කාරයන්ට ඕන වැඩේ ලේසි පහසු දෙයක් නෙවෙයි නිසා. ඒකත් බලාගන්න පුළුවන් මේක බැලුවොත්. කොහොමහරි මේ සිදුවීමෙන් පස්සෙ අතුරුදහන් වෙලා හිටපු පියෙටෝර් ඉන්නව කියන තැනක් ගැන ලූකස්ට ආරංචියක් එනව. ඒක මහා ඛේදවාචකයක ආරම්භයක් කියල විතරක් මම කතාව කියන එක නවත්තන්නම්. නැත්තං මේක බලල වැඩක් නැති වෙනවනෙ.

පැය 1 මිනිත්තු 44ක් පුරා දිවයන මේ නිර්මාණය ඉංග්‍රීසි සහ රුසියානු භාෂා දෙකේම සම්මිශ්‍රණයකින් හැදිල තියෙන්නෙ. ඒ හේතුව නිසාම සිංහලට පරිවර්තනය කරනකොට ලොකු අපහසුවක් ඇති වුණා, රුසියන් කොටස් ටික කිසිඳු ඉංග්‍රීසි උපසිරැසියක අන්තර්ගත කරල තිබුණෙ නැති නිසා. ඒක නිසා අදාල රුසියානු කොටස් අරාබි උපසිරැසියකින් අමුණල තමයි අවසාන සිංහල උපසිරැසිය නිර්මාණය කළේ. ඒ නිසා අඩුපාඩු ඇතොත් සමාවෙන්න කියල ඉල්ලා සිටිනව. එහෙනම් මේකත් රසවිඳින්න කියල ආරාධනා කරනව. ගිහින් එන්නම්. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD පිටපත් සඳහා අදාළ වේ

8,791 downloadsDownload Siberia-2018.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදයංග සම්පත්

Subtitles

8,791 downloadsDownload Subtitles35 KB

79 comments

  1. Nimshan123

    Sub ekta tnx sahoo

  2. kasun3

    elama super jaya wewa.....

  3. sandharu

    Thanks broo sub ekata elama

  4. S.K. Ruchiranga

    Elm

  5. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekata... jaya wewa....!

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. Sachitha

    Download කරගෙන හිටියේ sub එක එනකම් thankz

  8. shiyamal

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  9. Niro200

    හම්මේ ස්තූතියි සබ් එකට ඩවුන්ලෝඩ් කරලා තියන්නෙ ෆිල්ම් එක හෙට බලන්න ඕනා ✌ ජය

  10. Thusitha Jayathilaka

    ELAAAAAAAAAAAA

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  12. Bobby

    Thank you very much Udayanga

  13. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ....මේකට උපසිරැසි දෙනෙක් බලන් හිටියේ.....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Kanchaka

    Thanks bro

  16. harshani11112

    ස්තුති උදයංග සහො ....
    තෙරැවන්සරණයි

  17. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  18. Yuran Dhanuka

    thanks bro

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  20. chiro

    thnx sahoo sub ekata

  21. Bandara 1976

    දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා

  22. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  23. Kovidu

    ස්තූතියි සහෝ සබ් එකට, ජය වේවා ........!!!

  24. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  25. omeru

    thanks bro... budusaranay

  26. Sadeu_Bandara

    සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..

  27. sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. kaushal_hapu

    Supper ..........Thanks

  29. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. D.Chamara

    bohoma sthuthi sahooo

  31. oshanda

    thanx...sahoo

  32. kasun5512

    ThankS MachO SuB 1ktA....

  33. Nimach273

    Thanks sub akta jaya wewa

  34. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  35. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  36. Buddi

    Thanks..........

  37. dilan1990

    Mata nam therune nee kathawa. sub ekata thanks machan

  38. nimanaka

    Thanks Brother & Thanks To No 01 Best Sinhala Subtitle WebSit in All Time…( BAISECOPLK..)

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. aks

    Thanks...

  41. Madusha_fdz

    ELa ela

  42. malith

    Ela ela

  43. Suresh Madhusanka

    බොහෝම ස්තූතියි උපසිසිරැසියට.....ජයෙන් ජයම...වේවා........( Tik Tik Tik 2018 Film eketh sub eka dennakooo )

  44. jagath55

    Thanks

  45. aroshaisham

    thanks machan

  46. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  47. shenal

    thank u

  48. Pramukmili

    thanxx bro

  49. AsithaDilruwan

    Ela saho thanks

  50. Prabashjayawardane

    බොහෝම ස්තූතියි උපසිරසියට.ඒත් Direct Link එකෙන් Download කරන්න දෙන්නෙ නෑනේ සහෝ......පොඩ්ඩක් ඒ ගැනත් බලන්න.Thanks Again…..

Load more comments