ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතින් Chappaquiddick සිනමා කෘතියෙන් පස්සෙ මේ අරගෙන එන්නෙ 2018 ආපු උණු උණු ෆිල්ම් එකක්. මුලින්ම Chappaquiddick ෆිල්ම් එක ගැන මට වචන කීපයක් කියන්න ඕනෙ. සමීර සහෝ එක්ක එකතුවෙලා මමත් ඒකට සබ් කළා. ඇත්තටම මට ඒ වගේ විශිෂ්ට නිර්මාණයකට දායක වෙන්න ඉඩ දීපු එක ගැන මම සමීර සහෝට ගොඩක් ස්ත…

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතින් Chappaquiddick සිනමා කෘතියෙන් පස්සෙ මේ අරගෙන එන්නෙ 2018 ආපු උණු උණු ෆිල්ම් එකක්. මුලින්ම Chappaquiddick ෆිල්ම් එක ගැන මට වචන කීපයක් කියන්න ඕනෙ. සමීර සහෝ එක්ක එකතුවෙලා මමත් ඒකට සබ් කළා. ඇත්තටම මට ඒ වගේ විශිෂ්ට නිර්මාණයකට දායක වෙන්න ඉඩ දීපු එක ගැන මම සමීර සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනව. සමීර සහෝගෙ රසය හැම වෙලාවෙම වෙනස් සහ අර්ථවත්. මේ චිත්‍රපටිය කරන්න කියල මට බාර දුන්නෙත් සමීර සහෝම තමයි. ඒ වෙනුවෙනුත් මම ඔහුට ස්තූතිවන්ත වෙනව මේ වෙලාවෙ. හරි දැන් මේ කතාව පැත්තට හැරෙමු.
The Matrix (1999) මේ නම කිව්ව සැනින් මොකද්ද මතක් වෙන්නෙ. ඔව්. බයිස්කෝප් රසිකයෙක් නම් ඉතිං මේ නම අමතක වෙන්න කාරණාවක් නැහැ. මොකද එදා මෙදා තුර නිර්මාණය වුණු ඉහළම ගණයේ නිර්මාණයක් තමයි The Matrix කියල කියන්නෙ. ඉතිං කවුරුහරි මේකෙ රංගනයට දායක වුණු Keanu Reeves නොදැන ඉන්නෙ කොහොමද? Siberia 2018 මේක තමයි Keanu Reeves අලුතෙන්ම රංගන දායකත්වය සපයපු සිනමා කෘතිය. ඒ වගේම The Emerald City කතා මාලාවට දායකත්වය දක්වපු Ana Ularu මේකෙ “කාට්‍යා” ලෙස ප්‍රධාන චරිතයක් නිරූපණය කරනව. මේක Crime | Romance | Thriller ගණයට වර්ග කරපු ඉහළම ගණයේ ෆිලුමක් කිව්වොත් නිවැරදියි. හැබැයි ඉතිං මටනං හිතෙන්නෙ මේක “18+” වලටත් වර්ග කරන්න ඕන එකක් කියල. මොකද එහෙම සීනුත් නොඅඩුව මේක ඇතුළෙ අඩංගු වෙන නිසා.
කතාව පැත්තට පොඩ්ඩක් හැරිල බලමු නේ. මෙහෙමයි මේක දියමන්ති ජාවාරමක් හා සම්බන්ධ වුණු කතාවක්. කතා නායකය “ලූකස් හිල්” ඔහු දියමන්ති පිළිබඳ විශේෂඥයෙක් වගේම දියමන්ති වෙළඳාම් කරන්නෙක්. ඔහු ඇමරිකාවෙ ඉඳල රුසියාවට යනව දියමන්ති වෙළඳාමක් කරන්න. පියෙටෝර් කියල කෙනෙක් තමයි ඔහුට අදාල දියමන්ති ටික ලබා දෙන්න ඉන්නෙ. හැබැයි ලූකස් රුසියාවට ගියාම පියෙටෝර් එහෙන් පිටවෙලා. ඒ අනුව ලූකස්ගෙ අතට දියමන්ති දුසිමකින් එක දියමන්තියක් විතරයි ලැබෙන්නෙ. කොහොම නමුත් ඔහුට වෙළඳාමත් නිසි වෙලාවට කරන්න ඕනෙ. මේ අතර අවාසනාවන්ත විදියට කාලගුණික ප්‍රශ්නයක් නිසා ඔහු රුසියාවේ හිර වෙනව. එතනදි ඔහු යනව රාත්‍රි තැබෑරුමකට බීමක් ගන්න. එතනිදි වෙන සිදුවීමක් නිසා කට්ටියක් ඔහුට පහර දීල තැබෑරුම ඉස්සරහ සිහි නැතුව වැටිල ඉන්නව. ඔන්න එතනින් තමා කතා නායිකාව “කාට්‍යා” එන්නෙ කරලියට. ඇය ඔහුව ඇගේ ගෙදරට අරගෙන යනව. පස්සෙ ගොඩක් දේවල් වෙනව. ඒව ඔයාලට බලාගන්න මම ඉඩ තියනව. කොහොම නමුත් ලූකස් මේ කෙල්ල එක්ක හාදකමක් පටන් අරන් ඇගේ ජීවිතේ බේරගන්න, ජාවාරම්කාරයන් ටිකකගෙ ඕන එපාකම් ඉෂ්ට කරන්න පොරොන්දු වෙනව. ඒක මරණය අතේ තියාගෙන කරන සෙල්ලමක් බවට පත් වෙන්නෙ, ජාවාරම්කාරයන්ට ඕන වැඩේ ලේසි පහසු දෙයක් නෙවෙයි නිසා. ඒකත් බලාගන්න පුළුවන් මේක බැලුවොත්. කොහොමහරි මේ සිදුවීමෙන් පස්සෙ අතුරුදහන් වෙලා හිටපු පියෙටෝර් ඉන්නව කියන තැනක් ගැන ලූකස්ට ආරංචියක් එනව. ඒක මහා ඛේදවාචකයක ආරම්භයක් කියල විතරක් මම කතාව කියන එක නවත්තන්නම්. නැත්තං මේක බලල වැඩක් නැති වෙනවනෙ.
පැය 1 මිනිත්තු 44ක් පුරා දිවයන මේ නිර්මාණය ඉංග්‍රීසි සහ රුසියානු භාෂා දෙකේම සම්මිශ්‍රණයකින් හැදිල තියෙන්නෙ. ඒ හේතුව නිසාම සිංහලට පරිවර්තනය කරනකොට ලොකු අපහසුවක් ඇති වුණා, රුසියන් කොටස් ටික කිසිඳු ඉංග්‍රීසි උපසිරැසියක අන්තර්ගත කරල තිබුණෙ නැති නිසා. ඒක නිසා අදාල රුසියානු කොටස් අරාබි උපසිරැසියකින් අමුණල තමයි අවසාන සිංහල උපසිරැසිය නිර්මාණය කළේ. ඒ නිසා අඩුපාඩු ඇතොත් සමාවෙන්න කියල ඉල්ලා සිටිනව. එහෙනම් මේකත් රසවිඳින්න කියල ආරාධනා කරනව. ගිහින් එන්නම්. ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD පිටපත් සඳහා අදාළ වේ
8,791 downloadsDownload Siberia-2018.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
79 comments
Nimshan123
kasun3
elama super jaya wewa.....
sandharu
Thanks broo sub ekata elama
S.K. Ruchiranga
Elm
Prabodha Madhusankha Hettiarachchi
Thank bro sub ekata... jaya wewa....!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sachitha
Download කරගෙන හිටියේ sub එක එනකම් thankz
shiyamal
උපසිරැසියට ගොඩක් ස්තුතියි
Niro200
හම්මේ ස්තූතියි සබ් එකට ඩවුන්ලෝඩ් කරලා තියන්නෙ ෆිල්ම් එක හෙට බලන්න ඕනා ✌ ජය
Thusitha Jayathilaka
ELAAAAAAAAAAAA
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයBobby
Thank you very much Udayanga
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ....මේකට උපසිරැසි දෙනෙක් බලන් හිටියේ.....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kanchaka
Thanks bro
harshani11112
ස්තුති උදයංග සහො ....
තෙරැවන්සරණයිSAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Yuran Dhanuka
thanks bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි…..!
chiro
thnx sahoo sub ekata
Bandara 1976
දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Kovidu
ස්තූතියි සහෝ සබ් එකට, ජය වේවා ........!!!
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
omeru
thanks bro... budusaranay
Sadeu_Bandara
සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..
sampath n perera
උපසිරැසියට බොහෝම ස්තුතියි
kaushal_hapu
Supper ..........Thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
D.Chamara
bohoma sthuthi sahooo
oshanda
thanx...sahoo
kasun5512
ThankS MachO SuB 1ktA....
Nimach273
Thanks sub akta jaya wewa
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Sanjeewa2010
Thnxxxxxxxxxxxx
Buddi
Thanks..........
dilan1990
Mata nam therune nee kathawa. sub ekata thanks machan
nimanaka
Thanks Brother & Thanks To No 01 Best Sinhala Subtitle WebSit in All Time…( BAISECOPLK..)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
aks
Thanks...
Madusha_fdz
ELa ela
malith
Ela ela
Suresh Madhusanka
බොහෝම ස්තූතියි උපසිසිරැසියට.....ජයෙන් ජයම...වේවා........( Tik Tik Tik 2018 Film eketh sub eka dennakooo )
jagath55
Thanks
aroshaisham
thanks machan
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
shenal
thank u
Pramukmili
thanxx bro
AsithaDilruwan
Ela saho thanks
Prabashjayawardane
බොහෝම ස්තූතියි උපසිරසියට.ඒත් Direct Link එකෙන් Download කරන්න දෙන්නෙ නෑනේ සහෝ......පොඩ්ඩක් ඒ ගැනත් බලන්න.Thanks Again…..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub ekta tnx sahoo