කොලොම්බියාව කියන්නේ අපරාධ සඳහා උරුමයෙන්ම නමක් දිනාගත්ත රටක්. මේ රට පුරාවටම විවිධාකාර අපරාධ බොහොම දරුණුවට සිද්ධවෙනවා. මේ දේවල් එම රටේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සාමාන්‍ය දේවල් බවට පත්වෙලා තිබුනේ. නමුත්, හිටි හැටියේම අසාමාන්‍ය දෙයක් සිද්ධවෙනවා. බොහොම බලවත් ව්‍යාපාරිකයෙක්ව ඝාතනය කරනු ලබනවා. ස්නය…

කොලොම්බියාව කියන්නේ අපරාධ සඳහා උරුමයෙන්ම නමක් දිනාගත්ත රටක්. මේ රට පුරාවටම විවිධාකාර අපරාධ බොහොම දරුණුවට සිද්ධවෙනවා. මේ දේවල් එම රටේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සාමාන්‍ය දේවල් බවට පත්වෙලා තිබුනේ. නමුත්, හිටි හැටියේම අසාමාන්‍ය දෙයක් සිද්ධවෙනවා. බොහොම බලවත් ව්‍යාපාරිකයෙක්ව ඝාතනය කරනු ලබනවා. ස්නයිපර් සෙබලෙක් යොදවලා බොහොම දුර ඉඳලා, .50 දිගු දුර කැලිබර් වෙඩි උණ්ඩයකින් තමයි මේ ඝාතනය සිදුකරලා තියෙන්නෙ. මේ උණ්ඩ වල තිබෙන විශේෂත්වය තමයි, උණ්ඩයේ වේගය අඩපණ වෙනකොට තමයි ඒකෙන් වැඩිම හානිය සිදුවෙන්නෙ. ඒ කියන්නේ, උණ්ඩය ඇඟ ඇතුලට ගියාට පස්සේ තමයි උපරිම හානිය සිදුවෙන්න පටන්ගන්නෙ. කොලොම්බියානු ඔත්තු සේවා වලට අනුව මෙවැනි ආකාරයේ ඉලක්කයක් සාමාන්‍ය සෙබලෙක්ට ගැනීම අතිශය අමාරු කර්තව්‍යයක් වෙනවා. ඒ නිසාම, මේ සතුරා එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි, හමුදාවේ රාජකාරියේ නියතු හෝ, හමුදා සේවයෙන් ඉවත්ව සිටින්නා වූ අති දක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙක් බව කොලොම්බියානු ආරක්ෂක නිලධාරීන්ට වැටහෙනවා. මේ නිසාම, තම නිලධාරීන්ට දමනය කිරීමට අපහසු මෙම අතිශය ශූර ස්නයිපර්කරුව වැලැක්වීම සඳහා ඇමරිකාවේ සහය ලබාගැනීමට කොලොම්බියාව තීරණය කරනු ලබනවා. තත්වය මෙසේ තිබියදී ලද අණට අවනතව, ඇමරිකානු මැරීන් බලකායේ සේවයේ නියතු අති දක්ෂ ස්නයිපර් සෙබලෙක් කොලොම්බියාව බලා ගමන් කරනු ලබනවා.
සාජන් තෝමස් බෙකට්! ඇමරිකානු මැරීන් බලකායේ රාජකාරියේ නියතු අසමසම ස්නයිපර් සෙබලා. තහවුරු කරගත් ඝාතන 63යි. ලොව පුරා විසිරී සිටින්නා වූ අසමසම ස්නයිපර් සෙබළුන් අතරින් හොඳම ස්නයිපර් සෙබලා ලෙස අවිවාදයෙන්ම සළකනු ලබන්නේ මෙම අති දක්ෂ සෙබලාවයි. ඉලක්කය කෙතරම් දුරක තිබුනද, මෙම දඩයක්කාරයාට ඒ සියල්ල පෙනුනේ තමා ආසන්නයේ තිබෙන්නා වූ ගොදුරු විලසිනි. මෙවැනි අති දක්ෂ ස්නයිපර් සෙබලෙකු සමගින් කොලොම්බියානු ස්නයිපර්කරු තරඟ කරන්නේ කෙසේද යැයි ඔබ සිතනවා නොඅනුමානයි. නමුත්, සෑම තැනකදීම කැපී පෙනුණා වූ, ඇමරිකානු මැරීන් බලකායේ අති දක්ෂම ස්නයිපර් සෙබලාට මේ වතාවේ නම් සිය ජීවිතය බේරාගැනීමට පසුබසින්න සිදුවුණා. කෙතරම් පසුබසින්න සිදු වුණාද කිවහොත්, සැඟවී සිටින්න සිදු වුණා. ඕනෑ තරම් අභියෝග වලට මුහුණ දී, කෙදිනක වත් මරණය හමුවේ පරාජය නොවූ මෙම සෙබළාට කොලොම්බියානු දේශයේදී මුහුණ දීමට සිදු වුනේ අතිශය දියුණු ස්නයිපර් ආයුධයකින් බල ගැන්වී සිටින්න වූ, සාජන් බෙකට් වැනිම අති දක්ෂ ස්නයිපර් සෙබලෙකු හටයි. මෙම සෙබලා සන්නද්ධව සිටින්නේ, පරීක්ෂණ තත්වය අවසන් කරන ලද අතිශය දියුණු මට්ටමේ ස්නයිපර් ආයුධයකින්. විශේෂත්වය තමයි, මෙම ස්නයිපර් ආයුධයට හැකියාව තිබෙනවා, කිසිඳු මග පෙන්වීමකින් තොරවම ඉලක්කය කරා ගමන් කිරීමට. ඊට අමතරව දෘශ්‍ය පද්ධතියට ස්වයංක්‍රීය මගපෙන්වීම සම්බන්ධ කරලා තියෙනවා. හැතැප්මක් දුරින් චලනය වෙමින් තියෙන ඉලක්කයකට පහර දෙනකොට, මේ ස්නයිපර් උණ්ඩයට හැකියාව තියෙනවා තත්පරයකට තිස් වතාවක වේගයකින් ඉලක්කයේ පිහිටීමේ ස්ථානය සකසා ගන්න. ඉතිං, මේ සා අතිශය බලවත් ස්නයිපර් කරුවෙකු පරාජය කිරීමට ඇමරිකානු මැරීන් බලකායේ විශිෂ්ඨතම ස්නයිපර් සෙබලාට හැකියාව ලැබේවිද?
යුධමය චිත්‍රපට ප්‍රියකරන කෙනෙක් නම්, ලෝ ප්‍රකට ස්නයිපර් චිත්‍රපට කතා මාළාව ගැන නොදන්නා කෙනෙක් වෙන්න බැහැ. ඔන්න එහෙනම්, මීට දින කීපයකට කලින් මෙම චිත්‍රපට මාලාවේ හත්වන කතාව නිකුත් වුණා. මීට පෙර මෙම කතා මාලාවේ, Sniper (1993), Sniper 2 (2003), Sniper 3 (2004), Sniper: Reloaded (2011), Sniper: Legacy (2014), Sniper: Ghost Shooter (2016) යනාදී වශයෙන් කොටස් හයක් නිකුත් වුණා. නමුත්, මේ කොටස් හය නරඹලා තිබීම අවශ්‍ය නැහැ මෙම කොටස බලන්න. ඕනෙම කෙනෙක්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක බලන්න පුළුවන්.
චිත්‍රපටය නිල වශයෙන් නිකුත් වුනේ මෙම වර්ෂයේ ඔක්තෝම්බර් මස 3 වෙනිදා. War, Action, Drama, Thriller යන කාණ්ඩ සඳහා අයත් වන මෙම චිත්‍රපටය මේ සටහන ලියවෙන මොහොත වණ විට IMDB දර්ශකයේ 6.0 ක අගයක් ලබාගැනීමට සමත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ, පෙර චිත්‍රපට හයට සාපේක්ෂව ඉතාමත් ඉහල තාක්ෂණයක් මෙම චිත්‍රපටය සඳහා භාවිතා කර තිබෙනවා. චිත්‍රපටය සඳහා සුපුරුදු පරිදි රංගන දායකත්වය ලබාදෙනු ලබන්නේ Chad Michael Collins විසිනි. පොඩි අඩුපාඩුවකට තියෙන්නේ, කලින් වතාවේ වගේ ස්නයිපර් කණ්ඩායමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත්, චිත්‍රපටය බොහොම රසවත් විදියට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම, මේ වතාවේ චිත්‍රපටය අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වෙනවා. ඒ නිසා, පොඩි අය නොබලා හිටියොත් හොඳයි.
තව විශේෂ කාරණාවක් දැනුම් දෙන්න තියෙනවා. මේ මාසේ ඉඳන් බයිස්කෝප් අඩවිය අලුත් වැඩකට අත ගහලා තියෙනවා. සමහරු දැනටම මේ ගැන දන්නවත් ඇති. සමහරු නොදන්නවත් ඇති. මේ මාසේ ඉඳලා, හැම මාසෙකම නිකුත්වීමට තිබෙන අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් තෝරගෙන, එම චිත්‍රපට උපසිරසි ගැන්වීම සඳහා ඔබ කැමති උපසිරසිකරුවෙක් තේරීමට අවස්තාව ලබාදෙනවා. මේ සඳහා, හින්දි, දෙමල සහ ඉංග්‍රීසි යනාදී ලෙස මාසෙන් මාසෙට එකිනෙකට වෙනස් චිත්‍රපට තුනක් තෝරාගනු ලබනවා. ඉතිං, මේ මාසෙදි තෝරගෙන තියෙන්නේ Golmaal Again හින්දි චිත්‍රපටය. මේ මාසේ 20 වෙනිදා වෙනකම් මේ චිත්‍රපටය සඳහා ඔබගේ මනාපය පාවිච්චි කරන්න පුළුවන්. තවමත් මනාපයක් දැම්මේ නැති අය තමන් කැමති ඕනෙම කෙනෙක්ට මනාපයක් දාන්න.
එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය DVD / BR පිටපත් සඳහා අදාළ වේ.
42,456 downloadsDownload Sniper-Ultimate-Kill-2017-Br.zip155 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
103 comments
Bobby
chamika sandaruwan
supiri Thanks
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. මගේ මනාපෙ නම් කලිංම දුන්නා. සිසිල සහෝටමයි දුන්නෙ. එල.එල. ජයවේවා.
prabodha
Wow. Niyamaine bro supirima film ekaknee...
Kaushan_P_Herath
පට්ට බන්.බලන්න එකක් නැතුව කම්මැලිකමේ හිටියේ.සබට තෑන්ක්ස්
Akalanka
Thnx........
sam
thank you
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Kavinda Banuka Athukorala
Patta aiye
seneboy89
කොහොමද මනාපේ දෙන්නෙ ,ග
Udara Damith B/K
උපසිර්සට ස්තුතියි
හොද කොපියක් අවම (වෙබ් හෝ බුරේ) up දෙට එකක් දෙනවනේ
මන්නම් චන්දයක් දුන්නා හැබෑයි ඔයාට නම් නෙමෙයි
තරහ වෙනද එපා හොදේsandaru
thankzzzzzzz a lot bro......
Shani
Thaku Thaku Thkuuuuuuuu
Krishan Madusanka
thanks sub eka denakan balana hitiye
Nipun Dilshan
thnq broh !!!!!
සදෙව් බණ්ඩාර
සිංහල උපසිරසි ලබාදුන්නාට ස්තුතියි..
rangika Kariyawasam
සිසිල සහෝ තවත් ෆටිටම ෆිලුමක් අරන් ඇවිත්.ඇත්තටම ඉතාම ආසාවෙන් බලන ෆිලුමක් තමා ස්නයිපර් ෆිලුමි මාලාව.
ඔබෙි ඉතාමත්ම වටිනා කාලය වැය කරමින් අපට මේ සබ දෙන්න මහන්සි උනාට බෝම ස්තුතීයි සහෝ. ඉතාම අගය කොට සලකනවා සිසිල සහෝ.ඉදිරියටත් සබි දෙන්න ඔබේ ධෛර්ය ශක්තිය වැඩිවේවා කියලා පතමින්....
Role Models (2017) Malayalam
ෆිලුමටත් සබ දෙන ලෙස ඉල්ලා සිටිනවා...ජයවෙිවා ...
Vidushan
thanks saho, jaya,..!
Mithun
Sniper 1993 ෆිල්ම් එක තවම බලනව එපා වෙන් නැ . එ ආපු 1,2,3 හොදයි .. අනිත් එව කෙසෙ වෙතත් .මෙක හොද රිප් එකක් ආපුම බලමු web-dl වගේ.. thx
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Buddi
Thanks.......
Dinu
thank you brother
Asanka
Ikmanatama sinhala sub eka dunnata godak thanks
තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ සබ් එකට.
Sanjaya
බොහොම ස්තූතියි සහෝ.. ☺
ජය වේවා..!!තරු
වෝට් කල්ලා සබ් එක අපිට කැමති කෙනෙකුට කියලා කරගන්න පුළුවන් වෙන එක නම් හොද වැඩක්......
තරු
බොහෝම ස්තුතියි අය්යේ උපසිරසියට....
අසිත
elama saho thanks
Rajitha
Thanks bro.......jayawewa......!
Mithun
Yako meka blurry ekat avitda hitahanko balannaa maara update ekak ne
Mithun
Maka tawa BR kohada avit thiyanna kiyala kiyanawada ? Mokakda ma update eka waradilada..
Mithun
Hri badu avit
Shehan
Machan blu ray rip ekay blu ray copiyay dekatama suba hariyanwada
Nelson
Good Work friend, Thanks!!
Nalaka Dananjaya Rathnayake
hamme udema meka dakke. dawasama subai .. bohoma sthuthi saho
shasith sandaruwan
බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට...
ආමි කතාවක් කියන්නේ අනිවා බැලිල්ලක් තමයි :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!oshanda
බොහොම ස්තූතියි උපසිරැසියට…
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraKasun
බොහොම ස්තුතියි සහෝ......
nadun
sinhala sub eakata jaya
දමිත්
සබට ස්තුතියි මචං.
ජයෙන් ජය.ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!tharuka priyadarshana
Thanks saho sub ekata...
sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
Randima
Elama thnx bro :)
Udara Damith B/K
මෙන්න මේක බ්ලු රේත් කරලා
එලNAMAL RUPASENA
Raja Cheyyi Vesthe (2016) රාජාට අත තිබ්බොත්
Babu Bangaram (2016) රත්තරං කොල්ලා
Keshava (2017) පළිගැනිමේ අාරම්භය
LIE (2017) ආදරය බුද්ධිය වෛරය
Goutham Nanda (2017) ගෞතම් නන්දා
Santhu Straight Forward (2016) සන්තු කෙලින්ම ඉදිරියට
Srikanta (2017) ශ්‍රී කාන්තා
Jagga Jasoos (2017) රහස් පරික්ෂක ජග්ගා
Raajakumara (2017) රාජ කුමාරයා
Chakravarthy (2017) චක්‍රවර්ති machanla me film wala hd rip thiyanawa sub danna mewa mw aurudda hitma film tika
kuma
Thank you
Isuru Sky
Thank you saho...great job....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakmal
goadak hodai.සිසිල ප්‍රසාද් thoranawa
hasith
tnx sahoo
dilan lakmal
Sisila aiya loweth ne.maru film tikak me dawas tikema dunna.thanks macho.ela
KASUN HARSHA
bro sub eka download karaganna ba neh. page not found kiyala enawa link eka clik kalama. any idea
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you very much sisila