Watch Trailer

Satan’s Slaves (2017) Aka Pengabdi Setan Sinhala Subtitles | යක්ෂයාගේ පරම්පරාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආපහු තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ පාරනම් ගෙනාවේ සුපිරි හොල්මන් චිත්‍රපටයක්. ඒ වගේම මේක විදේශීය භාෂාවකින් නිපදවපු චිත්‍රපටයක් වීමත් විශේෂත්වයක්. මේක මට කරන්න භාර දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ඒ නිසා මුලින්ම ඔහුට බොහෝම ස්තූතිවන්ත වෙනවා. මුලින්ම මම කිව්වනේ මේක විදේශීය භාෂාවකින් නිපදවපු චිත්‍රප…

ඔන්න ආපහු තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ පාරනම් ගෙනාවේ සුපිරි හොල්මන් චිත්‍රපටයක්. ඒ වගේම මේක විදේශීය භාෂාවකින් නිපදවපු චිත්‍රපටයක් වීමත් විශේෂත්වයක්. මේක මට කරන්න භාර දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ඒ නිසා මුලින්ම ඔහුට බොහෝම ස්තූතිවන්ත වෙනවා. මුලින්ම මම කිව්වනේ මේක විදේශීය භාෂාවකින් නිපදවපු චිත්‍රපටයක් කියලා. ඉන්දුනිසියාවේ තමයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. එහෙම කියලා ඔයාලා හිතන්න එපා මේක මෙලෝ රහක් නැතුව ඇති , හොලිවුඩ්වල තමයි හොඳම හොල්මන් ඉන්නේ කියලා. එහෙම හිතන අය මේක බලලා ඉන්නකො. 2017 සැප්තැම්බර් 28 තමයි මේක ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ. ඇමරිකාව, ජපානය , ජර්මනිය ඇතුළු රටවල් 27ක මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා. 2017 නොවැම්බර් 07 වෙනකොට ඉන්දුනිසියාවේ විතරක් මිලියන 4.2 ප්‍රේක්ෂකයෝ මේ සළරුව නරඹනවා. ඒ වගේම 2017 වර්ෂයේ ඉන්දුනිසියාවේ දේශීය චිත්‍රපටයක් ඉපයූ වැඩිම මුදල උපයා ගන්නත් මෙය සමත් වෙනවා. 1980 දී Pengbdi Setan නම් චිත්‍රපටය ඇසුරින් නිර්මාණය කරන ලද මෙය Jako Anwar කියන අධ්‍යක්ෂකවරයා තමයි මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. මෙම සිත්තම 7.2 ක IMDb අගයක් ලබා ගැනීමටත් Rotten Tomato හී 100% ක් ලබා ගැනීමට සමත් වෙනවා.

එ වගේම චිත්‍රපටය Horror/Drama/Mystry යන කාණ්ඩ වලට අයත් වෙනවා. රිනි කියන්නේ අවුරුදු 22 කෙල්ලෙක්, මෙයාට මල්ලිලා 3 දෙනෙක් ඉන්නවා. මෙයාගෙ අම්මා ඉස්සර ජනප්‍රිය ගායිකාවක් ඒත් දැන් එයා අසනීප වෙලා ඇදෙන්වත් බහින්න බැරුව ඉන්නේ. අම්මගේ ලෙඩේට වියදම් කරලාම මෙයාලගේ තාත්තාට දැන් සල්ලි නෑ. බැංකුවට ගේ උකස් කරලා ඒක සින්න වෙන්නත් ළගයි. ඒ නිසා මෙයාගෙ ලොකු මල්ලි එයාගේ බයික් එකත් විකුණනවා.මොනදේ කරත් අන්තිමට මෙයාගෙ අම්මා මැරෙනවා. අම්මගේ අවමඟුලෙන් පස්සේ දවසක ගමේ පූජකයාගේ පුතා හෙන්ඩ්‍රා, රිනීට කියනවා අම්මාගේ අවමඟුල දවසේ එයා සොහොනෙදි අමුතු ගෑනු කෙනෙක් දැක්කා කියලා. ඒ ගෑනු කෙනාම පස්සේ දවසක රිනීලගේ ගෙවල් ළඟදී ආපහු එයා දැකලා තියෙනවා. හෙන්ඩ්‍රා කියන්නෙ ඒ භූතාත්මයක් බවත් ඒ නිසා තව දුරටත් රිනීට ඒ නිවසේ ඉන්න එපා කියලයි. ඒත් රිනී ඒ දේවල් විශ්වාස කරන්නේ නෑ. ඒ අතර තුර රිනීගේ ආච්චිත් අමුතු විදියට මිය යනවා. ආච්චි මැරෙන්න කලින් එයගේ පරණ පාසල් යාළුවෙකුට ලියපු ලියුමක් රිනීට හම්බෙනවා. මේක කියවපු රීනි ඒ ආච්චිගේ යාළුවාව හම්බවෙන්න යනවා. ඔහු රිනීට ඇයගේ පවුලේ කවුරුවත් නොදන්න රහසක් කියනවා.

ආච්චි ලියපු ලියුමේ මොනවද තිබුනේ ? මොකක්ද මේ රහස ? කවුද මේ අද්භූත කාන්තාව ? ඇයි මේකේ මාතෘකාව යක්ෂයාගෙ පරම්පරාව කියලා දාලා තියෙන්නේ ? ඒ ගැන දැන ගන්නනම් මේක බලන්නම වෙනවා. අවසානය වෙනකන්ම කුතුහලයෙන් බලන්න පුලුවන්, නොහිතන අවසානයක් සහිත ෆිලුමක් තමයි මේක, මේක රෑටම බලනවනම් තවත් හොඳයි….

ප්‍රධාන චරිතය වන ලින් ලෙස Tara Basro ත් , ලින්ගේ පියා ලෙස Bront Palarae ත්, රිනිගේ මල්ලි ටෝනි ලෙස Andy Arfian සහ Dimas Aditya හෙන්ඩ්‍රා ලෙසත් නිර්මාණයට සම්බන්ධ වෙනවා, ඩොලර් 150,000$ක වියදමකින් නිර්මාණය උන මෙය ඩොලර් මිලියන 16.2$ ක් ඉපයීමට සමත් වෙනවා. හොඳම අධ්‍යක්ෂනය ඇතුළු සම්මාන 23ක් දිනා ගැනීමටත් තවත් සම්මාන 44කට නිර්දේශ වෙන්නත් මේ සලරුව සමත් වෙලා තියෙනවා .එහෙනම් ඔයාලත් අදහස්\උදහස් පල කරගෙනම යන්න. ආයෙත් මේ වගේ තවත් උපසිරැසියකින් ආයෙත් හමුවෙනතුරු ජය වේවා!

තෙරුවන් සරණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,052 downloadsDownload Satan-s-Slaves-AKA-Pengbdi-Setan-2017.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,052 downloadsDownload Subtitles26 KB

36 comments

  1. .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි down a dark hall එකෙක් උපසිරස කරන්න

  2. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  3. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Kavishal Rasintha

    Thanks sahooo... Gd luck

  5. Tharaka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. chinthaka_priyadrshana

    Thank U bro....

  7. tharindu jayasekara

    thanx wewa jaya......

  8. tv malli

    tnx bn

  9. TEP

    Thanks for sub

  10. DilanDilshan

    thankz bro..jaya wewaa,,,

  11. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  14. NuwanK

    Thank u Bro.....

  15. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  16. Akarsha

    Thankz for sub.superb film.

  17. ranga11112

    thanks yuran sahooo

  18. sasala

    thanks sub ekata

  19. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යුරාන් සහෝ.
    ජයෙන් ජය.

  20. kanishkapushpadeva

    thanks baby!!

  21. Kulanjana Maduranga

    thanks saho sub ekata....

  22. Sajithlakshan

    sinhala sub ekata thanks machan

  23. Dewadithya

    Thanks for Sub!

  24. kuma.lk

    Thanks for sub...

    right click disable karapu ekanam karadarayak

  25. Chulender kasun

    Thanks bro....
    Jaya wewa...!!!!!!!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. AsithaDilruwan

    Ela saho thanks

  28. sasi1111

    Tnx bro

  29. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..

  30. Iroshablitz

    තැන්කිව් සහෝ

  31. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  32. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  33. sandharu

    Elama thankss

  34. Amalka Himeshan

    Thanks sub ekata

  35. Saranga J. Liyanagama

    ගොඩක් ස්තුතියි මචං.. ජය...

  36. Lakshansilva18

    conjuring,annabelle, insidious film walata passe Mn balapu hodama holman film ekak hamoma balanna.. mekata sub dunnata bohoma sthuthi

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.