කොහොමද හැමෝටම! හුඟ කාලෙකට පස්සේ තමයි මම මේ උපසිරැසියක් අරගෙන ආවේ. මම කලින් බාර ගත්ත TV Series එකේ වැඩ නිසයි මට දිගටම උපසිරැසි දෙන්න බැරි වුනේ. ඒකට Timeline files නැති නිසා ඒ වැඩේ නම් හුඟක්ම පරක්කු වුනා. දැන් නම් අවුරුද්දක් විතර ඇති මම ඒක බාර අරගෙන. එකේ දැනට මම සේරම කොටස් වලට උපසිරැසි කරලා ඉවරයි. […]
කොහොමද හැමෝටම! හුඟ කාලෙකට පස්සේ තමයි මම මේ උපසිරැසියක් අරගෙන ආවේ. මම කලින් බාර ගත්ත TV Series එකේ වැඩ නිසයි මට දිගටම උපසිරැසි දෙන්න බැරි වුනේ. ඒකට Timeline files නැති නිසා ඒ වැඩේ නම් හුඟක්ම පරක්කු වුනා. දැන් නම් අවුරුද්දක් විතර ඇති මම ඒක බාර අරගෙන. එකේ දැනට මම සේරම කොටස් වලට උපසිරැසි කරලා ඉවරයි. තව අන්තිම Episode එක විතරයි කරන්න තියෙන්නේ. ළඟදිම මම ඔයාලට ඒක දෙන්න බලාපොරොත්තු වෙනවා.
The Benchwarmers (2006)
මේක ඇවිල්ලා Sport/Adventure ගණයට අයත් වන විකට ඇමරිකානු සිනමාපටයක්, 2006 වර්ෂයේ. Revolution Studios සහ අපි කවුරුත් හොඳට දන්න Happy Madison Productions ල ගේ නිෂ්පාදනයක් ගොඩක් විකට චිත්‍රපටි ගහන්න මෙයාලා තමයි දායක වෙන්නේ. විශේෂයෙන්ම ඇඩම් සැලැන්ඩර් ගේ ෆිල්ම් එහෙම ගහන්න. බෙදා හැරීමේ කටයුතු කරලා තියෙන්නේ Columbia Pictures එකෙන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ සුපිරි විකට සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන Dennis Dugan විසින්. මෙයා ගොඩක් ඇඩම් ස්ලැන්ඩර් එක්ක හිතවත් සිනමා ජීවිතයෙදි. මෙයා අධ්‍යක්ෂනය කරපු ඇඩම් සැලැන්ඩර්ගේ සුපිරි ෆිල්ම් ටිකක් තමයි මේ – Happy Gilmore (1996), Big Daddy (1999), I Now Pronounce You Chuck and Larry (2007), You Don’t Mess with the Zohan (2008), Grown Ups (2010), Just Go with It (2011), Jack and Jill (2011), Grown Ups 2 (2013). නියම ෆිල්ම් ටිකක් නේද… ඔයාලා ගොඩක් අය මේවා බළලා ඇති. බයිස්කෝප් එකේ මේ සේරටම වගේ උපසිරැසි දීලා තියෙන්නේ. හැබැයි මේ මම ඔයාලට දෙන චිත්‍රපටියේ ඇඩම් සැලැන්ඩර් නෑ. මේකේ ඉන්නේ එයාගේ හොඳ හිතවතෙක් වෙන Rob Schneider. අර පොඩි කොට හාදයා. ගොඩක් මෙයා ඇඩම් සැලැන්ඩර් එක්ක කොමඩි ෆිල්ම් වල ඉන්නවා. මෙයත් මම කැමති ඇමරිකානු සුපිරි විකට නළුවෙක්. මෙයාගේ මම බළපු එක නියම ෆිල්ම් එකක් තමයි – The Hot Chick (2002). මෙයා රඟපාපු තවත් චිත්‍රපටි හුඟක් තියනවා.
හරි, මම එහෙනම් දැන් ඔයාලට මේ කතාව ගැන ටිකක් කියන්නම්, ගස් මැතිව්ස්, රිචී ගුඩ්මන් සහ ක්ලක් රීඩි යන තිදෙනා මැදි වසයේ සිටින පුද්ගලයින් තිදෙනෙකි. ක්ලක් හා රිචී යනු තම බාල වියේදි අවට සිටින තම වයසේම මිතුරන්ගෙන් සමච්චල් වී සමාජයේ කොන් වීමට ලක් වූ දෙදෙනෙකි. රිචී චිත්‍රපටි තැටි ඇළෙවි කරන ස්ථානයක තම රැකියාව කරයි. ක්ලක් පත්තර බෙදන්නෙකු සේ රැකියාව කරයි.ගස් මැතිව්ස් යනු සාමාන්‍ය රැකියාවක් කරන බිරිඳක් සිටින බාල වියේ අති දක්ෂ බේස්බෝල් ක්‍රීඩකයෙකි. යම් හේතුවක් නිසා මොහු බේස්බෝල් ක්‍රීඩා කිරීම හා තම කුඩා කළ සිටි ප්‍රදේශය අත හැර වෙනත් ප්‍රදේශයක පදිංචි වී සිටියි. දිනෙක නගරයේ තිබෙන බේස්බෝල් පිටියක කුඩා ළමුන් පිරිසක් සෙල්ලම් කර සිටින අතරතුර තවත් ළමුන් පිරිසක් පැමිණ නෙල්සන් නම් වූ කුඩා ළමයෙකුට කරදර හිරිහැර සමච්චල් කරනු ලබයි.
මේ අවස්ථාවේ දී එය දුටු ගස් ක්ෂණිකව පැමිණ එම ළමුන් පිරිස පන්නා දමයි. එම අවස්ථාවේ මෙම පිටියට පැමිණිමත් සමග ගස් හට තම කුඩ කාලයේ හැඟීම් දැනෙන්නට පටන් ගනියි. පිටියට පැමිණ ඇති වූ එම හැඟීම නිසා ගස් හට යළි බේස්බෝල් ක්‍රීඩා කිරීමට ආශාවක් ඇතිවේ. මේ සදහා ගස්, ක්ලක්, රිචී යන තිදෙනා පසු දින යළි මෙම පිටියට පැමිණ ක්‍රීඩා කිරීමට සැරසෙයි. නමුත් ක්ලක්, රිචී යනු ඉතාමත් අදක්ෂ ක්‍රීඩාවට දුබල දෙදෙනෙකි. ගස් විසින් චිත්‍රපටය පුරාවටම ඔවුන් දෙදෙනාට ගුරුහරුකම් කියා දෙමින් මෙම ක්‍රීඩාවට මොවුන්ව සම්බන්ධ කර ගැනීමට අධික වෙහෙසක් දරයි. මොවුන් එම දිනයේ පිටියේ ක්‍රීඩා කරන අතරතුර පෙරදා දිනයේ සිටි ළමුන් පිරිස පැමිණ මොවුන්ට ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යන ලෙස තර්ජනය කරයි. එවිට ගස් එම ළමුන් පිරිසට තම කණ්ඩයම සමග ක්‍රීඩා කර පිටිය ලබා ගන්නා ලෙස ළමුන් පිරිසට අභියෝග කරයි. මෙහිදි ක්ලක් සහ රිචී යන දෙදෙනාගෙන් ලැබෙන්නේ ඉතාමත්ම දුර්වල සහයෝගයක් ගස් හට. ගස් පන්දු යැවීමට, පන්දුවට පහර දීමට, පන්දු රැකීම යන මේ සියලු දේට දස්කම් උපරිමයෙන් දක්වයි. ක්ලක් සහ රිචී අසාර්ථක පුද්ගලයින් ලෙස සැම දෙනාගෙම සමච්චලයට විහිළුවට ලක්වේ. ඔවුන්ට සිදුවන මෙම අපහසුතා නැති කර දැමීමට ගස් උත්සහා කරන්නේ මෙම ක්‍රීඩාවට ඔවුන්ව සම්බන්ධ කර ගැනීමෙනි. දිනක් ඉතා ධනවත් පුද්ගලයෙකු මොවුන් ක්‍රීඩා කරනවා දැක ඔහුට යම් අපූරු අදහසක් පහළ වේ. කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටයි.
මට පොඩි විකාර දෙයක් ගැන ඔයාලට කියන්න බැරි වුනා. රිචීගේ නිවසේ හාවී නිමින් මිතුරෙකු සිටි. මොහු හිරුට සහ හිරු එළියට බිය දක්වන විකෘති මානසිකත්වකින් පෙළෙන පුද්ගලයෙකි. මොහු නිවසින් පිටතට පැමිණෙන්නේ ඉතාමත් කලාතුරකිනි. මොහු රිචීගේ නිවසේ කුඩා කාමරයක නිතරම බියෙන් සැකෙන් කාලය ගත කරයි, හිරුට තිබෙන බිය හේතුවෙන්. ගස්, ක්ලක්, සහ රිචීගේ කණ්ඩායම යම් අවස්ථාවක පත්වන අපහසුතාවයක් හේතුවෙන් ඔවුන්ට විකල්පයක් නොමැති වීමවෙන් හිරු එළියට බිය දක්වන හාවීට දිවා කාලයේ පිටතට පැමිණ ක්‍රීඩා කිරීමට සිදුවේ.ගස් තම උපන් ප්‍රදේශය අතහැර ඒමට හේතුව කුමක් ද? ගස් සහ ක්ලක් බේස්බෝල් හොඳට ඉගෙනගනියි ද? ධනවත් පුද්ගලයාට පහළ වන ඒ අපූරු අදහස මොකක්ද? ඉරට බය පොරට අන්තිමට මොනවා වෙයිද?
මේවට උත්තර දැනගන්න ෆිල්ම් එක අරන් බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,242 downloadsDownload The-Benchwarmers-2006.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/UDshehan1-e1480895738302.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “UD Shehan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
13 comments
malith
Nilush Angana
Sub ekata thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
පට්ට කොමඩියක් වගේ...ranga11112
බොහොම ස්තූතියි saho....උපසිරැසියට…පට්ට කොමඩියක් වගේ…
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Thisal
ස්තූතියි උපසිරැසියට
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි UD Shehan සහෝ.
ජයෙන් ජය.Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela ela