ඔන්න කාලෙකට පස්සෙ මම තවත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා. මීට කලින් මම උපසිරැසි දීපු Chak De India, Rang De Basanti, The Terminal (සිහින ඉසව්ව සහෝ සමග) සහ Blood Diamond කියන මේ හැම චිත්‍රපටයක්ම පරණ වුනත් විශිෂ්ට ගනයේ සිනමා නිර්මාන බවයි මගේ හැගීම. ඉතින් මේකත් ඒවගේම උසස් සිනමා කෘතියක්. මේක IMDb චිත්‍රපට…

ඔන්න කාලෙකට පස්සෙ මම තවත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා. මීට කලින් මම උපසිරැසි දීපු Chak De India, Rang De Basanti, The Terminal (සිහින ඉසව්ව සහෝ සමග) සහ Blood Diamond කියන මේ හැම චිත්‍රපටයක්ම පරණ වුනත් විශිෂ්ට ගනයේ සිනමා නිර්මාන බවයි මගේ හැගීම. ඉතින් මේකත් ඒවගේම උසස් සිනමා කෘතියක්. මේක IMDb චිත්‍රපට දර්ශකයේත් 8.5ක අගයක් ලබාගෙන තිබෙනවා වගේම IMDb TOP 250 හෙවත් විශිෂ්ටතම චිත්‍රපට 250 අතර 51 වන ස්ථානයේත් පසුවෙනවා. ඒවගේම මෙයට මා කැමතිම රංගන ශිල්පියා වන ලියනාඩෝ ඩිකැප්රියෝ දායක වීමෙන් එහි ඇති විශිෂ්ටත්වය තවදුරටත් වර්ධනය වී ඇති බවයි මගේ හැගීම. චිත්‍රපටය ගැන හැදින්වීමක් නම් කරන්න යන්නෙ නැහැ, මොකද කලින් මේ ගැන ලිපිය පල කල සහෝදරයා ඒ ගැන අංගසම්පූර්ණ හරවත් සටහනක් තබා තිබෙනවා. ඒ නිසා වැඩි දුර ලියන්න අදහසක් නැහැ. මේ චිත්‍රපටයට උපසිරැසි සැකසීමේ අදහස මට ලබා දුන් විකියා සොහොයුරාට මම හදවතින්ම ස්තූති කරනවා. ඔහු තමයි මේ හැම දෙයක් ගැනම සොයා බලලා අපි හැමෝවම දිරිමත් කරමින් අපි හැමෝටම ශක්තියක් වුනේ. චිත්‍රපටය ගැන පොඩි කරුණක් කියන්න තියෙනවා. මෙය අපරාධකරුවන් වටා ගෙතුනු කතා වස්තුවක් නිසා මෙහි භාවිතා වන්නේ පහත් මට්ටමේ වචන මාලාවකුයි. ඒවගේම මෙහි ඇති ඇතැම් දර්ශන නිසාත් මෙය කුඩා දරුවන්ට නැරඹීමට නම් යෝග්‍ය වන්නේ නැහැ…!
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ චිත්‍රපටය බාගන්න ගමන් පොඩි කමෙන්ටුවකුත් දාගෙන යන්න කියලයි. චිත්‍රපටය නරඹලා අවසානයේ උපසිරැසි ගැනත් අදහසක් දක්වන්න පුලුවන්නම් එය අගය කොට සලකනවා 🙂
චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්…!!!
……………………………………………………………………………
මිට කලින් පළවූ ලිපිය :
ඔබ චිත්‍රපටි නිතර බලන්නෙක්ද? ඔබ මේ චිත්‍රපටිය නොබැලු බව ඔබට කියන්නට සිදුවීම ඇත්තෙන්ම ඔබට විශිශ්ටත්වයෙනුත් ඔබ්බට ගිය අතිසුවිශේශි නිර්මාණයක් මගහැරී ඇති බව මම වගකීමකින් යුතුව කියමි. Martin Scorsese නැවත වරක් තම හුරතල් කොල්ලා Leonardo DiCaprio (මගෙත් ආසම නලුවා) යොදාගනිමින් සෙලුයුලොයිඩ්පටියේ සිත්තම් කර ඇති මේ අපුර්වතම නිර්මාණය…ඔහ්..ඇත්තටම ඔබට මෙය මගහැරුනාද ?.. විශ්වාස කල නොහැකියි…ඔස්කාර් සම්මාන 4 ක්.. ඒ අතර 2006 වසරේ හොදම චිත්‍රපටිය ලැබෙන ඔස්කාර් සම්මානයත්…අනෙකුත් සම්මාන 49 ක්..මෙහි ව්ශිශ්ටත්වය නොවේද ඉන් කියවෙන්නේ…? Martin Scorsese හා Leonardo DiCaprio සුසන්යෝගය සැබැවින්ම ලෝක සිනමාවට සුවිශේශි නිර්මාණ බිහිකරන බවට අනාවැකි කියන්නට අවශයය නැත. එය නිතැතින්ම සිදුවන්නකි.
8.5/10 ක් ලොව හොදම චිත්‍රපටි 250 අතුරින් 52 වන තැනහිමි කරගන්නා මෙම චිත්‍රපටිය Crime , Thriller ඝනයට අයත් සිනමා සිත්තමකි.Leonardo DiCaprio (Billy Costigan) / Matt Damon(Colin Sullivan) / Jack Nicholson (Frank Costello) / Mark Wahlberg (Staff Sgt. Dignam) නම් වු මේ දක්ශ නලුවන් සිව්දෙනා චිත්‍රපටිය පුරාවටම ප්‍රේක්ශකයා ඒකෙරෙහි ඇද බැද තබාගන්නට නිතැතින්ම සමත් වෙයි. ඇත්තටම ඔවුන්ගේ රංගනයෙන් අතිශයින්ම තාත්විකයි. කේබල් රංගනයෙන් තොර තාත්වික ක්‍රියාදාම කැටි කරගත් අභවය සිද්ධි වලින් තොර මෙම චිත්‍රපටිය බාගන්නට ඔබ තවමත් සිතන්නේද..?
Frank Costello බොස්ටන් පොලිසියට අවශය පාතාල නායකයෙකි . ඔහු අල්ලාගැනීමට පොලීසිය එවන් පසුබිමකම හැදීවැඩුනු Billy Costigan රහස් ඒජන්තවරයකු ලෙස Frank Costello වෙත යවයි. මේ පිලිබද දන්නේ Staff Sgt. Dignam හා Cpt. Queenan යන උසස් නිලධාරින් දෙදෙනා පමණි. මේ අතර Frank Costello තමාව පොලිස් උගුල්වලට හසුවීම වලක්වා ගැනීමට ඔහුගේ අතකොලුවෙකු වන Colin Sullivan පොලිසියට එවයි.Colin Sullivan පාතල නායකයාට ඔත්තු සපයමින් විවිධ කූට වැඩ කරමින් සිටියි. මේ අතර පොලිසි සිතුවාටත් වඩා හොදට Billy Costigan ඔහුට පැවරූ කාර්යය ඉටුකරයි. කෙසේ හෝ Billy Costigan හා Colin Sullivan දෙදෙනාට ලැබෙන ඉගි මත එකිනෙකා පසුපස හබායයි… වෙඩි තැබීම් , රහස් මෙහෙයුම් අතරේ ආදරයද නැතුවාම නෙවෙයි.
Billy Costigan අවසානයේ ඔහුගේ මෙහෙයුම සාර්ථකව නිමකරාවිද..? Frank Costello කොටුවෙයිද..? Colin Sullivan තම ස්වාමියා වෙනුවෙන් කුමක් කරාවිද…? Staff Sgt. Dignam හා Cpt. Queenan අවශය වු පරිදි මෙම සටනේ අවසානය දකින්නට හැකිවෙයිද..?… මේ සියල්ලටම ඔබට පිලිතුරු ලැබේවි බාගෙනම බලන්න….Martin Scorsese ගේ චිත්‍රපටි වල ඔහුට ආවේනික ගුණාංගයක් ඇත. ඒ ප්‍රේක්ශකයා නොසිතන, කම්පනයට ලක්කරන අවසානය. නමුත් කිවයුතුයි..මෙම චිත්‍රපටියේ අවසානය ඔබව කම්පනයෙනුත් කම්පනයට ලක්කරන බව නොඅනුමානයි.
ච්ත්‍රපටි නරබන්නෙක් හැටියට ඔබෙන් කවුරුන් හෝ ඇහුවොත් ” ඔබ Martin Scorseseගේ DEPARTED බැලුවාද ? ” කියා.. ඔබට ” නෑ ” කියන්නට සිදුවුවහොත් ඇත්තටම ඔබට දුක හිතෙවී… මේක ඒ තරමටම පට්ට පතුරු බයිස්කෝප් එකක්…
අවවාදයයි : මේ චිත්‍රපටිය එක දිගට බලලා ඉවරකරන්න.. කොටස් වශයෙන් බැලුවොත් ඇත්තටම අපරාධයක්… ඒ වගේම බලන්න කලින් තැනින් තැන බලන්නත් එපා…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
28,692 downloadsDownload The.Departed.Baiscopelk.com_.Sinhalasub.zip74 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු උදාන අබේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/02/05
Subtitles by
ඉසුරු උදාන
Subtitles
184 comments
සමන් කලුබෝවිල
KoK
Maru film eka eka parakata wada balanna puluwan dicaprio maruwata raganawa.
අමිල
බාන්ඩ දාල බලමු.........
පිටස්තරයා
නියම චිත්‍රපටියක්!!!
Matrix
elama film ekak, baluwama eththatama hithei balanna parakku une eka paradayak kiyala
මනිෂ කසුන්
@ සමන් කලුබෝවිල ,අමිල : අනිවා බලන්න......
@ KoK , Matrix , පිටස්තරයා : සිරාවට... සුපිරි ෆිල්ම් එකක්...susantha
adama banava thnx.
kathu
මෙක බලපු පළවෙනි පාර මට තේරුම් ගන්න බැරි වුනා..(අපේ ඉංගිරිසි හරි හොදයි..!) එකනිසා දෙවනි පාරත් බැලුවා..!! එළමකිරි..!!!
උදාන
මම බැලුවා,
මැක්සා මචං..
බලපු නැති ඈයෝ අනිවා බැලිය යුතු මයි!!!!හෙළයා
මම බලලා තියෙනවා. ඇත්තටම පට්ට පතුරැ තමයි....
නියමයිSupun
Balala iwarawela wistara kiyannam banawooo.............
අකිල ප්‍රනාන්දු
ඇත්තටම මුලින් ම කියන්න ඕන ............ අවවාදය නං අනිවාර්යෙන්ම පිලිපදින්න
මොකද..........
මේක නොබලන දෑස කොස් කොටන්නද?මනීෂ් මචං නියමයි.මමත් ඕක බැලුවා ආපු ගමන්ම.....
අයෙත් බලනවා....
මොකද කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ......තව 2% යිමනිෂ කසුන්
@ susantha , kathu , උදාන , හෙළයා , අකිල ප්‍රනාන්දු : එලකිරි මචෝ.........
pina kaludava
It is indeed an excellent film. I watched it just one week ago. What struck me lot was the manner in which the film ends. It has stepped out from the conventional way of ending often seen in a crime/thriller film: the hero becoming victorious. But here the hero (Billy Costigan started by DiCaprio) also becomes the victim of the fate befallen to others -culprits I would say.
Though Leonardo DiCaprio did not use to be a star of my likening, this film changed my perception about him. His performances are indeed fabulous and par excellence!
Ela Kolla
මේ FILM එක බලලා නෑත්තන් වෑඩක් නෑ මචො.. පට්ට පතුරු එකක්.. මාර තාත්විකයි.. බලල නෑති අය අනිවා බලන්න ඔනි biscope එකක්
Bhagya රාජපක්ෂ
එක හුස්මට බානවා ...
අනිත් පැත්තෙන් එක හුස්මට බලනවා ...
තෑන්ක්ස් බ්‍රෝ !!මනිෂ කසුන්
@ pina kaludava : agree with u dude...
@ Ela Kolla : සිරාවට..
@ Bhagya රාජපක්ෂ : අනිවා බලපන්...ashan kandy
මගහැරී.. ? ehema wenta widihak na ne... matakath na baluwada kiyala.. mmm... aulak na ayet balanawa... :)
මනිෂ කසුන්
@ ashan kandy : aye balanna....
Shelinka
මේ දැන් බාගන්න ලැහැස්ති වෙන්නේ....
බලලා ඉවර වෙලාම කමෙන්ට් එකක් දාන්නම්...
කොහොම වුණත් මෙහෙම සිරා වැඩ කරන රොයිලි අයියට ගොඩක් ස්තූතියි...රොයිලි
ස්තූතියි මනීෂ් සහෝ.පට්ටම චිත්‍රපටියක් දුන්නට. හැමෝම බා ගන්න.
@Shelinka,
අනේ ඇයි මට ස්තූති කළේ. මනීෂ් නේ ලිපිය ලිව්වේ. :)DragonD
බානවා අනිවාර්යෙන්ම ...
පට්ට වගේ .......
එල !!!Dhanuka
thanks macho
vidura
අදම බානවා.පට්ට වගේ.බලමුකො.තෑන්ක්ස්
dila
thanx manisha saho onna banna damma....
heta denna thiyena project 1ka kuth thiyenawa but Caprio ge film 1k miss karana 1ka aparadayak...Kavia
onna math banawaaaaaaaaaa.....thnkuuuu wewaaaaa.....
Akiyoshi
baalama balamu.thnx...
The Redox
හොද කතාවක් වගෙයි..ස්තුතියි.
රව්
SUB 1 *SRT file 1 දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි, එතකොට බලන්න ලේසි..........
Samitha
සිරාම ෆිල්ම් එකක්... මමනම් බලල ගොඩක් කල්... ඒත් මට තාම මතකයි කතාව...
නුවන්
This is one of a BEST i have ever watched...guys do not hesitate to download this...Thanks Maneesh and pothe gura...:D
රජිත ලියනගේ
මේකනම් එල ෆිල්ම් එකක්. ඩවුන්ලෝඩ් කරන්න රෙකමන්ඩ් කරනවා.
yasith
mama nam meka 3parak witara balala tiyanawa. maxa film eka, adama balanda
Manula Nayanatharu
Ela film eka..... Thanks......
HAPPY NEW YEAR.....!
kamal
ko baiscop ake kattiyata aurududa dawas gaanakin film akak ne apita aurudu bedan nadda honda films deela............
Uraj Deemantha
ලැබුවාවූ අලුත් අවුරුද්ද සතුට සෞභාග්ය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..
அன்பான உறுப்பினர்கள் அனைவருக்கும் விகிர்த்தி புத்தாண்டு நல் வாழ்த்துக்கள்...
May this New Year bring newly found prosperity, love, happiness and delight in your life.....HAPPY NEW YEAR!!!
සමාවෙන්න ඕනා කාලෙකින් කමෙන්ටුවක් දාන්න බැරි වුනාට.... බොහොම busy වෙලා හිටියේ මේ දවස් ටිකේ Office එකේ වැඩ වලට හිර වෙලා.....!! බාන්න බැරි වුන ෆිල්ම් ගොඩ ගැහිලා..... :P ඒ මදිවට මගේ Computer එකේ Power Supply එකටත් බඩු බනිස් වුනානේ.... කොහෙද අපිට ගුරාවත් Support එකක් දෙන්නේ නැහැනේ .....!! :D
Akiyoshi
mamath beva,beluwa....maru film akak thama ....me wage seen ape army ake ahemath thiyenawada danne...sada amaraneeya film akak....thanks very much...
rohan
බාලම බලන්නම්.හොදද කියලා.තෑන්ක්ස් මචන්.
ganesh
elama thami.......................
physician assistant
Great information! I’ve been looking for something like this for a while now. Thanks!
school grants
this post is very usefull thx!
sameera
mamath banawa
thannnxxxxx.....uda
හෙහ් කලින් ලිපිය දීලා තියෙන්නේ මනියා නේද? ඒ ලිපියනම් මරේ මරු!
ඉසුරු උදාන සහෝ; මේ වගේ පුදුමාකාර කතාවකට සබ් කරන්න හිතන එකම වුණත් පුදුමාකාර දෙයක්! ඒක නිසා පුළුවන්නම් එක ඉල්ලීමක් තියෙනවා කරන්න. දිගටම Martin Scorsese'ගේ ෆිල්ම් ගැන අප දැනුවත් කරන්න, සිංහල සබ් එක්කලා අරගෙන එන්න.
මේක තියෙන නිසා ෆිල්ම් එක නැතුං සබ් එක ගන්නවා...
තව Scorsese'ගේ එකකට ජය වේවා!kasun sameera
සිංහල උපසිරසට ගොඩක් ස්තූතියි සහෝ
| D i N 3 s H | දිනේෂ් ගමගේ
එල! මේකට උපසිරැසි ලබා දීපු එක ගොඩක් වටිනවා. ආයේ කාලෙකට පස්සේ උපසිරැසි අරන් එන්නෙ නැතිව ලඟදිම තව එකක් ඕන.. ජය!!!
gayan
maxxxa macho pattma film akak
tharanga
meykata sub deepu aka nam niyamai.thx lot
newtz
හැමෝටම හද පිරි තුති... මමත් බගන්නවා එහෙනම්...
සාරංග ලියනගම
ගොඩාක් පිං මචං මේකට සබ් දුන්නට...
jack
patta patta machan wede digatama karanna.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
මේක කියවනකොට..අනිවා බාන්න හිතෙනවා..... අදම බලනවා......තෑන්ක්ස්.......