Watch Trailer

The Terminal (2004) with Sinhala Subtitles | අපූරු මිනිසෙක්…[ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ මම සිංහල උපසිරැසියක් ඕගොල්ලො වෙනුවෙන් ගෙනාව . මම පහුගිය ටිකේ උපසිරැසි ගැන්වීම් වලින් ඈත්වෙලයි හිටියෙ. ඒත් ආපහු මේ විදිහට උපසිරැසි යොදන්න කියල මාව දිරිමත් කරේ අපේ විකිය සහෝදරය තමයි. ඇත්තටම මේක මම තනියෙන් කරපු උපසිරැසියක් නෙවෙයි. වෙනත් සහෝදරයෙක් විසින් අඩක් උපසිරැසි ගන්වා තිබුණු මේ…

ඔන්න කාලෙකට පස්සෙ මම සිංහල උපසිරැසියක් ඕගොල්ලො වෙනුවෙන් ගෙනාව . මම පහුගිය ටිකේ උපසිරැසි ගැන්වීම් වලින් ඈත්වෙලයි හිටියෙ. ඒත් ආපහු මේ විදිහට උපසිරැසි යොදන්න කියල මාව දිරිමත් කරේ අපේ විකිය සහෝදරය තමයි. ඇත්තටම මේක මම තනියෙන් කරපු උපසිරැසියක් නෙවෙයි. වෙනත් සහෝදරයෙක් විසින් අඩක් උපසිරැසි ගන්වා තිබුණු මේ චිත්‍රපටයේ උපසිරැසිය සම්පූර්ණ කරල දෙන්න කියල විකිය සහෝ කල දිරිගැන්වීමත් එක්කයි මේ වැඩේට අතගැහුවෙ. මේක මම බ්‍රහස්පතින්ද දෙනව කියල තමයි මුලින්ම පොරොන්දු වුනේ. ඒත් ඊට වඩා ටිකක් කල් ගතවුනා. මොකද මේක දෙදෙනෙක් විසින් කල උපසිරැසි ගැන්වීමක් නිසා මේක බලන කෙනාට ඒ භාවිතා කරල තියෙන වචන වල වෙනසක් නොදැනෙන්න සුළු වෙනස් කිරීම් කිහිපයකුත් කරන්න වුනා. ඒකයි පරක්කු වුනේ. හොදයි එහෙනම් කතාව ගැනත් පොඩි හැදින්වීමක් දෙන්නම්කො.

කතාව ආරම්භ වන්නේ වික්ටර් නවෝසකි නැමැති නැගෙහිර යුරෝපීයයෙක් නිව්යෝක්හි පිහිටි ජෝන්.එෆ්.කෙනඩි අන්තර්ජාතික ගුවන්කොටුපලට සම්ප්‍රාප්ත වීමත් සමගයි. මොහු තමන්ගෙ රටින් (ක්‍රකෝසියාව) පැමිණියාත් සමගම එරට හමුදා කුමන්ත්‍රණයක් සිදුවෙනවා. ඇත්තටම නවෝසකි මේ පිළිබද කිසිවක් මේ වෙනකොට දන්නැහැ. ඕගොල්ලො දන්නවත් ඇති මේ විදිහට හමුදා කුමන්ත්‍රණයක් මගින් පවතින රජයක් බලයෙන් පහකරල නව පාලනයක් බිහිවුනාම ලෝකයේ අනික් රටවල් මේ රට නීත්‍යානුකූලව පිළිගන්න කාලයක් ගතවෙනවා. ඉතින් මේ කාලය ඇතුලත එවැනි රටක පුරවැසියෙකුට වෙනත් රටකට පැමිනෙන්න බැහැ. ඒවගේම වෙනත් රටක කිසිම ගුවන් යානයක් ඒ රටට ගුවන් ගමන් සිදුකරන්නෙත් නැහැ. මොකද ඒ රටේ වැසියන්ව නීත්‍යානුකූලව පිළිගන්නැති නිසා. මොකද එහෙම පිළිගත් රාජ්‍යයක් නැති නිසා. ඒත් ඉතින් ඔබ එවැනි සිද්දියකට පෙර තම රටින් ගුවන්ගත වෙලා ඒ සිදුවීමෙන් පස්සෙ වෙනත් රටක ගුවන්තොටුපලකට පැමිණිලා ඒ රටට ඇතුලු වෙන්න උත්සාහ කරොත් මොකද්ද ඇතිවෙන තත්වය.  ඒ ඉතාම අහඹු දේ තමයි වික්ටර් නවෝස්කිට අත්විදින්න වෙන්නේ. දැන් ඔහුට රටක් නැහැ. ජාතියක් නැහැ. ඔහුට නැවත යන්නත් බැහැ. කොටින්ම කිව්වොත් ඔහුගෙ නමින් එවැනි රටක පුද්ගලයෙක් නැහැ. තවත් පැහැදිලි කලොත් ඔහු පිළිගත් පුද්ගලයෙක් නෙවෙයි…!

හැබැයි ඉතින් අපේ සමහර සහෝදරවරුන්ට නම් මම මෙච්චර කිව්වත් කතාවෙ අගක් මුලක් තේරෙන්නැතුව ඇති. ඇත්තටම මේක මෙහෙම පැහැදිලි කරන්න බැහැ. මේ ගැන දැනගන්න නම් ඕගොල්ලන්ට මේ විශිෂ්ට චිත්‍රපටය නරඹන්නම සිද්ද වෙනව.

ආහ් මේකෙ ප්‍රධාන චරිතය රඟදක්වන ඒ සුපිරි රංගන ශිල්පියා ගැන කියන්න තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා. ඔහු තමයි ටොම් හෑන්ක්ස්. ඒ වගේම මේ චිත්‍රපටයේ නිෂ්පාදකය තමයි ස්ටීවන් ස්පිල්බර්ග්. දැන් ඉතින් ඕගොල්ලන්ට තේරෙනව ඇතිනෙ මේක සුපිරි නිර්මාණයක් වෙන්න ඕන වග. ඒවගේම මේක IMDB රේටින්ස් වලත් 7.2ක අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් කාලෙකට පස්සෙ බොහොම වෙනස් විදිහෙ සිනමා අත්දැකීමත් ලබන්න ඕන කියල හිතෙනවනම් මේක ඒ සදහා ඕගොල්ලන්ට හොද අවස්තාවක් වේවි…!

පුලුවනිනම් මේක බාගන්න ගමන් කමෙන්ටුවකුත් දැම්මොත් ගොඩක් වටිනවා. මොකද අන්තිමට ඒදේ තමා අපිට ඉතුරු වෙන්නේ. මේකෙ වික්ටර් නවෝස්කි කියන්නෙ ඉංග්‍රීසි භාෂාව කතාකරන්න නොහැකි පුද්ගලයෙක්. ඒ නිසා ඔහු භාවිතා කරල තියෙන කැඩුණු ඉංග්‍රීසි බාසාවට අනුරූපව සිංහල උපසිරැසි ගන්නවන්න උත්සාහ කලා. ඒ නිසා සබ් එකේ ගුණ දොස් ගැනත් පුලුවන්නම් යමක් කියන්නකෝ.

***ලගදීම තවත් උපසිරැසියක් සමග හමුවෙමු***


පෙර පළ කළ ලිපිය.

කාලෙකින් ටිකක් නාට්‍යමය බයිස්කෝප් එකක් අරගෙන එන්න බැරි වුනානේ.. ඔන්න ඒ නිසා අද මම කැමතිම නළුවෙක් සහ නිළියක් රඟ පාන ලස්සන කතාවක් අරගෙන ආව.

සුපිරි නළු Tom Hanks හා සුරූපී නිළි Catherine Zeta-Jones මෙහි ප්‍රධාන චරිත වන Viktor සහ Amelia ට පණ පොවනවා. කතාව කෙටියෙන් මෙහෙමයි.

නැගෙනහිර යුරෝපා ජාතිකයෙකු වන Viktor ඇමෙරිකාවට පැමිණෙනවා. ඔය අතරේ තම මව් බිමේ ඇතිවෙන යුද්ධයක් නිසා ඔහුගේ රට දේශපාලනික වශයෙන් නැති වෙනවා. ඒ නිසා ඇමෙරිකාවටත් තම මව් බිමටවත් යාගත නොහැකිව ඔහු ගුවන් තොටුපොලේ සිර වෙනවා. ඉංග්‍රීසි භාෂාව හරි හැටි නොදත් මොහුට අපූරු සිදුවීම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ අතරේ ඔහු සුරූපී ගුවන් සේවිකාවක් වන Amelia සමඟ පෙමින් බැඳෙනවා. ගුවන් තොටුපොලේ ඔහු හැසිරෙන විදිය නම් අපූරුයි, චිත්‍රපටියේ අවසානයේ ඔහු මරු වැඩක් කරනවා. ලස්සන කතාවක්, කවදත් වගේ Tom Hanks  ගේ රංගනය අනගි භවනීයයි. මම Catherine Zeta-Jones ට කොච්චර ප්‍රිය මනාප ද කියල ඔයාල දන්නවනේ.. 😉

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.

10,873 downloadsDownload The.Terminal.2004.Sinhala.Sub_.zip112 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු උදාන අබේසිංහ” සොහොයුරාට සහ “සිහින ඉසව්ව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,873 downloadsDownload Subtitles112 KB

108 comments

  1. Raven

    නියම චිත්‍රපටයක් මේක නම්. විටෙක සංවේදීයි ඒ වාගේම විනෝදාත්මය තවත් විටක. ටොම් හෑන්ක්ස් මගේත් ප්‍රියතම නලුවෙක්. ඔහුගේ රංගනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
    ටර්මිනල් එක ඇතුලෙ සිරගතව ජීවිත සටන ගෙනයන වික්ටර්ගෙ කතාව හරිම සුන්දරයි.ස්තූතියි ඔබට. නැවත වතාවක් බලන්න ඕනෙ මේක.

    1. Thisara Neo (තිසර නියෝ)

      || නියමයි ||

      | :P |

      :) උපසිරැසියට තුති……. :)

  2. Akila

    Thanks bro,
    ෙහාද film ඒකක් ගැන හම්බ උනා
    ෙකාෙහාමද ඒ ගැන විස්තර ෙදන්ෙන්.

  3. DUMINDU

    :(

  4. DUMINDU

    kawada hari balanawa....

  5. තිසර

    ටික කාලෙකට ඉස්සර බැලුවත් තාම මතකයේ තියෙන චිත්තරපටියක්. මෙන්න මේ වගේ එළ චිත්තරපටි දිගටම දාන්න.

    නැරඹිය යුත=ම චිත්තරපටියක්.

  6. saman kalubovila

    elaa balamu ...balamuuuu.....

  7. panchaz

    yaaluwaney kawada wage avatar eka apita balanna puluwan
    weida
    avatar enakan thamia api okkoma enney
    haki ikmanin danna
    jaya wewa

  8. නුමේෂ් ඩිලූෂ

    bannam tnx

  9. පොතේ ගුරා

    @panchaz !මචන් ඇවටා වලට අපේ රොයිලි සහෝ සිංහල උපසිරැස දාල තියෙන්නෙ..දැනට නෙට් එකේ තියෙන කොපි හැම එකම අපි පරීක්ශා කළා..හැම එකකම පොඩි හරි වැරැද්දක් තියෙනව.. (එක්කො වීඩියෝ කොලිටි මදි,නැත්නම් වීඩියෝ හා ඕඩියෝ අතර පරතරයක් තියෙනව ) හොද කොපියක් තව දින දෙක තුනක් ඇතුලත එයි කියල අපි බලාපොරොත්තු වෙනව..ඒ ආව ගමන් සිංහල උපසිරැස එක්කම දෙනව...එතකම් 2GB කොපි බාන්නෙ නැතුව ඉවසන්න කියල තමයි හැමෝටම කියන්න තියෙන්නෙ.. :)

  10. සරදියල්

    මේක එලම ෆිලිමක්...
    හැමෝම බලන්ඩෝඕඕඕඕ.....

  11. රොයිලි

    @ Akila,

    මචෝ මෙන්න මේ ලිපින වලට මේල් එක දාන්න.

    ගෝලයා golaya[at]baiscopelk[dot]com,
    පොතේ ගුරා Baiskoop[at]gmail[dot]com,

    @ හැමෝටම.
    නියමම ෆිල්මක් අද දීලා තියෙන්නෙ. හැමෝගෙන්ම බා ගන්න කියලා ඉල්ලනවා. :)

  12. දසයා

    නියම චිත්තරපටියක්! ස්තුතියි!

  13. kathu

    Maxxxx film එකක්. මම නම් බලලා තියෙනවා...

  14. චරිත

    Avatar හොඳ කොපියක් ඇවිල්ලා කියලා රොකියා දාලා තිබුණා. කවදුද අපිට subtitle එක්ක දෙන්නෙ?

  15. wappula

    machan roylie 24 ekata sab dapan pls...

  16. කොමා

    මමත් Avatar - 2GB කොපියක් බාන්න දැම්මා. ඔන්න එහෙනම් කියපු නිසා බෑම නැවැත්තුවා. හොඳ එකක් ඉක්මනට දෙන්න හොඳේ......!!

  17. danushan

    මමත් Avatar – 2GB කොපියක් බාන්න දැම්මා. ඔන්න එහෙනම් නැවැත්තුවා

  18. රන්දික පෙරේරා

    නියම චිත්‍රපටියක්, ආයි කථා 2ක් නෑ. ;)

    ජය වේවා...!!!

  19. @ටරයා

    DVD Quality ද ?

  20. Suvin

    Tom Hanks man ithin aith ahanna deyak naa..! maath baanawa........

  21. අංජන

    මට උදවු අවශ්‍යයි.......

    මම ඉන්න තැන ඉදලා ටෙලිකොම් මධ්‍යස්ථානයට මීටර්100ක් වත් නෑ. ඒ නිසා මට ටොරන්ට්ස් වලට හොද වේගයක් ලැබුනා. හොද සීඩ්ස් තියෙන ටොරන්ට් වලට 58 විතර එක දිගට ලැබුනා. රෑට ටොරන්ට්ස් 2ක් බාන්න දාලා නිදා ගත්තම උදේට ෂුවර් එකට බඩු බෑවිලා ඉවරයි. ඒත් දැන් මුල් විනාඩියේ හොදට තිබිලා එකපාරට අඩු වෙලා ගිහිල්ලා 7-8 බහිනවාග ඒ වේගය වෙනස් වෙන්නේ නැතුව මුලු රෑම තියනවා. ඩිරෙක් ඩවුන්ලොඩ් වල නම් හොදයි. එත් මේ ප්‍රෂ්නෙ ‍ටොරන්‍ට්ස් වලට විතරයි.

    දන්න කෙනෙක් ඉන්නවානම් උදවු කරන්න?

    මම ලගදි කැස්පර්ස්කයි දැම්මා. ඒකද දන්නෑ ප්‍රශ්නය?

    නැත්තන් ටෙලිකොම් එකෙන් ටොරන්ට්ස් බ්ලොක් කරනවා ද මන්දා?

  22. nishantha

    math banawoooooooooooo

  23. Uraj Deemantha

    මේක කලින් බැලුවා.... :D ආයෙත් බාගන්න වෙනවා හාඩ් එකේ නෑ........!! :(

    ලස්සන ෆිල්ම් එකක් බව මතකයි.... :) අනික ඉන්නෙත් ටොම් හෑන්ක්ස් නම්, කුමන කතාද ........!! :D

  24. indikson

    maxxa film eka. aniwa balanna.

  25. Anonymous

    MaxxxxA FILM EKA ..........adenawa machan

  26. දසයා

    මේක මම බලපු සිරාම ෆිල්ම් එකක්. ටොම් හෑන්ක්ස්ගේ රංගනයනම් කියල වැඩක් නෑ. ස්තුතියි මචෝ..

  27. San J

    Machan meka mage favorite film ekak. Tom Hanks ge okkoma film wage mama balala thiyanawa. elakiri machan.

  28. jeewithemal

    මම කීප වතාවක් බලපු චිත්‍රපටයක්...සැබවින්ම classic එකක්....

  29. Ramraj

    ෂික් මේකත් මට මග ඇරිලානේ.මගේත් ආසම නලුවෙක්. බලන්නම ඕන.

  30. wall e

    පට්ට ෆිල්ම් එකක් නේ...මෙන්න මේවා තමයි ෆිල්ම්ස්
    ජය වේවා

  31. kalinga

    සුපිරි මචං මෙන්න මේ ෆිල්ම් එක මම අයෙත් බලනවා සබ් එක්ක...
    මම මෙතෙක් බලමු සුපිරිම එකක් අනිවා හැමෝම බලන්න
    ඉස්තූතී සහෝලා දෙන්නටම

  32. IP Man

    එල එල දිගටම සබ් දෙන්න! දෙන්නටම සුභ පැතුම්!

  33. sumudu

    ela ela thnx saho

  34. yasiru

    මෙන්න ෆිල්ම්ස් බලනවා නම් බොහොම පින් සහෝලා දෙන්නටම මේ ෆිල්ම් එක සබ් එක්ක දුන්න එක ගැන. :)

    ඉස්සරහටත් මේ වගේ පරණ වුනත් මැක්සා ඒවාට දෙන්න උපසිරස

    බයිස්කෝප් එකට ජය වේවා!!!!!!!!

  35. කැලුම්

    ටොම් හෑනක් ඉන්නවා නම් අයෙ කුමන කතාද ඒ මදිවට ස්ටීවන් ස්පිල්බර්ග්. දැන්ම බාමි
    ජය සහෝලා 2 න්නටම

  36. [DiN3sH]

    ස්තූතියි! දැන්ම බාගන්න ඕනි. ඉදිරියේදිත් සබ් දෙන්න! සුබ පතනවා!

  37. Ranga

    maxxxa machnla.:).lassana film akata sub dunna akata.thawa hoda awata subs denna. :) :)

  38. යසිරු මධුක

    බොහොම ස්තුතියි මචන්. එක්මනට තවත් ෆිල්ම් එකක් සිංහලත් එක්කම අරන් එන්න. ජය වේවා.

  39. vernie

    lassana film ekak wage...

  40. rk

    PATTA film eka jaya sri..

  41. ගනිදු

    මචන්ලා මේක නියමම ෆිල්ම් එකක් :)මං ආව මුල් කාලේ බැලුව
    මට හරියට දැන් මතකත් නෑ සමහර තැන්
    අයෙ සබ් තියෙන නිසා බලනවා
    සුපිරි වැඩක් යාලුවෝ දෙන්නම කරලා තියෙන්නේ

  42. damith

    ela thanks lot yaluwa

  43. කේ. යූ. ජී. උදාර

    කොල්ලො දෙන්නටම ජය පතන ගමන් ඔන්න මාත් සබ් එකයි ටොරන්ට් එකයි ගන්නවා.......

  44. danuka

    නියමම වැඩක් සහෝලා.
    තුති

  45. thusitha

    MAXXA MACHO SUBA ANAGATHAYAK WEYWA

  46. dulan

    ජය වේවා. එලම එල

  47. hnfashion

    THNX BRO :)

  48. amilatk

    SUPER FILM :) SATHUTUI HUGAK MEY KARANA WADEY GANA.....

  49. akila

    මචං ලොවෙත් නෑ මැක්සා ෆිල්ම් එකක් නේ මේක.බොහොම බොහොම බොහොම,,,,,, තුති සහෝලා දෙන්නටම
    සබ් දාන්න වැඩි වැඩියෙන් ලැබේවා! පතමි

  50. විකියා

    මේ ෆිල්ම් එක ගැන කියනවා නම් හුගක් දේවල් කියන්න පුළුවනි. විටෙක සිනහව විටෙක කදුළු විටෙක ජයග්‍රහණය,පරාජය, දුක සැප, ආදරය මේ හැම එකක්ම එකට කැටි කොට නිර්මාණය කල සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවනි..
    අපේ බයිස්කෝප් වලට ප්‍රිය කරන හැම සහෝ කෙනෙක්ම අනිවාර්යයෙන්ම බැලිය යුතු අගනා නිර්මාණයක් බවත් මෙහිදී කිව යුතුමය.
    එමෙන්ම උපසිරස නිර්මාණය කල සහෝදරවරු දෙපලට මාගේ හද පිරි ඉස්තූතිය...

    ජයෙන් ජය~!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.