එහෙනම් ඉතිං ඔක්කොටම කලින්, බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක හැමදාම රැඳිල ඉන්න අපේ සහෝල හැමෝටම ආයුබොවන් කියල පිළිගන්නවා. ඔන්න, මම අද මේ ඔයගොල්ලන්ට අරගෙන ආවේ සුපිරිම කොරියන් Horror ෆිල්ම් එකක්. Horror කියුවට මේක Action ෆිල්ම් එකක් විදිහට ගන්නත් බැරි නෑ. හැබැයි ඉතිං කොහොම වුනත් මේ චිත්‍රපටිය නිෂ්පාදනය වෙලා…

එහෙනම් ඉතිං ඔක්කොටම කලින්, බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක හැමදාම රැඳිල ඉන්න අපේ සහෝල හැමෝටම ආයුබොවන් කියල පිළිගන්නවා. ඔන්න, මම අද මේ ඔයගොල්ලන්ට අරගෙන ආවේ සුපිරිම කොරියන් Horror ෆිල්ම් එකක්. Horror කියුවට මේක Action ෆිල්ම් එකක් විදිහට ගන්නත් බැරි නෑ. හැබැයි ඉතිං කොහොම වුනත් මේ චිත්‍රපටිය නිෂ්පාදනය වෙලා තියෙන්නේ නම් Horror කථාවක් පදනම් කරගෙන තමයි. ඒත් එක්කම කියන්න ඕනි මේක මම කාලෙකින් බලපු හරිම ලස්සන ෆිල්ම් එකක්. හරිම සංවේදී සිදුවීම් මාලාවක් තමයි මේ ෆිල්ම් එකට පදනම් වෙන්නෙ. අහිමි වීම්, දුක් වේදනා මැදින් ගලාගෙන යන හරිම අපූරු කතාවක් තමයි මේක. මේ ෆිල්ම් එක 6.1ක IMDb අගයකුත්, 36% ක Rotten Tomatoes අගයකුත් හිමිකරගෙන තියෙනවා. මේ හින්ද මේ ෆිල්ම් එක සාමාන්යෙන් හොඳ මට්ටමක තියෙනවා. හරි එහෙනම්, වැඩි වෙලා ගන්නේ නැතිව අපි ෆිල්ම් එක ගැන බලන්න යමුකෝ.
මේ චිත්‍රපටිය නිෂ්පාදනය වෙලා තියෙන්නේ දකුණු කොරියාවේ. ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Kim Joo-Hwan කියන අධ්‍යක්ෂකතුමා විසින්. ඒ ෆිල්ම් එකේ තිර රචනය කරල තියෙන්නෙත් එයාමයි. KeyEast සහ Studio 706 කියන නිෂ්පාදන සමාගම් මේ චිත්‍රපටියට අනුග්‍රහය දක්වලා තියෙනවා. ඒ වගේම Park Seo-joon, Ahn Sung-ki සහ Woo Do-hwan වගේ නළු නිළියො ගොඩ දෙනෙක් මේ ෆිල්ම් එකට අනුග්‍රහය දක්වලා තියෙනවා. මේක බෙදාහැරලා තියෙන්නේ Lotte Entertainment කියන සමාගමෙන්. මේ සිනමා පටය මිනිත්තු 129ක ධාවන කාලයකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය ඩොලර් මිලියන 11.1 ක ආදායමකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එක Release කරල තියෙන්නේ 2019 අගෝස්තු මාසේ 14 වෙනිදා. හොඳයි එහෙනම්, දැන් මේ චිත්‍රපටියේ කථාව ගැනත් පොඩි විස්තරයක් කරන්නම්කෝ. හැබැයි ඊට කලින් කියන්න ඕනි ෆිල්ම් එක බලලම රසවිඳින්න ඕනි කියල හිතන සුපිරිම සිනමා ප්‍රේක්ෂකයෝ ඉන්නව නම් ඊළඟ ජේදෙ බලන්න එපා.
මේ චිත්‍රපටයේ කථා නායකයා, නැත්තං ප්‍රධානිය වෙන්නේ යොන්ග්-හූ පාර්ක් කියන පුද්ගලයා. මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නේ යොන්ග්-හූගේ ජීවිතේ සිද්ධ වෙච්ච ලොකු අහිමි වීමක් එක්ක. ඒ කාලේ යොන්ග්-හූට යන්තම් අවුරුදු 10ක්, 12ක් ඇති. මෙයා ජීවත් වුනේත එයාගේ තාත්තත් එක්ක. යොන්ග්-හූ ගේ අම්ම නැති වුනේ එයා ඉපදෙද්දිමයි. මේ හින්ද උපතින්ම මව් සෙනෙහස අහිමි වෙච්ච මේ පුංචි කොල්ලට හිටියෙ එයාගේ තාත්තා විතරයි. මෙයාගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. දවසක් රාත්‍රී මුර සංචාරයේ ගිහිල්ල හිටිය යොන්ග්-හූ ගේ තාත්තා අවාසනාවන්ත විදිහට ලොකු අනතුරකට ලක්වෙනවා. තමන්ගේ ජීවිතේ තමන්ට ආදරේ කරන්න කියල හිටිය එකම කෙනත් තමන්ට අහිමි වෙයි ද කියල යොන්ග්-හූ ගොඩක් බය වෙනව. ඒත් එයාට කියල ඒ වෙලාවෙ තාත්ත වෙනුවෙන් කියල කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ. ඒත් තමන්ගේ ජීවිතේ තමන්ට අහිමි වෙන්න කියල කිසිම දෙයක් නැති වෙච්ච මොහොතක දෙවියන් අපිට බලාපොරොත්තුවක් දෙනව වගේ පුංචි යොන්ග්-හූත් ඒ වෙලාවේ දෙවියන් ගැන විශ්වාසය තිබ්බ. එයා මහ රෑ පල්ලියට දුවගෙන ගිහින් තනියෙම තමන්ගේ තාත්තා වෙනුවෙන් යාච්ඤා කරනවා. ඒත් දෙවියන් ඒ වෙලාවේ පුංචි යොන්ග්-හූගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්නේ නෑ. යොන්ග්-හූගෙ තාත්තත් අවාසනාවන්ත විදිහට එයාව දාල යන්න යනව. එදා දෙවියො යොන්ග්-හූගේ හිත හොඳටම රිද්දනවා. ඒ වේදනාවම අන්තිමේදි යොන්ග්-හූගේ හිතේ දෙවියො ගැන ලොකු වෛරයක් ඇති කරවනවා. එයාට කුරුසයක් දකින එක පවා ගොඩක් අප්‍රසන්න දෙයක් වෙනව. ටික කාලෙකින් යොන්ග්-හූ ලොකු වෙලා හොඳ බොක්සින් ශූරයෙක් වෙනවා. දවසක් බොක්සින් තරඟයක් ඉවර වෙලා ප්ලේන් එකේ ගෙදර එන ගමන් හිටපු යොන්ග්-හූ රෑ හීනෙන් තමන්ගේ තාත්තව දකිවනා. මේ හීනේ තමයි යොන්ග් හූගේ ජීවිතය වෙනස් කරන්නේ. හීනෙන් නැගිටල බලද්දි එයා දකිනවා එයාගේ එක අතක තුවාලයක් ඇති වෙලා තියෙනවා. ඉතිං මේ තුවාලෙට හැම රෝහල කින්ම ප්‍රතිකාර කළත් මේක සනීප වෙන්නේ නෑ. හැමදාම රෑට යොන්ග්-හූ හීනෙන් බය වෙන්න ගන්නවා. හැම රෑකම මේ තුවාලෙන් ගොඩක් ලේ එනවා. ඉතිං මේ තුවාලෙට හැම රෝහල කින්ම ප්‍රතිකාර කළත් මේක සනීප වෙන්නේ නෑ. මේ හින්ද අන්තිමේ දි මෙයා මේ තුවාලෙ ගැන දැන ගන්න කට්ටඩියෙක් ගාවට යනව. ඒ කට්ටඩිය තමයි යොන්ග්-හූට ආන් පියතුමාව මුනගස්සන්නේ. මේ ආන් පියතුමා කියන්නෙ යන්ත්‍ර-මන්ත්‍ර ගුරුකම් එහෙම දන්න පියතුමෙක්. ඉතිං නගරේ අමනුෂ්‍ය දෝශ ගොඩක් මේ කාලෙදි ඇතිවෙනව. ඉතිං දවසක් යොන්ග්-හූ ආන් පියතුමා මේ විදිහට යක්ශාවේෂ වෙච්ච කෙනෙක්ට ප්‍රතිකාර කරකර ඉඳිද්දි තමයි යොන්ග්-හූට පියතුමාව හම්බ වෙන්නෙ. එතෙන්දි යක්ෂාවේශ වෙච්ච එකා ගොඩක් දරුණු වෙනව. ඒ වෙලාවෙද ආන් පියතුමාටත් මෙල්ල කරගන්න බැරි වෙච්ච ඒ යක්ෂයව යොන්ග්-හූට තමන්ගේ තුවාල වෙච්ච අතින් මෙල්ල කරන්න පුළුවන් වෙනවා. එතනදි තමයි මේ තුවාලේ “ස්ටින්මාටර්” එකක් කියල දැනගන්න ලැබෙන්නේ. මේ සිටින් මාටර් එකක් එන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට කුරුසයේ තියල ඇණ ගහපු අවස්ථාවේදී ඒකෙන් තුවාල ඇතිවුණු තැන් වල. මේ වගේ ස්ථාන පහක් ශරීරයේ තියෙනවා. ඒ ස්ථාන 5න් ඕනිම තැනක මේ ස්ටින්මාටර් එකක් එන්න පුළුවන්. රෝමානු කතෝලික ජනතාව විශ්වාස කරනවා මේ සිටින් මාටර් වලට ලෙඩ සුවකිරීමේ සහ අමනුශ්‍යන් පලවා හරින්න පුළුවන් බලයක් තියෙනනවා කියලා. ඇත්තටම මේ වගේ ස්ටින්මාටර්ස් ඇති වෙච්ච අය ගැන ඉතිහාසයේ වාර්තා වෙනවා. හැබැයි පුදුමෙ කියන්නේ සිටින්මාටර් එකක් එන්නේ දෙවියන් ගැන ලොකු භක්තියක් තියෙන කෙනෙකුට විතරයි. ඒත් යොන්ග්-හූ කියන්නේ දෙවියන්ට ගොඩක් වෛර කරන කෙනෙක්. ඉතිං අන්තිමේ දී ආන් පියතුමත් යොන්ග්-හූ ත් එකතුවෙලා නගරේ ඇති වෙච්ච හැම භූත දෝශයකටම වග කියන්න ඕනි අඳුරු පූජක තුමාව විනාශකරන එක තමයි මේ කථාවේ සරළ අන්තර්ගතේ වෙන්නේ. හැබැයි මේ කතාවේ තව මම නොකිව්ව කෑලි ගොඩක් තියෙනවා. ඒ හින්ද ෆිල්ම් එක බාගෙනම බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
මේ ෆිල්ම් එක Release වෙලානම් දැන් ගොඩක් කල් වෙනාවා. ඒත් මේකේ Web පිටපත නිකුත් වුනෙත් මේ ළඟදී. මේකට සබ් එක දානකන් ගොඩක් කල් බලන් හිටියනම් සමාවෙන්න ඕනි. ඉඩ පහසුකම් ලැබෙන ප්‍රමාණය අනුව තමයි ඉතිං සබ් එකක් කරන්න හම්බවෙන්නේ. ඒ වගේම කියන් ඕනි මේක තාම මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. ඒ හින්ද සමහරවිට පොඩි පොඩි අඩුපාඩු එහෙම ඇති. ෆිල්ම් එක බලලම හොඳ නරක කියන්නකෝ. කොරියන් වුනත් මේ ෆිල්ම් එක හොලිවුඩ් ෆිල්ම් එකක quality එකට තියෙනවා. ඒ හින්ද නොබල ඉන්න එපා. පුළුවන්නම් යටට ගිහින් comment එකක් එහෙමත් දාගෙන යන්න. එහෙනම් ඉතිං දිගටම බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක රැදිල ඉන්න කියල මතක් කරන ගමන් මම සමුගන්නවා. එහෙනම් ඉතිං, හැමෝටම,
ජය වේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
6,081 downloadsDownload The-Divine-Fury-2019.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවිදු කත්‍රිආරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුවිදු කත්‍රිආරච්චි
Subtitles
23 comments
sachintha
Stranger
thanks
Ranidu
Thanks for sub bro
Mama me filuma bluwa kalin
Supiri paharak
Jaya wewa!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
gihan perera
ස්තුතියි සහෝ...නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
rozalia_black
Thank you
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Menuri112
Super........
Dhanushkadill
Thankssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .
mvishwajith
sub eka dunnata thankzzzz
mahansi wela apita sub dena oyalage team eka api hamoma agaya karanawa.baiscope team eke hama denatama budu saranai...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
RuwanLakshan93
බොහෝම ස්තූතියි ජයවේවා........!
ruwan karunarathna
niyamayi saho .jayawewa.
podda
tnx
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Mawan Geethanjana
thanks
sanjeewakbg
Thanks bro..
AsithaDilruwan
ela saho thanks
Dewadithya
Thanks for sub!
Advertisement
![The Divine Fury (2019) Sinhala Subtitle | අන්ධකාරයේ බැතිමතුන් !!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/The-Divine-Fury-2019.jpg)

සිංහල උපසිරැසියට ස්තූතියි