කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ පලවෙනි පරිගණක සජීවිකරණ සිනමාපටය අරගෙන ආව. ඇත්තටම මේක එන්න තිබ්බේ 2020 වසරේ ඒත් කොරෝනා වසංගතය නිසා 2021 වසරට මේක කල් ගියා. එහෙම නම් සිනමාපටයේ විස්තර දිහාවට හැරෙමු. රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන් කියන්නේ Chicken Little (2005) සිනමාපටයෙන් පස්සෙ වෝල්ට් ඩිස්නි ඇනිමේශන්…

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ පලවෙනි පරිගණක සජීවිකරණ සිනමාපටය අරගෙන ආව. ඇත්තටම මේක එන්න තිබ්බේ 2020 වසරේ ඒත් කොරෝනා වසංගතය නිසා 2021 වසරට මේක කල් ගියා. එහෙම නම් සිනමාපටයේ විස්තර දිහාවට හැරෙමු.
රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන් කියන්නේ Chicken Little (2005) සිනමාපටයෙන් පස්සෙ වෝල්ට් ඩිස්නි ඇනිමේශන් ස්ටුඩියෝවෙන් නිර්මාණය වෙන John Lasseter ගෙ කිසිම දායකත්වයක් නොලැබෙන පළමු සිනමාපටය වගේම Moana (2016) සිනමපටයෙන් පසුව ස්ටුඩියෝවෙ නිමවෙන පළමු සිනමාපටය මේක. imdb 7.7 අගයක් ලබාගන්න සමත් වෙච්ච මේ සිනමාපටයේ අධ්‍යක්ෂණය Winnie the Pooh (2011), Big Hero 6 (2014) යන සිනමාපට ද්විත්වයේ අධ්‍යක්ෂණයෙන් සහ Moana (2016) සිනමාපටයේ සම අධ්‍යක්ෂණය සඳහා දායක වෙච්ච ඩොන් හෝල් විසින්ද, සම අධ්‍යක්ෂණය Legion රුපවාහිනී කතා මාලාව සහ Blindspotting (2018) සිනමාපටය සඳහා අධ්‍යක්ෂණයෙන් දායක වෙච්ච කාලෝස් ලෝපෙස් එස්ට්‍රාඩා විසින් සිදුකරනවා.
කතාව දිවෙන්නේ කුමන්ද්‍රා නමින් හදුන්වන ප්‍රදේශයක. ඉතිං මේ ප්‍රදේශය මොන වගේද කියල අදහසක් ගන්න මෙහි නිර්මාණ කණ්ඩායම තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය, මියන්මාරය, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ ලාඕසය කියන රටවල්වල දීර්ග සංචාරයක නිරත වෙලා තියෙනව. ඒ අය ඒ රටවල්වල පරිසරය ආශ්‍රයෙන් තමයි සිනමාපටයේ එන පරිසර පද්ධතීන් නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ කැපවීම නිසාම ඔයාලට ඇසට ප්‍රියහරිත වර්ණය පිරුණු පසුබිමක දිවෙන හරි අපුරු කතාවක් බලාගන්න ඉඩ ලැබෙනවා. ඉතිං කතාවේ ප්‍රධාන චරිතය වෙන රායාගෙ චරිතය සඳහා Kelly Marie Tran විසින්ද, සිසු සඳහා Awkwafina විසින්ද, ටුක් ටුක් සඳහා Alan Tudyk විසින්ද හඬ කැවීම් සිදුකරනවා.
කතාව සිද්දවෙන්නේ මෙහෙමයි, කුමන්ද්‍රාව කියන්නෙ මකරුන්ගෙ මායාබලයෙන් සහ මිනිසුන්ගේ එකමුතුකමින් සමෘද්ධිමත්ව තිබුන රාජ්‍යයක්. මේ රාජ්‍යයට ඩෲන් නමින් හඳුන්වන උවදුරක් එනව. මේකට අහුවෙන හැම කෙනෙක්වම ගල් වෙනව. මායා බලැති මකරුන් මීට එරෙහිව සටන් කරනව. හැබයි ඔවුණුත් සටනින් පරාජය වේගෙන එනකොට සිසුදතු නමති මකරියක් තමන්ගෙ මායාබලය පාවිච්චි කරල මකර මාණිකයක් නිර්මාණය කරල මේ ඩෲන්ව පරාජයට පත් කරනව. ඒකෙන් පස්සෙ මකරු හැරෙන්න, ගල් වෙච්ච මිනිස්සු සේරම ආපහු යථා තත්වයට පත්වෙනව. හැබැයි ඩෲන් පරාජයට පත් කෙරුනට අර මකර මානික්‍යය බෙදාගැනීම වෙනුවෙන් ඇතිවෙන සටන නිසා කුමන්ද්‍රාව නමැති සමෘද්ධිමත් රජ්‍යය කැබලි 5කට කැඩිල වෙන් වෙනවා. ඒ මකරෙකුගේ තියෙන කොටස් පහක නමින්. ඒ අතරවාරයේදි සිසුදතු මකරියත් ලෝකයෙන් අතුරුදහන් වෙනවා. හැබයි මේ කතාව බොරුවක්.. ඇත්ත කතාව දැනගන්න නම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනව.
එහෙම නම් නැවතත් උපසිරසියක් සමගින් හමුවෙමු. ජය! 🙂
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
25,791 downloadsDownload Raya-and-the-Last-Dragon-2021-Blu-Ray.zip169 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #Alan Tudyk
- #Awkwafina
- #Benedict Wong
- #Box Office Hits
- #Daniel Dae Kim
- #Editor's Pick
- #Gemma Chan
- #Izaac Wang
- #Kelly Marie Tran
- #Must Watch
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #Sinhala Subtitle
- #Subs
- #subtitle
- #Subtitles
- #Thalia Tran
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
48 comments
sachintha
සුභාෂිණි මල්ලව ආරච්චි
සබ් එක දෙනකල් බලන් හිටියේ.
ගොඩක් ස්තූතියි මල්ලි.Shaggy
Thank you
එල්.සී. දමැල්
Thanks සබ් එකට. ආපහු මේක සබ් එක්ක බලනවාමයි. සමහරවිට මේක මේ අවුරුද්දෙ බලපු හොඳම ඇනිමේටඩ් චිත්‍රපටය වේවි මගේ ❤️
THISANGA
Emoko
Gihan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
Pavith Wijesooriya
බොහොම ස්තූතියි අයියේ සබ් එකට.මේක දෙනකන් බලාගෙන හිටියා...❤️
Anonymous
සුපිරියක් වගේ
ස්තුතියි සහෝR_deshan
Subtitles වලට pro කෙනෙක්ගෙන් මේකට සබ් ලැබුණු එක ලොකු දෙයක්.ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
සංජන චමෝද්
නියමයි අයියෙ
සුපිරි ෆිලුමක්🤗
උපසිරැසියට ස්තූතියි.🤪
කවිඳු ජයවර්ධන
කතාවනම් නියමයි වගේ.සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
Nikil
Thanks sub ekata... ilagata godzilla vs kong enakan inne
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
නිමේෂ් කාවින්ද සිල්වා .
චිත්‍රපටය නම් මම ඊයේ පාන්දර බැලුවා . ඔයා ලිපියේ සදහන් කළා වගේම ගොඩක් ලස්සන පසුබිම් දර්ශන රාශියක් චිත්‍රපටය පුරාවට දැක බලා ගන්න පුලුවන් . ඒ පසුබිම් භූ දර්ශන නිර්මාණය කිරීමේදී යොදා ගැණුනු වර්ණ සංකලනය නම් සුපිරි ! ඒවගේමයි කතාවත් . රායාගේ වීර චාරිකාව ඇහිපිය නොහෙලා කුතුහලයෙන් බලා ඉන්න පුලුවන් . සිංහල උපසිරසිය එක්කම දැන් නැවතත් චිත්‍රපටය බලන්න පුලුවන් . මේ චිත්‍රපටය සදහා ප්‍රමිතිගත සිංහල උපසිරැසියක් ලබා දීම සම්බන්ධයෙන් මම විමුක්ති සහෝට හදවතින්ම ස්තූති කරමි . ඉදිරියටත් මේ වගේ ප්‍රමිතිගත චිත්‍රපට සදහා ගුණාත්මක බවින් ඉහළ සිංහල උපසිරැසි ලබා දෙන්න ! ඔබට සහ බයිස්කෝප් සහෝදර කැළට ජය !!!!
අචින්ත
ශාන් මොකදැයි නැත්තේ කියලයි බැලුවේ
ආයෙත් බලන්නයි යන්නේ උඹේ සබත් එක්කම
තුති වේවා බන්❤Samith
සහෝ අලුතින් ආපු korean series ගොඩක් තියනෝ.
වෙන සයිට්වලින් වත් සබ් නොදීපූ එකක් තෝරලා දෙන්නකෝ (thriller ටයිප් එකක්)Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
✌✌✌
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Anonymous
sub dunnata thanks
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි විමා
කවිඳු ජයවර්ධන
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..බලපු ලස්සන animation එකක්.!!ඔබට ජය!!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට තුති සහෝ
ජය වේවා !!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Nishan Sameera
Buddhika Lakmal (laKMal)
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
prasanga
thank you
YasasPerera
thank you
ශලිනි මල්ෂා
❤❤❤
Pramukmili
Thanx bro..............
janitha
Thank you :-)
Lakmal
Thanks
හිරාන් ශාරංග
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි.
Bruce
Thank you sub ekat,.
සචින්ත බෙනට්
බොහොම ස්තූතියි සහෝ සින්හල සබ් එකට...!
එක්සෑම් නිසා බලන්න බැරි වුණු ඒවා දැන් තමයි බලන්න පටන් ගත්තේ!දිගටම සබ් දෙමු මේ වගේ ලස්සන නිර්මාණවලට.
ජය වේවා!Subasinghe
Thanks for sub and byscop.. watayak giya wena wena site wala hoyanna gihin
kapila200
hank you all of ur hard work. Excellent!
kapila200
Sorry! "T" Missed in the beginning.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharangani
thanx
Aravinda Fernando
Thanks bud
Chamara
Thanks for sub
Anonymous
Thanks
supun
tz sub ekata..
SD MR YASSA
sub ekata thanxz...........................
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට ස්තූතියි