කැප්ටන් ජෝන් ස්මිත් කියන්නේ 16 වෙනි හා 17 වෙනි සියවස් වලදී එංගලන්තයේ ජීවත් වුනු ගවේෂකයෙක්. සොල්දාදුවෙක්. යටත් විජිත පානය කල ආණ්ඩුකාරවරයෙක්. අද ඇමෙරිකාවේ පිහිටා තියෙන වර්ජිනියා ප්‍රාන්තයට අයත් ජේම්ස් ටවුන් (Jamestown) කියන ජනපදය හොයාගැනීමට මූලික වුනු පුද්ගලයා හැටියට සැලකෙන්නේ මොහුයි. ජේම්ස්ටවුන් තමය…

කැප්ටන් ජෝන් ස්මිත් කියන්නේ 16 වෙනි හා 17 වෙනි සියවස් වලදී එංගලන්තයේ ජීවත් වුනු ගවේෂකයෙක්. සොල්දාදුවෙක්. යටත් විජිත පානය කල ආණ්ඩුකාරවරයෙක්. අද ඇමෙරිකාවේ පිහිටා තියෙන වර්ජිනියා ප්‍රාන්තයට අයත් ජේම්ස් ටවුන් (Jamestown) කියන ජනපදය හොයාගැනීමට මූලික වුනු පුද්ගලයා හැටියට සැලකෙන්නේ මොහුයි. ජේම්ස්ටවුන් තමයි උතුරු ඇමෙරිකාවේ පලවෙනි ස්ථිර ජනාවාසය වෙන්නේ. 17 වෙනි සියවසේ මුල් භාගයේදී ජෝන් ස්මිත් වර්ජිනියා ප්‍රාන්තය තුල පිහිටි වාසස්ථානයට සුදුසු තැනක් සොයාගෙන හැම ගංඟාවක් ඔස්සේම ගමන් කලා. Chesapeake Bay මුහුදු බොක්ක ඔස්සේ යාත්‍රා කල පලවෙනි ඉංග්‍රීසි ජාතික ගවේශකයා වෙන්නෙත් කැප්ටන් ජෝන් ස්මිත්. මේ අලුත් ජනපදයට ජේම්ස්ටවුන් කියන නම වැටුනේ නම් පස්සේ කාලෙක. 1607 දී සොයාගත් මේ බිමේ මුල්ම පදිංචිකාරයින්ට වගා කටයුතු කරන්නට පුහුණු කරපු නිසා ජනපදයේ තිබුනු ස්වභාවික දේවල් විනාශ වුනේ නෑ. ඔහු ප්‍රසිද්ධියේ කියපු දෙයක් තමයි “He that will not work, shall not eat” – වැඩ කරන්නේ නැති මිනිහට කන්න ලැබෙන්නේ නෑ කියලා. කටුක කාලගුණය, ආහාර හා ජලය හිඟ වීම ආදියට මුහුණ දෙමින් දුෂ්කර ගොහොරු බිම එලිය කරන කාලෙදි ඔහුට ස්වදේශික ගෝත්‍රික ජනතාවගෙනුත් නොයෙකුත් පීඩන එල්ල වුනා. වතාවක් දේශියව වගා කරපු දේවල් ඉවර වෙලා, එංගලන්තයෙන් ආහාර නැවකුත් එන්න පමා වුන නිසා බඩගින්නේ පිරිස මිය ගිය කාලයකුත් තිබුනා. අන්තිමේ දී හැම දෙයක්ම ජය ගන්න ඔහු හදිසි අනතුරකින් පත්තු වෙන වෙඩි බෙහෙත් ඔරුවක් නිසා තුවාල ලබලා ආපහු එංලන්තයට ආවා. ඔහු විසින් කරන ලද සේවය අගයනු පිණිස රජු විසින් නයිට් පදවියක් ලබා දුන්නා. මේ ඉතිහාස ගත ජේම්ස්ටවුන් නගර මධ්‍යයේ අද ඔහුගේ පිලිරුවක් තේජමානව වැජඹෙනවා.
කැප්ටන් ජෝන් ස්මිත්ගේ ජීවිත කතාව ගැන විස්තර ඒ වගේ වුනාට ඔහුගේ සැඟවුනු ආදර කතාව මේ චිත්‍රපටයෙන් එලිදැක්වෙනවා. 1607 දී ගවේෂණය කරන කණ්ඩායමක් එක්ක වර්ජිනියාවට ගොඩ බහින ජෝන් ස්මිත් (Colin Farrell)ස්වදේශික ජනතාවත් එක්ක වෙලඳ සබඳතා ගොඩ නඟා ගන්න පුලුවන්ද බලන්න තවදුරටත් වනාන්තරය තුල යනවා. එහි සිටින ස්වදේශිකයින් මොහුව අල්ලාගෙන මරන්න හදනවා. ඒ වෙලාවේ ඔහුගේ පිහිටට එන්නේ ස්වදේශික ජනතාවගේ ප්‍රධානියාගේ බාලම දියණිය නමින් Pocahontas (Q’orianka Kilcher). මරණයෙන් බේරෙන ජෝන් ස්මිත් මේ ස්වදේශිකයින් එක්ක කාලයක් ජීවත් වෙනවා. කාලය ගෙවෙද්දී ජෝන් ස්මිත් සහ ගෝත්‍රික දියණිය අතර ආදර සම්බන්ධතාවයක් ඇති වෙනවා. මේකට කැමති වෙන්නේ නැති ගෝත්‍රික ප්‍රධානියා ගං ඉවුරට කිට්ටුව කඳවුරු බැඳගෙන ඉන්න ජෝන් ස්මිත් ඇතුලු පිරිසත් එක්ක යුද්ධයකට එනවා. නමුත් දෙන්නා අතර සම්බන්ධය ඒ විදිහටම තියෙනවා. අන්තිමේදී ඔවුන් විවාහ වෙනවා. ඔහොම කාලය ගෙවෙද්දී ජෝන් ස්මිත්ට ආපහු එංගලන්තයට එන්න කියලා එංගලන්ත රජුගෙන් අණක් ලැබෙනවා. ටික දවසකින් ඇයට ආරංචි වෙනවා කැප්ටන් ජෝන් ස්මිත් ගමන අතරමඟ මිය ගිහින් කියලා. ඔහොම කණගාටුවෙන් ඉන්න ඇය කාලයක් යද්දී ඒ බිමේ පදිංචිකාරයෙක් වෙන ජෝන් රොල්ෆ්(Christian Bale) හා විවාහ වෙනවා. නමුත් නැවතත් ඇයට ආරංචි වෙනවා ඇගේ පලමු සැමියා කැප්ටන් ජෝන් ස්මිත් ජීවතුන් අතර සිටින බව. ඇය කුමක් කරාවිද? හැබෑවටම කැප්ටන් ජෝන් ස්මිත් මැරුනේ කොහොමද?
IMDb දර්ශකයේ 6.7ක අගයක් අරගත් ලස්සන සලරුවක් තමයි The New World (2005) කියන්නේ. ජෝන් ස්මිත් ලෙසින් රඟ පාන Colin Farrell ගේ රංගනය විශිෂ්ඨයි. ඔහුගේ The Way Back (2010) කියන චිත්‍රපටයේ වගේම මෙහිත් බොහොම ලස්සන පසුතල තමයි දකින්න තියෙන්නේ. ජෝන් රොල්ෆ් විදිහට රඟාපාන Christian Bale ගේ Rescue Dawn (2006), The Flowers of War (2011) වගේ ඒවා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ චිත්‍රපටයේ ස්වදේශික ජනතාව කතා කරන දෙබස් නම් ටයිම්ලයින් අලුතින් හදාගෙනයි සිංහලට පරිවර්තනය කලේ. Centurion (2010), 10,000 BC (2008) වගේ ලොකු ලොකු ෆයිට් නැතත් The Last of the Mohicans (1992) චිත්‍රපටය වගේ ලස්සනට ගලා යන ආදර කතාවක් තියෙනවා. මේ චිත්‍රපටයේ දෙබස් වලට වඩා “මම” උක්ත විදිහට අරගෙන ඒ චරිතය විසින් ගොඩ නඟන ප්‍රකාශ තමයි වැඩියෙන් තියෙන්නේ. ඔක්කොටම කලින් පූර්ව ප්‍රචාරක පටය බලලා ඉන්න. එතකොට ඔබේ රසවින්දනයට ගැලපෙනවද නැද්ද කියලා බලාගන්න පුලුවන්. මොනව වුනත් බොහොම ලස්සන ආදර කතාවක් තියෙන චිත්‍රපටයක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
4,828 downloadsDownload The-New-World-2005.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Damith-Rathnayake.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දමිත් තරංග
Subtitles
49 comments
kchl
ravin
Thanks or the sub
viraj harsha
Thanks elama...
chinthaka sampath
thank U bro.mama balana hitiya move ekak ..Thank U...ela.....
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Nirmal mahendra kumara
උපසිරැසියට ස්තුතියි. ඒත් එක සබ් එකක් වත් ඩවුන් කරන්න බෑනේ.. මොකෝ ඒ..
Soori
මේ වගේ චිත්‍රපට අතාරින්නේ නෑ සහෝ. සබ ගත්තා.
මේ වගේ වටිනා සිතුවමකට උපසිරැසි ලබාදීම පිළිබඳ ව මාගේ හදපිරි ස්තුතිය දමිත් තරංග සහෝ...AsithaDilruwan
meke hugak kala thibba balanne nathuwa
dan sinhala ekka balath haki
thanksSuMedha Sandun
Me wage oyaala danna filme ekaka nam tikak kiyannako downloading kara ganna
GeethD
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!niwanthaka
බොහොම ස්තූතියි සහෝ
chiro
supirima film ekak thnx sub ekata
Tharangani
thanx
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Madusara
බොහොම ස්තුතියි!
chalitha Rangana
උපසිරැසියට බොහෝම ස්තුති thanks
janusha123
thanx sub.........
Shammi
sub ekata thanks kolla
DhanushkaAASL
Thanks for SUB
Ran KE Almainz
sub download wen nee yaalu..Membership tiyenwa.eet download wen nee.download unsuccessful...
Sujeewa Edirisinghe
tnkx macho sub ekata
supun madushanka Fernando
Thanks bro sub ekata..jayawewa...
Rashmika123
Thnks mchnn..
Aavl@8319
Thank u very much
Aavl@8319
Tnx
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Nipuna Madhushan
ela
malith
Ela machoo
Navee
Thank you friend.
janaka195
thanks mchn..!
sandun gunasekara
ela
sanjeewakbg
thanks bro...
gnanarathana
thank u
Anjulakshan
aluth moves Download hoda site 1kaka link 1k diyanko.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka_priyadrshana
Ela Ela Thanks bro..............
nadun dilhara
thanx bro
chamara85
Good job thank & conratz
airanganimallika
Thanks you.
Randika Dilshan
niyamai machan..
Hasitha_Madhushan
මම මීට කලින් මේ ෆිල්ම් එකේ සින්හල සබ් එක හොයලා නැති නිසා සබ් නැතිව බැලුවා. පට්ටම ලස්සන ෆිල්ම් එකක්. දමිත් සහෝගෙ සිංහල උපසිරැසිය ඩවුන්ලෝඩ් කර ගත්තෙ නැතත් උපසිරැසියක් කරන්න මේ වගේ පරන ෆිල්ම් එකක් තෝර ගත්තු එකට ස්තූතියි කියල යන්න හිතුනා. ඔබට ජය.........!
Nadeesha rox alahakoon
Tnx bro sub akata.
නිමල් දිසානායක
දමිත්,
ඇත්තමයි සුන්දර දසුන් පිරුණු
රමණීය වගේ මරණීය ආදර කතාවක්.
මනිස් සිතිවිලිත් අපූරුවට හෙළි කෙරෙනවා....ස්තුතියි, ගොඩක්!
SuMedha Sandun
sub ekata thank you tharanga
sasanka
thanks.for the sub
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
mchn baiscopedownloads site ekta daahnko torrent link eka