Watch Trailer

In the Mood for Love (2000) Sinhala Subtitles | හිමි නැති ආදරයක්…. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ගොඩක් කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් උපසිරසක් රැගෙන එන්නෙ. සුපුරැදු පරිදිම පැරණි චිත්‍රපටයක් තමා මේ වතාවෙත් රැගෙන ආවේ. මෙය විශ්ව සිනමාවේ එදා මෙදා තුර බිහිවුණ බොහොම අපූරැ සිනමා සිතුවමක්. වෙනස් විදියේ සිනමා නිර්මාණ රසවිඳින්න කැමති හැමෝටම මෙය බොහොම වටිනා චිත්‍රපටයක් වේ…

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ගොඩක් කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් උපසිරසක් රැගෙන එන්නෙ. සුපුරැදු පරිදිම පැරණි චිත්‍රපටයක් තමා මේ වතාවෙත් රැගෙන ආවේ. මෙය විශ්ව සිනමාවේ එදා මෙදා තුර බිහිවුණ බොහොම අපූරැ සිනමා සිතුවමක්. වෙනස් විදියේ සිනමා නිර්මාණ රසවිඳින්න කැමති හැමෝටම මෙය බොහොම වටිනා චිත්‍රපටයක් වේවි.

2000 වර්ෂයේදි තිරගත උන මෙම චිත්‍රපටය හොංකොං චිත්‍රපටයක්. හොංකොං දේශයේ භාවිතා වන කැන්ටොනීස් භාෂාවෙන් තමා චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නෙ. මෙම චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Wong Kar-wai විසින්. මෙහි එන ප්‍රධාන චරිත ද්විත්වය නිරෑපණය කරන්නෙ Maggie Cheung සහ Tony Leung යන නළු නිළියන්. මෙම අධ්‍යක්ෂවරයා විසින් මෙම චිත්‍රපටයේ කතා විලාසයට සමානකමක් පෙන්වන තවත් චිත්‍රපට 2ක් නිපදවා තිබෙනවා. ඒ Days of Being Wild (1990) සහ 2046 (2004). ඇත්තටම මේ චිත්‍රපටි තුන කතා ත්‍රිත්වයක් විදියටයි සැලකෙන්නෙ. නමුත් මේවායේ කතා අතර එතරම්ම ලොකු සම්බන්ධයක් නෑ. එමෙන්ම මෙම කතා ත්‍රිත්වය හැඳින්වීමට විශේෂ නමක් භාවිතා කරලත් නෑ. ඒ හින්දා මෙය Informal Trilogy එකක් විදියටයි සැලකෙන්නෙ. එමෙන්ම මේ චිත්‍රපටය රසවිඳින්න මීට කලින් ආපු චිත්‍රපටය නරඹලා තියෙන්න අවශ්‍යත් නෑ. විනාඩි 98ක ධාවන කාලයක් සහිත මෙම චිත්‍රපටය Drama / Romance යන වර්ග වලට අයත් වන්නක්.

මෙම චිත්‍රපටය සිනමා විචාරකයින්ගෙ සහ රසිකයින්ගේ ඉහල ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. 8.1ක් වැනි ඉහල මට්ටමේ IMDB අගයක් හිමිකරගෙන මෙය IMDB දර්ශකයේ 238 වෙනි ස්ථානයේ පසුවෙනවා. එමෙන්ම 2016 වර්ෂයේදි BBC මගින් නිකුත් කළ 21 වෙනි සියවසේ හොඳම චිත්‍රපට 100 ලැයිස්තුවේ මෙයට හිමිවුනේ 2 වෙනි ස්ථානය. එමෙන්ම 2000 වර්ෂයේදි Empire සඟරාව මගින් නිකුත් කල ලෝක සිනමාවේ එදා මෙදාතුර බිහිවුන හොඳම චිත්‍රපට 100 ලැයිස්තුවේ මෙයට හිමිවුනේ 42 වෙනි ස්ථානය. තවද 2015 වර්ෂයේදී පැවති Busan අන්තර්ජාතික සිනමා උළලේදි නිකුත් කෙරෑ ආසියානු සිනමාවේ බිහිවුණ හොඳම චිත්‍රපට 100 ලැයිස්තුවේ මෙයට හිමිවුනේ 3 වෙනි තැන. තවත් මෙවැනි පැසසුම් රාශියක් හිමිකරගත් මෙම චිත්‍රපටය ලොව පුරා පැවති විවිධ සම්මාන උළෙලවල් වලදි සම්මාන 44ක් හිමිකරන් තියෙනවා. ඉතිං මෙම චිත්‍රපටය විශ්ව සිනමාවේ බිහිවුණ වටිනා සිනමා සිතුවමක් බව පැහැදිළියි.

ඇත්තටම මෙහි කතාව විස්තර කරන එක නම් ගොඩක් අමාරැ දෙයක්. කතාව විස්තර කරන වැඩේ කොහොම කරන්නද කියලා හිතාගන්නත් අමාරැයි. ඒ වගේම මෙහි කතාව විස්තර කරන එක මෙය නරඹන කෙනෙකුට කරන ලොකු අසාධාරණයක්. ඒ නිසා මං මෙහි කතාව ගැන එක වචනයක්වත් කියන්න කැමති නෑ. මේකත් එක්තරා ආකාරයක ආදර කතාවක්. නමුත් අපි එදිනෙදා දකින ආදර කතා වලට වඩා වෙනස්ම පැතිකඩකින් හා වෙනස්ම කෝණයකින් තමා මෙහි කතාව විග්‍රහ වෙලා තියෙන්නෙ. මෙහි කතාව ගලාගෙන යන ආකරයත් අපි එදිනෙදා දකින චිත්‍රපටි වලට වඩා හාත්පසින්ම වෙනස්. එමෙන්ම මෙම චිත්‍රපටය ඉතා අලංකාර රෑප රාමු සහ පසුබිම් සංගීතයෙන් සමන්විතයි. මෙහි කතාව නම් ටිකක් මන්දගාමී විලසින් තමා ගලාගෙන යන යන්නෙ. මට නම් හිතෙන විදියට ඒ මන්දගාමීත්වයම තමා මේ චිත්‍රපටයේ තිබෙන විශිෂ්ටත්වයට හේතු වන්නට ඇත්තෙ. ඉතිං එවැනි අන්දමේ සෙමින් කතාව ගලාගෙන යන චිත්‍රපටි නැරඹීමට අකමැති කට්ටියට මේ චිත්‍රපටය එපා වෙලා යන්න ඉඩකඩක් තියෙනවා. ඒ වගේම මෙය කලබලෙන් නරඹලා දාන්න පුළුවන් චිත්‍රපටයක් නෙමෙයි. මෙහි කතාව තේරැම් ගැනීමට නම් මෙහි එන හැම රෑප රාමුවක්ම, හැම දෙබසක්ම ඉතාමත් වැදගත්. ඉතිං චිත්‍රපටයේ ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම ඉතාමත් හොඳ අවධානයකින් බලන්න කියලා ඉල්ලනවා. ඉතිං චිත්‍රපටය නරඹා ඔබම හොඳ නරක තීරණය කරන්න. සාමාන්‍ය චිත්‍රපටයකට වඩා හාත්පසින්ම වෙනස් සිනමා අත්දැකීමක් මේ තුළින් ඔබට ලැබේවි කියලා වගකීමෙන් කියන්න පුළුවන්. ඒ වගේම චිත්‍රපටය බාගනිද්දි 941 MB ප්‍රමාණයේ 720p Sujaidr (pimprg) පිටපත බාගන්න. එය තමා මේ වෙනුවෙන් අන්තර්ජාලයේ තියෙන හොඳම පිටපත.

එහෙනම් මේ වටිනා නිර්මාණය නරඹලා බලන්න. මේක මගේ 29 වෙනි සබ් එක. තවත් පැරණි වටිනා චිත්‍රපටයක් සමගින් ලඟඳිම මුණගැහෙමු. ඔබ සැමට ජයෙන් ජය පතමි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබාදී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,717 downloadsDownload In-the-Mood-for-Love-2000.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/james-dc-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

James DC

Subtitles

4,717 downloadsDownload Subtitles35 KB

24 comments

  1. tharindu gunarathna

    thanks james dc.....

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  3. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. kavin12

    thanks niyama story ekak

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. sathira529

    ගොඩක් ස්තූතියි..ඔයා සබ් කරන ෆිල්ම්ස් මං අනිවා බලනවා..දිගටම සබ් දෙමු..ජය වේවා!!!

  9. AsithaDilruwan

    ela ela thanks

  10. siyath dasanayaka

    Thank you very much!

  11. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
    James සහෝගෙ සබ් එකක් කියල දැකපු ගමන්ම බාන්න දැම්මා.
    දිගටම සබ් කරමු.
    ඔබට ජය........!

  14. malith

    Ela ela

  15. Priyantha Dayakeerthi

    IMDb ඉහළ අගයක් ගත් සිනමාපට ලෝලියෙක් වන මාගේ ස්තුතිය ඔබට!!!

  16. sam fisherr

    ස්තුති සහොදරයා ඔබකරනදෙ රටක් වටිනවා

  17. Gayan Chathuranga

    බොහෝම ස්තුතියි සහෝ

  18. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට.. ජය වේවා!

  19. ricadodamien

    Thank u James Brother & Baiscope team for the sub, all the best to baiscope team..........

  20. Waruna Kamalawansha

    බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට

  21. sasanka

    thanks for the sub

  22. Anonymous

    thanks

  23. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූත්යි

  24. Chandika

    Thanks for subtitle

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.