Watch Trailer

Arn: Tempelriddaren (2007) AKA Arn – The Knight Templar Sinhala Subtitles | රතු කුරුසයක් පැලදි යක්ෂයා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ටික කාලෙකට පස්සේ අද තමයි බයිස්කෝප් එක පැත්තේ ගොඩ වුනේ. මේ චිත්‍රපටිය කරන්න අවසර ලබා දුන්නේ ශාන් විමුක්ති සහෝ තමයි. මේ චිත්‍රපටිය ගැන කියනවා නම් මේක ඩෙන්මාර්ක්, නොර්වේ, ෆින්ලන්තය සහ ජර්මනිය යන රටවල් වල නිෂ්පාදනයක්. චිත්‍රපටියට යන බරපැන වලින් ගොඩක්ම දරලා තියෙන්නේ ස්වීඩනය නිසා අයිතිය ගොඩක් බ…

ආයුබෝවන්! ටික කාලෙකට පස්සේ අද තමයි බයිස්කෝප් එක පැත්තේ ගොඩ වුනේ. මේ චිත්‍රපටිය කරන්න අවසර ලබා දුන්නේ ශාන් විමුක්ති සහෝ තමයි. මේ චිත්‍රපටිය ගැන කියනවා නම් මේක ඩෙන්මාර්ක්, නොර්වේ, ෆින්ලන්තය සහ ජර්මනිය යන රටවල් වල නිෂ්පාදනයක්. චිත්‍රපටියට යන බරපැන වලින් ගොඩක්ම දරලා තියෙන්නේ ස්වීඩනය නිසා අයිතිය ගොඩක් බර වෙන්නේ ස්වීඩනයට. ඒ ස්වීඩන් ක්‍රෝනර් මිලියන 210 ක වියදමක් එක්ක මේ චිත්‍රපටියේ අනිත් කොටසත් සමග. ඒ නිසාම ස්වීඩනය විශාලම වියදමක් දරා නිෂ්පාදනය කරපු චිත්‍රපටියක් ලෙස මේ චිත්‍රපටිය හදුන්වනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Peter Flinth කියන ඩෙන්මාර්ක් ජාතික අධ්‍යක්ෂකවරයා. ඒ ස්වීඩන් නවකතාකරුවෙක් වන Jan Guillou ගේ තුන් ඈදුණු නවකතා වන The Road to Jerusalem (1998), The Knight Templar (1999) සහ The Kingdom at the End of the Road (2000) යන කතා ත්‍රිත්වයේ The Knight Templar (1999) කතාව ඇසුරෙන්. මේ චිත්‍රපටියේ දෙවැනි චිත්‍රපටිය Arn – The Kingdom at Road’s End යන නමින් 2008 දී තිරගත කරලා තියනවා. මේකේ රුගතකිරීම් කරලා තියෙන්නේ ස්වීඩනය, ස්කොට්ලන්තය සහ මොරොක්කෝව කියන රටවල් වල. චිත්‍රපටියේ භාෂාවන් වෙන්නේ ප්‍රධාන වශයෙන් ස්විඩන් භාෂාව සහ ඉංග්‍රීසි. ඊට අමතරව සුළු වශයෙන් අරාබි සහ ප්‍රංශ භාෂා අඩංගු වෙනවා.චිතරපටියට IMDb දර්ශකයේ 6.6/10 වැනි අගයක් ලැබිලා තියනවා. ඒ වගේම අන්තර්ජාතික සම්මාන තුනක් දිනලා සහ තවත් දෙකකට නිර්දේශ වෙලා තියනවා.

මධ්‍යතන යුරෝපයේ හැමදේම පදනම් වෙන්නේ කුරුස යුද්ද මත. ඔය වගේ කාලෙකදී ස්වීඩනයේ රදල පෙළපතක ආර්න් මැග්නුසන් කියලා ළමයෙක් ඉපදෙනවා. අවුරුදු 5 දි මේ ළමයට දරුණු උණක් හැදිලා මරණාසන්න වෙනවා. ඒ වෙලාවේ මෙයාගේ දෙමව්පියෝ ළමයා වෙනුවෙන් දෙවියන්ට භාර වෙනවා. ඒ ළමයට හොද වුනොත් දෙවියන්ට කැප කරනවා කියලා. ඉතින් ළමයට හොද වෙනවා. ඒ හින්දා ළමයාව ව’න්හෙම් කියන තාපසාරාමයට භාර දෙනවා. හැබැයි එකේ ඉන්න ප්‍රධාන පුජකතුමා ආර්න්ව භාර ගන්නේ එයා ලොකු වෙනකල් විතරයි කියන පොරොන්දුව මත.ඉතින් මේ තාපසාරාමයේ ඉන්නවා එක පුජකයෙක්, එයා කලින් කුරුස යුද්ධ වල සටන් කරපු දක්ෂ ටෙම්ප්ලර් නයිට්වරයෙක්. මේ පුජකයා ආර්න්ට සටන් ශිල්ප උගන්වනවා. එයත් දක්ෂ ලෙස සටන් ඉගෙනගන්නවා. ඔහොම කාලේ ගත වෙද්දී මෙයා ගෙදර යන කාලේ එනවා. ගෙදර ගිහාම එයාගේ පෙළපතට විරුද්දව තවත් පෙළපතක් සටන් ප්‍රකාශ කරනවා. ඒ සටනින් දිනලා මෙයා පෙළපතේ ගෞරවය ආරක්ෂා කරන්න සමත් වෙන හින්දා මෙයා ඉක්මනින්ම ජනප්‍රිය වෙනවා. ඔය අතරේ තමයි ආර්න්ට සිසිලියා කියන ගෑණු ළමයා මුණ ගැහෙන්නේ. ඉතින් මේ දෙන්නා ආදරයෙන් බැදෙනවා. හැබැයි සිසිලියා වෙනත් කෙනෙක්ට යෝජනා කරලා තියෙන්නේ. ඕක ආරංචි වෙන ආර්න්ගේ පෙළපතට විරුද්ද අය තවත් බොරු චෝදනා සමග ඒක වැරද්දක් බවට ඒත්තු ගන්වලා දෙන්නටම දඩුවම් නියම කරනවා. ඒ අනුව දෙන්නාම සමාජයෙන් නෙරපනවා. ඒ අනුව සිසිලියාට අවුරුදු 20 ක් තාපසාරාමයක ගෙවන්න සහ ආර්න් ශුද්ධ භුමියේ සටන් කරන්න යවනවා. ඒ ටෙම්ප්ලර් නයිට්වරයෙක් විදිහට. ඔය කාලේ කුරුස යුද්ධ දරුණුවටම ඇවිලිලා ගියපු හින්දා යුද්දෙට යන සෙබළුන්ගෙන් අතලොස්සක් තමයි ජිවත් වෙලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට මොනවා වෙයිද?

කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු කියන්නේ?

කුරුස යුද්ධ මාලාව කියන්නේ මධ්‍යතන යුගයේදී කිතුනු භක්තිකයන්ගේත් ඉස්ලාම් භක්තිකයන්ගේත් ශුද්ධ වූ නගරය ලෙස සැලකෙන ජෙරුසෙලම වෙනුවෙන් කල බල අරගලයට. දෙවැනි Urban පාප් වහන්සේ යටතේ පළමු කුරුස යුද්ධය 1096 දී ඇතිවෙනවා. මේ වගේ කුරුස යුද්ධ මාලා නවයක් 1095 – 1291 යන කාලය තුලදී ඇති වෙනවා. මේ කාලේදී තමයි මේ ටෙම්ප්ලර්වරු බිහි වෙන්නේ. ඔවුන් ක්‍රි.ව 1119 සිට ක්‍රි.ව  1312 කාලය දක්වා ක්‍රියාකාරිව ඉදලා තියනවා. ඔවුන්ගේ මුලස්ථානය වෙලා තියෙන්නේ ජෙරුසෙලමේ ටෙම්පල් මවුන්ට් කියන දේවස්ථානය. ඔවුන්ගේ ප්‍රධානියා හදුන්වන්නේ ග්‍රෑන්ඩ්මාස්ටර් කියන නමින්. යුරෝපයේ හැම රටකින්ම වගේ මේ ටෙම්ප්ලර්වරු ඉදලා තියනවා. කුරුස යුද්ධ වලට අමතරව ඔවුන්ගේ ප්‍රධානම රාජකාරිය වෙලා තියෙන්නේ ජෙරුසෙලමට යන වන්දනා නඩ සොරුන් මංකොල්ලකාරයන්ගෙන් සහ අනෙකුත් සතුරන්ගෙන් ආරක්ෂා කරන්න. ඒ වගේම ඔවුන් කතෝලික හමුදා ආඥාවට තදින්ම බැදිලා හිටිය කණ්ඩායමක්. සුදු පැහැති යුධ ඇදුමක රතු කුරුසය තමයි එයාලගේ නිල ඇදුම වෙලා තියෙන්නේ. ඒ වගේම ටෙම්ප්ලර්වරු සටන් කලාවේ ඉතාම දක්ෂ පිරිසක්. මුලදී ආධාර මත සුළුවට පටන් ගත්තත් පස්සේ කාලේදී එයාලා විශාල ප්‍රදේශයක මුල්‍යමය කටයුතු පාලනය කරලා තියනවා. මොකද ඒ කාලේ බැංකු ආරම්භ වෙලා තිබ්බේ නැති නිසා ඔවුන් තමයි බැංකුවේ කාර්ය ඉටු කරලා තියෙන්නේ. පස්සේ කාලෙකදී ජෙරුසෙලම බිද වැටුනම ඔවුන්ට විරුද්ධව නොයෙක් කට කතා පැතිරිලා තියනවා. ඒ වගේම ප්‍රංශයේ පස් වන පිලිප් රජු මේ ආඥාවට තදින්ම ණය වුන කෙනෙක්. මේ කටකතා වලින් ප්‍රයෝජනය ගත්ත එතුමා ටෙම්ප්ලර්වරුන්ට හිංසා පීඩා කරලා ව්‍යාජ පාපොච්චාරණ කරලා තියනවා. ඒ වගේම ඒ කට කතා ඇත්ත බවට ඔප්පු කරලා පස් වන ක්ලෙමන්ට් පාප්තුමාට බල කරනවා ඔවුන් විසිරුවා හරින්න. අවසානයේදී ඒ කීමට අනුව 1312 දී ටෙම්ප්ලර්වරු විසුරවා හරිනවා. සමහර මුලාශ කියන්නේ නම් ඔවුන්ගේ රහස් ආඥාව එලිකලේ නැති හින්දා යුරෝපයේ හැම ටෙම්ප්ලර් නයිට්වරයෙක්ම සමූලඝාතනයට ලක් කරා කියලයි.

නැවත හමුවෙමු. ඔබට ජය !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

22 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. gihan perera

    Niyamai bro....good job and well done....keep continue it...god bless you....see you soon...

  3. Thilina Chamara

    බොහොම ස්තූතී,මේකට සබ එනකන් ඉඳියේ.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. DhanushkaAASL

    THANKS

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  8. Gayanrandika

    thanks macho

  9. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

  10. jagath55

    Thanks

  11. pasanshanaka

    page not found

  12. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  15. Chamara Diaz

    ස්තුතියි...~

  16. nethula

    උපසිරැසියට ස්තුතිය සහෝ...

  17. Saranga J. Liyanagama

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි…

  18. nimal dissanayake

    අපූරුයි අසිත!
    ගොඩක් ස්තුතියි.

  19. Kasunabayasekara

    Sub ekata thanks bro. Puluwannam dewani ekatath sub ekak denna

  20. lakshanduminda

    Thanks

  21. Anonymous

    සබ් එකේ පොඩි ලැටලුවක් තියෙනවා ටයිමින් වල පොඩ්ඩක් බලලා හදලා දෙන්න සහෝදරයා. ස්තූතියි

  22. Deshapriya

    Sub ake timing wenasne bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.