“ඔයා මොන විදිහෙ පුද්ගලයෙක්ද?” එකපාරටම ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවම කලබල වෙන්න ඇති නේද? සමහරවිට ඔයා තවමත් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් වෙන්න ඇති. සමහරවිට ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් එහෙමත් නැත්නම් කළමණාකරුවෙක් වෙන්න ඇති. සමහරවිට වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක නියැලෙන කෙනෙක් වෙන්න ඇති. ඒත් ඔයා මොන ආකාරයක…
“ඔයා මොන විදිහෙ පුද්ගලයෙක්ද?” එකපාරටම ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවම කලබල වෙන්න ඇති නේද? සමහරවිට ඔයා තවමත් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් වෙන්න ඇති. සමහරවිට ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් එහෙමත් නැත්නම් කළමණාකරුවෙක් වෙන්න ඇති. සමහරවිට වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක නියැලෙන කෙනෙක් වෙන්න ඇති. ඒත් ඔයා මොන ආකාරයක රැකියාවක නියැලෙන කෙනෙක් වුණත්, මොන තරාතිරමක කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම ඔයා,මම පොදුවේ අපි හැම කෙනෙක්ම ජීවිතයේ එක වතාවක් හරි පොදු මගී ප්‍රවාහන සේවයක පිහිට පතපු අය. සමහරවිට ඔයා මේ ලිපිය කියවනව ඇත්තෙත් පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන රථයක ගමන් කරන අතරෙ වෙන්නත් පුළුවන්. ඉතින් අපේ රටේ නම් පොදු මගී ප්‍රවාහන සේවා කිව්වම නිතැතින්ම අපේ මතකයට නැගෙන ජනප්‍රියම මගී ප්‍රවාහන සේවාවන් දෙකක් තියනවනේ. ඒ තමයි බස් සේවාව හා දුම්රිය සේවාව. ඉතින් කලින් කියපු විදිහෙ පොදු මගී සේවාවන් එහෙමත් නැත්තම් තේරෙන වචනෙන් කිව්වොත් බස් එකක හරි කෝච්චියක හරි ගමන් කරද්දි ඔයාලට විවිධ වූ අත්දැකීම් ලැබිල ඇති, ලැබෙනවා ඇති. විවිධාකාරයේ පුද්ගලයින් මුණගැහෙන්න ඇති, මුණගැහෙනවා ඇති. ඉතින් මේ විදිහට දිනපතාම පාසලට, රැකියා ස්ථානයට හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා බස් එකක හෝ කෝච්චියක ගමන් කරද්දි දිනපතාම අපිට මුණගැහෙන මගීන් පිරිසක් අනිවාර්යයෙන්ම ඉන්නවා. මේ විදිහට කාලයක් යද්දි ඒ දෛනික මගීන් පිරිස අපේ හිතවත්ම මිතුරන් බවට පත්වෙනවා. සමහරවිට මිත්‍රත්වයට එහා ගිය සබදතාත් ඇතිවෙනවා.(අදහස් කරපු දේ තේරෙන්න ඇති කියල හිතනවා.) ඉතින් මේ විදිහට බස් එකක හරි කෝච්චියක හරි යද්දි අපිට මුණගැහෙන අයත් එක්ක කතාබහ කරද්දි, ඒ අයත් එක්ක ගණුදෙනු කරද්දි අපි ගොඩක්ම සතුටු වුණු වෙලාවනුත් තියනවා, ගොඩක් දුක් වුණු වෙලාවලුත් තියනවා ඒ වගෙම තමයි ඉතින් කේන්ති යන වෙලාවල් වගෙම බයට පත්වුණු අවස්ථාත් නැතුවම නෙවෙයි. අපේ ගමනේදී ඒ වගේ සාමාන්‍යය සිදුවීම් වලට මුහුණදෙන්න සිද්ද වුණත්, කවදාහරි බස් එකක හෝ කෝච්චියක යද්දි ඔයාට මුණගැහුණු කෙනෙක් නිසා ඔයාගෙ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙලා තියෙනවද….
ඉතින් තමන්ගේ සේවා ස්ථානයේ ඉඳන් ආපහු ගෙදර යන්න මඟී දුම්රියකට ගොඩවුණු මඟියෙක්ගෙ මුළු ජීවිතේම ඒ දුම්රිය ගමන අතරතුරදි උඩු යටිකුරු වෙන විදිහ ගැන තමයි මේ කියන්න යන්නෙ, මයික්… එහෙමත් නැත්නම් මයිකල් මැකෝලි කියන්නෙ අයර්ලන්තයේ ඉඳන් ඇමෙරිකාවට සංක්‍රමණය වුණු පුද්ගලයෙක්. පොඩි කාලෙ ඉඳන්ම ජීවිත සටනින් හොඳටම බැටකාල හිටපු මයිකල් ඇමෙරිකාවට ඇවිත් ආපහු අලුත් ජීවිතයක් හදාගන්නවා. මයික්ට මේ හැමදේකටම නොමදව උදව් කරන්නෙ එයාගෙ ආදරණීය බිරිඳ කැරන්. මේ දෙන්නගේ දාඩිය මහන්සියත් එක්ක එයාලගේ පුතා ඩැනීත් එයාගෙ අධ්‍යාපනික වැඩකටයුතු කරගෙන යනවා. ඒත් ආපහු වතාවක් 2008 වසරේදී ආපහු වතාවක් අවාසනාව කියන දේ මයික්ව හොයාගෙන එනවා. මයික්ට එයාගෙ බිරිඳ කැරන්ට එයාලගේ හැමදෙයක්ම නැතිවෙලා යනවා, ජීවිතේ ආපහු වතාවක් කඩාවැටෙනවා. ඒත් වැටෙන්න වැටෙන්න තමයි නැඟිටින්න ඕනි කියල හිතන මයිකල් හිතට ධෛර්යය අරන් ආයෙමත් වතාවක් තුන්වෙනි පන්තියේ ජීවිතයක් ගොඩනඟා ගන්නවා. අවුරුදු හතක් පොලිස් නිළදාරියෙක් විදිහට සේවය කරපු මයික්, පොලිස් සේවයෙන් ඉවත්වෙලා වෙබර් සහ ෆින්ච් රක්ෂණ සමාගමේ රක්ෂණ නියෝජිතයෙක් විදිහට සේවයට එක්වෙනවා. මේ විදිහට අවුරුදු දහයක් ගෙවිල යනවා. දැන් නම් මයිකල් වගෙම කැරනුත් වයසට ගිහින්. මයිකල්ට වයස අවුරුදු 60ක්. ඒත් මයිකල් තරුණ කාලෙ වගේම ජවයකින් සහ ඕනෑකමකින් එයාගෙ රස්සාව කරගෙන යනවා. මේ අතරෙ ඩැනී එයාගෙ වැඩිදුර අධ්‍යාපනය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත්වෙන්න හදනවා. ඉතින් ඩැනීගෙ ජීවිතේ ගැන දහසක් බලාපොරොත්තු හිතේ පුරවන් ඉන්න මයික්ගේ ජීවිතේට තුන්වෙනි වතාවටත් කණකොකා අඬන්නෙ එයාවත් නොහිතපු වෙලාවක. හදිසියෙම වෙබර් සහ ෆින්ච් සමාගමෙන් මයිකල්ව අස්කරල දානවා. ඩැනීගේ වැඩ වලට මුදල් හදල් ඕනිම වෙලා තියෙන වෙලාවක මේ සිද්දවෙන දේ නිසා මයිකල් ජීවිතේ ගැන ගොඩක් කළකිරීමකට පත්වෙනවා.ඉතින් පරාජිතයෙක් වගේ වෙබර් සහ ෆින්ච් සමාගමෙන් එළියට බහින මයිකල් පස්වරු 6.25ට පිටත්වෙන උතුරු හඩ්සන් දුම්රියට ගොඩවෙන්නෙ තමන්ගේ ආදරණීය බිරිඳට, අලුත් විශ්වවිද්‍යාලයකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුතාට මොක්ද දැන් කියන්නේ කියන දෙගෙඩියාවත් එක්කයි. අවුරුදු දහයක්ම උතුරු හඩ්සන් දුම්රියෙයෙන් රැකියාවට ආව ගියපු මයිකල්ට දුම්රියේ ගොඩක් මිත්‍ර මඟීන් පිරිසක් ඉන්නවා. ඒත් එදා කවදාවත් නැතුව 68වැනි වීදියේ දුම්රිය මධ්‍යස්ථානයේ දුම්රිය නවත්තපු වෙලාවෙ ආගන්තුක කාන්තාවක් ඇවිත් මයිකල්ව මුණගැහෙනවා. ඒ කාන්තාව මයිකල් වාඩිවෙලා ඉන්න ආසනයට ඉදිරිපස ආසනෙන් වාඩිවෙලා මයිකල්ට අපූරු යෝජනාවක් ඉදිරිපත් කරනවා… ඉතින් මෙතනින් එහාට නම් මම කතාව ගැන කියන්න යන්නෙ නැහැ. බලන ඔයාලට ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම කුතුහලය උපරිමයෙන් තියන සිනමාපටයක් රසවිඳින්න ලැබෙන බව නම් සහතික කරලම කියන්න පුළුවන්. ( චිත්‍රපටය බලන්න කලින් පොඩ්ඩක් මංසල පැත්තට ගිහින් ට්‍රේලර් එක බලලම ඉන්නකෝ.)
සිනමාලෝලී ප්‍රේක්ෂකයින්ට නොඉවසිලිමත් වසරක් වුණු 2018 වසරේ ජනවාරි මස 12වැනිදා සිට ලොව වටා තිරගතවීම ඇරඹූ Action | Crime | Drama | Mystery | Thriller යන සිනමා වර්ගීකර්ණයන්ට අයත් The Commuter සිනමාපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ House of Wax (2005), Orphan (2009), Unknown (2011) හා The Shallows (2016) යන චිත්‍රපට වල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ Jaume Collet-Serraයි. චිත්‍රපටයේ තිර පිටපත් නිර්මාණය සිදුකරන්නේ Byron Willinger,Philip de Blasi සහ Ryan Engle විසිනුයි. Unknown (2011), Non-Stop(2012), A Walk Among the Tombstones (2014) හා ලොව වටා සිනමාලෝලීන්ගේ සිත් තුළට කාවදින සිනමා රසවින්දනයක් ලබාදුන් Taken චිත්‍රපට ත්‍රිත්වයේ Bryan Millsගේ චරිතයට රංගනයෙන් දායකවූ අසම සම රංගන ශිල්පී Liam Neeson සමඟින් The Departed (2006), Up in the Air (2009) හා Bates Motel රූපවාහිනී කතාමාලාවේ Norma Louise Bates ගේ චරිතයට රංගනයෙන් එක්වූ රංගන ශිල්පිනී Vera Farmiga මෙම සලරුවේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගනයෙන් දායක වන අතර සෙසු චරිත සඳහා Patrick Wilson, Jonathan Banks, Elizabeth McGovern හා Sam Neill තම රංගනයෙන් දායක වී තිබෙනවා. මිනිත්තු 105ක් පුරාවට ගලායන කුතුහලයෙන් පිරි කතා පුවතක් රැගත් මෙම සිනමා නිර්මාණයට IMDB දර්ශකයේ 6.4/10 ඉහළ අගයක් ලැබී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ හා ඇමෙරිකාවේදී රූගත කිරීම් සිදුකර ඇති මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකර ඇත්තේ Ombra Films, Picture Company හා The StudioCanal යන සමාගම් වලින් වන අතර බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇත්තේ Lionsgate හා StudioCanal යන සමාගම් මඟිනුයි.
“තමුසෙ මගේ නෝනට හරි මගේ පුතාට හරි
අතක්වත් තියල තිබුණොත් එම, දෙවියන්පල්ලා මම…”
– මයිකල් මැකෝලි
~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip / HDRip / BR පිටපත් සඳහා අදාළ වේ.
26,715 downloadsDownload The-Commuter-2018-BR.zip214 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
131 comments
Prabodha Madhusankha Hettiarachchi
Rasheen Mansil
Thank You!!
raviz
Thank you............
kelumchathuranga
THANKS..
Ishara.D
This is a superb movie
I'm waiting for this
Thanks lot
GOD BLESS YOU..!
keep doing subtitlestv malli
tnx bn sub ekata
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Chokzi
ස්තූතියි
lahiru sadaruvan
thank you so much brother.....
Sajiya99
Thanks bro
Nilush Angana
Sub ekata thanx
Haashan Dhanushka
thank you
sachintha
Sub ekata thanks sahoo
JayaKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට...BR පිටපතක් ආව ගමන් අප්ඩේට්ටුවක් ලබා දෙන්න.බුදුසරණයි..!
Bandaramudiyansi
මෙක එනකල් මයි උන්නෙ බොහොම ස්තුතියි අසම ඇක්ටර් කෙනෙක්.. ❤
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
oshanda
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
Salitha123
Thnkzzzz...
chathura
anna patta aka
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Thilina Chamara
බොහොම ස්තුතියි...
Stranger
Thank You Bro
dragon_hunt
Sinhala sub eketa bohoma sthuthi sahoo...meke enakanmai balan hitiye.film eke balalai comment eke danne me.sub eke supiriyatama thibuna.thnkz broooo.
jagath55
Thanks
Udara Damith Dissanayaka
........................උපසිරැසියට බොහෝම ස්තුතියි ....................
Praneeth priyadarshana
Tks saho.....
Sandeepmadushan
Supiri saho
malith
Ela ela
thilz
thank uuuu 4 the sub
Kanchaka
Thanks bro........
chinthakaruwan
Thanks bro...
knightrider25527
Thanks brha
nishadchandima
බොහොම ස්තුතියි, ජය වේවා!!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Bandara76
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ................
Kapila4499
thanks for sub ..........................
avishka_nethmina
thanks broo....keep it up...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
rachiyadmax
meka nam pattama film ekak me avrudde apu
gihan perera
Thanks bro...good job and god bless you...keep it up....
dsn
ela.. patta film eka ... blueray danakam hitiya,,, update eka dennako saho....
dsn
bluray copy eka dala sahoo.... update eka denna
rukshan87
thanks bro...
LimeGreenSoda
nice .....
Janith Sachintha
liamm ge film ekak kiuwoth ahanna deyak na patta thanks machan sabata
keep it upsithum18
Meke br aka awilla
Ravindu Rukshan
thx
dsn
webrip download kala yts torrent eken...
but oya dunna sub file eka ekata support karanne naha ne.... sub eka kalin yanawa..
dsn
webrip download kala yts torrent eken...
but oya dunna sub file eka ekata support karanne naha ne.... sub eka kalin yanawa..
fix karannako....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

balagena hitapu movie ekak. Godak sththui saho sub ekata....