Watch Trailer

Keedam (2022) Sinhala Subtitles | පළිගැනීමේ හෝරාව..!! [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම. පහුගිය මැයි මාසෙදි තිරගත වීම ආරම්භ කරලා මීට මාසෙකට හමාරකට කලින් අන්තර්ජාලයට මුදාහැරිය අලුත්ම මලයාලම් චිත්‍රපටියක් අරගෙනයි අද මේ එන්නේ. ඉතින් මේ අපේ June එහෙමත් නැත්තම් රජීෂා විජයන් කෙල්ල ප්‍රධාන චරිතයෙන් එකතු වෙන අලුත්ම චිත්‍රපටිය. චිත්‍රපටිය අයිති වෙන්නේ Crime | Thriller ගණයට. ඇත්…

ආයුබෝවන් හැමෝටම. පහුගිය මැයි මාසෙදි තිරගත වීම ආරම්භ කරලා මීට මාසෙකට හමාරකට කලින් අන්තර්ජාලයට මුදාහැරිය අලුත්ම මලයාලම් චිත්‍රපටියක් අරගෙනයි අද මේ එන්නේ. ඉතින් මේ අපේ June එහෙමත් නැත්තම් රජීෂා විජයන් කෙල්ල ප්‍රධාන චරිතයෙන් එකතු වෙන අලුත්ම චිත්‍රපටිය. චිත්‍රපටිය අයිති වෙන්නේ Crime | Thriller ගණයට. ඇත්තටම මහ සද්දෙට මල්වෙඩි රතිඥා දාගෙන එන චිත්‍රපටි වල තියෙන කතන්දරේ දැක්කම අනේ අපොයි කියවෙන කාලෙක, මේ කඩීම් චිත්‍රපටිය හොඳ මට්ටමේ කතාවක් කියලා බය නැතුව කියන්න පුළුවන්. ලොකු බලාපොරොත්තු දෙනවා නෙමේ. අඩුපාඩුවක් කියන්න පුළුවන් චිත්‍රපටියක් නෙමේ. තමන්ගේ වපසරිය ඇතුලේ ඒ පැය එකහමාර ප්‍රේක්ෂකයාට කම්මැලිකමක් නැතුව විඳින්න අවස්ථාව දීලා තියෙනවා මේ කඩීම්. ඉතින් කියන්නම ඕන මේ උපසිරැසියේ සුභාෂිනී අක්කගේ කොටස කරලා එවලා දැන් මාසෙකටත් වැඩියි, මගේ කොටසට තමා මහ වෙලාවක් ගියේ. නැත්තම් මීට මාසෙකට කලින් වගේ ඔයාලට මේක අරන් එන්න තිබ්බා. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ඒ වෙනුවෙන්. එහෙනම් අපි කතාව පැත්තට ටිකක් හැරෙමු නේද?

රාධිකා බාලන් කියන්නේ සයිබර් ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. ඒ කියපු එක තේරුණේ නැද්ද දන්නෑ. හැකින්කියලා කිව්වොත් නම් තේරෙයි. හරිනේ? ඉතින් ප්‍රවීණයි කියන්නේ රාධිකා ඔය සම්බන්ධව ඉන්න සුපිරිම වැඩ්ඩෙක්. එයා ඔය සයිබර් ආරක්ෂාව සබන්ධව තිබ්බ රැකියාවක් තමා කරගෙන හිටියේ. පස්සේ ඒක අත ඇරලා එයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒත් තමන් දන්න කියන විෂයට ඈදුණු සයිබර් ආරක්ෂාව සපයන ආයතනයක්ම තමා. රාධිකා දක්ෂයි වගේම හරිම ප්‍රතිපත්තිගරුක කෙනෙක් වුණා. ඒ වගේම තමයි, ජීවිතේ ස්ථාවරයක් ගොඩ නගා ගන්න කෙල්ල දිවා රෑ නැතුව මහන්සි වුණා. ඉතින් මේ රාධිකාට හිටියේ තාත්තා විතරයි. එයා නීතිඥ කෙනෙක්. දැන් විශ්‍රාමිකයි. තාත්තගේ ඔලුවේ තිබ්බේ රාධිකාව පිළිවෙලක් කරලා දාන එකමයි. ඔය අතර තමයි රාධිකාගේ මුළු ජීවිතේම කණපිට පෙරලිලා ජීවිතේටම කණකොකා අඬන්න ගත්තේ.

එදා තාත්තා කියපු වැඩක් මතක් වෙලයි රාධිකා ෆ්‍රිජ් එක හදන තැනට කෝල් එකක් ගත්තේ. එක්කෙනෙක් එනවා කිව්වා ෆ්‍රිජ් එක සර්විස් කරලා දාන්න. එයාගේ නොම්බරේ අදාළ ආයතනයෙන් අරගෙන රාධිකා කෝල් එක ගත්තා. රින්ග්ස් ගිහිල්ලා ගිහිල්ලා එහා පැත්තේ කෙනා ෆෝන් එක උස්සනවා. මෙතනින් තමා රාධිකාගේ ජීවිතේ ලොකුම පෙරළිය සිද්ධ වෙන්න ගන්නේ..

ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.4ක සෑහෙන්න පුළුවන් අගයක් තමා කඩීම් අරගෙන තියෙන්නේ. කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් චිත්‍රපටියක් කියලා නිර්දේශ කරන ගමන් අපි සමුගන්නවා. එහෙනම් බාගෙන බලන්න. හැමෝටම ජයවේවා.!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

7,465 downloadsDownload කඩීම්-2022.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට සහ “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,465 downloadsDownload Subtitles49 KB

28 comments

  1. Anonymous

    Meka nm bluwa bro..anyway thanks
    ada ott release wuna indian film set ekakma
    box office hit ewath thynow
    e tikata sub denna puluwn nm niyamai

  2. oshanda

    thanks dennatama

  3. Bro

    රජිෂා නිසා නොබලා කෝමෙයි. බොහොම ස්තුතියි දෙන්නටම.

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  5. Kushan

    Sub akta thanks

  6. Kaviru madushanka

    උපසිරැසියට ස්තුතියි......(koogle kuttappa-tamil film එකටත් උපසිරැසි දෙන්නකෝ...plz)

  7. Bandula

    Thanks for sub.
    But download links are not working

  8. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!

  9. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Naveen

    උපසිරසියට තුති

  11. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
    ජය වේවා!!!

  12. Idunil Weerasinghe

    Thanks both

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  14. dulan

    ස්තුතියි !

  15. Anonymous

    Patta

  16. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  17. Anonymous

    Thanks for sub

  18. bunny

    Thanks buddy

  19. Aruna

    Thanks verymuch

  20. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  21. Jevan

    Thanks dennatama

  22. Anonymous

    Thallumala sub dennko

  23. indika 75

    thanks..

  24. Anonymous

    Prithviraj ge aluth filume sub dennko
    Original awith thynne

  25. Malith samarawickrama

    Thanks sub ekata

  26. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Vihanga

    Good ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.