මගේ නම නෆෙල්. මගේ විවිධප්‍රසංගය ඉවර වෙලා, ගෙදර යන ගමන් හිටියෙ. මමයි අම්මයි තාත්තයි හැමෝම සතුටින් හිටියෙ. හැබැයි ඒ සතුට වැඩිවෙලාවක් තිබ්බෙ නැහැ. දෛවයද මන්දා. ඒ තිබ්බ සතුට සදාකාලිකව අහිමිවී ගියා. මගේ ජීවිතය එහෙංපිටින්ම මිහිපිට අපායක් උනා. මං හිතාගෙන හිටියෙ ලොකු උනහම, මේ හිතෙ ඇති වේදනාව නැතිවෙලා යයි ක…

මගේ නම නෆෙල්.
මගේ විවිධප්‍රසංගය ඉවර වෙලා,
ගෙදර යන ගමන් හිටියෙ.
මමයි අම්මයි තාත්තයි හැමෝම සතුටින් හිටියෙ.
හැබැයි ඒ සතුට වැඩිවෙලාවක් තිබ්බෙ නැහැ.
දෛවයද මන්දා.
ඒ තිබ්බ සතුට සදාකාලිකව අහිමිවී ගියා.
මගේ ජීවිතය එහෙංපිටින්ම මිහිපිට අපායක් උනා.
මං හිතාගෙන හිටියෙ ලොකු උනහම,
මේ හිතෙ ඇති වේදනාව නැතිවෙලා යයි කියලා.
හැබැයි එහෙම වුණෙ නැහැ.
ඊට පස්සෙයි මං තේරුම්ගත්තෙ,
එය අපි මැරෙන පුරාවටම තමන්ගෙ හිතෙ,
රැව්පිලිරැව් දෙනවා කියලා.
කාලයත් එක්ක මාත් වැඩිහිටියෙක් උනා.
ඊට පස්සෙ කරුමෙට වගේ ජොබක් සෙට් උනා.
ඒකත් පීසා කඩේක.
ඔන්න දවසක් පීසා කඩේට හදිසි ඇනවුමක් ආවා.
වෙනදා වගේම ගියෙ හෙන දෙගිඩියාවෙන්.
මොකද බොසාගෙන් හැමදාම බැනුමක් අහනවාමයි.
හැබැයි අදත් තමන්ගෙ රාජකාරිය හරියාකාරව,
කරගන්න බැරි උනා.
හැබැයි එදා මං කවදාවත් නොහිතපු දෙයක් සිද්ධ උනා.
ඒ කෙනා මට හරිම කරුණාවන්තකමක් පෑවා.
මගේ හිතට කියාගන්න බැරි සතුටක් එවෙලෙ ආවේ.
කවුද මේ කෙනා? මෙයා මගේ ජිවිතෙට සතුටු රැගෙන එයිද?
එහෙනම් මගේ ජීවිත කතාව අවසන් වෙනකම් බලන්නකො.
කවුද ඇනිමේෂන් බලන්න අකැමතිනෙ. පොඩි ලොකු හැමදෙනාම වගේ ලොකු කැමැත්තක් දක්වනවා. හැබැයි මෙය ලොකු කට්ටිය බලනවා නම් තමයි වඩා හොඳ. ඒවගේම කියන්න ඕන මේක වෙනදා බලන ඇනිමේෂන් එකක් නෙමේ. ගොඩක්ම වෙනස් කතාවක්. ඒක බලලම තමයි අත්විඳින්න වෙන්නෙ. එය වචනයෙන් විග්‍රහ කරන්න බැරි විදියෙ අත්දැකීමක්. මේ වෙනකොටත් IMDb මීටරේ 7.7 කට කැරකිලා තියෙන චිත්‍රපටයක්. කුණු තක්කාලි අගය 96% හිතාගන්න පුළුවන්නෙ කතාව කොච්චර අපූරුවට ඇතිද කියලා. ඒවගේම මෙය ප්‍රංශ ඇනිමේෂන් චිත්‍රපටයක්. ”New York Film Critics Circle” හි හොඳම සජීවීකරණය චිත්‍රපටය සඳහා සම්මානත් ලැබිච්ච චිත්‍රපටයක්. එහෙනම් ඉතින් ප්‍රේක්ෂක ඔබටම බාරයි කියමින් මම කැපෙනවා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
නිවැරදි උපසිරසියට යාවත්කාලින කර ඇත.
1,974 downloadsDownload I-Lost-My-Body-2019.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
14 comments
Ravindu Rukshan
Chanu mikhail
බොහොම ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.පුළුවන්නම් මේවටත්....
Vampire Hunter D (1985),Vampire Hunter D: Bloodlust (2000)
ජය වේවා!ranga11112
patta bro.
charuni
thank you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Suranjan
Thanks machan jayawewa........!
ranga11112
thanks bro
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්රෝ
indika75
thanks..
AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasanka sathyajith
Thanks for the sub
Shehan Kavinda
Thanks bruh❤️
Advertisement
මෙය ප්‍රංශ චිත්‍රපටයක්. සමහර ඒවා තියෙනවා ඩබ් කරපු ඒකෙ වෙනස්ම එකක් යන්නෙ.
උපසිරැසය කරල තියෙන්නෙ ප්‍රංශ භාෂාවේ තියෙන එකට, හැකි නම් එය අරගන්න.