Watch Trailer

When in Rome (2010) with Sinhala Subtitles | මං ඇත්තටම ආදරෙයි [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් කියනවා හැමදෙනාටම,හැමදාම බයිස්කොප් එකෙන් සබ් අරන් ගිහිල්ලා ෆිල්ම් බලපු මටත් හිතුනා සබක් කරන්න.මං එකට තොරගත්තේ Comedy/Romance ගණයට අයිතිවෙන ImDb මිටරය 5.6ට කරකවපු සුපිරි ෆිලුමක්.මෙක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mark Steven Johnson.රගපෑමෙන් දායකවෙන්නේ Josh Duhamel සහ Kristen Bell. Josh රගපැමෙන් ද…

ආයුබොවන් කියනවා හැමදෙනාටම,හැමදාම බයිස්කොප් එකෙන් සබ් අරන් ගිහිල්ලා ෆිල්ම් බලපු මටත් හිතුනා සබක් කරන්න.මං එකට තොරගත්තේ Comedy/Romance ගණයට අයිතිවෙන ImDb මිටරය 5.6ට කරකවපු සුපිරි ෆිලුමක්.මෙක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mark Steven Johnson.රගපෑමෙන් දායකවෙන්නේ Josh Duhamel සහ Kristen Bell. Josh රගපැමෙන් දායකවු චිත්‍රපට විදිහට Transformers, Life as We Know It දක්වන්න පුලුවන්.විශේෂයෙන්ම කියන්න ඔන ඇක්ෂන් විතරක් චිත්‍රපට බලන අයට නම් මෙයා රගපැමෙන් දායකවුනු රුෂානි දිසානායක සොහොයුරිය සබ් කරපු Life As We Know It 2010 මගහැරෙන්න ඇති.ඇත්තටම මමත් Action,Horror විතරයි බැලුවේ.පස්සෙ මං අහම්බෙන් Ride Alone බලලා තමයි කොමඩි චිත්‍රපට බලන්න ගත්තේ.Life As We Know It චිත්‍රපටයත් ගන්නවද නොගන්නවද කියලා ඉදලා ට්‍රේලර් එක කිහිප සැරයක් බලලා තමයි බාගගෙන බලන්න ගත්තෙ.අන්තිමට බලලා ඉවර වෙනකොට තමයි ඒක මං බලලා තියෙන ලස්සන චිත්‍රපටය වෙලා.ඊටපස්සේ ඉතින් Josh ගෙයි Katherine Heigl ටයි පිස්සු වැටිලා එයාලා රගපාන චිත්‍රපට හෝයන්න ගත්තේ.එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔයාලා අතට මේ චිත්‍රපටයට සිංහල උපසිරසියක් මේ විදිහට නිර්මාණය වෙන්නේ.Kristen Bell රගපමෙන් දායකවු චිත්‍රපට විදිහට Bad Moms,Veronica Mars දක්වන්න පුලුවන්.පේනවනේ පොස්ටර් එකෙන්ම ෆිල්ම් එක කොහොමද කියලා.

චිත්‍රපටය ගැන කියනවානම් මෙක කොමඩි ආදර කතාවක්.බෙත් කියන්නේ ආදරයෙන් නිතරම බයිට් කන ලස්සන කෙල්ලෙක්.මෙයා හිතන් ඉන්නවා කවදාහරි මෙයාගේ සිහින කුමාරයාත් මෙයා ලගට එයි කියලා.මෙයා කලාකෘති කෞතුකාගාරයක තමයි වැඩ කරන්නේ.පටන්ගන්නෙම කෞතුකාගාරයේ තියෙන උත්සවයකදි බෙත්ට බෙත් කලින් යාළුවෙලා හිටපු කෙනා ඇවිල්ලා කියනවා එයා බෙත් වගෙ වෙනකෙනෙක් එක්ක දැන් යාළුයි.අපි බදින්නයි යන්නෙ කියලා.අපි බදින්නයි යන්නේ කියන කැල්ල මිනිහා කෑගහලා කියනවා.ඉතින් කතාවෙ මුල් හරිය ඇහිලා නැතුව අපි බදින්නයි යන්නේ කියන කැල්ල විතරක් ඇහෙන බෙත්ගේ යාළුවො හිතන්නේ මෑන් බෙත්ට විවාහ යෝජනාවක් කරා කියලා.ඔක ඇහිලා එතන ඉන්න ඩීජේ මෑන් ඩීජේ පාරක් දානවා.ඉතින් කට්ටිය දාගෙන නටනවා.ඉතින් ඇත්තටම වුනේ මොකක්ද කියන බෙත් කැගහලා කියනවා මං නෙවෙයි බදින්නේ කියලා.ඔහොම චාටර් එකතුත් කාලා බෙත් අන්තිමේදි ගෙදර යනවා.ගෙදර ගියා විතරයි ඒ පාර බෙත්ගේ නංගි ඇවිල්ලා කියනවා සති 2කට කලින් ප්ලේන් එකේදි කොල්ලෙක් හම්බුනා.ඒ කොල්ලාව බදින්න යනවා කියලා.බෙත් මෙකට මුලින් අකමැතිවුනත් පස්සේ කැමතිවෙලා,දස් 2ක නිවාඩුවකුත් දලා රෝමේට යනවා.මොකද බෙත්ගේ නංගි බඳින කොල්ලා ඉතාලි නිසා.බෙත්ගේ නංගිගේ වෙඩින් එකගන්නේ ඩී අමොරේ කියන දේවස්ථානයේ.මෙක විශේෂ දේවස්ථානයක්,මොකද මේක ඉස්සරහා ආදරය ප්‍රාර්ථනා කරන මායා උල්පතක් තියෙනවා.ඔන්න දැන් බෙත් තමයි දෙවනි මනමාලි,එතකොට දෙවනි මනමාලයා?කෝ දෙවනි මනමාලයා තාමත් නැනේ.

කට්ටිය ඉතින් බලන් ඉන්නවා දෙවනි මනමාලයා එනකම්!අන්තිමට නික්,අපේ කතා නායකයා සීන් එකට එන්ටර් වෙනවා එළුවෙක්ට කියලා ඇනගෙන.ඔක්කොමත් හරි කියමුකො.බෙත්ට සිද්දවෙනවා මංගල චාරිත්‍රයක් සිදුකරන්න.ඒ වාස් එකක් ජෝඩුවට සුබ පතලා කුඩු කරන්න.එක කරන්න ගිහිල්ලා බෙත් හත්පොලේ ගාගන්නවා.බෙත්ගේ අතින් වැරදිලා වාස් එක විසිවෙලා වදින්නේ මනමාලයගෙ ආච්චිට.කාල වරෙන්කො,මක් කරන්නද ඒ වාස් එක එහෙම ලෙසියෙන් බිදෙන එකක් නෙවෙයි.අන්තිමට බෙත් කන චාටර් එක බලන් ඉන්න බැරුව නික් වැඩේ ගොඩ දානවා.ඒ ඔක්කොමත් හරි කියමුකො.ඊට පස්සේ බෙත්ට සිද්දවෙනවා මංගල කතාව කරන්න.ඉතින් බෙත් දන්නේ ඉංග්‍රීසි විතරනේ.නෑයො ඔක්කොම ඉතාලි.ඉතින් බෙත් කියන එවා අනිත් අයට පරිවර්තනය කරන්නේ කවුද?

ඔන්න ආපහු අපේ නික් ගොයියා වැඩෙට බහිනවා.හැබයි මෙතන පොඩි පරහක් තියෙනවා.නික් දන්නෙත් ඉතාලි ටිකයි.ඉතින් නික් බෙත්ට කියනවා මං පොඩ්ඩයි ඉතාලි දන්නේ.ඔයා ලොකු ටෝක් දෙන්න එහෙම එපා කියලා.කොහෙද!බෙත්ට ඔක අමතකවෙලා හිතේ තියෙන ඔක්කොම කියනවා.දැන් නික් කොහොමද එච්චර කියන්න දන්නේ…මිනිහට ඉතින් වැඩේ ගොඩදාගන්නත් ඔන නිසා මිනිහත් අතාරින්නැ.මිනිහ මිනිහා දන්න ටිකෙන් මිනිහාට ඔන එවා කියනවා.ඔහොම ට්‍රාන්ස්ලේට් පාර දිගෙන යද්දි බෙත් කියන දෙයක් මිනිහා වැරදියට කියලා කට්ටිය ඉස්සරහා බෙත් පට්ට චාටර් එකකුත් කනවා.මිනිහා කිව්ව දේ කෙල්ල නොදන්න හින්දා හොදයි ඉතින්.

දැන් ඉතින් කොල්ලයි කෙල්ලයි දැන් සෙට් වේගෙනයි එන්නේ..හැබැ නික් කාරයා දාන කුකුල් පාට් එකක් බෙත් වෙඩින් එක ඉවරවෙලා රෑ දකින නිසා බෙත්ට නික්ව එපා වෙනවා.දැන් ඉතින් කෙල්ලට සැඩ් මූඩ් එකක් එක්ක කේන්තිත් එක්ක.කෙල්ල පොඩී ෂොට් එකක් දාගෙන ප්‍රාර්ථනා උල්පතට බැහැලා මල්සරාට වෙන්න ඔන මං හිතන්නේ..බැනගෙන බැනගෙන යනවා.ඒ අස්සේ මෙයා උල්පතේ තියෙන එක එක්කෙනා දාපු කාසි 5ක් අරගන්නවා.කියන්න බැරි වුනානේ මේ උල්පතෙන් ආදරය ඉල්ලන්නේ කාසියක් දාලා,හරි.

ඔන්න දැන් තමයි ගේම පටන් ගන්නේ.මෙයා ආපහු ඇමරිකාවට ආවාට පස්සේ මෙන්න අර කාසි 5න් කාසි 4කගේ අයිතිකාරයො මෙයා හොයන්එනවා.බයවෙන්නෙපා ඉතින්.මෙයාව හොයන් එන්නේ හොල්මන් නෙවෙයි.ඊටත් වඩා හපන් අය.මේගොල්ලො එන්නේ නිකන් නෙවෙයි බෙත්ගේ ආදරය ඉල්ලන්න.එත් බෙත් මේ හතරදෙනාට කැමති වෙන්නැ.මෙගොල්ලොත් වැඩේ අතහරින්නේ නැ.මෙගොල්ලොත් බෙත්ගේ හිත දිනාගන්න කරන්නේ මාර දෙවල් තමයි.මොකද මේ එන අයත් විවිද හැකියාවන් තියෙන අය.මෙහෙම කිව්වහම හිතන්නෙපා බැට්මැන්ලා,සුපර් මැන්ලා මෙයාව හොයන් එනවා කියලා.එක්කෙනෙක් මැජික්කාරයෙක්,තව කෙනෙක් චිත්‍ර ශිල්පියෙක්,එක්කෙනෙක් ව්‍යාපාරිකයෙක්,අනිත් එක්කෙනා මොඩල් කෙනෙක්.ඉතින් ඔය හැමකෙනාම වශියකට අහුවේලා ඉන්නේ.එක තමයි බෙත්ට උල්පතට අධිපති දෙවියා දුන්න දඬුවම.කොහොමද දැන් මේ දෙයින් බෙත් බේරෙන්නේ.කෝ දැන් පස්වෙනි කාසියේ අයිතිකාරයා.එක ඔයාලට දැනගන්න වෙන්නේ චිත්‍රපටයේ අවසානයෙදි තමයි.එතකොට ඔය පිස්සො හතරදෙනා එක්ක බෙත්ගේ හිත දිනාගන්න නිකුත් ගේමට එන්ටර් වෙනවා.බෙත් හිතන්නෙත් පස්වෙනි කාසියේ අයිතිකාරයා නික් කියලා.අන්තිමට ඉතින් සතුටුදායක අවසානයකින් කතාව ඉවරවෙනවා.

කියන්න ඔන මෙක කොමඩි චිත්‍රපටයක් නිසා මුල ඉදලා අගටම හිනාවෙවී බලන්න පුලුවන්.ඇක්ෂන් ෆිල්ම් බලන අයට මේ ෆිල්ම් එක නම් මගහැරෙවි.මොකද මෙකේ ආසවටවත් ෆයිට් සීන් එකක් නැතිනිසා.එත් ඔබත් මං වගේම ආදරයේ බොළදකමට ආසකරන්නෙක් නම් නැරඹිය යුතුම කතාවක්…අන්තිමට මෙකේ සබ් කරන්න අවසර දිම සම්බන්දයෙන් අසංක අයියට ස්තුතිවන්ත වෙනවා.තව ටික දවසකින් තවත් කොමඩි රොමැන්ස් ෆිල්ම් එකකින් හමුවෙමු.ඊළඟ එකනම් බොහොවිට Katherine Heigl රගපාන ෆිල්ම් එකක් වෙවි.

ආ දැන් ලිපිය කියෙව්වානේ..කමෙන්ට් එකක් දාල වොට් පාරකුත් දිගෙනම යන්න.හාද!


When in Rome (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

3,370 downloadsDownload When-in-Rome-2010.zip53 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/pandora-sl.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මදුසර මානවසිංහ
” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මදුසර මානවසිංහ

Subtitles

3,370 downloadsDownload Subtitles53 KB

49 comments

  1. thiwanka

    sub ekat thanks aiie......
    jayen jaya........

    1. madusara manawasinghe

      tnx.මල්ලි

  2. Maduka Bennington

    thanks bro

    1. madusara manawasinghe

      tnx.

  3. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    1. madusara manawasinghe

      tnx

  4. asitha

    Baiscope elkata adarayen piligannwa
    jaya wewa!!!

    1. madusara manawasinghe

      tnx

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    දිගටම සබ් දෙන්න
    ජය වේවා!

    1. madusara manawasinghe

      tnx

  6. nidi

    මදුසර,
    බයිස්කෝප් සයිට් එකෙන් හැමදාම වගේ චිත්රපට බාගෙන බලන රසිකයෙක් විදියට ඔයාව සාදරයෙන් පිිළිගන්නවා!
    උපසිරසි ගැන මොකුත් කියන්න නිර්මාණය බලලා ඉන්න එපායැ. ඒක පස්සේ.
    දිගු කාලයක්, හොද චිත්රපට රැසකට සබ්ස් දෙන්නට කාලය, ඕනෑකම, ධෛර්යය වගේම අාසාවත් ඔබට ඇති වේවා!
    ඔබේ අනෙකුත් කටයුතුත් සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා!

    1. madusara manawasinghe

      tnx

  7. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    පලවෙනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම් සහෝ...දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

    1. madusara manawasinghe

      tnx

  8. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    1. madusara manawasinghe

      tnx

  9. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. madusara manawasinghe

      tnx

  10. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

    1. madusara manawasinghe

      tnx

  11. KAVINDA GAMAGE

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!

    1. madusara manawasinghe

      tnx

  12. dinusha

    thanx bro ela ela

    1. madusara manawasinghe

      tnx

  13. Udaya Fernando

    Thanks Madusara

    1. madusara manawasinghe

      tnx

  14. Palitha de Silva

    උපසිරැසියට බොහොම ස්තුතියි....

    1. madusara manawasinghe

      tnx

  15. madu

    Thank you so much

    1. madusara manawasinghe

      tnx

  16. Buddi

    Thanks.............

    1. madusara manawasinghe

      tnx

  17. Dulanga

    Thanks

    1. madusara manawasinghe

      tnx

  18. Prabuddha Kulatunga

    pattama ekak wage.. thank u bro :D :D :D

    1. madusara manawasinghe

      tnx.bro

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. madusara manawasinghe

      බොහොම ස්තුතියි.

  20. tharangani

    thanx

    1. madusara manawasinghe

      tnx

  21. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ පට්ට ෆිල්ම් එකකට සබ් කලාට....
    හදිස්සියට කමෙන්ට් එකක් නොදා සබ් එක අරන් ගියාට, බැලුවට පස්සෙ හොයාගෙන ඇවිත් කමෙන්ට් එකක් දාන්න හිතුනා.
    සාමාන්‍යයෙන් නම මම imdb 6.0 වලට අඩු ෆිල්ම් බලන්නෙ නෑ. ඒත් ඔයාගෙ ලිපිය කියවලා හොදයි වගේ හිතුන නිසා සබ් එක ගත්තා. මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ තමා මටත් තේරුනේ අපරාදෙ තව පොඩ්ඩෙන් මටත් පට්ටම කොමඩි ෆිල්ම් එකක් මග ඇරෙනව නේද කියලා. නියම ෆිල්ම් එකකින් තම්යි සහෝ වැඩ පටන් අරන් තියෙන්නෙ. ආයෙමත් බොහොම ස්තූතියි සහෝ. දිගටම මේ වගේ මග ඇරුන හොද ෆිල්ම් වලට සබ් දෙන්න.

    1. madusara manawasinghe

      tnx.bro

  22. Nidi

    ස්තුතියි මදුසර. හොඳයි, රහයි, ලස්සනයි. ෆිල්ම් එකටම ගැලපෙන්න ඔයා සබ්ස් දීලා! ජයවේවා!!

  23. ynd

    thanks bn sub ekta.

  24. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  25. mangalaP

    Thank you...

  26. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  27. Kaveen Gayath

    Thanks for the sub bro..

  28. Rash

    Thanks for sub