ජීවිතය! හරි පුදුමාකාර දෙයක්. විටෙක සුන්දරයි. තවත් විටෙක භයංකරයි. කෙනෙක්ට කියන්න පුළුවන් තමන් ජීවිතය විඳිනවා කියලා. ඒ වගේම, තවත් කෙනෙක්ට කියන්න පුළුවන් තමන් ජීවිතය විඳවනවා කියලා. මේ මොහොතේ හිනාවෙලා සතුටෙන් ඉන්න අපිම, තව නිමේෂයකින් දුකින් වැළපෙන්න පුළුවන්. මේ වෙලාවේ දුකින් වැළපෙමින් ඉන්න කෙනෙක්, තව න…

ජීවිතය! හරි පුදුමාකාර දෙයක්. විටෙක සුන්දරයි. තවත් විටෙක භයංකරයි. කෙනෙක්ට කියන්න පුළුවන් තමන් ජීවිතය විඳිනවා කියලා. ඒ වගේම, තවත් කෙනෙක්ට කියන්න පුළුවන් තමන් ජීවිතය විඳවනවා කියලා. මේ මොහොතේ හිනාවෙලා සතුටෙන් ඉන්න අපිම, තව නිමේෂයකින් දුකින් වැළපෙන්න පුළුවන්. මේ වෙලාවේ දුකින් වැළපෙමින් ඉන්න කෙනෙක්, තව නිමේෂයකින් සතුටින් ඉපිලෙන්න පුළුවන්. ඒ වගේම, මේ ජීවිතය තුල කෙනෙකුගේ සතුට, තවත් කෙනෙකුගේ දුකට හේතුව වෙන්න පුළුවන්. ඇත්තටම මොකක්ද මේ ජීවිතය කියන්නේ? ඇයි ජීවිතය තුල මේ වගේ පරස්පර විරෝධී ලක්ෂණ තියෙන්නේ? මොන හේතුවක් නිසාද මෙහෙම සිද්ධවෙන්නේ? හැමෝටම තේරෙන විදියට සරළව මං පැහැදිලි කරන්නම්.

උඩ රූපය දිහා හොඳින් බලන්නකෝ. හැමෝටම පේනවා ඇති රූපය තුල තිත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ තිත්, එක එක ආකාරයට අනෙකුත් තිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. බැලූ බැල්මට කිසිම රටාවක් හිතාගන්න අමාරුයි. මේකට කියන්නේ තිත් සම්බන්ධ කිරීම කියලා. අපේ ජීවිතයත් හරියට තිත් සම්බන්ධ කිරීම වගේ දෙයක්. එක තිතකින් පටන් අරගෙන, තිතෙත් තිතට ගමන් කරනවා. මේ හැම තිතක්ම අපිට හම්බෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්, සිදුවීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි අරගන්න තීරණයක් වෙන්න පුළුවන්. ඒ වගේම, තිතකින් තිතකට යන මේ ගමන, උඩට යන්නත් පුළුවන්, පහළට යන්නත් පුළුවන්, කොටින්ම කියනවා නම් ඕනෙම අතකට යෑමට නිදහස තියෙනවා. හැබැයි මතක තියාගන්න, එක නිමේශයක් ඇති හැම දෙයක්ම උඩි යටිකුරු වෙන්න. ජීවිතය කියන මේ තිත් යාකිරීමේ ගමනෙදි, වැරදි තිතකට යා වුණා කියන්නේ, තමන්ගේ ජීවිතයේ වැරදි පියවරක් සිදු වුණා කියන එක. හැබැයි, තිත් කීපයක් විතරක් යා වුණා කියලා රූපය සම්පූර්ණ වෙන්නේ නැහැ වගේම, සිදුවීම් කීපයක් සිදුවුන පමණින් ජීවිතයේ අර්ථය අපිට හරියාකාරව තේරුම් ගන්න අපහසුයි. යම් කිසි ප්‍රමාණයක තිත් යා වුනාට පස්සේ යම් කිසි රටාවක් මැවෙනවා වගේම, ජීවිතය තුලත් විවිධ වර්ගයේ සිදුවීම් සිදුවෙලා, විවිධ වර්ගයේ පුද්ගලයෝ මුණගැහිලා, විවිධ අන්දමේ තීරණ අරගත්තට පස්සේ තමයි යම්කිසි ක්‍රියාදාමක් සිද්ධවෙන්නේ වගේම, ඒ වෙන්නේ මොකක්ද කියලා අපිට තේරුම් ගැනීමට හැකියාව ලැබෙන්නේ. සමහරවිට තිත් යා කළාම අපිට ලස්සන රටාවක් මැවෙන්න පුළුවන්. ඒ වගේ තමයි, ජීවිතයේ අපි ගන්න තීරණ, හමුවෙන පුද්ගලයින්, සිදුවෙන සිදුවීම් නිසා අපේ ජීවිතය ලස්සන වෙන්න පුළුවන්, හැබැයි මතක තියාගන්න, තිත් යා කළාම ලස්සන රටාවක් මැවෙන්න ඕනෙම කියලා නීතියක් නැහැ. ඒ වගේම තමයි, ජීවිතයේ අපි ගන්න තීරණ, හමුවෙන පුද්ගලයින්, සිදුවෙන සිදුවීම් නිසා අපේ ජීවිතය ලස්සන වෙන්නම ඕනේ කියල නීතියක් නැහැ. කෙනෙක්ගේ ජීවිතය ලස්සන වෙද්දී, තවත් කෙනෙක්ගේ ජීවිතය කරදර කම්කටොලු, බාධක පිරිච්ච කටුක ජීවිතයක් වෙන්න පුළුවන්. තිත් යාකිරීමෙන් ඕනෙම රටාවක් මැවෙන්න පුළුවන් වගේම, ජීවිතයේදීත් ඕනෙම දෙයක් වෙන්න පුළුවන්. තිත් යා කිරීමෙන් මැවෙන රටාව තීරණය කරන්නේ ගමනට සම්බන්ධ වෙන තිත් වගේම, අපේ ජීවිතය ගත්තාම අපේ ජීවිතය කොහොම එකක්ද කියලා තීරණය කරන්නේ, අපිට සිදුවෙන සිදුවීම්, අපිට හමුවෙන පුද්ගලයින් සහ අපි ගන්න තීරණයන්. මේ තිත්… ඒ කිව්වේ අපේ ජීවන ගමන තීරණය කරන්නේ අපේ ඉරණම මගින්!
හරි. උඩ විස්තරය හරියාකාරව කියෙව්වා නම් ජීවිතය ගැන පොඩි හරි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. ඒ කාරණාව පොඩ්ඩක් හිතේ තියාගෙනම අපි වෙනත් කාරණාවක් දිහාවට හැරෙමු.
ජීවිතය ගත්තාම සමහර වෙලාවට අපිට හිතාගන්න බැරි විදියේ දේවල් සිද්ධවෙනවා. මං මෙහෙම කියන්නම්… සාමාන්‍යයෙන් අපිට ජීවිතේදී වෙන කෙනෙක්ට වෙච්ච දේවල් සිද්ධවෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිටම පුදුමයි කොහොමද එහෙම වෙන්නේ කියලා. මේ වගේ එකක් දෙකක් වුණා නම් ඒක අහම්බයක් කියලා හිතාගන්න පුළුවන්. ඒත්, හැම දෙයක්ම ඒ විදියට වෙනවා නම්…? ඒකට කියන්නේ සමාන්තර ජීවිතය කියලා. මොකක්ද මේ සමාන්තර ජීවිතය කියන්නේ. ඒකටත් උදාහරණයක්ම කියන්නම්.
හිතන්න කාන්තාවන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ නම මේරි. අනිත් කෙනාගේ නමත් මේරි. හැබැයි, මේ දෙන්නා අතරේ අවුරුදු 157ක පරතරයක් තියෙනවා. ඒ කියන්නේ, එක්කෙනෙක් ඉපදිලා අවුරුදු 157 කට පස්සේ තමයි අනිත් කෙනා ඉපදෙන්නෙ. හරියටම පළවෙනි කෙනා ඉපදිච්ච මාසේ, ඒ දවසෙම, ඒ වෙලාවටම. හිතනකො, පළවෙනි ගෑණු කෙනා අලුත් ඇඳුමක් ඇඳගෙන, යාළුවොත් එක්ක නැටුම් සංදර්ශනයක් බලන්න යනකොට මරලා දානවා කියලා. දෙවැනි ගෑණු කෙනාවත් ඒ විදියටම තමයි මරලා දාන්නේ. මරපු තැන වගේම මරපු දිනය පවා දෙන්නගෙම සමානයි. ඒ විතරක් නෙමෙයි, මිනීමරුවන්ගේ නම් පවා සමානයි. හරියටම දෙන්නගෙම ජීවිත සමානයි. ඔන්න ඕකට තමයි සමාන්තර ජීවිතය කියන්නේ. එක්කෙනෙක්ගේ ජීවිතේ වෙන සිදුවීම් හැම එකක්ම, ඒ ආකාරයෙන්ම තව කෙනෙක්ගේ ජීවිතයේ සිද්ධවෙනවා. ඒත්, ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ දෙයක් සිද්ධවෙන්න පුළුවන්ද? ඒකත් උදාහරණයක් මගින්ම පැහැදිලි කරන්නම්.
එක අතකට ගන්න පුළුවන් තරම් ගිනිකූරු අරගන්න. අරගෙන පොඩි උසක ඉඳන් අතාරින්න. ගිනිකූරු ටික විසිරිලා යාවි. ඔයාට බලාගන්න පුළුවන් වේවි එක එක ගිනිකූරු එක එක දිශා වලට වැටිලා තියෙනවා. ඒත්, දැන් හොඳට බලන්නකෝ. නිකමට උත්සාහ කරලා බලන්නකෝ, එක සමාන්තරව වැටිලා තියෙන ගිනිකූරු දෙකක් හොයාගන්න බැරිවේවිද කියලා. මේක ගෙදරදී නිකමට කරලා බලන්න. අනිවාර්‍යයෙන්ම එකිනෙකට සමාන්තර ගිනිකූරු දෙකක් හොයාගන්න ලැබෙනවම තමයි. අල්ලක් පුරවලා දාපු ගිනිකූරු ටිකෙන් ගිනිකූරු දෙකක් සමාන්තරව වැටුණා නම්, මෙච්චර මිනිස්සු ජීවත්වෙන මේ ලෝකේ ඒ අයගේ ජීවිත වලින් කීයක් නම් සමාන්තර වෙන්න පුළුවන්ද කියලා නිකමට කල්පනා කරලා බලන්නකෝ.
මේ තමයි විද්‍යාව. මේ තමයි සත්‍යය. සමාන්තර ජීවිතය තුල, කෙනෙක්ගේ වර්තමානය තමයි තවත් කෙනෙක්ගේ අනාගතය වෙන්නේ. කාටහරි හිතෙන්න පුළුවන් මේක නවත්තගන්න මුකුත් පිළියම් එහෙම තියෙනවද කියලා. වන්දනාමාන කරලා හරි, පුද පූජා පවත්වලා හරි, ජීවිතේ වෙනස් කරලා දෙන්න කියලා ඉල්ලන්න මේක කේන්දරයක් නෙමෙයි. මේ දේවල් අනිවාර්‍යයෙන්ම සිද්ධවෙනවා. ඉරණම වෙනස් කරනවා කියලා මේ සිදුවීම් වලට බාධා වෙන විදියට මැදිහත් වුනොත්, පස්සේ කාලෙකදී වෙන්න තියෙන සිදුවීම් බොහොම ඉක්මණට සිද්ධවෙන්න පුළුවන්. කෙටියෙන් කියනවා නම්, අපිට හැකියාවක් නැහැ අවසාන ප්‍රතිඵලය වෙනස් කරන්න!
ඉනෝබිට් ෂොපින් මෝල් එක… B57 කලාපය…
අම්මා තාත්තා එක්ක ෂොපින් ආපු ජීවා කාර් එකේ පිටිපස්සේ ශීට් එකට වෙලා ෆෝන් එකෙන් ගේම් සෙල්ලම් කරනවා…
නිකමට වටපිට බලපු ජීවාට එක සැරේටම හරි අපූරු දර්ශනයක් දකින්න ලැබෙනවා…
කාර් එකේ පිටිපස්සේ ශීට් එකට වෙලා තනියම ඉන්න ලස්සන තරුණියක්… ජෝස්නා!
සංසාරගත බැඳීම් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ…
පළමු බැල්මෙන්ම ජීවා-ජෝස්නා දෙපළගේ ඇස් එකිනෙක ගැටුණා… හදවත් එකිනෙක බන්ධනය වූවා…
සාමාන්‍යයෙන් ආදර කතාවකදී තරුණිය ඉක්මන් වෙන්නේ නැහැ…
හැබැයි, සංසාරගත බැඳීමක් නිසාදෝ මන්දා…
කකුල කැඩිලා තියෙද්දිත්, හිමීට හිමීට කොරගගහා ආපු මේ සුන්දර තරුණිය…
ජීවාට තමන්ගේ දුරකථන අංකය දීලා යන්න ගියා…
හැම ආදර කතාවක්ම සුන්දරයි…
ඒ වගේම මේ ආදර කතාවත් හරිම සුන්දර වුණා…
දෙපාර්ශවයෙන්ම මේ නව යොවුන් දෙපළට ආශිර්වාදය හිමිවුණා…
දවසක් මේ යුවල නිවසේ බැල්කනියට වෙලා ඉන්නකොට අමුතු දෙයක් දැක්කා…
තවත් නිවසක ඉන්න තරුණ යුවලක් අඬ-දඹර කරගන්නවා!
මේ දඹරය අවසන් වුනේ පිරිමි කෙනා විසින් ගෑණු කෙනාට වැටෙන්නම පහර දීමෙන්!
මොකක්ද මේ වුනේ?
ජෝස්නා මේ සිදුවීමෙන් ටිකක් කලබල වුනත්, ජීවා නම් ඒ හැටි ගණන් ගත්තේ නැහැ!
හැබැයි, අන්තිමේදී සිද්ධවුණේ, තමන්ගේ ජීවිතය වෙනුවෙන්…
තමන්ගේ ආදරය වෙනුවෙන්…
මරණයට එරෙහිව මේ දෙපළට යුධ වැදීමට සිදුවීමයි!
හරි, ඔන්න එහෙනම් තෙලිඟු සිනමාව තුල සාම්ප්‍රදායික සීමා බැමි සිඳ බිඳ දාපු, වෙනස්ම ආකාරයක සිනමා නිර්මාණයක් තමයි මේ අරගෙන එන්නේ. මං හිතන්නේ, සාම්ප්‍රදායික තෙලිඟු සිනමාව කිව්වම කවුරුත් දන්නවා කොයි වගේද කියලා. ඒ වගේ චිත්‍රපටි වලින් හෙම්බත් වෙලාද ඉන්නේ? එහෙනම් මේ බෙහෙත ඉහළින්ම නිර්දේශ කරන්න පුළුවන්. Action, Crime, Romance, Thriller, Sci-Fi යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ දෙසැම්බර් මස 29 වැනිදා තිරගතවීම ආරම්භ කරපු මේ සිනමා නිර්මාණය, IMDB දර්ශකය 7.0 ක් වගේ ඉහළ අගයක් කරා කරකවන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ, තෙලිඟු සිනමාව තුල අපි කොයි කවුරුත් දන්න, අල්ලු අර්ජුන්ගේ බාල සොහොයුරා, Allu Sirish විසින්. ප්‍රධාන නිළිය සඳහා, Velaiilla Pattadhari (2014), Gentleman (2016) වගේ චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි Surabhi රංගනයෙන් දායක වෙනවා.
එහෙනම්, තවත් වැඩි අටුවා ටීකා අවශ්‍ය වෙන එකක් නැහැ. මේ විස්තර ටික කියවලා ඒත් මදියි වගේ කියලා හිතෙනවා නම්, චිත්‍රපටි ට්‍රේලර් එකත් බලලම ඉන්නකෝ. ගිහිං එන්නම්. හැමෝටම ජය!
මේ ලෝකේ, විද්‍යාව, කේන්දර කියන දේවල් වලට වඩා ගොඩක් බලවත් බලයක් තියෙනවා.
මොකක්ද කියලා කියන්න හරියටම දන්නේ නැති වුනත්,
ඕනේ වෙලාවට උදව්වට අනිවාර්‍යයෙන්ම ඒවි!
ඒ වෙනකම්…
පස්සට යන්නේ නැතුව සටන් කරන එකයි අපිට කරන්න තියෙන්නේ!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය v2 HDRip පිටපත් සඳහා අදාළ වේ.
14,214 downloadsDownload Okka-Kshanam-2017.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Sisila-Prasad-Lab-Color-Profile.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
72 comments
Navodani Thilini Sasanika
nirodha uthpala
Mehema mole kachal vena lipiyak sisila saho gen harak vena kageda ithem? ??thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
nirodha uthpala
Sorry bn harak nemai hara
Dilruk lahiru
Patta lipiya mcn digatama Tamil Telugu film wlta sub denna
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sanjeewa Malith
ස්තුතියි ඔබට
malith
Ela ela
baiscope_chandima
ela ela paharak thama ... thaz
subodha
Thanks
D.Chamara
bohoma sthuthi sahooo jaya
Death_race
Thanks For sub
Death_race
Thanks For sub
Thanks thanks thanksSanjeewa2010
thnxxxxxxxxxxx
Tharindu_Rukshan_Perera
super machan Thank u
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
patta lipiyakuth liyala...ela...balanna ona...
nimal dissanayake
සිසිල,
ඔයාගේ ලිපිය කියෙව්වාම
ෆිල්ම් එක බලන්නම ඕනේ කියලා හිත කිව්වා.
බොහෝම තාර්කික විදියට,
ආයේ නෑ බෑ කියලා කියන්න බැරිවෙන විදියට
අපූරුවට ලිපිය ලියලා.
ඔන්න බාගන්නවා. බලලා හොඳ නරක කියන්නම්.
ස්තුතියි!Kanchaka
Thanks bro.........
Prabodha Madhusankha Hettiarachchi
Wow bro supiri kathawak wageee thank u sub ekata....
TharakaWAS
Thanks bro
Chatuhrh
ලිපිය කියවද්දී බලන්න ආස හිතුණ.. තෑන්ක් යූ..
gihan perera
Good job bro...god bless you...digatama sub damu....
Kavi_madushan
Bohoma sthuthii saho sub ekt,mekanam balillakma thama
Jaya wewa!!!wajira
thanks for sub
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!kavishka vikum
balala iwara wuna,niyamayi
Nilush Angana
Sub ekata thanx
sudda
ලිපිය මරු. තැන්ක්ස් යු
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
kalanasa1996
සුපිරි .... සබ් එක
praneeth01
ela ela... Superb Moive eka vage Thank You Weva
AsithaDilruwan
goadak dewal budu dahamen pahadili karanna puluwan
lassana lipiyak
jaya wewa!!Lahiru Sampath
Thanx sisila bro...ela...
mihidumheshan123
Idalaa idala kalaturakin tamai dn balnna puluwan film akak denna baiscope aken
telugu movie walata wadipura sub denna avilla polimata tiyanawa hoda film wena film walata wadiya hugak kattiya balanawa thanks sub akata
GeethD
Thanks bro
Masterpiece (2017)[Malayalam Original DVDRip - x264 - 700MB - ESubs sub dennakothumi
suba pathum malli...
rangika Kariyawasam
එල සහෝ ෆටිටම ෆිලුමක්නේ... විස්තරය දීලා තියෙනවා ඇඩෙන්න. තැන්කු තැන්කු අපිට මැක්සා ෆිලුමක් දුන්නට.ජය හෝ...
sachin gimhan
patta wistharayak.. thanx sub ekata
praveen ranasinghe
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
Gihan Mithila
thank u sub ekta.lipiya maru.thathwikai godak
ranga11112
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
raviz
Thank you.........
Nimesh sasanka
patta lipiya..thanx saho
dusmantha
Thanx
Sajiya99
Thanks bro sub ekata
kumarawadu123
Thankq sub ekata jaya obata baagi 2 eke sub eka dei kiyala balan innawaa......
Ranidu
Dan tamai filuma blala iwara wune....
Wenada wagema me parath wenas,supiri filumak saho.....
Ape yaluwo hamoma narabanna!!
Ehnam 99n hamuwemu sisila saho....
Jaya wewa!!!Randigamage
Sub eka bann denne,shoo
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සිසිල සහෝ.
වෙනදා වගේම අති විශිෂ්ඨ ලිපියක්.
ජයෙන් ජය.Randigamage
Sub download dunnam soyagatha nohek ki wetenw..plz help
Supun1647
Niyamai saho.........
Oya wage lipi liwwoth film blna 1 withark newei jeewithetath deyak ekatu krgnna puluwan .
Elmai.....
Digtama oya wage lipi liynna mchn......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


Lassana lipiyak, bohoma sthuthiyi sub ekata..