ඉන්දියානු ඉතිහාසය පුරාවට… ස්වර්ණමය අකුරින් ලියවුණාවූ සුවිශේෂී අවස්තාවන් කොතෙකුත් තියෙන්නට ඇති. නමුත්, මේ සියල්ල අභිබවා යමින්… වර්ෂ 1998 දී සිදුවූ එක්තරා ඓතිහාසික මෙහෙයුමක් නිසාවෙන්… ඔවුන්ගේ සමස්ත ඉරණමම කණපිට හැරවුණා! එතෙක් කාලයක් පුරාවට ලෝකය හමුවේ තවත් එක රටක් පමණක් වූ ඔවුන්, එදායින් පසුව, ලෝකයට තව…

ඉන්දියානු ඉතිහාසය පුරාවට…
ස්වර්ණමය අකුරින් ලියවුණාවූ සුවිශේෂී අවස්තාවන් කොතෙකුත් තියෙන්නට ඇති.
නමුත්, මේ සියල්ල අභිබවා යමින්…
වර්ෂ 1998 දී සිදුවූ එක්තරා ඓතිහාසික මෙහෙයුමක් නිසාවෙන්…
ඔවුන්ගේ සමස්ත ඉරණමම කණපිට හැරවුණා!
එතෙක් කාලයක් පුරාවට ලෝකය හමුවේ තවත් එක රටක් පමණක් වූ ඔවුන්,
එදායින් පසුව, ලෝකයට තවත් නැගී එක බලවත් රටක් බවට පත් වුණා!
මුළු ලෝකයටම බලවතා සහ අසල්වැසි හිතවතා යන රටවල් ඔවුන්ගේ සම්පූර්ණ බලය යොදවා…
මොවුන්ගේ ඉරණම නතර කිරීමට උත්සාහ දැරුවත්…
ධෛර්‍යමත් මිනිසුන් හයදෙනෙකුගේ නොපසුබට උත්සාහය සහ විචක්‍ෂණශීලී නුවණ හමුවේ…
ඔවුන් එදා සමස්ත ලෝකයක් පරදමින් නැගී සිටියා!
ඔපරේෂන් ශක්ති!
එහෙමත් නැත්නම් පෝක්රන්-II
ඇමරිකාව, චීනය ආදී න්‍යෂ්ටික බලය සහිත ලෝක බලවතුන් සමගින්…
ඔවුන්ව න්‍යෂ්ටික බලය සහිත නැගී එන ලෝක බලවතෙකු බවට පත්කරන ලද…
එදාමෙදා තුර ඉන්දීය ඉතිහාසය තුල ඔවුන් අත්පත් කරගන්නා ලද දැවැන්තම ජයග්‍රහණය…
එදාමෙදා තුර ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම බුද්ධි අංශ පරාජය…
එදාමෙදා තුර ඉන්දීය හමුදාව විසින් මෙහෙයවන ලද දැවැන්තම රහසිගත මෙහෙයුම…
එදාමෙදා තුර ලෝක ඉතිහාසය තුල රටක් විසින් සාර්ථකව නිමාකරගන්නා ලද දැවැන්තම රහස් මෙහෙයුම…
ඒ ඓතිහාසික රහසිගත මෙහෙයුමේ…
ඔබ කිසිදා නොඇසූ, නොදන්නා පසුබිම් කතාව…
මේ අයුරින් ඔබ හමුවේ ගෙනහැර පෑමට…
අවසරයි එසේනම් සියලු දෙනාගෙන්!
Smiling Buddha
Smiling Buddha, එහෙමත් නැත්නම් පෝක්රන්-I තමයි ඉන්දියාව විසින් සිදුකරන ලද පළවෙනි න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම වුණේ. වර්ෂ 1974, මැයි 18 වෙනිදා, ඉන්දියාවේ රාජස්තාන ප්‍රාන්තයේ පිහිටි, ඉන්දීය හමුදාවට අයත් පෝක්රන් පර්යේෂණ කලාපයේදී, ඉන්දියානු හමුදාවේ මෙහෙයවීම මත උදෑසන 8:05 ට, ඉන්දීය ඉතිහාසයේ පළවෙනි න්‍යෂ්ටික පිපිරවීම් අත්හදා බැලීම සිදුකරනු ලැබුවා. මෙය භූගත පුපුරවා හැරීමක් වගේම, මෙහිදී යොදාගනු ලැබුවේ විඛණ්ඩන බෝම්බ (Fission Bombs).
මෙහෙම කිව්වම සමහර අයට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්, Smiling Buddha කියන්නේ ඉන්දියාවේ පළවෙනි න්‍යෂ්ටික පුපුරුවා හැරීමේ අත්හදා බැලීම නම්, ඔපරේෂන් ශක්ති මේ තරම් වැදගත් ඓතිහාසික මෙහෙයුමක් වෙන්නේ ඇයිද කියන කාරණාව. ඒකට හේතුව තමයි, Smiling Buddha කියන්නේ Peaceful Nuclear Explosion එකක්. එහෙමත් නැත්නම්, සාමකාමී න්‍යෂ්ටික පුපුරුවා හැරීමක්. නමුත්, පෝක්රන්-II කියන්නේ එහෙම සාමකාමී පුපුරුවා හැරීමක් නෙමෙයි. අන්න ඒ හේතුව නිසයි, පෝක්රන්-II මෙහෙයුම මේ තරම් සුවිශේෂී, ඓතිහාසික එකක් වෙන්නේ.
ඔපරේෂන් ශක්ති හෙවත් පෝක්රන්-II
පෝක්රන්-II කියන්නේ, වර්ෂ 1998 මැයි මාසයේදී, ඉන්දියානු හමුදාවේ මෙහෙයවීම මත, ඉන්දියාවේ රාජස්තානයේ පිහිටි පෝක්රන් අත්හදා බැලීමේ කලාපයේදී සිදුකරන ලද න්‍යෂ්ටික පිපිරීම් මාළාවක්. මෙහිදී, 1998 මැයි මස 11 වෙනිදා පළමුවෙන්ම Fusion Bomb හෙවත් විලයන බෝම්බයක් පුපුරුවා හරිමින් ඉන්දියාව න්‍යෂ්ටික බලය සහිත ලෝක බලවතුන්ගේ ලැයිස්තුවට එකතු වුණා. එතකින් නොනැවතී, එදිනම තවත් Fission Bombs (විඛණ්ඩන බෝම්බ) දෙකක් පුපුරුවා හරිමින් සහ, ඊට දින කීපයකට පසුව, එනම් මැයි 13 වෙනිදා තවත් Fission Bombs (විඛණ්ඩන බෝම්බ) දෙකක් පුපුරුවා හරිමින් ඉන්දියාව ඉමහත් වූ සාඩම්බරයෙන් පෝක්රන්-II හෙවත් ඔපරේෂන් ශක්ති මෙහෙයුම නිමා කරනු ලැබුවා. ඒත් සමගින්, එවකට ඉන්දීය අගමැති තනතුර හොබවන ලද අතල් බිහාරි වජ්පායි මහතා මාධ්‍ය හමුවක් කැඳවමින්, ඉන්දියාව සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික බලය සහිත රටක් බැව් නිළ වශයෙන් ලෝකයටම ප්‍රකාශ කරනු ලැබුවා.

ඔබ දන්නවාද? පෝක්රන්-II මෙහෙයුම සාර්ථකව නිමාකර ගැනීම සඳහා අදාළ ව්‍යාපෘති කටයුතු වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටුකරන ලද ප්‍රධාන පුද්ගලයෙකු වන්නේ, පසුකලෙක ඉන්දියාවේ ජනාධිපති තනතුර දැරීමට තරම් සුදුසුකම් සපුරන ලද, ආචාර්‍ය A.P.J. අබ්දුල් කලාම් මහතා බව!

මෙහෙයුම සඳහා යොදාගන්නා ලද සිලින්ඩරාකාර හැඩැති න්‍යෂ්ටික බෝම්බ

මෙහෙයුම සඳහා යොදාගන්නා ලද පෝක්රන් අත්හදා බැලීම් කලාපය පිහිටා ඇති ටාර් කාන්තාරය

පෝක්රන්-II මෙහෙයුමේදී න්‍යෂ්ටික බෝම්බයක් පුපුරා යන ආකාරය
2017 වර්ෂයේ දෙසැම්බර් 08 වෙනිදා තිරගත වෙන්න නියමිතව තිබුණු චිත්‍රපටයක්, අන්තිමේදී තිරගත වුනේ 2018 වර්ෂයේ මැයි 25 වෙනිදා. ඔව්, මේ චිත්‍රපටය ගැන තමයි කියන්නේ. Padmaavat චිත්‍රපටයත් එක්ක ගැටෙමින් තිරගතවීම ආරම්භ කරන්න තිබිච්ච අකමැත්ත නිසා තිරගත කිරීම සුළු කාලයක් ඉදිරියට ගියපු මේ චිත්‍රපටය, චිත්‍රපටයේ නිෂ්පාදකයින්, ජෝන් ඒබ්‍රහම්ගේ JA Entertainment සහ Kriarj Entertainment යන ආයතන අතර ඇති වූ මතභේදාත්මක තත්වයන් මත දිගින් දිගටම කල් යනු ලැබුවා. මැයි මාසය වනතෙක් චිත්‍රපටය සඳහා පූර්ව ප්‍රචාරක පටයක් හෝ අන්තර්ජාලයට නිකුත් කෙරුනේ නැහැ. මෙවැනි වාතාවරණයක් මත, බොලිවුඩ් ප්‍රේක්ෂකයින් මෙම චිත්‍රපටය කෙරෙහි සිය බලාපොරොත්තු අත්හැරගෙන තිබූ අවස්තාවක තමයි, පෝක්රන්-II න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් හරියටම වසර 20ක් ගතවූ තැන, එනම් 2018 මැයි 11 වෙනිදා පළමු පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවේ. Action, Drama, History යන කාණ්ඩ නියෝජනය කරමින්, ඉන්දියානු රුපියල් කෝටි 50ක බරපැනක් දරමින් නිෂ්පාදනය වෙච්ච මේ චිත්‍රපටය, බොහොම සීමීත සිනමාශාලා ප්‍රමාණයක විතරයි තිරගත වුණේ. ඒ වගේම, ප්‍රචාරණ කටයුතු සඳහා පවා බොහොම සුළුවෙන් තමයි සිදුකරලා තිබුණේ. නමුත්, විශ්වාස කරන්න, ආරම්භක දිනයේ පටන් මේ දක්වා ලැබී තිබෙන්නා වූ ප්‍රතිචාරයන්ගේ නම් කිසිම විදියක අඩුවීමක් දකින්නට නැහැ. බොහොම සුළුවට සිය තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය, පළවෙනි සතිය තුලදී ලොව වටා ආදායම ලෙස ආසන්නව ඉන්දියානු රුපියල් කෝටි 50 ක ආදායමක් ලබාගනිමින්, සිය නිෂ්පාදන මුදල ආවරණය කරගැනීමට සමත්කම් දක්වනවා. හැබැයි, එතනින් නොනැවතී සිය බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඉන්දියානු රුපියල් කෝටි 91 ක මුදලක් උපයාගැනීමට මෙම සිනමා පටය සමත්කම් දක්වනවා. එතකොට ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
මං මෙහෙම කියන්නම්. නිකමට ගිහිං බලන්න මේ චිත්‍රපටය සඳහා වෙන්වෙලා තියෙන IMDB පිටුවට. එතකොට ඔබටම බලාගන්න හැකියාව ලැබේවි, මේ චිත්‍රපටය සඳහා මනාප ලබාදුන්න ප්‍රේක්ෂකයින්ගෙන් 51% ක්ම ලකුණු 10/10 ක මනාපයක්ද, 21% ක් දෙනා 9/10 ක අගයක්ද ලබාදීලා තියෙනවා කියලා. ඒ වගේම, මේ දක්වා Imdb පිටුව තුල මේ චිත්‍රපටය සඳහා ලියවුනු විචාර 73 ක් අතරින්, 68ක් තුලින්ම මේ චිත්‍රපටය අතිශයින් පැසසුමට ලක් කරනු ලබනවා. විචාරකයෝ මේ සිනමා නිර්මාණය පැසසුමට ලක්කරන්නේ කොහොමද කියලා ඔබටම පහතින් බලාගන්න පුළුවන්.



මං හිතන්නේ මේ හොඳටම ඇති වේවි මේ මොන මට්ටමේ විශිෂ්ඨ නිර්මාණයක්ද කියලා තේරුම් අරගන්න. 8.4 ක් වැනි දැවැන්ත අගයක් කරා කරකැවූණු Imdb දර්ශකය ඒ පිළිබඳව ඔබට මනා චිත්‍රයක් මවා දේවි. මේ තමයි දැනට 2018 වර්ෂය වෙනුවෙන් බොලිවුඩ් සිනමා නිර්මාණයක් ලබාගත්ත දෙවැනි වැඩිම Imdb අගය සහිත චිත්‍රපටය විදියට වාර්තා වෙන්නේ. ඒ විතරක්ද? නැහැ. එදාමෙදා තුර නිෂ්පාදනය කරන ලද ඉන්දීය චිත්‍රපට අතුරින්, Top Rated Indian Movies ලැයිස්තුවේ 109 ස්ථානය සාඩම්බරයෙන් තම නමට වෙන්කරගෙන විරාජමානව වැජඹෙන්නේ මෙම සිනමා නිර්මාණය තමයි. එදා මෙදා තුර තමන්ගේ රංගන ජීවිතය තුල අති විශිෂ්ඨම රංගනයක නියැලෙමින්, තම රංගන ජීවිතය තුල හැරවුම් ලක්ෂ්‍යයක් බවට John Abraham මෙම චිත්‍රපටය පත්කර ගනිද්දී, ඔහුට මනා සහයක් ලබාදීමට Cocktail (2012), Happy Bhag Jayegi (2016), Lucknow Central (2017) යන චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ සුරූපී Diana Penty සහ, බොලිවුඩ් ක්ෂේත්‍රයේ තවත් දැවැන්තයෙක් වන Boman Irani සමත්කම් දක්වනවා. එමෙන්ම, මේ සියල්ල මෙහෙයවමින්, තිරය පිටුපස හිඳිමින් අධ්‍යක්ෂක Abhishek Sharma විසින් ඉටුකරන්නා වූ කාර්යබාරය අති විශිෂ්ඨයි.
කාටහරි තාමත් හිතෙනවා නම්,
අපෝ මේක කම්මැලි චිත්‍රපටයක් වෙන්න ඕනේ…
මේ වගේ ඒවා නම් බලලා වැඩක් නැහැ කියලා…
වගකීමෙන් කියනවා, 2018 වර්ෂයේ බොලිවුඩ් සිනමාවෙන් නිකුත්වෙච්ච අති විශිෂ්ඨතම සිනමා නිර්මාණයක් විදියට පෙරමුණේම තියන්න පුළුවන් කියලා මේ චිත්‍රපටය අවිවාදයෙන්ම හඳුන්වලා දෙන්න පුළුවන්!
එහෙනම්, අරගෙනම බලන්න. අනිවාර්‍යයෙන්ම ඔබට ඔබගේ තීරණය පිළිබඳව පසුතැවිල්ලක් ඇති නොවේවි. හැබැයි, බලන්න එපා කියලා ඔබේ හිත කියනවා නම්, ඔබත් ඔබගේ හිත සමගින් එකඟ වෙනවා නම්, ඔබගේ සිනමා ජීවිතය තුල මගනොහැර ගත යුතුම සිනමා නිර්මාණයක් තමයි ඔබ මේ මගහැර ගන්නේ. තීරණය ඔබ සැම සතුයි. ගිහිං එන්නම්. හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය TamilMV WEB-HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
29,573 downloadsDownload Parmanu-The-Story-of-Pokhran-2018-new.zip120 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට සහ “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
157 comments
amila s chamara
Tharaka Nuwan Dilhara
ස්තුතියි දෙන්නටම...
එනකන් බලන් හිටිය සුපිරියක්...
ඔන්න එහෙනම් ගත්තා
ජයෙන් ජය වේවා...!!!Tharaka Nuwan Dilhara
ඒ වගේම ස්තුතියි ලිපියටත්..
සිසිලගේ ලිපියක් කියන්නේ ඉතින් ඉගනගන්න දේවල් ගොඩයි..
ගොඩක් අගය කරනවා මහන්සිය...
ජයෙන් ජය..!!
vas0303
Thank you very much
.baiscope_chandima
thaz .. ele ele
Prabodha Madhusankha Hettiarachchi
Hoda copy ekak awama balan hitiyeee mee film eka ennakammm. Godakma sththui sisila saha tharindu oba dennatama. Jaya wewa... watina wistharayak bala dunnata godak sththui ..
darshana100
නියමයි සහෝ ජය වේවා
Ratnapura
Thank you very much ..
Bole
Jaya wewa !!!
gihan perera
මේක මචෝ එනකන් බලන් හිටියේ....ගොඩක් ස්තුතියි සහෝලා දෙන්නටම...උපසිරැසි යට වෙච්ච මහන්සිය අපතේ යන්නෙ නැ මචන්ලා...මේක ෆිල්ම් වලට ආස නැති උනුත් අනිවා බලන ෆිලුමක්....ජය වෙිවා සහෝලා දෙන්නටම....දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝලා දෙන්නටම.....
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
subodha
Thank you
Silva
Supiri.. bluray th awith..
Kavishal Rasintha
සුපිරිම ෆිලුමක්.... බොහොම ස්තූතියි සබ් එකට... දෙන්නටම ජය වේවා... Gd luck
dsdkavishka
Thenks aiya, supperb
Kanchaka
Thanks bro
gihan perera
මචන් සිසිල සහෝ මේ ෆිලුම ට torrent files හොයනකෙට මං දැක්කා avengers infinity war එකේ bluray එකක් lime torrent site එකේ දාලා තියනවා..පුළුවන් නම් ඒකටත් උපසිරැසි කරන්න බලන්න සහෝ....
thimalF
supiri mchn
RK
supiri broo..thnkz subata...thawath supiriyak aran enna..
jaya wewa!!!!!!!!!Dineth Sachiranga
thanks you so much bro......good luck
Milind@
Thanks saho....
Nimach273
Thnks machn sub akta
Sajiya99
Thanks bro
කැලුම් ගුණසේකර
බොහොම ස්තූතියි සහෝල දෙන්නටම උපසිරැසියට.
kelumchathuranga
thanks
Kovidu
ආපු දවස් වල නොබල ඉන්න බැරි කමටම ඉංග්‍රීසි මගුලකුත් දාගෙන බැලුව, සිරි වෙනවනෙ, ආයෙමත් බලනව සිංහල සබත් එක්ක, ඔක්කොමත් තියෙද්දි මුලින්ම බොහොමත්ම ස්තූතියි සබ් එක ගෙනාවට, හැමදාමත් වගේ හැමෝම වගෙ විශේෂයෙන් ස්තූති කරනව සිසිල සහෝගෙ ලිපියට, ඔන්න මාත් අමතක කරන් නෑ, මේ ඒ ලිපිය වෙනුවෙන් විශේෂ ස්‍තූතිය.. අවසානෙට නැවතත් ස්තූතියි අවසානෙට කිව්වට ගනන් ගන්න එපා මුලින්ම හොදේ, සබ කරන්න ඒ උපකාර කරපු MTR සහෝ ටත් ප්‍රති උපකාර ලැබේවා............!!! ඔක්කොටම ජය.........................!
Nirosh C
ස්තුතියි දෙපළටම.ජයවේවා!
Cudaya
Thnx brothers
tharuka8877
Tnx Brola..ජය
madushangamage
thankes bro ela
Asanke
Thanks for sub
Thari_lakmal
Thanks
Ara N Madhu
Thanks Brothers
Ara
Sanjeewa2010
Thnxxxxxxxxxxxxx Patttaaaaaaaaaaaaaaaaaaa
gayan215
bohoma sthuthi saho…
TharakaWAS
Subata Thanks Bro..
supershiwa
thanks bro for this
Sajmadu
Ela. The gril with Dragon tattoo 2011 karanna berida?
Nimesh sasanka
mekata sub enakal blan hitiye saho..thanx sub ekata
chamallakshan
enakal balan hitiya movie ekak...thankz sub ekata
Ayesh Prashan
Thank You
Dads
YTS eke 1080 bluray copy eka awilla.ekatath deepan macho...jaya
Madhura prasad
Tnx bro
dush135
ela
Jehank
thanks for sub
Bokka98
thank you bro දිගටම මෙ වැඩේ කරගෙන යන්න ශක්තිය ලැබේවා
HARSHANA9211
Thanks.....
dnpanawenna2
torrentz download karanna link ekak hewwa hambune nane
tharakat
හින්දි නම් තවත් බලන්නෙම නෑ කියල හිතාගෙන හිටියේ... කමක් න මේකත් බලනවා.... තැන්කු සහෝ....
dnpanawenna2
movie eke link ekak thiyanawan deepanko sub match wena
Avindu Umesh Gunasinghe
Tnx for the sub!!
sadeera89
Film download karaganna behene..download denne nehe
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks.....!!