ඔන්න මගේ 50 වෙනි උපසිරැසත් අරන් ආවා. 2014 ඔක්තෝබර් මාසෙ 06 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගත්තු මගෙ උපසිරැසි ගමනේ පලවෙනි කඩයිම තමයි මේ. හිංදි චිත්‍රපටි 47ක් සහ වැරදිලා දීපු ඉංග්‍රීසි චිත්‍රපටි තුනක් සමගින් වැඩි කල් නොගොස්ම අවුරුදු හතරක් වගේ බොහොම පොඩි කාලයකින් පලමු කඩයිමට ලගා වෙන්න පුලුවන් ව…

ඔන්න මගේ 50 වෙනි උපසිරැසත් අරන් ආවා. 2014 ඔක්තෝබර් මාසෙ 06 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගත්තු මගෙ උපසිරැසි ගමනේ පලවෙනි කඩයිම තමයි මේ. හිංදි චිත්‍රපටි 47ක් සහ වැරදිලා දීපු ඉංග්‍රීසි චිත්‍රපටි තුනක් සමගින් වැඩි කල් නොගොස්ම අවුරුදු හතරක් වගේ බොහොම පොඩි කාලයකින් පලමු කඩයිමට ලගා වෙන්න පුලුවන් වුනා. ඉතින් මේ ගමනට මට උදව් උපකාර කල සියලු දෙනාටම මේ අවස්තාවේ ස්තූති වන්ත වෙන්න ඕනෙ. විශේශයෙන්ම ප්‍රේක්ශකයින්ට. මොකද ඔවුන්ගේ හැම ප්‍රතිචාරයක්ම අපිට බොහොම වටිනවා.
ඒ වගේම බයිස්කෝප් පවුලේ සියලු දෙනාමත්. ඇඩ්මින් මඩුල්ලේ රොයිලි අයියා, හසන්තයියා, ලෝගන් අයියා, අශාන්(විමා) මල්ලි, හිංදි කිං ආසිරි අයියා, සමීර කරුනාරත්න මල්ලි, යශෝධ මල්ලි, සිසිල මල්ලි, සමන් නොහොත් පූස් මල්ලි(තාමත් එහෙම කියනවනම්), නිර්මානි, සමීර අයියා සහ නලින් අයියා වත් මේ මොහොතෙ මතක් කර සිටිනවා.
මේ ඔක්කොම වගේම බයිස්කෝප් පවුලේ සොයුරු සොයුරියන් ඔක්කොමත් මතක් කරන්න කැමතියි. මුලින්ම ස්තූති වන්ත වෙන්න ඕනෙ මට මේ චිත්‍රපටිය දුන්නට පද්මාවතීයේ මුල් අයිතිකරු ගයාන් රූකාන්ත මල්ලිට. ඒ වගේම ෆිල්ම් වල ලින්ක්, සබ් හොයල දීලා වගේම හැම අතින්ම උදව් කරන තරිඳු රුක්ශාන් අයියා, මයුර මල්ලි, හෙළිලි නංගි (නම් හරි ඇති කියල හිතනවා.), රවිඳු රුක්ශාන් මල්ලි, දිල්ශාන් කලාතුරකින් අහන්න ලැබෙන කාලිංග අයියා, දිල්ශාන් සචින්ත මල්ලි, ගයේශා නංගි, සඳුන් අයියා, සොහාන් මල්ලි, චන්දිම අයියා, නයි මල්ලි, කැළුම් අයියා, ප්‍රණීත් චින්තක මල්ලි, තාරක නුවන් මල්ලි, මදුකප්‍රිය මල්ලි, ශසිත් මල්ලි, අනුරුද්ද මල්ලි දේවක අයියා, පූර්නි, තිසර මල්ලි ඇතුළු සහ එකී නොකී මෙකී සියලු සහෝදර සහෝදරියන්ව මේ මොහොතේ මතක් කර සිටිනවා. කාව හරි අමතක උනානම්, ඉස්පිලි පාපිලි අඩු උනා නම්, ආමන්ත්‍රන වැරදුනා නම් එහෙම සමාවෙන්න ඕනෙ.

රැජින වෙනුවෙන් මුතු ගෙන ඒමට සිංහල රාජධානියට යන රජ කෙනෙක්….
මුවෙක් පසුපස පන්නන අති සුන්දර වූ රාජ කුමාරියක්….
වැරදි ඉලක්කයක් වෙත යන හීසරයක්…
හදවතේ ගැඹුරටම වැදුනු හී සරයක්…
සරණ මංගල්‍යයක් සහ අලුත් රැජිනක්….
සොරෙන් ප්‍රේමාලිංගන බලා හිඳින අලුත් සතුරෙක්…
කාමාතුර බලලෝභී සුල්තාන්වරයෙක්…
අන් සතු රැජිනකට පෙම් බඳින්නෙක්….
රැජිනක් වෙනුවෙන් යුද වදින රජවරු දෙදෙනෙක්…
1540 දී Malik Muhammad Jayasi විසින් රචිත කාව්‍යයක් තමයි පද්මාවත් කියන්නෙ. බන්සාලිගෙ අධ්‍යක්ශනයෙන් 2017 අවුරුද්දෙන් 2018 අවුරුද්දට කල් ගියපු ආන්දෝලනාත්මක චිත්‍රපටියක්. බන්සාලිගෙ සුපුරුදු පෙම් යුවල දීපිකා -රන්වීර් සමග ශහීඩ් කපූර් ප්‍රධාන චරිත නිරූපනය කරනවා. සුපුරුදු පරිදි සංගීත අද්‍යක්ශනය බන්සාලිගෙන්මයි.
චිත්‍රපටිය නිශ්පාදනය කරන කාලයේදී මතභේදාත්මක සිදුවීම් රැසක් සිදු වුනා. රාජ්පුත්හි කුල සංවිධාන රැසක් චිත්‍රපටිය සම්බන්දයෙන් විරෝදත පල කලා වගේම පහර දීම්ද සිදු කලා, දර්ශන තල වලට හානි සිදු කලා. එ වගේම දීපිකාගේ රංගනය පිලිබඳ ඔවුන් දැඩි සේ විරෝධය පල කලා. රන්වීර් සිං නිරූපනය කල අලාවුදීන්ගේ චරිතය ගැනද මුස්ලිම් නායකයින් රැසක් විරෝධය දක්වා තිබුනා. ඒ වගේම චිත්‍රපටිය තිරගත කිරීමට ආසන්න දින වලදී ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල ප්‍රචන්ඩ විරෝධතා සහ කැරලි හට ගැනුනා. හරියානාවේදී කැරලි කරුවන් පාසල් බස් රථයකට සහ තවත් රථවාහන රැසකට පහර දීම් සිදු කර තිබුනා. බන්සාලි සහ දීපිකා නොයෙක් තර්ජන වලට ලක් වුනා. ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ශ වෙනස් මත වල රැදී සිටියදී භාරතීය ජනතා පක්ශයේ නායකයින් කිහිප දෙනෙක් චිත්‍රපටිය තහනම් කිරීමටද යෝජනා කලා. එම නිසාම මේ චිත්‍රපටියෙන් බොහෝ කොටස් කපා හැරුනා. ඒ වගේම මුස්ලිම් නීති රීති හේතුවෙන් මේ චිත්‍රපටිය මැලේසියාවේ දර්ශනය කිරීම තහනම් කර තිබෙනවා.
පද්මාවත් ආරම්බයේදී මිශ්‍ර ප්‍රතිචාර ලබා ගත්තා. තිරගත කරවීමේදී ඇති වූ ප්‍රශ්න නිසා සමහර ප්‍රාන්ත වල චිත්‍රපටිය තිරගත කලේ නෑ. ඉන්දියාව පුරා තියෙන සිනමාහල් වලින් සියයට හැත්තෑවක පමනයි තිරගත කලේ. ඒ වගේම තෙලිගු හා දමිල භාශාවෙන් සිනමාහල් 500ක තිරගත කලා. පලමු දින ආදායම කෝටි 19ක් වුනා. ඒ වගේම දින හතරකින් කෝටි සියයට ලගා වුනා. කොහොම නමුත් තිරගත නොවූ ඒවායේ පාඩුව කෝටි 35ක් වුනා. මෙ වන විට ලොව පුරා ප්‍රදර්ශනයෙන් චිත්‍රපටිය ලබා ගත් මුලු ආදායම කෝටි 585ක් වනවා. ඒ වගේම වැඩිම ආදායම් අබපු චිත්‍රපට අතරින් 9 වන ස්ථානයේ රැඳී තිබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි දෙසිය පහලොවක වියදමක් දරා නිපදවපු මේ චිත්‍රපටිය දැනට වැඩිම වියදම් දරා නිශ්පාදනය කල චිත්‍රපට අතරින් දෙවන ස්තානයේ පසු වෙනවා.
ඉතින් අපේ රැජිනකගේ වීරත්වයක් ගැන කියවෙන මේ කතාව බලන ගමන් කොමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා. ආයෙ හම්බ වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
39,744 downloadsDownload Padmaavat-2018-1.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
245 comments
ඒෂාන් කාංචන
bhanuka12222
ඇයි බං තම්බින්ට ඔච්චර බය ඉන්දියාවෙ උන්
එල්.සී. දමැල්
50ට සුභපැතුම්... 100ටත් ඉක්මනින් ළඟා වෙන්න ලැබේවා කියලත් වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනව.
isharaikj
mcn mta sub eka mail ekak dapankoo
විදුෂාන් සජිත්
50වෙනි කඩයිම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් සොයුරිය..! ඉදිරියටත් මේ වගේ අපිත් එක්ක එකතුවී ඉන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.! උපසිරැසියටත් බොහොම ස්තුතියි!.. ජය වේවා!..
OsandaFdo
Suba pathum sis..ohoma yamu digatama.. hindi films walatama sub dena nisa illanne.. (har dil jo pyar karega-salman/farz-sunny deol) puluwannm karanna.. bs
OsandaFdo
Suba pathum sis..ohoma yamu digatama.. hindi films walatama sub dena nisa illanne.. (har dil jo pyar karega-salman/farz-sunny deol) puluwannm karanna.. bs
Chami.S
Congratulations for the 50th subtitle...!!!!
Thank You..Arjuna Thusitha
WebRip Available please update
ශසිත් සඳරුවන්
සුභපැතුම් කිව්වා එහෙනම් පළමු කඩඉමට.
ඔයාගේ සබ් එක්ක ෆිල්ම් සෑහෙන්න බලලා තියෙනවා.
සබ් ගැන ඉතින් ආය කියන්න දෙයක් නෑ නේ.
මාවත් මතක් කරාට තෑන්ක්ස් වේවා. (මෙයත් මාව මල්ලිලා ගොඩට දාලා :P )
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!kasunkavinda
supirii thank you for sub
George
Thanks
Kaveeshanethmal
Much awaited one.. Thnx bro... & Congrats...
Damithkumara
congratulation...
Hemantha De Silva
ස්තුතියි අමා...
ස්තුතියි බයිස්...Gangsterz
thank you ama....
balan hitapu movie 1kM.W. Dilhani
thank you so much and congratulations. this is my most waited movie after bahubali 2.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
සනිඳු ලක්ඛිත
50 වෙනි කඩඉමට හදවතින්ම සුභපැතුම්.. චිත්‍රපටම 50ක් කියන්නේ ලේසිපාසු දෙයක් නෙමේ.. අනික ඒකෙන්කුත් 47ක් හිංදි..ඔයාගෙ උපසිරැසි ගැන මං දැකපු පොඩි අඩු පාඩුවක් තමා ටයිම් ලයින් හරියට වෙන් කරලා නැති එක. හොද වගේම අඩුපාඩුත් පෙන්නලා දෙන්න ඕනිනේ.. එහෙනම් තවත් කාලයක් උපසිරැසි කරන්න ලැබේවා වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!
මේකනම් BR ම බලන්න ඕනි ෆිලුමක්..!Prabodha Madhusankha Hettiarachchi
Suba pathum 50 weni sub ekata ekath superb movie ekaknee. Sthuthi sahodari...
Dhanushkadill
උණුසුම් සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Rmadushanka
Thank you
oshanda
50 weni upasiresiyata unusum suba pethum..jayawewaa... idhiriyatama yamu
Helili Hemamali
මුතූ අක්කා ෆිල්ම්ස් 50 කින් ම 50 ගැහුවානේ! ඇත්ත කියන්නෙපාය, 47 ක් ම හින්දි කියන්නෙ එකක ලයින් 1500+ අඩුම ඇති. අලුත්, පරණ කියලා වෙනසක් නැතුව හින්දි ෆිල්ම්ස් වලට සිංහල උපසිරැසි ගේන දහරා මුතුඅමා අක්කා, හින්දි ෆිල්ම්ස් දන්න සිංහලෙන් විඳින්න කැමති සිනමාලෝලීන්ගේ වීරවරිය වෙන්නේ ඒ නිසා.
ඉතින් මේ වෙලාවෙ හදවතින්ම සුබ පතන ගමන් මේ ගමන නොනැවතී යන්න ශක්තිය, වාසනාව පතනවා.Kantha_DLA
mkvcage.eke 720p AMZN WEB-DL 1.2GB walata
sub update karanawada sis....pls......anthimaya
Thanks and wish you all the best :-)
Keep up the good workTharaka Nuwan Dilhara
අම්මේ.. අපේ කැටගරියේ කෙනෙන් 50 ගහලා...
ගොඩක් සන්තෝසයි... හින්දි ජනතාව විදිහට
සුභ පැතුම් අක්කේ 50 වෙනි උපසිරසියට....
චිත්‍රපට වලින්ම 50 ගොඩට සාදරයෙන් පිලිගනිමු
ඔයා එහෙනම් හේවගේ වේගවත්ම වාර්තාව කැඩුවා :)
තව තවත් බයිස්කොප් අඩවිය හින්දි චිත්‍රපටි වලින් පුරවන්න ලැබේවා...!!!
මෙතනින් නොනැවතී ඉදිරියටම යමූ...
ජයෙන් ජය...!!!!ඒ වගේම මාවත් මතක් කලාට ස්තූතියී..
Chokzi
ස්තූතියි.....!
Mr.Radical
ෆිල්ම් එකේ වීඩියෝ format එක එකක්. subtitle format එක තව එකක්. ඩවුන්ලෝඩ් කරන්න වීඩියෝ format බරගානක් දීල තියනවා එත් subtitle දීල තියෙන්නේ Xvid එකට විතරයි. sub එක හොදට කරලා ඇති එත් අපිට පොඩි Notice එකක් දාල තිබ්බනම් Xvid වලට විතරයි තියෙන්නේ කියලා අපි data කපාගෙන බාන්නේ නෑ.KMPlayer වල විදෙඕ එක පෙන්නන්නේ නැ. අනිත් players වල sub එක යන්නේ ඉස්සෙල්ලා විදෙඕ එක යන්නේ පස්සේ. මට කියන්න තියෙන්නේ sub දෙනවනම් ඩව්න්ලෝඩ් කරන්න දීලතියන වීඩියෝ format ඔක්කොටම දෙන්න. ආසාවෙන් ෆිලුම ඩව්න්ලෝඩ් කරලා බලන්න ගියාම sub එක පිස්සු කෙලිනකොට මල පනිනවා.
අල්ලු අර්ජුන්
මිස්ටර් රැඩිකල්, සබ් එක ඩවුන්ලෝඩ් කරාම සබ් ෆයිල් එකේ නම් එහෙම පොඩ්ඩක් කියවලා බැලුවනම් මල පනින්න කලින් නවත්වගන්න තිබ්බා. අනික සබ් කරන උන්ට හැම කොපියම ඩවුන්ලෝඩ් කර කර ඒවට ගැළපෙන්න සිංක් කර කර ඉන්න බෑ. ඉදිරියේදී ඩවුන්ලෝඩ් කරන අය සිංක් කරලා අප්ඩේට් එකක් දායි.
Navodani Thilini Sasanika
සබ් එක සයින්ක් වෙන්නෙ නැත්තන් ඒක හදාගෙන බලන විදිය බයිස්කෝප් උපදෙස් වල සිංහලෙන්ම තියෙනවා. ඒක ටිකක් බලලා හරියට හදාගන්න, ඩේටා කපාගෙන මුලින් චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරනවට වඩා සබ් එකේ කොපිය ඩවුන්ලෝඩ් කරගත්තනම් මුකුත් ප්‍රශ්නයක් නැහැනෙ. සිංහලෙන් බලන්න ඕනෙ නම් ඒක තමයි හරිම විදිය, කලින් සහෝදරයා කිව්වා වගේ හැම කොපියකටම සබ් එක ගානෙ කරන්න බෑ, මේක වුනත් දෙන්නෙ ලොකු මහන්සියක් වෙලා.
අසංක ප්‍රදීප් රණතුංග
රැඩිකල් මහත්මයෝ. ඔයා බාන කොපියට අපි සබ් දෙන්න ඕන නැහැ. සබ් දෙන කොපිය ඔයා බාන්න. එකත් හොයා ගන්න බැරි අයට තමා අර බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එක තියෙන්නේ. ඒකට ගියා නම් හරි කොපියම බාගන්න තිබ්බා. එකවුන්ට් එක බ්ලොක් නොවෙච්ච එකට සතුටු වෙන්න. සබ් කරපු කෙනාගේ වැඩේ අගය කරන්න බැරි නම් කමෙන්ට් නොදා ඉන්න කි බෝඩ් වීරයෙක් වෙන්න යන්නේ නැතුව.
Pushpe007
50 වෙනි සබට සුභපැතුම්....
මිස්ටර් රැඩිකල් කියල තියන කතාවෙත් පොඩි ඇත්තක් තියනවා නමුත් තරහ ගැනීම අනුමත කරන්නත් බෑ.
සබ බාන තැනට උඩින් තියනවා මෙම දී ඇති උපසිරැස ඕනෑම HDRip එකක් සමගම ගැලපේ කියලා නමුත් 720P HDRip එකත් එක්කනම් ගලපෙන්නෙම නෑ.රැඩිකල්ගේ කොමන්ටුව බලලා උඩ reply කරලා තියන මල්ලිනම් ඌත බැන බැනම Xvid එක බාගන්න ඇති. මම උඩත් දැක්ක කොමන්ට් කීපයක්ම මේ ප්‍රස්නේ ගැන කියල තියන. මල්ලිලා කියන විදියට ඉස්සෙල්ලා සබ බාලා ෆිල්ම් එක බාන්නේ නෑ.මොකද ඉස්සර අපි බාපු ඕනෑම පිටපතකට සබ දීලා තිබ්බා. අනික මුගේ කොමන්ටුව බලලා ගොඩක් උන් විද් එක බාගන්න ඇති මූට පින්සිද්ද වෙන්න. මම නම් එහෙමයි.තවත් ඉස්සරහට සබ කරන්න ජයවේවා නංගා...... තෑන්ක් යූ
Premalal
siraa kathawa
Rajith Fernando
Sub 1ka denne godak mahansi wela kiyala api hodatama dannawa..ekai hemadama api baiscope 1th ekka inne..baiscope download site 1ke hd copy 5k thiyenawa(400mb,500mb,700mb,1gb,1.3gb) sub 1kath ekka note 1k demmanam mona copy 1tada sub eka weda kiyala download karana kattiya hari file 1ka download karai neda..data apathe yanneth ne..meka illeemak witharai..
dinesh hapuarachchi
Video eke link ekak denna plzzzz
mr. mc
video link 1 dandako... plzzz
Mayura
සුබ පැතුම් දහරාක්කේ. ඔය ගැම්මෙන්ම 100ත් ගහමු. ජයවේවා
Panther
ස්තුතියි උපසිරසියට
Isurusky
thnks sis sub ekata..jaya.
Tharindu_Rukshan_Perera
මුලින්ම සමාවෙන්න ඕන කමන්ට් කරන්න පරක්කු උනාට .. පනස් වෙනි උපසිරැසියට සුභ පැතුම් ඒ වගේම තව තවත් මේ වගේ හිංදි චිත්‍රපට වලට උපසිරැසි දෙන්න අවශ්‍ය ශක්තිය සහ කාලය ලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හින්දි සිනමාවේ සොඳුරුතම පැරණි සහ අලුත් සිනමා නිර්මාණ අප වෙත ලගා කරදුන්නාට ස්තුතිය පුදකරමින් තව තවත් අපට උපසිරැසි ලබාදීමට නොහැකි වු පැරණි සිනමා පට සදහාත් උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලා සිටිමට කැමතියි
nuwanjayasooriya7
ela keri degatama sab denna thankz
H_anuru
Thank you bro, all the best for 50th subtitles
kelumchathuranga
thanks
Dilruk lahiru
50 ta suba pathum & thanx for sub
sasiyaa
congrats and thank you very much!!!!!!!!
Ishan007
සුබ පැතුම් දහරා... 100 ත් ගහමු 6කින්ම..
Anjulakshan
meka download karana link 1 denako? Plz
5535
congratulation sister. thanks
surendra
congration xxxx
pannila
Thanks for the subtitle
Wish you all the bestdilipvijethunga
සුබ පැතුම් සහෝදරිය.. ගොඩක් ස්තුතියි සබ් එකට
Surangaking
Mata sub eka download karaganna pennanne ne, sub eka ewanna berida
සිසිල ප්‍රසාද්
පනස්වෙනි උපසිරැසි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා.
මීටත් වඩා ඉක්මනින් ඉදිරි කඩයිම් වලට යෑමට ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
උපසිරැසිය වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි වගේම මේකත් අනිවාර්යයයෙන්ම බලන්න ඉන්න එකක්.
ජය!Surangaking
Sub eka ewanna berida
Thilina Chamara
බොහොම ස්තූතියී,සුබ පැතුම් 50ට
thilz
thank u for the sub
sachintha
Thanks for sub akkaaa...
Fattaa...
50 sub ekata suba pathum...sachintha
Thanks For Sub....
James DC
50 වෙනි උපසිරසියට සුභ පැතුම්. දිගටම සබ් දෙමු. ජය !
lakshitha2000
50 වෙනි උපසිරසියට සුභ පැතුම්... බොහොම ස්තුතියි සබ් එකට...
Advertisement

බොහොම ස්තුතියි සබ් එකට එල එල දහරා