අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඉංග්‍රීසිචිත්‍රපටියුද්ධරොයිලි ප්‍රනාන්දුවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ට

Rogue One: A Star Wars Story (2016) with Sinhala Subtitles | හිතුවක්කාර හොරු ටික [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 159 votes.
Please wait...

Rogue One-A Star Wars Story (2016)

හොඳමයි එහෙනම්, මේ සුදානම තවත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්නට. මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි බොහොම පැරණි කතාවක්. කොටින්ම කියනවා නම් 1977 මැයි මාසයේ අවසානයටත් කලින් ඇති වෙන කතාවක්. හැබැයි ඉතින් ලඟ පාතක එහෙම නෙමෙයි බොහොම දුර මන්දාකිණියක…..

මතකද මම දන්නේ නැහැ 1977 මැයි මාසයේ 25 වැනිදා නිකුත් වුණ, ලෝකයම මවිතයට පත් කල පුංචි චිත්‍රපටය…. එකේ නම තිබ්බේ Star Wars (1977) හැටියට. නමුත් කාලයත් එක්ක දැන් නම් මේ නම Star Wars : New Hope (1977) වෙලා සමහරෙකුට. George Lucas උත්තමයාගේ පිටපතකින් ඔහුගේම අධ්‍යක්ෂණයක් වුණ මේ පුංචි සලරුව ලොව පුරාම ඇමරිකානු ඩොලර් මිලියන 775 කට වැඩි මුදලක් උපයා ගන්න සමත් වුණේ එක්තරා විදිහකට කියනවා නම් ආගමක් වගේ දෙයක් බිහි කරමින්. මොකද ඔබ මේ සලරුවට අකමැති නම් ප්‍රසිද්ධියේ එහෙම කියලා අහුවෙනවා නෙමෙයි….!!!

එදා අපි තරුණ ලූක්, රූමත් ලෙයා කුමරිය හඳුනා ගත්තා වගේම, නුවණැති ඔබීවන් සමග එක්ව C-3PO හා R2-D2 අඩදබර බලා හිටියේ සතුටු සිතින්. නමුත් ඔක්කොම කණපිට හැරුණේ හැඩකාර දගකාර හාන් ඔහුගේ වලස් තඩියා එකක් තිරයට පැමිණීමත් එකක්. නව බලාපොරොත්තුවේ කතාව වුණේ මෙහෙමයි….

නිමේෂයකින් ලොවක් වැනසිය හැකි මහා යාත්‍රාවක් නිර්මාණය කිරීමට සමත් වෙලා තියනවා අධිරාජ්‍ය මේ වෙනකොට, සිවිල් යුද්ධයකින් හෙම්බත් වෙලා ඉන්න මන්දාකිනියට මේක හොඳ ආරංචියක් නම් නෙමෙයි කොහොමවත්. බොහොම දුකක් විදලා විප්ලවකාරින් කිහිප දෙනෙක් සමත් වෙනවා මේ මහා යාත්‍රාවේ සැලසුම් සොරා ගන්නට, නමුත් මේක විප්ලවකාරින්ගේ ප්‍රධාන කඳවුර වෙත ගෙනයන්න තමයි ලොකුම අමාරුව, ලේයා කුමරිය මේ සැලසුම් R2-D2 ගේ මතකයේ ගබඩා කිරීමට සමත් වෙනවා ඇය සිර භාරයට පත් වීමට නිමේෂයකට පෙරාතුව, කොහොම නමුත් R2-D2 හා C2P0ට මේ සැලසුම් අරගෙන එහෙම ලේසියෙන් විප්ලවකරුවන්ගේ මුලස්ථානය වෙත යන්න වෙන්නේ නැහැ. ඔවුන් ටැටුවින් හි ස්ථානගත වෙලා, ඕබිවන් හා එක්කාසු වෙතා එතනිත් තව ගමනක් ගිහින්, මේ සියල්ලටම ලූක් එහෙම බොහොම බර සාරෙට දායෙක වෙලා බොහොම අමාරුවෙන් සැලසුම් ටික අරගෙන යන්න සමත් වෙනවා ඔවුන් අවශ්‍ය කරන තැනට. ඒ චිත්‍රපටය අවසාන වෙන්නේ….. ඔවුන් කෙසේ හෝ ඒ මහා යාත්‍රාව විනාශ කිරීමෙන්….

ඉතින් මේ Rogue One (2016) කතාව දිව යන්නේ කුඩා කාලයේ ඉදලම අධිරාජ්‍ය තාඩන පීඩනවලට මුහුණ දුන්න පොඩි කෙල්ලෙක් වයසත් එකක් අධිරාජ්‍යට එරෙහිව නැගී සිටින හැටි හා විප්ලවවාදීන් වෙනුවෙන් මරණයේ තාරුකාවේ සැලසුම් හොරා ගැනීමේ අයගේ මෙහෙයුම එක්කයි. ඇයට මේ ගමනේ දී බොහොම වැඩ කරුවන් හමුව වෙනවා, බොහොම සටන් දැකගන්න හැකි වේවි. මේ සිදුවීම් ඔක්කොම සිද්ධ වෙන්නේ Star Wars සිදුවීම්වලට දින කිහිපයකට පෙර අතුවයි, ඉතින් කිසිදු Star Wars චිත්‍රපටයක් බලා නොමැති වුණත් මෙය තනි චිත්‍රපටයක් ලෙස ඔබ ඕනෙම කෙනෙකුට නැරඹීමට හැකි වේවි.

චිත්‍රපටය ගැන ටිකක් කතා කරනවා නම් මෙහි අධ්‍යක්ෂණය Gareth Edwards ගෙන්, ඔහු තමයි මින් පෙර Godzilla (2014) හා Monsters (2010) අපි වෙත අරගෙන ආවෙත්. තිරයේ දකින ප්‍රධාන මුහුණු වෙන්නේ Felicity Jones (ජේන් ආර්සෝ) – ඇය The Theory of Everything, The Amazing Spider-Man 2 වගේ චිත්‍රපටවලින් අපිට හමුවුන ඔස්කා සම්මානයට නිර්දේශ වුණ නිළියක්. Diego Luna (කැසියන් අන්ඩෝර්) – Blood Father වගේ ක්‍රියාදාම චිත්‍රපට වගේම Milk වගේ සම්මානනීය චිත්‍රපට වෙනුවෙනුත් තමුන්ගේ දායකත්වය සැපයු කෙනෙක්. ප්‍රධාන සතුරා හැටියට එක්කාසු වෙන්නේ Ben Mendelsohn ඔහු Animal Kingdom හා The Dark Knight Rises වැනි චිත්‍රපට වගේම Bloodline ටෙලි කතා මාලාව සඳහා රගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඔහුනට අමතරව සුපිරි නළු Donnie Yen, ඔස්කා සම්මාන ලාභී නළු Forest Whitaker, දක්ෂ නියමුවෙක් හැටියට නම් ලද Alan Tudyk (Firefly) වගේම Riz Ahmed හා Mads Mikkelsen අපි තිරයේ දකින තරු අතර ඉන්නවා.

ඒ වගේමයි James Earl Jones ඔහුගේ හඬ එක්කාසු කරනවා නැවතත් වෙඩර් හැටියට. තරුණ නිළියක් ලේයා ලෙස එක්කාසු වුවත් පසුගිය වසරේ දෙසැම්බර් 27 වැනිදා අප අතුරින් සමුගත් Carrie Fisher මෙවරත් ලේයා කුමරියට හඬ දායකත්වය ලබා දෙනවා වගේම, මුල් සලරුවේ යොදා නොගත් වීඩියෝ දර්ශනත් යොදාගෙන තියනවා කියලා තමයි අරංචි ඇයගේ චරිතය නිර්මාණය වෙනුවෙන්.

මේ වනවිට ලොව පුරා ඩොලර් බිලියන 1.04 වගේ මුදලක් උපයාගෙන තවමත් ප්‍රදර්ශනය වෙන මේ සලරුව IMDB මීටරයේ 8.1 ක් වගේ අගයක් ලබාගෙන තියනවා වගේම. මෙවර ඔස්කා සම්මාන උලෙළේ සම්මාන 2 ක් සඳහාත් නිර්දේශ ලබන්නට සමත් වෙලා තියනවා. එහෙනම් පැය 2 යි මිනිත්තු 13 ක් දිවෙන මේ සුපිරි ක්‍රියාදාම කැටි කරගත් වික්‍රමාන්විත චිත්‍රපටය නැරඹීමට ඔබට ආරාධනා කරමින් මම සමු ගන්නවා.

ලිපිය සමීර කරුණාරත්න ගෙනි.

Rogue One: A Star Wars Story (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය සියළුම BR (බ්ලුරේ) පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

82 thoughts on “Rogue One: A Star Wars Story (2016) with Sinhala Subtitles | හිතුවක්කාර හොරු ටික [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks sub ekata,. Jayawewa

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • උපසිරසියට ස්තූතියි!

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • TharakaWAS

    subata thanks bro…!!!

    Reply
  • Saranga J. Liyanagama

    බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • නියම කතාවක්….. කලින් ටිකත් ඔක්කමො බැලුවා… බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • sam fisher

    ර‍ොයිලි අයියට වග‍ේම ලිපිය ලියපු සමිර අයියටත් ස්තුති අද තමා ම්‍ෙක බලන්න time එකක් ලැබුන‍ේ.බායි

    Reply
  • සුදේශ්

    ස්තුතයි අලුත් ෆිල්ම් එකකට සබ් දුන්නාට.

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • උදයා

    පට්ට ෆිලුම අැහ්… බොහෝම ස්තුතියි රොයිලි අයියේ සබ් එකට….. එවගේම ලිපියටත්…..

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි.සහෝ Star Wars: The Clone Wars (film) එකටත් සබ් දෙනවනම්
    නියමයි.ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • D96F60A3F72F20EA2EFE0EF10C7BCC6A7C296C20

    Reply
  • Thnxxxxxxxxxxxxxxxxxx

    Reply
  • ashan lankanath

    thanks ……………………………

    Reply
  • thnks bro…………

    Reply
  • Niyamai aiye.man kemathima jathiye film ekak.ela.

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thanks..
    Good Luck..

    Reply
  • උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුති . සුබ පතනවා

    Reply
  • praneeth madu

    බොහොම ස්තුතියි සහෝ සබට

    Reply
  • උපසිරැසියට සුබ පැතුම් සහෝ

    Reply
  • Thisara Neo

    සුපිරි…. සබට තුති

    Reply
  • ඔබේ වටිනා ශ්‍රමය හා කාලය වැය කරමින් අප වෙනුවෙන් ලබා දුන් මෙම 360 වන සිංහල උපසිරැසට මාගේ ප්‍රණාමය….!!!

    Reply
  • loku pinak oyala me karanne
    thank you very much

    Reply
  • roili ayye thanks hodeee me iron frist akatath atha gahanna baaa?

    Reply
  • අසිත

    Patta hode thanks
    pulwan nam “Marvel Iron Fist” tv serial ekath sab denna kiyanna..
    jaya wewa!!!!!

    Reply
  • Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • Saminda Wadamachchi

    උපසිරැසියට සුබ පැතුම් සහෝ… Great work… Thank you..

    Reply
  • mokada bn biscop ekata une.film aluthen awata download karanna torrent link eka denne nane…..

    Reply
  • thanks macho.meka iye ra balanna aragena bagayak balala atharala damma subak ekkama balanawa kiyalka.

    Reply
  • දමිත්

    ස්තුතියි සහෝ සබට. brrip එක එනකම් හිටියේ. වෙලාවටම සබ් එකත් දීලා.

    Reply
  • Nirodha uthpala

    Niyamai roili aiyaaa 3years indan roili aiiyage eava balanne kohomada miss karagannne tava tavath sub denna labewa keya hadavatinma partanakaranava

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Amila Mudalige

    Thanks Royli saho sub ekta

    Reply
  • සොහාන් ජයසූරිය

    අනිවා බලනවා.. ස්තූතියි රොයිලි අයියේ..

    Reply
  • niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……

    lipiyatath thanks SAMEERA aiya….

    Reply
  • බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    Reply
  • අම්මෝ පට්ට පට්ට.
    එකෙන්ම බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply
  • බොහොම ස්තුතියි රොයිලි අයියා, උපසිරැසිය වෙනුවෙන්.
    මේ චිත්‍රපටි මාලාව නම් තවම බලලා නැහැ.
    නිවාඩුවක් හම්බුන ගමන්, ඔක්කොම ටික එකතු කරලා බලනවා 🙂
    ජයෙන් ජයම වේවා!!!

    Reply
  • Hashan Madhuwantha [HASH]

    Huga kalekin Royli ayya upasirasiyak karala neda? Ekath supiri filumakata…. Thanks! 🙂

    Reply
  • කාලෙකට පස්සේ හොඳ ෆිල්ම් එකක හොඳ කොපියක් එද්දිම ඒකට අදාලව සබ් එක ලැබුනේ… 😀
    බොහොම ස්තූතියි රොයිලි මලයා…

    Reply
  • Sanindu Lakkitha

    අප්පටසිරි..රොයිලි අයියා ආයෙත් බැහලා නොවැ සුපිරි ෆිලුමකින්..අයේ ඉතිං සබ් එක ගැන නම් කාතා කරන්න දෙයක් නෑ..සුපිරිම තමයි..
    බොහෝම ස්තුති සහෝ..බුදුසරණයි..
    (දුක යනු මම මේ series එකේ කලින් අපු එක ෆිලුමක්වත් නොබලා තිබීමයි..ලිපිය කියෙවුවාම හිතුනා මේ දෑස කුමටද කියලා..:-P)

    Reply
  • චිත්‍රපටිය මොකක් වුණත් රොයිලි අයියගේ සබ් බලන්න දැන් මට පුරුදු වෙලා…
    බොහොම ස්තුතියි අයියේ…
    ඊළඟට තවත් මේ වගේ සුපිරි චිත්‍රපට උපසිරසකින් හමුවෙමු…

    Reply
  • Nalin perera

    ට හුඩු! මේක ඇවිල්ලද බොලේ, ස්තුතියි රොයිලි අයියේ, අම්මෝ කාලෙකින් කමෙන්ට් එකක් දැම්මේ,

    ජය වේවා!

    Reply
  • Thank u saho sub ekata..

    Reply
  • Gathsara Umesh

    Royili ayyee..Mm ekaa…SBT bohoom sthuthiy shoo..Mehemn sub krgen ymu meren kmm..
    Jyweaa

    Reply
  • Udara Damith B/K

    රොයිලි අයියා ගේ එකකට ම න් එක.

    Reply
  • Thanks Bro…….for the subtitles

    Reply
  • Thanx Saho.. sub eka enakan balagena hitiye..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *