අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅසංක ප්‍රදීප් රණතුංගආද‍ර කතාඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේපවුලේ සැමටබලන්නසංගීතමයසිංහල උපසිරැසිහින්දිෆැන්ටසි

Shaadi Mein Zaroor Aana (2017) with Sinhala Subtitles | කසාදෙට කොහොමහරි එන්න ඕනා…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 66 votes.
Please wait...

ආයුබෝවන් යාළුවො ඔක්කොටමට. ඔන්න ඉතින් සෑහෙන දවසකට පස්සේ මම චිත්‍රපටයක් අරගෙන ආව ඔයාලට. ඇත්තටම මේක හින්දි චිත්‍රපටයක්. චිත්‍රපටයේ කතාව ගොඩක් හිතට අල්ලපු හින්ද ආසිරි සහ යශෝද සහෝදරයන්ට හිමිවෙලා තිබ්බත් මගේ දැඩි ඉල්ලුම මට කරන්න ලැබුනා. ඉතින් ඔයාල ඔක්කොටම මම ආරාධනා කරනවා මේක බලන්න කියල. මොකද හිතා ගන්නත් බැරි තරමේ ලස්සන ආදර කතාවක් තියෙන්නේ මේකේ,. කොටින්ම ඔය ජනප්‍රියයි කියන කාන් පවුලේ අයගේ කිසිම චිත්‍රපටයක මේකේ තියෙන මට්ටමේ කතාවක් ලඟදි දැක්කේ නැහැ. සරලවම කියනවා නම් අමුතුම ආකාරයේ ආදර කතාවක් තියෙන්නේ මේකේ.

ඒවගේම කියන්න ඕනා මේ චිත්‍රපටයට තවම හරියට ඉංග්‍රීසි උපසිරසියක් වත් නිර්මාණය වෙලා නැහැ. තියෙන්නේ එකම එකයි. එකත් කවුද කෙනෙක් පර්සියන් උපසිරසියක් ගුගල් ට්‍රාන්ස්ලේට් කරපු එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් මම ඔයාට ආදරෙයි කියල තියෙන තැන්වල ඉංග්‍රීසියෙන් තියෙන්නේ මම උඹ මරනවා වගේ අදහසක්. මොකද ගුගල් නේ. කොහොම හරි පර්සියානු උපසිරසියේ ටයිම් ලයින් වලට සම්පුර්නම අසා ලිවීමක් කරලා තමා මේ සිංහල උපසිරැසිය ඔයාලට අරගෙන එන්නේ. මම ඉතින් ආසිරි හෝ මයුර නොවන හින්දා සින්දු වලට පද ගැලපීම නම් ටිකක් අවුල් ඇති. ඒත් කතාවට නම් උපරිම සාදාරනය කරලා තියෙනවා කියන්න පුළුවන්. ඉතින් IMDb අගය 7.9 තරම් ඉහල අගයක් ගන්නා මේ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය පළමු වතාවට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ඔයාලට ගේනවා. ඒත් ඉතින් දන්නවා මේක දාල පැයක් වත් යන්න කලින් තව ලංකාවේ සයිට් දෙක තුනක වැටේවි කියල. මොනවා කරන්නද ලෝකෙන් පරපෝෂිතයෝ අයින් කරන්න බැහැ වගේම දෙයක් නේ,  බයිස්කෝප් සිංහලෙන් කොපි කරන කාලකන්නි වඳ කරන එක.

කොහොම හරි ඔන්න සරලවම මේකේ කතාව ආදර කතාවක්. ගහ ගැනිලි මරාගැනිලි වගේ ඒවා නැහැ. යෝජිත විවාහයක් මගින් එකතුවෙන දෙන්නෙක්ගේ කතාවක් තියෙන්නේ. ඒ දෙන්නා අතරේ ඇතිවෙන ආදරය, ඒ ආදරේට ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්න, වෙන්වීම්, පලිගැනීම්, රැවටීම්, බේරා ගැනීම් වගේ සාමාන්‍ය ආදරයක දක්නට තියෙන සියලුම දේ මේකෙත් දකින්න තියෙනවා. එත් සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව. ඒත් එක්කම ඉන්දියාවේ මුල් බැසගෙන තියෙන කාන්තාවට පුරුෂයාට වඩා අඩු සැලකිලි දැක්වීම සහ දැවැද්ද ගැනත් ගොඩක් කතාවෙනවා. වැඩි විස්තර කියන්න යන්නේ නැත්තේ විස්තර කීමෙන් චිත්‍රපටයේ රස වින්දනයට බාදාවක් වෙන හින්ද. අඩුගානේ මේ චිත්‍රපටයටවත් කතාව විස්තර නොකර ඉන්නවා. මොකද කතාව එච්චරම හොඳයි. නැත්නම් පුද්ගලිකවම මම උනත් ටීවී එකේ ගිය කොටසක් බලල ඇති වෙච්ච කැමැත්ත සිංහල උපසිරැසිය නිර්මාණය කරලා කොනක් දකින්නේ නැහැනේ.

ඉතින් එහෙනම් තවත් චිත්‍රපටයක් එක්ක මුණගැසෙන පොරොන්දුවත් එක්ක සමු ගන්නවා.

බුදු සරණයි…!

පසු සටහන
මේ චිත්‍රපටයේ BR එකක් නම් එනකම් ඉන්න එපා,. එන එකක් නැහැ. අන්තර්ජාලයේ තියෙන BR උනත් වෙබ් කොපි තමා. නම වෙනස් කරලා තියෙන්නේ. ඒ වගේම වෙබ් කොපි උනත් එක එක වර්ගවල තියේ. සමහර ඒවගේ ටයිම් ලයින් වෙනස්. ඉතින් මම මේ දීල තියෙන කොපියම ගන්න. බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ නිවැරදි පිටපත පලවෙන හින්ද එකෙන් ගන්න. එතකොට අවුලක් නැහැ. නැත්නම් පොඩි වෙනස් කම් ටිකක් වේවි ටයිම්ලයින් වල.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB DL පිටපත සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

56 thoughts on “Shaadi Mein Zaroor Aana (2017) with Sinhala Subtitles | කසාදෙට කොහොමහරි එන්න ඕනා…. [සිංහල උපසිරසි සමඟ]

  • thanks sub ekata (asanka pradeep)

    Reply
  • ස්තුතියි

    Reply
  • Thanx bn sub ekt..digatama sub demu..jaya wewa..

    Reply
  • Behen Hogi Teri Me film ekatath Sub eka danna.Thank you

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ජය වේවා

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ජය වේවා

    Reply
  • Sathiranethmal

    Baganna link akak kavruhari dannako

    Reply
  • Sachindu thakshila

    Maxxxa film ekk bn ….Elma ….Susanna yata congrats mchn.

    Reply
  • praveen bagya

    wachana nha bun aiyeee

    Reply
  • බොහොම තුති අයියේ උපසිරැසියට…
    ඔන්න බාගත්තා..
    ඉක්මනින්ම බලන්න ඕන.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • nirajsumanadasa

    Thank you macho!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසට බොහොම ස්තූති

    Reply
  • අපි ඔයා එක්ක බ්‍රෝ….බුදු සරනයි

    Reply
  • ඩොක් අයියා

    “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට මාගේ ස්තූතිය

    Reply
  • සුපිරිම !!! සුපිරිම!!! සුපිරිම!!! හින්දි ෆිල්ම් එකක් ගොඩ කලෙකට පස්සේ බලපු ,ගොඩක් ස්තුතියි.

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..කාලෙකින් නේද සබක් කලෙ..ඉස්සරනම් මාසෙකට සැරයක්වත් අයියා උපසිරසක් අරන් එනවානේ.

    Reply
  • දවස කියන්න..
    ලොවෙත් එනවා කසාදෙට..

    හුඟක් ස්තුතියී උපසිරසියට
    ජයෙන් ජය..!!

    Reply
  • sub aka sat wanna nato

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • බොහොමත්ම ස්තූතියි අයියා සබ් එක අපේ රස වින්දනය සඳහාත් ලබා දුන්නට, සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!!! ජය!!!!

    Reply
  • thanx sahooo sub ekataaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxxx

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • gihan perera

    නියමයි මචෝ මල්ලියේ….ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….මොනවා උනත් උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ….ආ…මචෝ පුළුවන් නම් අක්ෂේ කුමාර්ගේ pad man film එකට උපසිරැසි කරන්න සහෝ….ජය වෙිවා…..

    Reply
  • niayamai…sahenna kalekin neda saho…supiri filumak dela thiyenne..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • {“මොනවා කරන්නද ලෝකෙන් පරපෝෂිතයෝ අයින් කරන්න බැහැ වගේම දෙයක් නේ, බයිස්කෝප් සිංහලෙන් කොපි කරන කාලකන්නි වඳ කරන එක.”}
    ඕව ඔහොම තමයි සහෝ. ගණන් ගන්න එපා. බොහොම ස්තුතියි උපසිරසියට. සුබ පැතුම්!

    Reply
  • අම්මෝ ලොකු දෙයක් මේකවත් අර හූනියමෙන් ගැලවිච්ච එක… එක හුස්මට බැලුමක් තමා. ලෝගන්නයියේ ජයවේවා

    Reply
  • patta machan. padman ekak dapan bro.thnksss

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි අසංක අයියේ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
    ජය
    ඔයාගේ උපසිරැසි ගමන ආරම්භ කරපු Tremors චිත්‍රපට සෙට් එකේ අලුත්ම ෆිලුම Tremors: A Cold Day in Hell (2018) සබ් කරන්න පුලුවන්ද?…

    Reply
  • Thank you….sub ekata

    Reply
  • Thank you!!! Sub 1 දෙනකල් බලන් හිටියේ. ජය වේවා!!!

    Reply
  • Sub ekata thanks…aniwa bamak thama…sub dena ekak na kiyala hithuwe mekata.

    Reply
  • hoya hoya hitapu film ekak thaks sub ekata

    Reply
  • ස්තුතියි අසංක සහෝ.ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *