Space Force [S01 : E08] Sinhala Subtitles | සඳ මත ඇමෙරිකානු ජනපදයක්? [සිංහල උපසිරසි]
Space Force [S01 : E08] Sinhala Subtitles
ඔන්න එහෙනම් අදත් ආවා මම අපෙ සුපුරැදු Space Force Season 01 කතා මාලාවේ 08 වෙනි එපියටත් සබ් එක අරන්.
ඇත්තටම මගෙ රාජකාරි ජීවිතයත් සමග මෙය සිදුකරගෙන එන නිසාවෙන් පොඩ්ඩක් සමහර වෙලාවට සමහර එපි වලට සබ ගේද්දි පහු වෙනවා, ඒක නිසා ඒ වෙනුවෙන් පොඩ්ඩක් සමාවෙන්නෝනි කට්ටිය..
පහුගිය කතා මාලාවෙදි ඔයාලට මතක ඇති Edison Jaymes නම් පෞද්ගලික ව්‍යවසායක කාන්තාවක් අභ්‍යවකාශ හමුදාවේ රොකට්ටු වලට අවශ්‍යය වන ඉන්ධන සඳහා නව ඉන්ධන ප්‍රභයවක් හඳුන්වා දෙනු ලැබුවා. එය Skinny Fuel විදිහටයි හඳුන් වන්නට වුනේ,ඇය විසින් ප්‍රකාශ කරපු අන්දමට දැනට අභ්‍යවකාශ බලකාය යොදාගන්නා ඉන්ධන වලට වඩා බෙහෙවින් උසස් පිරිපහදු ම්ට්ටමේ ඉන්ධනයක් වුවත් මතක ඇති ජෙනරල් නයාර්ඩ්ගෙ සහායකයෙක් වෙන මාධ්‍යය කළමනාකාර යාලුවා හට Edison Jaymes ගේ සහායිකාව වන හැනා හොවාර්ඩ්ගෙන් දැනගන්නට ලැබෙනවා මේ ඉන්ධන ප්‍රභවය සාර්ථක එකක් නොවන බව කොහොම හරි අවසානෙට මදැයි ඔයින් ගියා කියලා අභ්‍යවකාශ බලකාය බේරැනා.
එතනින් පස්සෙ අද කතාවෙදි ඔයාලට මතක ඇති කලින් ජෙනරාල් නයාර්ඩ් හට නියමිතව තිබ්බ එයාගෙ සිරගත වෙලා ඉන්න බිරිඳත් එක්ක පෙම් හමුවක් ගත කිරීමේ අවස්තාව මග ඇරැනා කියලා,අද කතාවෙදි දෙන්නට පෙම් හමුව ගෙනියන්න ඉඩක් ලැබෙනවා. ඒ වගේම ආචාර්ය මැලෝරි විසින් සඳ මත ජනාවාස ඉදිකිරීම සඳහා පලමුව සඳ මතට යැවීම සඳහා දෙන්නෙක් තෝර ගන්නවා,ඒ තෝරගන්නා දෙන්නා අපි හිතන කව්රැවත්ම නෙවෙයි කියල ඔයාලට බලාගන්න පුලුවන් වගේම,ඒ දෙන්නට තියෙන ප්‍රශ්නත් පිස්සු හැදෙනවා.
එහෙනම් අද කතාව බලලා ඔයාලා බලන්න ජෙනරල් නයාර්ඩ්ගෙ පෙමු හමුව කොහොම ගෙවෙයිද කියල වගේම මොකක්ද මේ සඳ මත ජනාවාස කතාව කියලා.
එහෙනම් අදට මම කැපෙනවා ඊලඟ එපියෙන් හමුබෙනකම් පරිස්සමට ඉන්න කට්ටිය. මතක ඇතිව පහලින් අදහසකුත් දීලා යන්න එහෙනම් කොල්ලනේ,කෙල්ලනේ….
ජයවේවා….
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 583 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks a lot Ravisara saho sub ekata
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට