අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesIndian Box office HitsMaxxASinhala Subtitleඅමුතුයිඑළචිත්‍රපටිතා‍ර‍ක ‍නු‍වන්‍නාට්‍යමයබලන්නවර්ගීකරණය නොකළසත්‍ය කතාසිංහල උපසිරැසිහින්දි

Super 30 (2019) Sinhala Subtitles | නිදහස් අධ්‍යාපනයට ගිය කල… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 136 votes.
Please wait...

රෑ බෝ උනහම අපි මොනවද කරන්නේ පුතාලා?
– නිදාගන්නවා..

තව මොනවද කරන්නේ?
– හීන දකිනවා.

එතකොට දවල්ට මොනවද කරන්නේ?
– හීන හැබෑ කරගන්න යනවා.

ආයුබෝවන් බයිස්කෝප්වාසි සහෝදර ඔබ සැමට. මේ වසරේ ආපු තවත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම. මේක එසේ මෙසේ චිත්‍රපටියක් නෙමෙයි. ඔබව අනිවාරෙන්ම හැඟීම්බර කරවන සිනමාවට බොහොම කලකට වරක් දායාද වන ජාතියේ බොහොම දුර්ලභ ගණයේ සිනමා අද්දැකිමක්. කාබිල් චිත්‍රපටයෙන් පසු රීතික් රෝෂන් දිගු නිහැඬියාවක පසුවූවා. පොඩි ගැප් එකකිට පස්සේ රිදී තිරයේ දකින්න ලැබෙන මේ අති දක්ෂයා මෙවර අප වෙත පැමිණෙන්නේ ගණිතඥයෙක් ලෙසින්. මේ චිත්‍රපටයට පාදක කරගෙන තිබෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සිටින අතිවිශිෂ්ඨ ගණිතඥයෙකු වන ආනන්ද් කුමාර් සහ ඔහු ඉන්දියාවේ IIT-JEE  විභාගයට මුහුණ දීම සඳහා ළමයින් සූදානම් කිරීමට ආරම්භ කල සුපර් 30 ව්‍යාපෘතියයි. වර්තමානයේ හැමදේම මාෆියාවක් වීගෙන යන සමයක අධ්‍යාපන ක්ෂේත්‍රයෙ සිදුවන මාෆියාවට මුල පිරෙන ආකාරය Super 30 අධ්‍යක්ෂක Vikas Bahl බොහොම අපූරුවට සිනමාවට නගා තිබෙනවා.
– රිතික් රෝෂන් ආනන්ද් කුමාර් සමගින්. –

ගුරු වෘත්තීය සහ වෙද වෘත්තීය කියන්නේ මේ ලෝකේ තියෙන පිංවන්තම වෘතීන් දෙකක් කියලයි මගේ දෙමවුපියන් පොඩිකාලෙම මට කියල දුන්නේ. ළමයෙක්ට දෙයක්  කියල දීලා එයා යම් ජයග්‍රහණයක් ලබනවා දකින එක මොනතරම් සතුටක්ද කියලා වචනයෙන් කියන්න බැහැ. වෙද වෘත්තියත් ඒ වගේමම තමයි. ඉතිං අන්න ඒ වගේ දෙවියෙක්ට සමාන ගුරුවරයෙක් තමයි ඔය උඩ පින්තුරේ රිතික් රෝෂන් සමග සිටින්නේ. ගණිතය අතින් අති දක්ෂ ජීනියස්වරයෙක්. ඔහුට කේම්බ්‍රිජ් යන්න අවස්තාව හිමිවුනත් පවුලේ තිබුණු දුප්පත්කම නිසා ඔහුට එය අහිමි වෙනවා. පසුකාලීනව ඔහු දුප්පත් ළමයින්ට නොමිලේ උගන්වන්න පටන් ගන්නවා. නමුත් ඔහුට ඒ ගමන ලේසිවෙන්නේ නැහැ. අද වෙනවිට බොන වතුරත් ව්‍යාපාරයක් වෙලා තියෙන සමයක අධ්‍යාපනය ගැන කවර කතාද? ව්‍යාපාරිකයින්ට නම් අධ්‍යාපනය බොහොම හොඳ ආදායම් මාර්ගයක් ඉතිං මේ මාෆියාව එක්ක හොඳටම හැප්පි හැප්පි තමයි ආනන්ද් කුමාර්ට මේ සත්ක්‍රියාව කරගෙන යන්න වෙන්නේ. මොකද වෙන්නේ කියල චිත්‍රපටය බලලම කතා කරමු.

විවිධ කරදර, දින එහා මෙහා වීම් අස්සේ මේ චිත්‍රපටය සිනමා තිරයට නැගෙන්නේ පහුගිය ජූලි 12 වැනිදා. විකාස් බාහිගේ අධ්‍යක්ෂණයෙන් සිනමාවට නැගුනු මෙය මිනිසුන් අතරට යාමට වැඩි දවසක් ගතවෙන්නේ නැහැ. රිතික් රෝෂන්ගේ අති විශිෂ්ඨ රංගනයෙන් සහ මේ කතාවේ ඇති තාත්වික සහ කාලින ගැලපීම හේතුවෙන් දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනෙනවා. එමෙන්ම බොහෝ පළාත් වල මෙම චිත්‍රපටය බදු රහිතව ප්‍රදර්ශණය කිරීමට අවස්තාව හිමිවුවා. පහලින් දැක්වෙන්නේ මේ චිත්‍රපටය සඳහා ලැබුණු විචාරක මනාපයන්.

ඔය පොහොසත් මිනිස්සු හරිම ලස්සනට තමන්ගේ පාර හදාගන්නවා…
එයාලා දුප්පත් අපේ පාරේ ලොකු ලොකු වලවල් හදල යනවා…
ඒත් ඒක තමයි එයාලා කරල යන ලොකුම වැරැද්ද..
අපිට වලවල් වලින් පැනල යන්න උගන්වනවා ඒකෙන්…
හරි වෙලාව ආවම..
හැමෝටම වැඩිය උසට, හැමෝටම වැඩිය දුරට,
හැමෝටම වැඩිය ලොකුම පිම්ම අපියි පනින්නේ…

තවත් කිසි දෙයක් විස්තර කරන්න යන්නේ නැහැ.. කිසිම වර්ණනාවක් කරන්නේ නැහැ. අනිවාරෙන්ම බලන්න කියලයි ඔබ හැමටම කියන්නේ. ඔබ වැය කරන ඩේටා ප්‍රමාණයට කිසිම පාඩුවක් නොවේවි. අනිවාරෙන්ම මෙය ඔබව හැඟීම්බර කරාවි. ඔබටත් යම් අතීතාවර්ජනයක් මතක් වේවි. ඔබටත් ආනන්ද් කුමාර් යම් පාඩමක් කියලා දේවි.

හදවතින්ම සතුටුයි මේ චිත්‍රපටයට උපසිරැසිගන්වන්න ලැබුණු එක සම්බන්ධව. මං කිව්වා වගේම දොස්තර වෘත්තියයි ගුරු වෘත්තියයි කියන්නේ ලෝකේ තියෙන පිංවන්තම වෘත්තීන් දෙක. මීට දවස් දෙක තුනකට කලින් මම ඔබට දොස්තර කෙනෙක්ගේ කතාවක් උපසිරැසි ගන්වලා ගෙනාව මතක ඇති. එකවිට මේ දෙකම ඔබවෙත ගෙනෙන්නට ලැබුණු එක සහ මගේ සිංහල අකුරක් නරඹා ඔබ මොහොතක් හෝ රසවින්දා නම් එයත් මා ලබන අසීමාන්තික සතුටක්. මේ හැමදේටම හා කියපු ඇඩ්මින් මඩුල්ලටත් වචනෙකින් හෝ අදහසක් දක්වන් යන පිංවතුන් සැමටත් ආදී සියලු සිනමාලෝලීන්ටත් ගොඩක් ස්තුතියි. අපි එහෙනම් විසිවුනා. ජයෙන් ජය!

එක දෙයක් කරන්න..
මේ දේවල් අස්සේ මට මොනවහරි උනොත් එහෙම,
මං ගැන ලියන්න එහෙම එපා..
මොකද ගොඩක් මිනිස්සු ඉන්නවා වෙනසක් කරන්න උත්සහ කරගෙන..
උන්ගේ හිතේ හයිය නැතිවෙලා යාවි එහෙම උනොත්…

– නිදහස් අධ්‍යාපනය සැමදා රැකේවා…!! –

ජයෙන් ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය ටැමිල් එම්.වී Proper HD පිටපත් සඳහා ගැලපේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

119 thoughts on “Super 30 (2019) Sinhala Subtitles | නිදහස් අධ්‍යාපනයට ගිය කල… [සිංහල උපසිරැසි සමඟ]

    • Machan meke film ekat dapanko baiscope dounlod eke

      Reply
  • Ishu mendis

    Thanks bro sub ekata

    Reply
  • vinuka dilmeth

    බොහොම ස්තුතියි අයියෙ…ජය වේවා

    Reply
  • malsha silva

    supiriii thank you brother

    Reply
  • malsha silva

    supiriii
    thank you verry much saho

    Reply
  • komada download krgannee plz kiala denna

    Reply
  • marsrevenge

    සුපිරි film එකක් අද තමයි බැලුවේ. සබ් එකත් නියමෙට කරලා තියෙනවා. ආයෙත් මේ වගේ sub දෙන්න තව තවත් ශක්තිය ධෛර්්‍ය ලැබේ වා!

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • ගොඩක් ස්තූති සහොදරයා….දිගටම මේ කාර්‍යය කරගෙන යන්න ශක්තිය,ධෛර්‍ය්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…✌️

    Reply
  • Thank you.. Keep it up good work.. 🙂

    Reply
  • නිමල් දිසානායක

    තාරක නුවන් දිල්හාර මහත්තයෝ,
    ඔයාට ගොඩාක් ස්තුතියි
    මේ වගේ අපූරු සිනමා සිත්තමකට සබ්ස් දුන්නට.

    පරමාදර්ශී දිසාපාමොක් කෙනෙක්!

    අනේ, අපේ ලංකාවේ ගුරුවරු හැමෝම මේක බලලා උගන්වන්න ඕනේ විදි ඉගෙන ගන්නවා නං.
    ගුරු හොරු මේක බලලා ‘හදවතට සවන් දෙන්න’ පටන් ගන්නවා නං……..

    Reply
  • Thawath supiri film ekk wge..thanx mchn..baiscopelk ekt jaya wewa

    Reply
  • chandika1975

    thank you for subtitle.

    Reply
  • විශ්ව ජයසංඛ

    බොහොම ස්තූතියි උපසිරැසියට.

    Reply
  • Ashanrandee

    thanx….bro..balanna hitapu film ekak……..

    Reply
  • hatharasingha

    සුපිරිම එලම..thankx

    Reply
  • Thushara Sanjeewa

    thanks brooooo

    Reply
  • හින්දි ඩවුන්ලෝඩ් කරන්න හොඳ සයිට් ටිකක් කියන්න පුලුවන්ද?

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට…… ජයවේවා..

    Reply
  • Pereralakshitha

    Film eka download karana link eka dannko yaluvane. Please

    Reply
  • Mekanam niyama film eka godak thanks aaaaa

    Reply
    • Ai mcnla baiscopedownloads wada natte

      Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thusithaltr

    තරක නුවන්. තුතිවේවා! මේ අපූරු සිනමා සිත්තම උපසිරැසි ගැන්වූවාට. ලෝක ගුරු දිනය වෙනුවෙන් අපූරු තිළිණයක් මෙය.

    Reply
  • උපසිරැසි වලට ස්තූතියි

    Reply
  • Box123456789

    බොහොම ස්තූතී සිංහල උපසිරැසියට

    Reply
  • Shabi & Pavi

    ඔබ හැම දෙනාම කරන මේ වැඩේට ජය වේවා.. බයිස්‌කොප් එකටත් ගොඩක් ස්තූතියි ..දිගටම මේ වැඩේ කරන්න ශක්තිය, කාලය ලැබේවා…..

    Reply
  • sspadmasiri

    Subtitles open kalama play wenne “patna 1996 ” kiyana film eke subtitles . Mama 3 wathaeakma try kala. Ai ehema wenne

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
    • dilanchathuranga755

      Super 30 film eke sub eke awulak tiyenwa wage eka download karata opan karahma error ekk wetenwa

      Reply
  • Isuri_ udeshika

    ෆිලුම බලලා ආයේ අවේ කමෙන්ටුවක් නොදැම්මොත් ඒක ලොකු අසාදාරයක් නිසා.. බැලුවට කිසිම පාඩුවක් නැති පට්ටම සුපිරි සෙන්සිටිව් ෆිලුමක්..මාරම ලස්සනයි.සනම් තේරි කසම් වලින් පස්සේ බැලුව ඊටත් වඩා තාත්වික ෆිලුමක් .මගේ ජීවිතෙත් ආයේ ආයේ මතක් උනා.ඇත්තමයි අවිවාදයෙන් පිලිගනී බැලුවට පස්සේ මේ තරම් හිතට වැදුනු ෆිලුමක් ආයේ කාලෙකට බිහි නොවේවි කියලා..තැන්ක්ස් @තාරුක නුවන් දිල්හාර සොයුරාට මේ තරම් ලස්සනට වැඩේ කරාට..

    Reply
  • bohoma sthuthi sahooo jaya …

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • Thilankadissanayake

    A great film watched ever . Thanks for sub.

    Reply
  • RuwanLakshan93

    ස්තූතියි සහෝ ජය වේවා…!

    Reply
  • sampath n perera

    super….thanks..

    Reply
  • කවිනු වීරක්කොඩි

    ස්තූතියි තාරක අයියේ,
    ලිස්ට් එකට දාගත්තා එහෙනම්…
    රිතික්ගේ ෆිලුමක් මිස් කරගන්නේ කොහොමැයි?

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • pushpika chandimal

    super film

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • සබට තුති වේවා! හ්රිතික් අයියගෙ එනකල් බලාගෙන හිටිය ෆිලුමක් නෙව. තවත් බලා ඉන්ට බැරුවා. ඔන්න ගත්තා.. සබ ඉතින් මල් හතට ඇති නොවැ.
    දිගටම සබ් දෙමු අා..
    ජය!

    Reply
  • Saranga J. Liyanagama

    Thanks…

    Reply
  • Hasitha Madush

    ස්තූතියි සහෝ..!!!

    Reply
  • Jayasanka

    කැමතිම නලුවා තමා සෑහෙන කල් බලන් හිටිය එනකම්. ගොඩක් ස්තුතියි.

    Reply
  • Sajith s fernando

    sub ekata thanx

    Reply
  • gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ…..බලන් හිටියේ මේක දානකන්….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා මචෝ…..

    Reply
  • ranga11112

    sthuthiy tharaka malli.
    theruwansaranai

    Reply
  • ඒෂාන් කාංචන

    tnx sub ekata

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි තාරක සහෝ මේ ෆිලුමට උපසිරැසිය කළාට…ජයම වේවා !!

    Reply
  • අත් වැරදීමකින් උපසිරසියෙහි දෙබසක් තිබෙන තැනක මාගේ නම දර්ශනය වේ..
    එය හේතුවෙන් යමෙකු අපහසුතාවයට පත් වූයේ නම් සමාවන්න.
    එම දෝෂය දැන් නිවැරදි කර ඇත.

    Reply
  • visartnadeera

    bohoma sththui upasirasiyta

    Reply
  • TNx mlli.my favourite actor in bollywood…❤️

    Reply
  • Rumesh dhanushka

    Thanks yaalu… ✨✨✨

    Reply
  • Ayesh Prashan

    Thank You Godaak

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරස…පෞද්ගලිකව මේ අවුරුද්දේ එනකම් බලාගෙන හිටපු එකම හින්දි චිත්‍රපටය තමා මේක. විශේෂයෙන් රිතික්ගේ ඇක්ශන් නැති නියම තාත්වික රංගනය බලාගන්න ඕනි නිසා. ජය වේවා!!!

    Reply
  • Direct download link ekak denna puluwannam pls.

    Reply
  • chanu_akesh

    Ela මචං thanks

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජජය වේවා.!!

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • කාලෙකින් බලන පට්ටම එකක් වේවි.බොහොම තුති උපසිරසිට.ආව ගමන්ම ලබා දුන්නට.ඔබේ වෙහෙසටත්..ඔන්න ගත්ත එහෙනම්

    Reply
  • arawindasunimal

    thanks enakan balan hitiye ela jayawewa

    Reply
  • ravindu_1987

    thank you very much …download karala balan hitiye subtitle enakam.. w

    Reply
  • AmbalangodageDilshan

    thanks Bro

    Reply
  • ස්තූතියි සහෝ..❤️

    Reply
  • ස්තුතියි තාරක සහෝ.ජයවේවා!

    Reply
  • බොහොම ස්තුති
    එනකන් මග බලන් හිටපු එකක්

    Reply
  • lasiyamadu99

    subking.epizy.com web අඩවියෙන් දැන් අලුත්ම උපසිරසි බාගන්න

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *