අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S05 : E01] | යකාට අනුකම්පා කරමු… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 14 votes.
Please wait...

Supernatural 52

හොඳයි, පස්වෙනි සීසන් එකටත් ආව එහෙනම්. නේද? සතුටුද? මටනං සතුටුයි! 😛 පහුගිය සීසන් එකේ අන්තිමට දැක්ක දේ මතකනේ. අද කථාව පටන් ගන්නේ එතන ඉදන්.

ඉතින්, පහුගිය සීසන් දෙක තුනේ වදයක් වුන වසංගත වැඩි හරියක් දැන් එලොව ගිහින්. ඒත් කනගාටු වෙන්න ඕනේ නෑ. පහුගිය කතාවේ කන්‍යාරාමේ පොළවෙන් මතු වෙච්ච එකාත් ඇතුළුව, තව වසංගත පෝලිමක් ඉන්නවා මේ සීසන් එකේ වදයක් වෙන්න බලාගෙන. බොහොම කාලෙකට කලින් ඉවරයි කියලා හිතපු වසංගතෙකුත් ඔන්න ආපහු එනවා… රූබි නැතුව ඔයාලට පාලු හිතෙයි කියලා වෙන්න ඇති. 😉 ඇයි තව “පිස්සු-බෙකී”ත් එනවා. 😛

හොදයි, දැන් තියෙන ප්‍රශ්ණ මොනවද බලමුකෝ… ආක් ඒන්ජල් කෙනෙක් එක්ක සටනට ගිය කැස්ට මොකද වුනේ? කන්‍යාරාමේ පොළවෙන් මතුවුන එකා අපේ කොල්ලෝ දෙන්නට මොනවා කරන්න ඇතිද? ඒකා ඊළගට මොනවා කරයිද? මේ ඇරඹුණේ අවසානයද? මේ ඔක්කොටම වඩා වැදගත් ප්‍රශ්නෙ… සෑම් ගේ ලේ පිපාසයේ වර්තමාන තත්වේ කොහොමද? ඩීන් මේ ඔක්කොටම පස්සේ සෑම්ට ආයිමත් සමාව දෙයිද?
මේවට උත්තර කථාව බලලම දැන ගමු.

අලුත් චරිත:
අලුතෙන් එන පැරණි චරිතේ, මෙවර එන්නේ Rachel Miner ගේ මුහුණත් ඇදගෙනයි. මෙදා පාර සෑහෙන කාලයක් ඉන්න බලාගෙනයි මෙයා එන්නේ. මේ චරිතයත් ඉදිරියේදී තරමක් වර්ධනය වෙන බව ඔයාලට පෙනෙයි.

දැනුමට:
ආක් ඒන්ජල්ලා ගැන ලියන එක මෙච්චර කල් මග ඇරියේ මට ඒ ගැන පැහැදිලි විස්තරයක් හොයාගන්න බැරි වුන නිසයි. කොහොම වුනත්, විකිපීඩියා කියන හැටියට ආක් ඒන්ජල්ලා කියන්නේ ඉහලම මට්ටමේ දේව දුතයෝයි. රෝමානු කතෝලික පල්ලිය ගේබ්‍රියල් (Gabriel), මයිකල් (Michael), රෆායල් (Raphael) කියන ආක් ඒන්ජල්ලා තුන් දෙනා හදුනා ගන්නවාලු. එත් සමහරුන් කියන විදිහට ආක් ඒන්ජල්ලා හත් දෙනෙක් ඉන්නවලු. හැබැයි මේ තුන්දෙනා ඇරුනම අනිත් අය කවුද කියන එක ගැන නිශ්චිත පිළිගත් මතයක් නැහැලු. කොහොම වුනත් විස්තර කියවතහැකි දීල තියෙන ලින්ක්වලට ගියොත්. එළිදරව් පොතේ 12:7-9 හී විස්තර කරන්නේත් මයිකල් ලුසිෆර්ව පරද්දන හැටිලු. සුප(ර්)නැචුරල් එකේ ආක් ඒන්ජල්ලා හතරක් කියලා කියන්නේ ඉහත තුන්දෙනාට අමතරව ලුසිෆර්නුත් ආක් ඒන්ජල් කෙනෙක් හැටියට සලකලයි. එහෙම පිළිගත් මතයක් තියෙනවද කියලා මමනං දන්නේ නෑ. ඩීන් අද කතාවේදී, Cate Blanchett ට සමාන කරපු චිත්‍රේනං 1636දී Guido Reni ඇදපු එකක්.

– – –
අද කතාවේ නම වන “Sympathy For The Devil” යන නමෙන් 1968 The Rolling Stones ගීතයක් තිබෙනවා
අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශනය වුනේ : 2009 සැප්තැම්බර් 10 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/bKtr” type=”icon” “center” newwindow=”yes”] 145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0
[button link=”http://tinyw.in/96jx” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
57575672f1cf1425f18aea1cf7392dad4367492a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< 4th Season                       All Episodes                         Next Episode >>

56 thoughts on “Supernatural [S05 : E01] | යකාට අනුකම්පා කරමු… [සිංහල උපසිරැසි සමඟ]

  • Jananga Hettiarachchi

    sub nane empty

    Reply
    • විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.

      Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ පට්ට කතාව මේක නම් 😀 මෙන්න මේකේ සබ් එකත් ගත්තා බොහොම පිං

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

    Reply
  • niyamai bro.you’re the best

    Reply
  • “චූටී මල්ලි”

    වැඩේනම් ඉක්මන් කොල්ලො
    අනේ කෝ 720p brrip කොපියට සබ නෑනෙ
    මෙන්න ලින්ක් එක
    subscene.com/subtitles/supernatural-fifth-season/english/456021
    ඊලග කොටහෙ ඉදන් ඒකටත් ඔනියෝ
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • hamme dan thama kathawa thiyenne

    thanks MDG saho

    Reply
  • එළ කොල්ලෙක්.. තැන්කු….

    Reply
  • ජනිත ජයසංඛ

    බුදු අම්මේ මෙන්න බදු ඇවිල්ල …. සුපිරි මචෝ මේ දැන් බානවා බලල අහක වෙලා කොමන්ටුවක් කොටන්නන්කෝ ආ

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • aela ae godak stuti saho

    Reply
  • හර්ෂ ලහිරු

    සන්තොසදත් කියලා අහනවා 😀
    ෆුල් ආතල් 😀 බොහොම ස්තුතියි MDG සහො 😀 ජය

    Reply
  • සතුටුයි සතුටුයි හරිම සතුටුයි බොහොම ස්තූතියි සහෝ….ජයවේවා!!!!

    Reply
  • සබ් වලට තැන්ක්ස් සහෝ

    Reply
  • Tnanks lot macho adding sub for S5

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • අඩේ මේ ඉක්මනට සීසන් 5ත් දීලනෙ. උඹනම් සුපිරි වැඩ්ඩෙක් මචං!!!

    Reply
  • වලාකුළ

    Thanks MDG

    Reply
  • D.chamara

    amooo athi yanthammm niyamai niyamai pinsida wenawa me kolowata 😀

    Reply
  • සම්පත්

    මග බලන් හිටියේ මේ දවස් ටිකේ…..
    😛
    උපසිරැසියට බොහොමත්ම තුති සහෝ…… 🙂

    Reply
  • gud stattttttttttttttttttttttt

    Reply
  • aththatama oya nam deyyek bro……..

    Reply
  • mama download krapu ekatath deela thanks MDG denakan balagena hitiye

    Reply
  • Ela Ela Thanx broooooo

    Reply
  • MAGA BALAGENA HITIYE 🙂 thanks saho

    Reply
  • ඉවසිල්ලක් නැතුව හිටියේ මේක දෙනකන්,,, උපසිරසියට ස්තුතියි සහෝ,, මේ කරන සේවය ගොඩක් වටිනවා! ජය වේවා! 😀

    Reply
  • niyamai machan. sub tika uba supiriyatama denawa ban

    Reply
  • ගොඩාක් සන්තෝසයි සීසන් පහත් ඉක්මනට දුන්නට..

    Reply
  • දිගටම දෙමු සහෝ

    ජය වේවා!

    Reply
  • උපසිරැසියට බොහොමත්ම තුති සහෝ…… 🙂

    Reply
  • අඩේ 5 දීල. නියමයි.. සතුටුද කියලත් අහනවා. මග බලන් හිටියේ මේ දවස් ටිකේ…..
    😛
    උපසිරැසියට බොහොමත්ම තුති සහෝ…… 🙂

    Reply
  • godark sathutui MDG oya super natural walata sub danna gaththa eka ikmanata nokadawa denawane thanx again 😀

    Reply
  • සීසන් 4 එකට thanx. sub නිසා ගොඩක් ආසාවෙන් බලන කථාවක්. වැඩිදුර විස්තරත් දෙන නිසා කතාව හොදටම තේරුම් ගන්න ලොකු උදව්වක්.

    Reply
  • සීසන් 5 වෙනකම් අපේ සතුට වෙනුවෙන් ඔයා වුනු මහන්සියට ගොඩාක් තැන්ක්ස්. අපි හැමදාම ඔයත් එක්ක සහෝ.

    Reply
  • නලින්

    ස්තුතියි සහෝ සීසන් 5 වෙනකල් ගෙනාවට.
    තව ට‍ිකයි සමගාමි විකාශයක් එක්ක සම්බන්ධ වෙන්න තියෙන්න‍ේ..

    දිගටම දෙමු සහෝ

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *