අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Beekeeper (2024) Sinhala Subtitles | මී මැසි වික්‍රමය [සිංහල උපසිරැසි]

Rating: 9.4/10. From 51 votes.
Please wait...

The Beekeeper (2024) Sinhala Subtitles

2024 උදා වෙලා මාසෙකුත් ගියා. මේ අවුරුද්දට අදාළව බයිස්කෝප් එකෙන් දෙන, ගොඩක් කතා බහට ලක් උන මුල්ම චිත්‍රපටය මේක වෙන්න ඇති කියල මම හිතනවා. ගැම්මක් තමයි ඉතින් එහෙම චිත්‍රපටයක් දෙන්න ලැබීම. කාලෙකින් සබ් එකකුත් කරේ නැති නිසා පිනා චාන්ස් එකකට ලැබුණු මේක, ඔෆිස් වැඩ, පුද්ගලික වැඩ අස්සේ පුළුවන් ඉක්මනට දෙන්න බැලුවා.

මම හිතන්නේ The Beekeeper කියන්නේ ඔයාල ගොඩ දෙනෙක් මේ අවුරුද්දේ බලන්න හිතාගෙන ඉන්න චිත්‍රපටයක්. ඒකට හේතු දෙක තුනක් තියනවා. එකක් තමයි ප්‍රධාන නළුවා අපේ ජේසන් අයියා වීම. මිනිහගේ චිත්‍රපට ඉතින් ගොඩක් වෙලාවට හොඳයි නේ. දෙවෙනි කාරණය තමයි මේක Action / Thriller ගණයට වැටීම. තුන් වෙනි කාරණය තමයි කතා තේමාව. ටිකක් විතර වෙනස් අදහසක්. ඇයි මේ මී මැස්සෝ අල්ලන් දඟලන්නේ නේද?

කතාව ගැන කෙටියෙන් සටහනක් දෙන්නම්කෝ එහෙනම්. පාකර් නෝනා (Phylicia Rashad) විශ්‍රාම ගිය ටීචර් කෙනෙක්. එයා නිදහස් ජීවිතයක් ගත කරනවා Massachusetts වල. මෙයාගෙ ගෙදර කුලියට ඉන්නේ ක්ලේ (Jason Statham). මිනිහ කරන්නේ මී මැසි වගාව. දවසක් පාකර් නෝනාට ස්කෑම් කෝල් එකක් එනවා. ඒ ලණුව කන පාකර් නෝනා තමන්ගෙ ගිණුම් වල පුණ්‍ය කටයුතු වලට වෙන් කරලා තිබුණු ඩොලර් මිලියන 2 ක් විතර ඒ හොරුන්ගේ අතට යවනවා. ඉතින් තමන් කර ගත්ත මෝඩකම දරා ගන්න බැරුව පාකර් නෝනා සියදිවි නසා ගන්නවා.

මේ අපරාධයට සම්බන්ධ කට්ටියව එලොව යවන්න තමයි ක්ලේ ඊට පස්සේ තමන්ගේ වැඩ පටන් ගන්නේ. තව දෙයක්. මෙහෙම මී මැසි වගාවේ ඉන්න ක්ලේ ඇත්තටම Beekeepers නමින් හඳුන්වන රහස් සංවිධානයක වැඩ කරපු කෙනෙක්. ඒ නිසා තමන්ගේ සටන්කාමී හැසිරීම, ඉව, පළපුරුද්ද කියන මේ හැමදේම මිනිහා මේ මෙහෙයුමට යොදා ගන්නවා.

කතාවට සම්බන්ධ සෙසු ප්‍රධාන චරිත විදිහට ඒජන්ට් වෙරෝනා (Emmy Raver-Lampman), ඩෙරෙක් (Josh Hutcherson), වොලස් (Jeremy Irons), ඩැන්ෆෝත් (Jemma Redgrave) වැනි අයව පෙන්වා දෙන්න පුළුවන්.

The Beekeeper එකට හොඳ රේටින් අගයක් ලැබිලා තියනවා. IMDb අගය 6.7 කුත් Rotten Tomatoes අගය 71% කුත් මේ වෙනකොට ලැබිලා. චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරේ David Ayer. ඇමරිකානු ඩොලර් මිලියන 34 ක් වගේ සාමාන්‍ය බජට් එකකට තමයි මේක හදලා තියෙන්නේ. චිත්‍රපටය බෙදාහැරීම කරේ Amazon MGM Studios සමාගම. මේ අවුරුද්දේ ජනවාරි 12 එළියට ආපු චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 105 ක් විතර වෙනවා.

චිත්‍රපටය රූගත කිරීමේ අවස්ථා යුගලයක් 

මේක ක්‍රියාදාම, ලස්සන චිත්‍රපටයක් නිසා කොහොම හරි බලන්න කියන ගමන් මම නවතිනවා.

මාසයක් ගියත් සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank


SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

26 thoughts on “The Beekeeper (2024) Sinhala Subtitles | මී මැසි වික්‍රමය [සිංහල උපසිරැසි]

  • sub ekata බොහොම ස්තූති.♥️

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • Thanks for brother
    Good Luck ❤️ ❤️…

    Reply
  • සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

    Reply
  • ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

    Reply
  • සබට තුති මචෝ!

    Reply
  • bohoma sthuthi…jayama wewa..

    Reply
    • පට්ට මචන්,,sub එක එනකම් බලන් හිටියේ.. thank you bokka !! ❤️❤️❤️❤️❤️❤️❤️❤️

      Reply
  • Thanks for Sub…❤

    Reply
  • සුපිරි

    Reply
  • Thanks saho sub ekata

    Reply
  • ගොඩක් ස්තූතියි යාලුවා ඔඔයාගෙ වැඩ පාඩු කරං සබ් 1 කරලා දුන්නට. ජය වේවා…!!!

    Reply
  • thanks a lot Chamikara saho sub ekata

    Reply
  • දානකන් බලන් හිටියේ.. Thnax. ජය වේවා ⃝✥⃟☺️᭄ꦿ❤️ !!!

    Reply
  • සබ් දෙනකං හිටපු ෆිලුමක් මචෝ…
    වැඩ අස්සේ කොහෙම හරි සබ ගෙනාවට තෑන්ක්ස් මචෝ…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *