අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

The Following [S01 : E04] Sinhala Subtitles | උමතු ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

ජෝ කැරොල් සිය අසම්පූර්ණ ග්‍රන්ථය වචනයෙන් වචනයට, ඡේදයෙන් ඡේදයට දවසින් දවස ලියමිනුයි යන්නේ. පසුගිය කොටසේදී අප දු‍ටුවේ, ඇදහිල්ලක නිර්මාතෘතුමන්ගේ දරුවා පූජනීය වස්තුවක් සේ සලකා ඒ ඇදහිල්ල දිවිහිමියෙන් සුරකින පිය උරුමයට හුරු කරවන්නට ජෝ’ගේ බැතිමතුන් කටයුතු කරන හැටි. ඒ සමගම ඔහුගේ කතාවේ චරිත දෙකක් ඒ පරිච්ඡේදයේදී ජීවිතයෙන් සමුගත්තා. කතාව ලියවෙමින් යන්නේ කතා සම්පාදකවරයා වන ජෝ කැරොල්ගේ නියමයන්ට අනුකූලව ඔහුගේ සැලසුම්ගත මගපෙන්වීම ඔස්සේයි. එනමුත් ඔහුගේ කතාව හැඩගැස්වීමේ හැකියාව ඇතැම් තැන්වලදී ඔහුට අහිමි වෙන හැටි දකින්නට ඇති. ඒ පෝල් තම චරිතයට අදාල අතුරුකතාව ලියවෙන විදිහ ගැන දැඩි තීරණයක් ගැනීමක් සමගයි. කොහොම වුණත් මේක ප්‍රවීණ කතා රචකයෙකුගේ මගපෙන්වීම යටතේ ආධුනික රචකයන් අතින් ලියැවෙන නිදහස් රචනා ශෛලියකින් යුතු පොතක් බව මේ වෙද්දි ඔබට වැටහිලා ඇති.

තම තමන්ගේ ආවේණික ශෛලීන්ට අනුව තමන්ගේ චරිතයේ ගොඩනැගීම කැරොල්ගේ තේමාව යටතේ සිදු කරන්නට මේ අතුරු රචනාකරුවන්ට අවසර තිබුණත්, මූලික තේමාවෙන් බැහැර වන්නට ඔවුනට අවසර නැහැ. නමුත් අද කොටසේදී ඉන් එක රචකයෙක් කැරොල්ගේ මූලික තේමාවෙන් බැහැරව යනවා. එහෙම කියන්ඩ හේතුව තමයි තමන්ගෙ කතාවෙ වීරයා කැරොල්ට අහිමි කරවන්නට උත්සහ දැරීම. කතාවේ වීරයා ජෝ හාඩි නැතිනම් කතාව ලියවෙන්නෙ නෑ හරියාකාරව. එනිසා මේ තමතමන්ගෙ කතාව සහ එහි දිශාව තීරණය කරන්නට අවසර ලැබූ රචකයන්ට ජෝ’ගේ තේමාවෙන් පිටපැනීමටවත්, කතාව වෙනස් කිරීමටවත් අවසර නෑ. නමුත් ඒ චරිතය ඒ විදිහට කතාව වෙනස් කරන්ඩ යාමෙන් ජෝගේ කතාවේ තවත් පරිච්ඡේදයක අවසානය සටහන් කරනවා අද.

ඒ එක්කම මේ කතාවට නොගැළපෙන චරිතයක් ඇති බව හෙළි වෙනවා. කතාවේ තේමාව අනුව ඒ චරිතයට ඉඩක් තිබිය නොහැකියි. එහෙනම් ඒ චරිතයට මොකක් වෙයිද? චරිතය හමාර කර දමාවිද? නැතිනම් කතාවට සුදුසු සේ හැඩ ගැසීමට ඉඩ ලබාදේවිද? ඒ අතර කැරොල්ගේ ඇදහිල්ල සොයා හඹා යන පිරිසගේ කටයුතු කෙසේ සිදු වේවිද? ඔවුනට ජෝයී සිටින තැන ගැන හෝඩුවාවක් ලැබේවිද? ජෝ’ගේ කතාවේ නිමාව ඉක්මනින් ළඟා වේවිද? ජෝ’ගේ පළිගැනීම් ඉදිරියට කොයි විදිහට දිග හැරේවිද? අපි බලමු මෙවර ලුහුබැඳීමෙන් මීළඟ ලුහුබැඳීමට එකතු වන්නට යන්නේ මොකක්ද කියලා.

එහෙමනම් මේ මගේ ලෑස්තිය ලුහුබැඳීම තවදුරටත් ලුහුබැඳීමක් කර නොගෙන එය හා සම සම වන්නටයි. මෙතෙක් අපි හිටියේ ලූබැඳීමට පසුපසින්. එනිසා ලුහුබැඳ ගොස් ඒ හා කරට කර යන්නටයි මේ කටයුත්ත වේගවත් කළේ. ඒ සඳහා මාත් එක්ක ලුහුබැඳීමෙහි යෙදෙන ඔබගේ සහය ලැබෙනු ඇතැයි කියලයි බලාපොරොත්තුව. වේගයෙන් පසුපස ගිහින් මේක අල්ලන්නටනම් ඒ සහය බොහොම ප්‍රයෝජනවත් වෙයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2426 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1

All BT1

Next BT1

36 thoughts on “The Following [S01 : E04] Sinhala Subtitles | උමතු ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

  • රාම් රාජ්

    මේකනම් එන්න එන්නම හිතට අල්ලලා යනවා.නියම කථාව.සිංහල සබ් වලට ස්තූතියි.

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mekatawatena cment dakkama matath baannamai hithenne ela ela

    Reply
  • ස්තුතියි සහෝ උපසිරස වලට

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පට සිරි මේ දෙන්නේ දිගටම… මටනම් හිතෙන්නේ දැන් මමත් පෝ ගේ සිද්දාන්තෙට ඇබ්බැහි වෙලා වගේ….. මටත් හිතයි හසාගේ මග පෙන්වීම යටතේ මගේ චරිතේ (පරිච්චේදේ) කරලා දාන්න, අනිවා මම ඒක කරනවා… කතාව බාගෙන කොමන්ට් එකක් දාන එක තමයි මට පැවරිලා තියෙන්නේ. මමත් ඒකෙන් පිට පනින්නේ නැ……එහෙනම් දිගටම ලුහුබදිමු……

    Reply
  • thank you very much

    Reply
  • niyamai niyamai saho…
    bohoma stuti saho..

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ.. මමත් බාගෙන තියාගන්නවා වෙලාවක් ලැබුනම බලන්න. ජයවේවා!

    Reply
  • අනිවා හසන්ත අයියා…
    වේගයෙන් ලුහු බදින්න හැමදාම වගේ විමාගෙනුත් මෙන්න තල්ලුවක් 😉
    ජය වෙවා!!
    Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following
    😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 :D:D 😀 😀 😀 😀 😀

    Reply
  • තෑන්ක්ස් වේවා

    Reply
  • පට්ට ඉක්මනට දෙන එක මරු. ජය

    Reply
  • mudiya / මුදියා

    අන්න එහෙම දෙන්නකෝ හසන්ත සහෝ.කෙල හලාගෙන ඉන්නෙ මේක දෙනකං.සුපිරියි වැඩේ.ජයවේවා.බොහෝ………………………….ම ස්තූතියි…!

    Reply
  • “චූටී මල්ලි”

    අර එක කිව්වෙ SMS එකට හොදේ

    Reply
  • “චූටී මල්ලි”

    නිකමට ආවේ බලන්න මේ පැත්තෙ
    බැලින්නම් මේක දීලනෙ
    අර එක ආවෙත් නෑ

    එල එල අනිවා
    අපිත් ඉන්නවා ඔයා එක්ක ඕක පස්සෙ ලුහුබදින කොට සවියක් වෙන්න ඔයාට

    Reply
  • අපොයි සහෝ ඔයාල අපිට මේක ඉස්සරහින් නැගිටින්න දෙන්නෙම නැති වෙයි වගේ. යන්තම් රොයිලි අයියගෙ විප්ලවය බලල ඉවර වුනා විතරයි හසන්ත අයිය පොතේ තව පිටුවක් අරගෙන ඇවිල්ල. මට පේන්නෙ මෙහෙම ගියොත් ඔයා ස්පාටකස් එක්ක රෝමෙ කල්ට් එක්ක හදාගෙනම තමයි නවතින්නෙ……
    මොනව කරන්නද දැන්ම බානව ඔයා දෙන්නෙ ලේසි පහසු උපසිරැස නෙවෙයිනේ බලන්නම වෙන උපසිරැසනේ, බාන්නම් දැම්ම එහෙනම්, වෙනදා වගේ බොහොම තුතී අයියේ අපි වෙනුවෙන් වුන මහන්සියට….

    Reply
  • Maru kathaawa bro oyaata godaaak isthuthi me wena mahansiyata!! 🙂

    Reply
  • Maxxa tv kathawa meyka.balahalla anith unuyh

    Reply
  • Thank so much bro great work

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *